ලංකාවෙ අපිට හිනාවක් ගේන විහිළු කතා කියන යූටියුබර්ස්ලා 7ක්

comedy youtubers

යූටියුබ් එක හොඳ ආදායම් මාර්ගයක් වගේම නිර්මාණකරුවන්ට තමුංගෙ වැඩ එළියට දාන්න නියම තැනක්. ඒ නිදහස ඇතුළෙ තමුංගෙ නිර්මාණ කරලා ඒවා මිනිස්සු අතට යවපු විවිධ පන්නයේ අය ලංකාවේ ඕනතරම් ඉන්නවා. සමහරුනං මොනවහරි හොරකං කරල සල්ලි ටිකක් හොයාගන්න හදනව තමයි. මේ කියන්නෙ ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගැන. මේ යූටියුබ් එකට කොමඩි කන්ටෙන්ට් රිලීස් කරන සෙට් එකක්. ඒ අයගෙ විහිළු මේ වෙන විට බොහෝ ලාංකිකයන් අතර ප්‍රසිද්ධයි.

 

1. ගප්පියා

comedy youtubers

Source – gappiya.com

සිංහලෙන් කොමඩි කන්ටෙන්ට් යූටියුබ් එක හරහා ඉදිරිපත් කරන්න පටන් අරගෙන ප්‍රසිද්ධ වුනු ප්‍රමුඛතම චරිතය තමයි ගප්පියා. ගප්පියා මේ වෙද්දි වැහිලා ගිහින්. ගප්පියා චරිත ගාණක් රඟපාගෙන ප්ලොට් ගොඩ දාපු චරිතයක්. අතරින් පතර ජාතිවාදීන්ගෙ ප්‍රහාරත් ගප්පියාට වැදුනා තමයි. ඒත් ඊට පස්සෙ ගප්පියා එක්ක තවත් අලුත් චරිත බිහිවෙන්න ගත්තා. ගප්පියා ඒ අයත් එක්ක නියම කොලැබරේෂන් වීඩියෝ ටිකකුත් කළා. ඊට පස්සෙ මර්චන්ඩයිස් විකුණන්න, යූටියුබ් සල්ලි හොයන ක්‍රම කියන්න, ඉංග්‍රීසි උගන්නන්න වගේ බිස්නස් කීපයක්ම ගප්පියා පටන්ගත්තා. තාමත් ඔලුව අවුල් ගිය වෙලාවට මූඩ් ස්විංග් කරන්න වීඩියෝ එකක් ගප්පියා‌ගෙ චැනල් එකෙන් හොයාගන්න පුළුවන්.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

2. පොඩ්ඩා

comedy youtubers

Source – youtube.com

පොඩ්ඩා අති ප්‍රසිද්ධ වෙන්නෙ ඉරිසියාකාර බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට කරපු වීඩියෝවෙන්. පොඩ්ඩාත් ගප්පියා වගේම තනියෙන් කැමරා අටවගෙන පැත්තෙන් පැත්තට වීඩියෝ කරපු ඩයල් එකක්. පොඩ්ඩාත් ප්‍රසිද්ධ වුනේ ක්ෂණයකින්. පොඩ්ඩා තමුන්ගෙ ජෝක් අස්සෙම ගප්පියා වගේම තමුන්ගෙ පෞද්ගලික මතයනුත් පොල්ලෙන් ගැහුවා වගේ එළියට දාන්න ගිහින් චුට්ටක් නෑවදත් මන්දා කියල හිතුනත්, පොඩ්ඩාගෙ ඇක්ටින්වලත් ඒ කතාවලත් හිතට වැදෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. පොඩ්ඩාත් බිස්නස් වැඩේට සෙට් වුනාට පස්සෙ කොමඩි වැඩ එන්න එන්නම අඩු වුනා.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

3. වස්ති

comedy youtubers

Source – twitter.com

මේ වෙනකොට මේ ලැයිස්තුවෙ ජනප්‍රියම සෙට් එක තමයි වස්ති. අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක ප්‍රමුඛ කොල්ලො සෙට් එක, එක එක කාලෙට එක එක වැඩ කරනවා. සින්දු වගේම කතාත් තියෙන නිසා වස්තිලගෙ වැඩ ප්‍රසිද්ධයි. වස්තිලාට රූපවාහිනියෙනුත් බොහෝ ඉඩ ලැ‌බී තියෙනවා වගේම ලැබෙමිනුත් පවතිනවා. කාලෙකට පාරක් වීඩියෝ එකක් ආවත් ඒක හිට් කරලා ගන්න වස්තිලාට පුළුවන් වීම පෙන්නන්නම එයාලා දවසක් සරමක් වනලා ට්‍රෙන්ඩින් 1 වෙලා පෙන්නුවා. කොහොම වුනත් සමාජ සත්කාර වැඩත් තියෙන, කුණුහරුපත් තියෙන, සිස්ටම් එකේ වැරදිවලට ගහන, සින්දුත් තියෙන, දිග වීඩියෝ වගේම කොට වීඩියෝත් තියෙන වස්ති කියන්නෙ ඔන්ලයින් ඉන්න ඩයල් එකක් අනිවා‌ර්යෙන් එක පාරක් හරි ගොඩ වුනු තැනක්. ඒ වගේම ට්‍රෙන්ඩින් වාක්‍ය හදන්නත් මෙයාලා ගොඩක් දායක වුනා.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

4. බොම්බයි මොටයි

comedy youtubers

Source – youtube.com

මදනායකයි නානායක්කාරයි කරන මේ කතා සෙට් එකත් පොඩි වගේම නියමම ක්ලයිමැක්ස් එකෙන් වීඩියෝ එක නවත්තන නිර්මාණ සෙට් එකක්. ඔවුන්ගේ වීඩියෝ කිරීමේ සහ එඩිට් කිරීමේ කොලිටිය අනිත් නිර්මාණකරුවොන්ට වඩා ඉහළින් තියෙනවාද කියල හිතෙන තරමටම වැඩේ හොඳයි. මෙයාලගෙ කෙටි වීඩියෝ නිසාත් මදනායක සහ නානාගෙ ඉහළ රංගන හැකියාවන් නිසාත් අවුල් ජෝක් එකක් වුනත් ලස්සනට ජනගත කරවන්න මෙයාලට පුළුවන්.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

5. ජනයි ප්‍රියයි

comedy youtubers

Source – youtube.com

මේ දෙන්නත් කෙටිම කෙටි වීඩියෝවලින් මතක හිටින නිර්මාණ ගොඩක් කරපු දෙන්නෙක්. මෙයාලගෙ සාර්ථකත්වයට සුවිශේෂීම හේතු දෙකක් තියෙනවා. ඒ තමයි නියම ප්ලොට් එක සහ මේ දෙන්නගෙ දැක්කත් හිනා යන ඇක්ෂන් ටික. මේ දෙක සෙට් වුනාම අනිවාර්යෙන්ම මිනිස්සුන්ට හිට්වෙන දෙයක් කරන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මෙයාල ඇඩ්වටයිසින් වෘත්තියෙ නියැලෙන අය විදියට පොදුජන මනස හොඳට අඳුරන නිසා මෙයාලගෙ සාර්ථකත්වය ඉහළයි. මෙයාලත් නොතේරෙන ගාණට ෂේප් එකේ ත්‍රීවීල් ඇඩ් එහෙම දානව. ඒ වගේම එළිපිටම දාන ඇඩුත් තියෙනවා.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

6. ලකයි සිකයි

comedy youtubers

Source – youtube.com

මෙයාලගෙන් එන්නෙ තරමක් පරණ ජෝක් වුනත් මෙයාල හිට් වෙන වීඩියෝ කිහිපයක්ම කරා. ඒ වගේම මෙයාලගෙ තීම් මියුසික් එකත් විහිළු වලටම ගාණට හරියන විදියට සෙට් වෙනවා. මෙයාලා ඇප් ලෝන්ච් කරා. මියුසික් වීඩියෝ කරා. මේ දෙන්නත් ඇඩ්වටයිසින් වැඩවල ඉන්න දෙන්නෙක්. කොහොම වුනත් ස්ට්‍රෙස් පිට ඉන්නකොට බලන්න කියාපු චැනල් එකක්.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

7. රැට්ටා

comedy youtubers

Source – youtube.com

තනියෙන් වැඩේ කරගෙන යන නිසාත්, රස්සාවල් කරන නිසාත් නිතරම නිර්මාණ දකින්න නැතත් තාත්තාටයි, පුතාටයි, වෙදාටයි, යාළුවටයි, අම්මටයි ඔක්කොටම අඳින රතිඳුට නියම රංගන හැකියාවක් තියෙන විත්තිය වීඩියෝවලින් පේනවා. තමුන්ම ට්‍රයි පොඩ් කරගෙන හරඹ කරන වීඩියෝවෙ ස්ක්‍රිප්ට්වල තියෙන ප්‍රබලත්වය ගැනත් කියන්න ඕනමයි. කාලයකට පාරක් ආවත්, සාපේක්ෂව එච්චර හිට්ස් නැතිවුනත් රැට්ටා චැනල් එක මේ ලැයිස්තුවට දාන්නෙ ඒ නිසායි.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

බෝනස් – සිප්පි සිනමා

comedy youtubers

Source – youtube.com

කොල්ලො සෙට් එකක් එකතු වෙලා කරන වීඩියෝ ටිකක්. මේකෙ දැනට ගිහින් තියෙන්නෙ සින්දු විතරයි. අපි අහලා තියෙන ප්‍රසිද්ධ සින්දුවලට මෙයාලා ගහනවා කවර් වර්ෂන්ස්. ඒ එක්කම කියන්නම ඕන දේ තමයි ඒවා නිකංම හිට්ස් ගන්න කරන අතේරෝල් නොවෙන විත්තිය. නියම කතාවක් හදලා, ඒ කතාවට හරියන්න සින්දුව ලියලා, කොලිටියට වොයිස් කරලා, ඒකට ගැලපෙන්න වීඩියෝ කරලා, මහන්සි වෙලා කාලෙකට පාරක් තමයි මෙයාලා වීඩියෝ එකක් එළියට දාන්නෙ. එනිසා හොයන්න බලන්න දෙයක් නෑ වැඩේ කොලිටි.

අපේ ප්‍රියතම වීඩියෝව –

 

මේකෙදි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන අපි නොදන්න ලයිවු වලින් එළියට ආපු චූටිමල්ලියි පොඩිමල්ලියි. ඒදෙන්නටත් යූටියුබ් චැනල් එකක් තියෙනවා. හැබැයි කවදාවත් ඒ දෙන්නා අපිට යූටියුබර්ස්ලා කියල මතක් නොවෙන තරමට එයාලා ටීවී එකෙන් අපේ හිතට වැදිලා තියෙන බව අමතක කරන්න බෑ.

 
Cover Image Source – youtube.com
 

One response to “ලංකාවෙ අපිට හිනාවක් ගේන විහිළු කතා කියන යූටියුබර්ස්ලා 7ක්”

  1. […] වගේ කතා ගහන බොහෝමයක් අතරේ හරි විදියට වැඩේ කරගෙන යන අයත් ඉන්නවා. මේ සටහනට එකතුවෙන්නෙ යූටියුබ් […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *