උදේට ඔෆිස් එකට එන්න හරි වෙන වැඩකට හරි කොළඹ එන කෙනෙක්ට සමහර වෙලාවට උදේ කෑම එක ගේන්න බැරි වෙන්න පුලුවන්. සමහර වෙලාවට කොළඹ ඔෆිස් වලට එන ගොඩක් දෙනෙක් උදේට කන්නේ කඩෙන් වුනත්, ඒකට ගොඩක් වෙලාවට ඔෆිස් එක අවටම උදේ කෑම සඳහාම වෙන් වුණු කඩ තියෙනවා. හැබැයි එහෙම පොඩි කඩේකට ගිහින් කන්න හොඳ තැනක් දන්නෙ නැති කෙනෙක්ට වුනත් බ්‍රෙක්ෆස්ට් එක වෙනුවෙන් හොඳ තැන් කොළඹ අවට තියෙනවා. හැබැයි මේ අපි කියන්නේ දිනපතා උදේ කෑම සඳහා යන්න පුලුවන් තැන් නෙවෙයි. මේ තැන්වල මිල ගණන් පොඩි කඩේකට සාපේක්ෂව වැඩි වෙන්න පුලුවන්. ඒත් කොලිටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ.
1. Sugar Bistro & Wine Bar

Source – facebook.com
කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් එකේ ඇතුළුවෙන තැනම තියෙන මේ ෂුගර් බිස්ට්‍රෝ ඇන්ඩ් වයින් බාර් එකේ අට වෙනකොට බ්‍රෙක්ෆස්ට් ලෑස්තියි. සාමාන්‍යයෙන් රුපියල් 850-1500 අතර ගණන් වලට තෝරගන්න උදෑසන කෑම වේල් ඔප්ෂන් කීපයක්ම තියෙනවා. එක්කෝ ඉන්ටර්නැෂනල් බ්‍රෙක්ෆස්ට් එකකට යන්න පුලුවන්. නැතිනම් සති අන්ත දවස් දෙකේ තියෙන සාම්ප්‍රදායික ශ්‍රී ලංකා බ්‍රෙක්ෆස්ට් එකකට වුනත් යන්න පුලුවන්. ඊට අමතරව ෆ්‍රෙන්ච් ටෝස්ට්, මෙක්සිකන් බේක්ඩ් එග්ස් වගේ උදේ කෑම විකල්පයනුත් මෙතන තියෙනවා.
දුරකථන අංකය: 0112446229
තැන මෙතන:
2. Brew 1867 by Dilmah

Source – facebook.com
උදේ හත වෙනකොට අරින ඩිල්මා කට්ටියගේ අලුත් තැන ගැන අපි කලිනුත් කියලා තියෙනවා. මෙතන බ්‍රෙක්ෆස්ට් එකට තියෙන ඔප්ෂන් වලින් අපි කැමතිම සෞඛ්‍ය හිතකාමී බ්‍රෙක්ෆස්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ක්‍රීමි බෙරි ග්‍රැනෝලා ෆෘට් පොට් එක. නමෙන්ම කියවෙනවනේ. ඔව්, මේකේ තියෙන්නේ ග්‍රීක් යෝගට්, කර කර ගාලා හැපෙන ග්‍රැනෝලා සහ ඒකට එකතු කරපු නැවුම් පළතුරු, විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි සහ තවත් බෙරි වර්ග. මේක උදේ කෑමට හොඳ ගණන්. ඒ විතරක් නෙවෙයි, දවල් කෑම වෙලාව වෙනකල් ඉන්න පුලුවන්.
දුරකථන අංකය: 0117445990
තැන මෙතන:
3. Taste of Asia

Source – facebook.com
ටේස්ට් ඔෆ් ඒෂියා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ආප්ප, පිට්‍ටු, පිලාවු, කොත්තු වගේ කෑමවල ඉඳන් යාපනේ කෑම, ඉන්දියන් කෑම සහ ශ්‍රී ලංකන් කෑම වලට. හැබැයි මේ වලින් දවල් කෑම 11.30 ඉඳලාත්, රෑ කෑම 4.30 ඉඳලාත් තමයි ගන්න තියෙන්නේ. ඒත් ටේස්ට් ඔෆ් ඒෂියා හැම බ්‍රාන්ච් එකක්ම උදේ හත වෙනකොට ඇරලා. උදේට ගන්න තියෙනවා හොඳ බේකරි අයිටම්ස් සහ පේස්ට්‍රි. ඒ කියන්නේ එක එක ජාතියේ පේස්ට්‍රි වර්ග, බනිස් වර්ග, සමෝසා වර්ග, පැටිස් වර්ග, රෝල්ස් වර්ග, කට්ලට් වර්ග මෙතනින් උදේ කෑමට ගන්න පුලුවන්. ලොකු ගාණකුත් නැහැ. රසත් හොඳයි.
දුරකථන අංකය: 0112589921
තැන මෙතන:
4. OneUp All Day Breakfast

Source – facebook.com
බම්බලපිටියේ තියෙන මේ කැෆේ එකේ කෑම ගොඩක් ලාබ නැහැ. හැබැයි උදේ කෑම එක මදි නොකියන්න කන්න හොඳ ඔප්ෂන්ස් මෙතන තියෙනවා. උදේ අට වෙනකොට විවෘත කරන මෙතන නමේම තියෙන විදියට දවසේ ඕන වෙලාවක බ්‍රෙක්ෆස්ට් ගන්න මෙතන මරු තැන. හැබැයි මෙනු එක බැලුවහම නම් පොඩ්ඩක් ඔලුව අප්සට් යනවා. මොකද ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානුවන්ගේ නම් වලින් තමයි කෑම වර්ග හඳුන්වලා තියෙන්නේ. හැබැයි ඒ ඒ අයිටම් එකේ තියෙන්නේ මොනවද කියල බැලුවහම හරි. මෙතන නියම විදියේ එග් බෙනඩික්ට් බ්‍රෙක්ෆස්ට්, වොෆ්ල් බ්‍රෙක්ෆස්ට්, මුසෙලි බ්‍රෙක්ෆස්ට්, පෑන් කේක් බ්‍රෙක්ෆස්ට් වගේ සෑහෙන්න විකල්ප තියෙනවා. තෝරගන්න තමයි තියෙන්නේ.
දුරකථන අංකය: 0112508201
තැන මෙතන:
5. Black Cat Café

Source – facebook.com
බ්ලැක් කැට් කැෆේ එක ඇත්තටම බ්‍රෙක්ෆස්ට් වලට යන්න හොඳ තැනකට වඩා, නිදහසේ කෑම ටිකක් කාලා කෝපි එකක් බීලා ඉන්න පුලුවන් තාලේ කැෆේ එකක් විදියට තමයි අපි හඳුන්වන්න කැමති. හැබැයි මේ අයගේ බ්‍රෙක්ෆස්ට් මෙනු එකක් තියෙන නිසාත්, ඒකේ අයිටම්ස් ගැන බය නැතුව හොඳයි කියන්න පුලුවන් නිසාත් ඒක අපි ලිස්ට් එකට ගන්නවා. කැෆේ එක උදේ අට වෙනකොට අරිනවා. මෙතන එග් බෙනඩික්ට්, නිකොඊස් සහ ඇලස්කා වගේ නම් වලින් හැඳින්වෙන සැන්ඩ්විච් වර්ග වගේ උදේ කෑම විකල්ප කීපයක්ම තියෙනවා. ඒ උඩට කෝපි එකක් බොන්නයි තියෙන්නේ.
දුරකථන අංකය: 0112675111
තැන මෙතන:
6. Cafe Alfred

Source – facebook.com
කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න් එකේ තියෙන ඇල්ෆ්‍රඩ් කැෆේ එකේ පොඩියට යටින් ගහලා තියෙනවා ටෝස්ට් ඇන්ඩ් කොෆී කියලා. ඉතින් ටෝස්ට් කිවුව ගමන් අපි හිතුවා බ්‍රෙක්ෆස්ට් අයිටම්ස් ඇති කියලා. කොහොමත් 7.30 වෙනකොට මේ අය කැෆේ එක අරිනවා. කරන්නේත් කොරියන් කෙනෙක්, ඒ නිසා කොරියන් මෙනු එකකුත් තියෙනවා. හැබැයි ගාණ සෑහෙන්න අඩුයි. මේ අයගේ ටෝස්ට්ස් සහ සැන්ඩ්විච්/බර්ගර් මෙනු එකේ තියෙනවා උදේ කෑමටම හදපු මෝර්නින්ග් එග් ටෝස්ට් එකක්. සූටි රුපියල් 300 යි. එතකොට ඇල්ෆ්‍රඩ් අති විශේෂ ටෝස්ට් වර්ග කීපෙකුත් තියෙනවා. එහෙම බැරි නම් කොරියන් බාබක්‍යු බීෆ් බර්ගර් එකක් තියෙනවා, කෑවහම දවල්ට කනකල් නෝ හෙල්ලුම්. එහෙම නැතිනම් නියම කොරියන් සුප් වර්ග සහ වෙනත් කෑම වර්ගත් තියෙනවා.
දුරකථන අංකය: 0778813437
තැන මෙතන:
7. Calorie Counter

Source – facebook.com
මෙන්න කැලරි ගණන් කරලා කන අයට ගැලපෙන විදියේ බ්‍රෙක්ෆස්ට් පොට් එකක්. කැලරි කවුන්ටර්! විශේෂයෙන්ම උදේ හත වෙනකොට විවෘත වෙන මේ අයගේ ලංකාව ඇතුළේ තියෙන ශාඛාවලට අමතරව වෙන රටවලත් ශාඛා තියෙනවා. එතකොට මේ අයගේ බ්‍රෙක්ෆස්ට් ගැන කිවුවොත්, ඒකට වෙනම මෙනු එකක්ම තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ අවන්හල් ජාලයක් වුනත්, මේකේ කෑම වල මිල ගණන් හිතන්නත් බැරි තරම් අඩුයි. උදාහරණයක් විදියට කිවුවොත්, බේක් කරපු ඇට වර්ගයක්, බැදපු බිත්තර සහ සිලැන්ත්‍රෝ ටෝස්ට් එකක් ගන්න පුලුවන් රුපියල් 300කට. වෙජිටේරියන් ඔප්ෂන් වල ඉඳන් මස් මාංස ඔප්ෂන් දක්වා තෝරාගන්න මෙනු අයිටම් ගණනාවක්ම මෙතැන තියෙනවා. අමතක කරන්න එපා, මේ හැම කෑම වේලකම කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. හිතටත්, ඇඟටත්, කටටත් ඉතාම හොඳයි!
දුරකථන අංකය: 112580980
තැන මෙතන:
Cover Image Source – facebook.com
Leave a Reply