බොස්ගේ හිත දිනා ගන්න නම් මේ විදිහේ සේවකයෙක් වෙන්න

how to be the best employee

ලංකාවෙ ඔෆිස් ඇතුළෙ තියෙන ඔෆිස් පොලිටික්ස් එක්ක හොඳ සහ අවංක මිනිහෙකුට රස්සාවක් කරලා ගොඩ එන්න අමාරුයි තමයි. ඒත් එහෙම මනුස්සයෙක්ට වැඩ කරන්න පුළුවන් හොඳ තැනුත් නැතුව නෙමෙයි. කොහොම වෙතත් මුලිං අවංකව රස්සාව කරන්න එන මිනිස්සු බාගෙට බාගයක් අන්තිමට වංකයො විදියට තවකෙක් කපලා උඩට යන්නයි බලන්නෙ. ඒත් අපි කියන්නෙ පුළුවන් උපරිම වෙර දාලා බොස්ලට ගොට්ට අල්ලන්නෙ නැතුව ගොඩ යන්න තියෙන විදි ටිකක්. නරක ජොබක් උනත් හොඳ බොසෙක් යටතේ හිටියොත් ගොඩ යන නිසා අපි කලින් ලියපු විදියට හොඳ බොසෙක්ව තෝරාගත්තු ඔයාලට ගොට්ට අල්ලන්නෙ නැතුව ගොඩයන්න ක්‍රමේ තමයි මේ.

 

1. තමුංගෙ වැඩ ටික විතරක් කරන්න

how to be the best employee

Source – videoblocks.com

ඔෆිස් එකකට ගියාම තමුංට අදාළ වැඩ ටික විතරක් කරන්න. රස්සාවක් ලැබෙන එක හොඳක්. රස්සාව ලැබෙන්නෙ අදාළ වැඩක් කරන්න. ඒක නියම වෙලා තනතුරක් එක්ක තමයි රස්සාව ලැබෙන්නෙ. අන්න ඒ නිසා ඒ අදාළ රැකියාව තේ හදන එකනං ඊට අමතරව අතුගාන්න යන්න එපා. ඒක තමුන් වෙනුවෙන් නම් කරන තෙක් ඉන්න. එතකොට තමුන්ට තමුන් කරන අතිරේක වැඩ වලටත් වේතනයක් ලැබේවි. වේතනයක් නැතත් තමුන්ට වහල් බවකින් තොරව කරන වැඩේ කරන්න පුළුවන් වේවි. එහෙම නැති වුනොත් තමුංට අදාළ වැඩ ටික ඉවර කරගන්න බැරුව ඉන්න වෙලාවකත්, තමුන් බලෙන් කරේ තියාගත්තු වැඩ තමුංගෙ කර උඩ පැටවිලා තියේවි. එදාට ඔයා ලකුණු දාගන්න උත්සාහ කරපු ලොක්කා ඔයාට දොස් කියනවා ෂුවර්.

 

2. වටපිටාවෙ බාධා විසඳගන්න

how to be the best employee

Source – peoplealchemy.co.uk

ඕනම රස්සාවක් කරගෙන යද්දි බාධා එන එක වලක්වන්න බැහැ. ඒක ස්වභාවයක්. මොකුත් වැඩක් නොකර ගෙදරට වෙලා හිටියත් ප්‍රශ්නනං පස්සෙන් එනවා. අන්න ඒ නිසා තමුන්ගෙ වැඩ ටික හොඳින් කරන්නනං මුලින්ම බාධා විසඳගන්න. ඒවා තමුන්ගේ හැකි පමණින් බැරි වුනොත් අදාළ ප්‍රධානියෙකුව දැනුවත් කරලා හෝ විසඳගන්න. ඒ ප්‍රශ්න විසඳගැනීමෙන් කාව හෝ පාවාදීමක් සිද්ධ වෙනවා නම් ඒ ගැන අදාළ පුද්ගලයට කෙලින්ම කියන්න. මේ විදියට වැඩ කරගෙන යන්න අමාරු බවත් මේ ගැන කිවුවොත් නම එළියට ඇදෙන බවත්, එනිසා කරුණාකර මේ අර්බුදය විසඳගන්නා ලෙසත් අදාළ පුද්ගලයාට මුහුණටම කියන්න. කමක් නෑ ඔන්න ඔහේ සතියක් බලනව කියල ඉන්න එපා. සතියකින් ප්‍රශ්නය තවත් ලොකු වෙලා තියෙන්න පුළුවන්.

 

3. තෝල්කකම් කරන්න එපා

how to be the best employee

Source – transformationmag.com

තමුංට අදාළ නැති ප්‍රශ්නවලට තෝල්කයා වෙන්න එපා. ඉස්කෝලෙ පන්තියෙදි පන්ති නායක, කැම්පස් එකේදි බැජ් රෙපා වගේ ඔෆිස් එකේ සුපවයිසර් නමින් දුක්ගන්නාරාල විදියටත් අදාල අංශ ප්‍රධානියො ඉන්න නිසා ඒ අය වැඩ කරගන්නකං ඉන්න. තමුං පැනලා අනුන්ගෙ ප්‍රශ්න කියන්න යන එකෙන් තමුන්ගෙ පැත්තට ප්‍රශ්නයේ වගකීම වැටෙන්න වගේම තමුන් ඉදිරිපත්වුනු පාර්ශවයනුත් තමුන් හැරයන්න පුළුවන්. ලොක්කො කැමති නැහැ ඒ වගේ සේවකයොන්ට. හැමෝටම තමුන්ගෙ ප්‍රශ්න කතා කරන්න කොන්දක් තියෙන්න ඕන. ඒ නිසා අනුන්ගෙ අතකොළුවක් වෙන්න එපා.

 

4. ධූරාවලියට අනුව කටයුතු කරන්න

how to be the best employee

Source – completewellbeing.com

ඔෆිස්වල ධූරාවලියක් තියෙනවා. ඒ ධූරාවලියට අනුව කටයුතු කරන්න තමුන් පුරුදු විය යුතුමයි. ඒ ධූරාවලිය පන්නන්න එපා. තමුන් පහළින් සිටින පිරිස කෙසේ වෙතත් තමුන් ඉහළින් සිටින පිරිස එක්ක ඒ ගනුදෙනුව එයාකාරයෙන්ම තියාගන්න. ලොක්කො කැමති නෑ තමුන්ට අනදාළ ප්‍රශ්න තමුන් වෙත එනවට. ඒ වගේම ලොක්කො කැමති නෑ පහළ අය තමුන්ව පන්නලා ‌ගිහින් තමුන්ගෙ ලොක්කන්ට හේත්තුව දාන්න හදනවට. එනිසා ධූරාවලියට ගරුකිරීම ඉතා වැදගත්. තමුංට ගනුදෙනු කරන්න තියෙන අදාළ ඉහළ පාර්ශවයත් එක්ක විතරක් වැඩ කරන්න හිතට ගත යුතුමයි.

 

5. ඔබ ගැන අනුන් දත යුත්තේ මොනවාද කියා තීරණය කරන්න

how to be the best employee

Source – kos-cert.org

තමුන් ගැන පිටත ලෝකයට හෙළි කරන දේ පිළිබඳව තරමක් දැනුවත් වෙන්න. මිනිස්සු තමුන්ට නැති දේ කියන්න හොඳ නෑ. ඒ වගේම තමුන්ට තියෙන දේ වුනත් අන් අය දැනගත යුතු ප්‍රමාණයක් තියෙනවා. තමුන්ගේ පියාගේ අති සාර්ථක ව්‍යාපාර, තමුන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද වග, තමුන්ගේ විවාහක දිවිය සම්බන්ධ කාරණා වැනි දේ ඇතුළු සියළු කාරණා සමග තමුන් සම්බන්ධයෙන් අනිත් අය දැනගත යුත්තේ මොනවාද කියා බුද්ධිමත් තීරණයක් ගන්න. ඒ වගේම තමුන්ගේ රස්සාව ෆේස්බුක් දාද්දි හෝ ලෝකයට කියද්දි එය යෙදීමෙන් තමුන්ට ලැබෙන දේවල් ගැන හිතන්න. රස්සාව ගැන හිතද්දි ලොකුකම කියන දේ මුලින්ම අයින් කරන්න. මේක තනිකරම ජීවත් වෙන්න පඩියක් ලබන දෙයක් පමණක් බව හිතන්න. ගන්න පඩියට වැඩ කරනවා මිසක, තමුන්ගෙ පඩිය අනිත් අයට පාරම් බෑම, තමුන්ගේ තනතුර (මවාපාන තනතුර පවා) ප්‍රසිද්ධ කිරීම කරන්න එපා. ඒවා පසුව ප්‍රශ්න වෙන්න පුළුවන්. හොඳ සේවකයෙකු ඒ මතින් නිමැවේවි.

 

6. කණ්ඩායම් හැඟීම පවත්වාගන්න

how to be the best employee

Source – careers.evonik.com

කණ්ඩායමක් විදියට වැඩ කරනවානං ඒකට කණ්ඩායමම වගකියන්න. මුදුනා වෙන්න යන්නෙපා. අනුන්ගෙ අයිඩියා තමුංගෙ වගේ කියන්න එපා. අනුංගෙ අයිඩියා එකක් කියනවානං මේක අනුන් කියපු එකක් බව නිතර පවසන්න. තමුන් ලොක්කාට යමක් පවසනා ලෙසින්ම ලොක්කාට හතරවටින්ම ඒ ඒ පණිවුඩ ලැබෙන බව දැනගන්න. එනිසා ලොක්කෙකු එම තීරණ‌ය ගන්නේ පුවත් මාර්ග කිහිපයක් විමසා බැලීමෙන් නිසා ඔබගේ බොරුව පහසුවෙන්ම හසුවේවි. ඒ නැතත් අනිවාර්යෙන්ම කණ්ඩායම් හැඟීම තියාගන්න. එය නොමැති වීම ඔබව දැඩි ලෙස රැකියාවේ පසුපසට අදිනු ඇති.

 

7. සමාජ ජාල, වෙබ්අඩවි භාවිතයේ සීමා පනවාගන්න

how to be the best employee

Source – digitaltrends.com

ඔෆිස් නම දාගෙන සෝෂල් මීඩියා භාවිතය පරිස්සමට කරන්න. උදාහරණෙකට ඔයාගෙ ඔෆිස් එකෙන් පිටතට එන නිෂ්පාදනය ආගම් ජාති බේදයකින් තොරව මිනිස්සු භාවිතා කරන දෙයක් කියල හිතන්න. ඒ ඔෆිස් එකේ නම ෆේස්බුක් එකේ දාගෙන ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කරන්න එපා. ඒක රස්සාව කරන තැනට හොඳ නෑ. ඒ වගේම රැකියාව කරන ස්ථානයේ නම පාවිච්චි කර කර ඒ වෙනුවෙන් නැගී සිටින්නට යන්නත් එපා. තමුන්ගේ පෞද්ගලිකත්වය තියාගෙන වැඩ කරන්න. ඔබ කොතරම් හොඳ කළත් ඔබෙන් යම් වැරැද්දක් පිටවුනු තැන ඒක දැකිය යුතු ඇස් සියල්ලම දකීවි.

 
Cover Image Source – wikihow.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *