වයසට ගියත් තාම කොල්ලා කෙල්ල වගේ ඉන්න අපේ ජනප්‍රිය තරු

Sri Lankan Actors Actresses Who Dont Age

ජීවිතයේ දුක හිතෙන දේවලින් එකක් තමයි වයසට යන එක. ඇයි දෙයියනේ ලස්සනට තිබ්බ රූපේ නැතිවෙලා යනවනේ. කොණ්ඩේ සුදු වෙනවා, දත් වැටෙනවා, නහර පෑදෙනවා වගේ රටේ නැති මගුල් වෙනවනේ. නළු නිළියෝ සාපේක්ෂව වයසට යන වේගේ අපිට වඩා අඩුයි. ගොඩක් අය නම් කියන්නේ ඉතින් සල්ලිවලින් කරන වැඩ කියලා. කොහෝමින් හරි එහෙම ලස්සනට රූපය තියාගෙන වයස ඉලක්කම්වලට විතරක් සීමා කරපු අපේ රටේ ජනප්‍රිය තරු ගැනයි මේ.

 

1. යශෝධා විමලධර්ම

Sri Lankan Actors Actresses Who Dont Age

Source – feedyeti.com

සමහර නිළියෝ ඉන්නවා ආවෝ-ගියෝ. එහෙම වෙන්නේ ටික කාලයක් යනකොට නිළියක් කියලා කියන්න බැරි තරමටම සාමාන්‍යකරණය වෙන නිසා. ඒ කියන්නේ වයසට ගිහින් තලත්තෑනි වෙලා ටිපිකල් ඇන්ටි කෙනෙක් වෙනවා. ඒත් යශෝධා විමලධර්මව පාරකදී දැක්කා වුණත් ඒ දවස්වල “අහිංසා ඔයා” හැඟීම තමයි තාමත් පත්තු වෙනවා නම් පත්තු වෙන්නේ. දැන් වයස 47ක් වෙනවා. අග්නි දාහය (2002) චිත්‍රපටයේ ඉන්න යශෝධයි සමනල සංධ්වනියේ (2013) ඉන්න යශෝධයි අතරින් කවුද ලස්සන කියලා ඇහුවොත් හැමෝම කියාවි වයසට යන්න යන්න තමයි වයින් වුණත් රහ කියලා.

 

2. පීටර් ද අල්මේදා

Sri Lankan Actors Actresses Who Dont Age

Source – youtube.com

පීටර් ගැන වැඩේ පත්තු වුණේ කූඹියෝ බැලුවට පස්සේ. ඒ කියන්නේ ඒ වෙනකන් ඔහුව අමතක වෙලා තිබිලා තියනවා. ගිරය ටෙලියත් එක්ක අතිදක්ෂ රංගන ශිල්පියෙක් විදියට ඔහුව හඳුනාගන්නවා. අපේ පරම්පරාවට ගිරයක් ගැන එච්චර මතක නැතිනම් ඉර මැදියම (2005) චිත්‍රපටය මතක් කරගන්නකෝ. උස හීන්දෑරි කඩවසම් ඒ පුද්ගලයා අපිට හිමීට අමතක වෙලා ගියා. වෘත්තීයමය විශිෂ්ටත්වයක් කරා ඔහු අද ළඟා වෙලා ඉන්නවා. අපිට අමතක වුණත් තමන්ගේ සිරුර හරිහැටි පවත්වාගෙන යන එක ඔහු අත ඇරපු බවක් මල්දෙණිය මැතිතුමාගේ චරිතයෙන් දැක්කේ නැහැ. ඉර මැදියමේ හිටියාටත් වඩා කඩවසම්, තියුණු පෙනුමක් වයසත් එක්කම ඔහුට හිමිවෙලා.

 

3. අචලා අලස්

Sri Lankan Actors Actresses Who Dont Age

Source – youtube.com

මේක නම් විශ්වාස කරන්න බැරි තරමේ දෙයක්. ටෙලිවිෂන් එකේ තාරුණ්‍යයේ වියපත් නොවෙන අරක මේක කියලා බෝල සබන් වගේ ගෑණු දාලා එක එක ආලේපන විකුණන්න ගත්තට ඒ කාටවත් අචලා අලස් ළඟින්වත් යන්න බෑ. ඇල්ල ළඟ වලව්ව, ඉසිවර අසපුව වගේ ටෙලි නිර්මාණ බලන්න ඒ කාලේ යෞවනයෝ ගොඩක් ආශක්ත වෙන්න අචලා අලස් හේතුවක් වුණා. මේ වෙනකොට රංගනයෙන් ඉවත් වෙලා හිටියත් ඇගේ රූප සොබාව අපි අද නිළියෝ කියලා දකින සමහර අයට වඩා ඉහළයි.

 

4. රන්ජන් රාමනායක

Sri Lankan Actors Actresses Who Dont Age

Source – adaderana.lk

යැස් බෝයිස් මෙයා! දැන් 55ක් වෙනවා නේ. ඒත් තාමත් කොල්ලා ලුක් එක ලස්සනට තියාගෙන ඉන්නවා. භාග්‍යා (1986) ටෙලි නාට්‍යය ඔහුගේ පළමු ටෙලි නිර්මාණය. ඒ දවස්වල ඔහුගේ රූපය ගැන ඒ තරම් වර්ණනාවෙන් කියන්න දෙයක් නෑ. ඒත් වයසට යන්න යන්න කොල්ලා ලස්සන වුණා. අද පාර්ලිමේන්තුව නියෝජනය කරත් ඔහු රංගනය අත ඇරලා නෑ. ඒ කියන්නේ කඩවසම් බව ඔහුට අනිවාර්‍ය දෙයක්. කොල්ලෙක් කඩවසම් වෙන්න පටන් ගන්නේ 30 පැන්නම කියන එක හොඳටම තේරුම් ගන්න පුළුවන් රන්ජන් රාමනායකගේ විකාශනයෙන්.

 

5. බිමල් ජයකොඩි

Sri Lankan Actors Actresses Who Dont Age

Source – papper.gossiplankahotnews.com

මේ දවස්වල බිමල් ජයකොඩි ගැන හරි හරියට කතා වෙනවා. ඒ දෙවෙනි ඉනිමේ රවි ප්‍රනාන්දු හැටියට කළ රඟපෑම නිසා. අඩුම කාල සීමාවකදී කොලු චරිතවල ඉඳන් තාත්තා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරන්න තරම් බිමල් වයසට ගිහින්ද? ජීවිතයට ඉඩදෙන්න, රම්‍ය සුරම්‍ය වගේ ඔහුගේ ටෙලි නිර්මාණවල හිටපු තරුණයා මේ ගතවුණ අවුරුදු කීපයේ තාත්තා කෙනෙක්ගේ චරිතයක් භාරගන්න තරම් පරිණත වෙලා. 30 පැන්න ගමන් කඩවසම් වෙන හැටි පෙන්නන්න ඉන්න තවත් එක තදයෙක් තමයි මේ. දන්නේ නැති අයට දැනගන්න බිමල් ජයකොඩි කියන්නේ සුජානි මේනකාගේ ආදරණීය සැමියා.

 

6. සංගීතා වීරරත්න

Sri Lankan Actors Actresses Who Dont Age

Source – papper.lankahotnews.co.uk

ගොළු හදවත ටෙලියේ දම්මිගේ යෙහෙළිය විදියට ඉතා සුළු චරිතයක් රඟපාලා සප්ත කන්‍යා වගේ චිත්‍රපට හරහා තමන්ගේ රංගන ජීවිතය සාර්ථක කරගත් සංගීතා වීරරත්න අදටත් හරිම ලස්සනයි. හිනාවෙනකොට කම්මුල වල ගැහෙන කෙල්ලොන්ට ඉතිහාසය පුරාවටම තිබුණ පුදුමාකාර ඉල්ලුම කිසි අඩුවක් නැතුව මැයටත් ලැබුණා. මේ වෙනකොට වයස අවුරුදු 44ක් වෙනවා. ඇය සිනමාවට ආපු මුල් කාලයේ සමකාලීන රංගන ශිල්පිනියන් එක්ක බැලුවම සංගීතා වීරරත්න වයසට යන්නේ හරිම හිමින්.

 

7. චන්න පෙරේරා

Sri Lankan Actors Actresses Who Dont Age

Source – Youtube.com

90 දශකයේදී දැකපු චන්න පෙරේරායි අද ඉන්න චන්න පෙරේරායි අතර මහා වෙනසක් හොයන්න බැහැ. නළුවෙක්ට විතරක් සීමා නොවී අධ්‍යක්ෂණයටත් එන්ටර් වෙලා වැඩ ගොඩක් කරපු චන්න පෙරේරා වාණිජ සිනමා වංශකතාවේ පෙරළිකාරයෙක්. ඒක එහෙම වුණේ පූජා උමාශංකර් නෝනාව ලංකාවේ චිත්‍රපටයකට එකතු කරගෙන. අංජලිකා (2006) ඔක්කොම අය බලලා ඇති. චන්න පෙරේරාට ලොකු දුවෙකුත් ඉන්නවා. කොලු තාත්තලා කියන්නේ සමහරවිට චන්න පෙරේරා වගේ අයට වෙන්න ඇති.

 
Cover Image Source – lifie graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *