අපි සතුටෙන් ඉන්නෙ මොන වෙලාවටද? ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ. අපි සතුටෙන් ඉන්නෙ අපිට සතුටු හිතෙන දේවල් කරන්න පුළුවන් වෙලාවට. එහෙම වෙලාවට පොඩි පොඩි බාධක ආවොත්, හිතට සැකසංකා මතු වුණොත්, ඉතිං දවසම කාලකණ්ණි වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සාමාන්‍ය දවසකට අසුබ දෙයක් වෙනවට වඩා සතුටු දෙයකට කෙළවුනාම දුක වැඩියි මහත්තයො. අන්න ඒ නිසායි අපි මේ ආතල් බස්ටර්ස් ගැන ලියන්න හිතුවෙ.
1. ඩ්‍රන්ක් මෙසෙන්ජර්

Source – dailymail.co.uk
ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්න වෙලාවට වයිෆ්ගෙන් කෝල් එකක් එද්දි හිත කඩා වැටෙන හේතු කිහිපයක් තියෙනවා. සමහර වයිෆ්ලා අහනවා ‘ආ දැන් බෝතල් කීයක් බිවුවද? කීයට විතරද එන්නෙ? මම නිදාගන්නද?’ කියල. එහෙම කෝල් එන තරමට හිතට සනීපයි. ඒත් සමහර වයිෆ්ලා කතා කරන්නෙ කෙලින්ම වලියට. ‘කෝ ඕයි තමුසෙ? මම තවත් මේ කාලකණ්ණි ගෙදර හිර වෙලා ඉන්න ඕනද?’ එහෙමත් නැත්තං අඬෝවැඩියා. ‘ඔයානං හැම සතියෙම යාළුවො එක්ක සෙට්වෙනවා මට තමයි එළියටවත් යන්න නැත්තෙ’ වගේ ඇඬිල්ලක් ආවම ආයෙ එතන ඉඳන් හිත සතුටෙන් බොන්න බැහැ. කොහොමත් හස්බන්ඩ් බොන්න යනව කියල දැනගත්තු ගමන් සමහර වයිෆ්ලා මයින්ඩ් ගේම් එක ගහන්න බලාගෙන ඉන්නෙ.
2. බොස් මිස්ඩ්

Source – videoblocks.com
ඔන්න ඔෆිස් ඉඳන් රෑ වෙනකං වැඩ කරලා ගෙදර එනවා. ඒ එන්නෙ බයියං කයියං කරලා දොයියං වෙන්න බලාගෙන. හැබැයි ගෙදරට ඇවිත් ෆෝන් එක අතට ගත්තම දකින්නෙ බොස්ගෙ මිස්ඩ් කෝල් එකක්. ආපෝ! ඉතිං මොනව හරි කෙලවීමක් වෙලාද දන්නෙ නෑ. මගෙත් එක්ක මූඩ් එක හොඳිනුත් නෙමෙයි හිටියෙ වගේ දේවල් හිතලා හිතලා ඔන්න ලොක්කට ගන්නව කෝල් එකක්. ඔන්න ඒ පාර පොර ආන්සර් නෑ. ඊට පස්සෙ කෑම කන්න මූඩ් එකකුත් නෑ. ෂොට් එකක් දාන්න මූඩ් එකකුත් නෑ. ඔන්න ඔහේ නිදාගන්නව. මහ රෑ බඩගින්නට ඇහැරෙද්දි මෙන්න ලොක්කා 9ට විතර දීපු මිස්ඩ් කෝල් එකක් දකින්න ලැබෙනවා. ඊට පස්සෙ ඉතිං ආයෙ අවුලෙන්. වෙලාව දොළහට විතර නිසා ආයෙ කෝල් කරන්නත් බෑ. ඊට පස්සෙ පහුවදා උදේ දකිනකං බඩ පපුව පිච්චි පිච්චි ඉන්න ඕන.
3. දොර

Source – youtube.com
දවසෙ වැඩ ඉවරයි. කාලත් ඉවරයි. පදමට ඔලුවත් වෙරි වෙලා. හෙට වැඩට යන්නත් නෑ. දැන් ඉතුරු නිදියන්න විතරයි. ඒ හින්දා ඇඳට ඇවිල්ල හරිබරි ගැහුනම දොරට වදිනවා තට්ටුවක්. ඇහුවම තාත්තා. හැබැයි ඇයි කියල ඇහුවට හේතුව කියන්නෙත් නෑ. දොර එළියෙන් අරින්නෙත් නෑ. දොර ඇරපං කියන්නෙත් නෑ. තට්ටුව දාල නිකං ඉන්නව. ආපෝ ආයෙ නැගිටලා පලයංකො ඉතිං. ආතල් කුඩු. ඊට හපං සමහර වෙලාවට නින්ද යාගෙන එද්දි දොර ඇරගෙන කාමරේට ඇවිත් දොර ඇරලා දාලා යනව යන්න. ඉතිං ආයෙ නින්ද කඩාගෙන බැහැලා යන්න ඕන. පුදුම කරුමයක් සෙට් වෙන්නෙ වෙලාවකට.
4. ෆ* යූ එඩිසන්

Source – pxhere.com
ඇඳට ඇවිත් පොතක් කියවන්න ගන්නවා. හෝටල්වල නං ඇඳ පැත්තෙන් ලෑම්ප් ෂේඩ් තිබුනට ගෙදර ඇඳ ගාව ලෑම්ප් ෂේඩ් නැහැනෙ. ඉතිං පොත කියවගෙන යද්දි නිදි දෙවු දුව තට්ටුවක් දානව හෙමීට. සැපේ නින්ද යාගෙන එනකොට පොත පැත්තක තියල නිදියන්න බෑ ලයිට් දාලානෙ. ආයෙ ඉතිං බැහැලා යන්න කම්මැලිකමට දිගටම පොත කියවනව. එහෙමයි කියල මුළු රෑම පොත් කියවන්න බැහැනෙ. එක පාරක් ගිහින් ලයිට් එක ඕෆ් කරලා ආවම ඔන්න නින්ද නැති වෙලා. ආයෙ ගිහින් ලයිට් එක දාලා ඇවිත් පොත කියවන්න ගද්දි ඔන්න යාන්තමට නිදි මත එන්න ගන්නවා. දැන් ලයිට් එක ඕෆ් කරන්න ගියත් වැඩක් නෑ කියල දන්න නිසා ලයිට් බල්බ් හොයාගත්තු එකාට හිතින් හෙණ ඉල්ලන්න ගන්නවා.
5. කෑමට බාධා

Source – thespruce.com
අපේ ජීවිතේ අපිට ලැබෙන තවත් එදිනෙදා චූටි ආතල් එකක් තමයි කෑම කියන්නෙ. ප්‍රධාන ආහාර වේල් තුනෙන් හිතට ලැබෙන ආතල් එක කුස පිරෙනවාට වඩා වැඩියි. හැබැයි කන කෑම එකේ ආතල් එකට කෙලවෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. රස කෑමක් කන්න පටන් ගන්නකොට වතුර එක අරගෙන නෑ කියල මතක් වෙනව. ඉතිං ආතල් කුඩු. එහෙමත් නැත්තං කන්න පටන් ගත්තු ගමන්ම ඈත තියෙන ෆෝන් එක රිං වෙන සද්දෙ ඇහෙනවා. ආපෝ ඒ කෝල් එක දෙන එකාට හෙණ ඉල්ල ඉල්ල තමයි පිඟාන අතෑරලා යන්නෙ. මෙවුව සුළු දේවල් වගේ දැනුනට පට්ට අවුල්.
6. වොෂ් සතුට

Source – thecut.com
දවසම නැහිලා ගෙදර ඇවිත් සැපට වොෂ් එකක් දාගන්නෙ කුණු යන්නම නෙමෙයි. ඒක නිකං භාවනාවක් වගේ. ඇඟට සීතල වතුර බින්දු වැටෙද්දි තියෙන සනීපෙ මුළු දවසෙම අවුල් පවුල් ටික හෝදලා අරිනවා. හැබැයි පුතෝ ඔන්න මගක් යද්දි මතක් වෙනවා තුවාය අරගෙන නෑ කියලා. ඉතිං ස්නානයේ ඉතුරු ටික ස්ට්‍රෙස් පිට තමයි කරන්න වෙන්නෙ. තුවාය ගෙන්නගන්න ළඟපාත කවුරුවත් ඉඳියිද? මං හෙළුවෙන් තුවාය ගන්න යද්දි කවුරුවත් දකියිද? ආපෝ කියල වැඩක් නෑ,
7. ස්ට්‍රෙස් නින්ද

Source – imgur.com
සැප නින්දක්. ෆුල් ආතල් එකේ නින්ද යන්න ගන්නවා. ඇස් දෙකත් පියවෙනවා. ඒත් හිත තාම අවදියෙන්. නින්ද යන්න මොහොතකට කලින් බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා. යකෝ බල්ලා ගැන රචනාවක් ලියං එන්න කිවුව නේද කියල මතක් වෙන්නෙ එතකොට. දැන් ඉතිං මේ මහ රෑ මොන බල්ලොද කියල නිදියගන්න හැදුවට ඉස්සෙල්ලා වගේ පීස්ෆුල් ස්ලීප් එකක් නෑ. ඒක තනිකරම පසුවදා උදේ ගැන සිහිපත් වෙවී තැම්බෙන ස්ට්‍රෙස්ෆුල් ස්ලීප් එකක්.
Cover Image Source – flickr.com
Leave a Reply