හිත නිවාගන්න යන්නට ගැළපෙන අගනුවර ආසන්න පන්සල් 7ක්

calm temples around colombo

වේගවත් කලබලකාරී ජීවිතය අපේ සෑම ඉන්ද්‍රියකටම වෙහෙසක්. ඒ වෙහෙස මගහරවාගන්න අපි විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ අතරින් ආගමික ජීවිතයකට පැය කීපයකට හරි හුරු වීම අපේ කලබලකාරී ජීවන රටාවෙන් මදක් ඈත්වෙලා සැනසෙන්න ලැබෙන ලොකු අවස්ථාවක්. කොළඹ ට්‍රැෆික් එකේ හෙම්බත් වෙලා, දහස් වැඩ රාජකාරි අස්සේ වැඩකරන තැනට ගිහින් වැඩ කරලා, නැවතත් නිවසට ඇවිත් ඒ ප්‍රශ්න විසඳලා කරන එදිනෙදා යුද්ධයෙන් මදකට හෝ ඈත්වෙන්න පංසල හොඳ තෝතැන්නකි.

 

1. කැළණිය රජමහා විහාරය

calm temples around colombo

Source – visitcolombo.com

කැළණිය කියන්නේ පුරාවෘත්ත අනුව බුදුන් වහන්සේ ජීවමානව සිටියදී පවා සිරිපා ස්පර්ෂය ලැබුණු පිංබිමකි. කැළණි විහාරය අසබඩින් ගලාගෙන යන කැළණි ගංගාව විහාරයට එක් කරන්නේ අමිල වූ ස්වභාවික සෞන්දර්යයකි. විහාර භූමියේ ඇති විශාල චෛත්‍ය රාජයා ධාන්‍යාකාර හැඩයට තැනුණ විශාල චෛත්‍යය රාජයෙක් වේ. විහාර ගෙයි ඇතුළට ගිහින් වටපිට බැලුවොත් සුප්‍රකට සෝලියස් මැන්දිස් මහතා විසින් අඳින ලද චිත්‍ර බලාගන්නට පුලුවන. බෝමළුව, විහාර ගෙය, චෛත්‍ය මළුවේ වගේම ඉන් පරිබාහිර ගංගාව ආසන්නයෙත් නිස්කලංකව ටික වේලාවක් ගත කරන්නට කැළණි විහාරයේදි පුලුවන්කම ලැබේ.

තැන මෙතැන

 

2. කෝට්ටේ රජමහා විහාරය

calm temples around colombo

Source – en.wikipedia.org

1400-1600 කාලයේ කෝට්ටේ රාජධානිය ඉතා ප්‍රබල එකක් වීය. අවසානයේ දොන් ජුවන් ධර්මපාල කුමාරයා පෘතුගීසින්ට ලැදි පාලනයක් ගෙනයෑමත් සමග කෝට්ටේ රාජධානියට කණකොකා හැඬවිනි. එදා ඒ කෝට්ටේ තිබූ පෞරාණික වෙහෙර විහාර අද වනවිට දකින්නට නොමැති වුවත් කෝට්ටේ රජමහා විහාරය ඉතිහාසයේ කෝට්ටේ යුගය සිහිගන්වන සිහිවටනයක් වැනිය. පැරණි යුගයට අයත් පෞරාණික විහාරාංග කිහිපයක්ද කෝට්ටේ රජමහා විහාරය සතුය. මේ කෝට්ටේ සීමාවේ තවමත් අලකේශ්වර මාලිගය, දිය අගල සහ කොටු බැම්මේ කොටසක්, අම්බලම් ආදිය ශේෂව පවතින අතර ඒ ස්ථානද කොට්ටේ යුගයේ ඓතිහාසික සිහිවටන ලෙස  ගොස් නැරඹිය හැකිය.

තැන මෙතැන

 

3. දීපදුත්තාරාමය – කොටහේන

calm temples around colombo

Source – google.com

1875 කාලයේදී කොළඹ අගනුවර පංසල් යැයි නාමයක් නොවීය. පංසලකට යන්නේ නම් කොළඹ නගර සීමාවෙන් එපිට කැළණිය පංසලට හෝ එසේත් නොමැතිනම් රත්මලානේ පංසලකට යා යුතු විය. අභීත මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ කොළඹ පිහිට වූ පළමුවන පංසල වන කොටහේන දීපදුත්තාරාමය ඓතිහාසිකව වැදගත් වේ. මදාරා මල් පිපුණු, අලංකාර විහාර අංග ඇතුළත් කොටහේන දීපදුත්තාරාමය බෞද්ධ කොඩිය, පොහොය නිවාඩුව ආදී ශාසනික ඓතිහාසික කටයුතු වලට මූලිකත්වය දුන් පින් බිමකි. කලකදී තායිලන්ත රජකුමාරයෙකු ද මෙම විහාරස්ථානයේ පැවිදිව ශාසනික සේවාවේ නිරත වී ඇත. කොළඹ නගරයම ක්‍රිස්තියානි පල්ලි විසින් ගිලගෙන තිබූ යුගයක ගුණානන්ද හිමිගේ අභීත හඬ දීපදුත්තාරාමය වැඩිදියුණු වන්නට හේතු භූත විය. දීපදුත්තාරාමය තායි සහ ලාංකික බෞද්ධ විහාරාංග කිහිපයක්ම ඇති නිස්කලංක තැනකි.

තැන මෙතැන

 

4. බෙල්ලන්විල රජමහා විහාරය

calm temples around colombo

Source – si.wikipedia.org

කොළඹ නගර සීමාවෙන් එපිට පිහිටා ඇති කමනීය විහාරස්ථානයක් වන බෙල්ලන්විල සැදැහැවතුන් අතර ජනප්‍රිය සිද්ධස්ථානයකි. එහි ඇති දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් දෙවනි වර පැන නැගුණු බෝධි අංකුරයකින් රෝපණය කරන ලද්දකි. ලන්දේසි කාලයේදි බෙල්ලන්විල අසලින් වැටී ඇති ඇලමාර්ග හරහා කළුතර සහ කොළඹ අතර බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන ඇලක් තිබී ඇත. එම ඇලේ ඔරුවකින් වැඩම කල ස්වාමින් වහන්සේ නමක් විසින් මෙම පෞරාණික බෝධීන් වහන්සේ සොයාගෙන වැඳුම් පිදුම් ආරම්භ කොට ඇති අතර, අදද බෙල්ලන්විල බෝධි රාජයා සතුව ඇති බලය බැතිමතුන් අතර ප්‍රකට වී තිබේ.

තැන මෙතැන

 

5. ගංගාරාමය

calm temples around colombo

Source – visitsrilanka.com

කොළඹ ගැන කියවෙන බොහෝ සේයාරූ වීඩියෝ ආදියේ ගංගාරාම සීමාමාලකය සෑමවිටකම පාහේ දර්ශනය වේ. ගංගාරාම සීමා මාලකය බේරේ වැව මත පිහිටා ඇති අතර එය දැකබලාගැනීම පිණිස දෙස් විදෙස් බැතිමත්හු ඇදෙති. ගංගාරාම පංසලේද පුරාණ කෞතුකාගාරයක්, විහාර මන්දිරයක් ඇතුළු දර්ශනීය ස්ථාන කිහිපයක්ම බැතිමතුන්ට දැකබලාගත හැකිය.

තැන මෙතැන

 

6. බුදු පසේබුදු අරහන්තක මහා විහාරය – මාලඹේ

calm temples around colombo

Source – mahamevnawabm.org

මාලඹේ අමාවතුර මහමෙව්නා අසපුව ලෙසද හඳුන්වන මේ දැකුම්කලු විහාර කර්මාන්තය ඉතා මෑතකදී ඉදිවුණු එකකි. පිංවත් කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමින්වහන්සේගේ මහමෙව්නා අසපු සංකල්පය යටතේ ඉදිවූ පසේ බුදු අරහන්තක මහා විහාරය තරුණ සිසු දරුවන් අතරද ප්‍රචලිත තැනකි. ශ්‍රී සද්ධර්මය වඩාත් සරල බසකින්, සිත්ගන්නා අයුරින් ඉදිරිපත් කරන මෙම මාලඹේ අසපුව සිත නිවන තැනක් මෙන්ම නිවනට පාර කියන මාහැඟි විහාර බිමක්ද වේ.

තැන මෙතැන

 

7. පිල්ලෑව බෝ සමිඳු

calm temples around colombo

Source – boralesgamuwa.com

බොරලැස්ගමුවේ පිහිටා ඇති පිල්ලෑව බෝ සමිඳු අනුහස් ඇති තේජමාන භූමියක් බවට කලකදී ප්‍රචලිත විය. මනරම් භූමිභාගයක පිහිටා ඇති පිල්ලෑව බෝ සමිඳු යට සිටින විට ඈත සිට එන සුළං රැල් ගත දැවටේ.  පිල්ලෑව බෝ සමිඳු ආසන්නයේ මනරම් ජල උද්‍යානයක්ද ඇවිදීමේ මන්තීරුවක්ද තිබේ. නාගරික වටපිටාවක වුවත් තවමත් එතරම්ම නාගරීකරණයේ  ග්‍රහණයට හසු නොවූ පිල්ලෑව බෝ සමිඳු කොළඹ අවට පිහිටා ඇති දැකබලාගෙන වැඳපුදාගෙන ඒමට වටිනා සිද්ධස්ථානයකි.

තැන මෙතැන

 

කොළඹ ප්‍රදේශයේ මේ හැර තවත් විහාරස්ථානද රාශියක් පවතී. එහෙත් මේ ප්‍රකට විහාරස්ථාන වල ඇති අසිරිමත් බව සලකා පෝ දිනවල මෙන්ම සති අන්තයේද දහස් ගණන් ජනයා ඒ පින්බිම් වලට ගොස් පින්කම් වල නිරත වෙති.

 
Cover Image Source – serendivus.com
 

zvr
Your Reaction

Comments