අපි අන අන ඉන්නෙ නැතුව ලේසියට කන්න ගන්න ගොඩක් කෑම වගේම, තවත් අටෝරාසියක් අපේ පුංචි කාලෙ දිවට හුරු නොවුනු කෑම මේ වෙද්දි අපි දවස් දෙක තුනකට වතාවක් කනවා. ඒත් තාමත් හිත යටින් අපි පරිප්පු මිරිසට, පොල්සම්බෝල සැරට, කරවල බැදුම්, අඹ මාළුව, පපඩම් එක්ක සුදු කැකුළු හාලේ බත් ටිකක් කන්න තියෙනවනං ආසයි. කඩ කෑමටම හුරු වෙච්ච කොළොංතොටේ රස්සාකාරයොන්ට ඔවුව හීන කියලා හිතුනට හීනමත් නෙමෙයි. එනිසායි අපි මේ කඩ ටික එක ලැයිස්තුවකට දාන්නෙ. මේ අතරෙ ගණං වැඩි කෑම කඩ, මධ්‍යම පාන්තික කඩ වගේම පොෂ් කඩ තියෙනවා. හැබැයි ඒ හැම එකේම අපි ආසම කරන බතුයි ව්‍යාංජනයි පිරිලා තියෙනවා.
1. සප්පායම

Source – google maps
මහරාජා ආයතනෙයි මුවර්ස් ග්‍රවුන්ඩ් එකයි අතරෙ තියෙන්නෙ. සප්පායමේ කන්න දෙන්නෙ වට්ටියට. ඇත්තටම මෙයාලාගේ රසම පෝක් ෆ්‍රයිඩ් රයිස් එක වුනත්, මෙයාලාගෙන් නියමෙටම අලෙවි වෙන්නෙ රයිස් ඇන්ඩ් කරි තමයි. මාළු, චිකන්, බීෆ්, පෝක්, කරි චිකන් විදියට තියෙන තෝරාගැනීම් අතරේ හැම එකක්ම රසින් යුක්තයි. හැම තැනම අනාගන්න සෝයා මීට් කරියත් නියම රසට උයන්න මෙයාලගෙ කෝකියො දක්ෂයි. ගණං හිලවුත් ෂේප් නිසා සප්පායමේ හෙන පෝලිං. දවසක් අපි එන්න කලින් 60ක කෑම ඕඩරයක් බෙදුවා. එනිසා කඩේ සේල්ස්වලට හූල්ලන්නෙ නැතුව වේලාසනින් යන්න වෙනවා.
මෙන්න මෙතනයි තැන –
2. ප්‍රනීත ගමේ බත් කඩේ

Source – google maps
මේ කඩේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. කෘත්‍රිම රසකාරක යොදන්නෙ නෑ. කැමති දේවල් ටික කියලා බෙදාගන්න පුළුවන්. චිකන් උයලා, ඉස්ටු විදියට, මාළු බැදලා, මිරිසට උයලා, කිරට උයලා, ඉස්සො, කකුළුවො, කරවල බැදුම්, පෝක්, බීෆ් වගේ ඕනම ඔප්ෂන් එකකින් කන්න මෙතනින් පුළුවන්. කෑම නියම දැවිල්ලයි. පපඩං, බැදපු මිරිස් සහ සලාද කොළ ඇති පදං ගන්න පුළුවන්. අපි රෙකමන්ඩ් කරන මෙනූ එක තමයි පරිප්පු, අඹ මාළුව, පොල් සම්බෝල, කරවල බැදුම්, පපඩම් සහ මිරිස් එක්ක. ඒක කාපු මිනිහෙක් ආයෙ වෙනිං තැනකට යන්නෙ නෑ. අන්තිමට කද්දි ගාණ රුපියල් 160ක්. කොල්ලුපිටියට කිට්ටුයි. ටිකක් අස්සට එන්න ඕන. දැන් තැන ලොකුයි. කට්ටියට මේකෙ නම හොඳටම මතක ලේක් විවු කියලයි. සර්විස් එකේ චාටර් තත්ත්වයන් ඉඳහිට අත්විඳින්න වුනත් ලොක්කා ඉන්න දවසට නියම කඩේ.
මෙන්න මෙතනයි තැන –
3. Green Cabin

Source – google maps
අතරින් පතරට ප්‍රසිද්ධ කඩ දාන්නත් එපැයි. රයිස් ඇන්ඩ් කරි කිවුවම කොළඹ රටේ කට්ටිය විශ්වාසෙන් කෑම ගන්න තැනක් තමයි ග්‍රීන් කැබින්. බෙහෝ අය අතරේ ප්‍රසිද්ධ වෙන්නෙ ෂෝට් ඊට්ස් කඩයක් විදියට වුනත් මේකට දිවා ආහාරය ගන්න එන අය බොහෝමයක් ඉන්නවා. මහා රසක් නැතත්, පිරිසිදු බව හීන වෙන ගතියක් මෙතන නැහැ. ඒ වගේම පිළිවෙළකට සමබල ආහාරයක් ලැබෙන නිසාත් ග්‍රීන් කැබින් කෑම ඔෆිස් ප්‍රජාව අතරේ ප්‍රසිද්ධයි.
මෙන්න මෙතනයි තැන –
4. Upali’s

Source – google maps
මුලින්ම මේක කියන්න එපැයි. කඩේ තියෙන තැන සහ පෙනුම දැක්කම ඔයාලාට මේ කඩෙන් රයිස් ඇන්ඩ් කරි කෑවොත් යයි කියලා හිතෙන ගාණක් තියෙනවානෙ. අන්න ඒක හතරෙන් විතර වැඩි වෙන ගාණක් තමයි බිලට එන්නෙ. ගණං අතින් සහ පෙනුම අතින් මේ කඩේ පොෂ් වුනාට කෑමවල නියමෙටම ගෙදර රස පිරිලා ඉතිරෙනවා. පොල් සම්බෝල කරවල වගේ කෑම ජාති එක්ක ලංකාවෙ කෑම වේලක් කන්න මෙතන කියාපු ජොයින්ට් එක. හිත පිරෙන්න එළවලු ජාති තුනක් එක්ක පපඩම්, මිරිස්, කරවල, පොල් සම්බෝල එක්ක වෙනම මස් හෝ මාලු දීසියකුත් අරගත්තම රස කියලා වැඩක් නෑ. යාපනේ කකුළුවො කරිය වගේම හත්මාළුවත් නියම රසයි.
මෙන්න මෙතනයි තැන –
5. Sen-Saal

Source – google maps
සෙන්සාල් එකේ කෑම ජාති ගොඩක් තිබුනට රහයි කියලා කියන්න පුළුවන් දේවල් අතළොස්සයි තියෙන්නෙ. ඒ අතළොස්ස අතරේ මෙයාලාගෙ බත් එක ඉහළින්ම තියෙනවා. බත් කිවුවම මෙයාලගේ රසම ජාති දෙක තමයි රයිස් ඇන්ඩ් කරි සහ ලම්ප්රයිස්. ක්‍රීමි හොද්දක් එක්ක චිකන් කරියක්, කිරිපාට ඒත් දයියා පරිප්පුවක් එක්ක එදිනෙදාට මෙනූ එක වෙනස් වෙන බත් එක නියම රසකින් යුක්තයි. හැබැයි බත් එක රසයි කියලා කොත්තු කන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මෙලෝ රහක් නෑ.
මෙන්න මෙතනයි තැන – අවුට්ලට්ස් අටම තියෙනවා සයිට් එකේ
6. Heladiva

Source – google maps
නිවීහැනහිල්ලෙ කෑම ටිකක් කන්න කියාපු තැනක් තමයි ගංගාරාමය පන්සලත් මොබිටෙල් හෙඩ්ඔෆිස් එකත් අතරෙ පරණ ගෙදරක් අරගෙන හදලා තියෙන හෙලදිව කියන්නෙ. සිංහල ක්‍රමේට බත් සහ ව්‍යංජන එක්ක නිදහසේ කෑම වේලක රස බලන්න ගැලපෙන කොළඹ අවට තැන් අතළොස්සෙන් එකක්. මොකද මේ දවස්වල නිදහසේ කතා කර කර කන්න බොන්‌න තියෙන්නෙ කොෆි ෂොප් විතරයි. බත් ටිකක් නිදහසේ කන්න නං මහා හෝටලේක අධික වියදමක් දරන රෙස්ටුරන්ට් එකකට යන්න වෙනවා. අන්න ඒ නිසා කෑමවල මහා විශේෂයක් හෝ මහා දැවිල්ලක් නැතත්, නිදහසේ තෝරගෙන එළවලු ටිකක් එක්ක බත් කටක් කන්න කියාපු තැනක් විදියට හෙලදිව හඳුන්වන්න පුළුවන්.
මෙන්න මෙතනයි තැන –
7. නුග ගම – Cinnamon Grand

Source – google maps
කටට රසට සිංහල ගමේ කෑම කන්න තියෙන තැනක් විදියට තෝරාගැනීම් රාශියක් තියෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තියෙන නුගගමත් අමතක කරන්න බැහැ. මිල ගණනින් ඉහළ වුනාට ඒ ඉදිරිපත් කිරීම සහ රස එය පරදා යනවා. නිකමට ෆේස්බුක් එකේ ෆොටෝ දැක්කොත් කීයක් ගියත් දුවගෙන යන්න හිතේවි. ඒ රස ෆොටෝවලත් තියෙනවා. කළුවට උයපු පෝක් කරියට තමයි පේන විදියට හැමෝම කැමති. දැවිල්ල හොඳට තියෙන, තවතවත් කන්න පුළුවන් වටපිටාවක තියෙන නුගගම, මහා හෝටලයක රෙස්ටුරන්ට් එකක්ද කියලා හිතෙන තරමට සරළයි. ගාණ විතරක් වැඩි වුනාට ඒ එක්ස්පීරියන්ස් එක රයිස් ඇන්ඩ් කරිවලට කැමති හැමෝම අත්විඳිය යුතුමයි.
මෙන්න මෙතනයි තැන –
8. උපවංශ

Source – google maps
බොරැල්ල පැත්තෙ හිතේ ෂුවර් එකට රයිස් ඇන්ඩ් කරි කන්න තැනක් නැති තරම්. ඒ අඩුව පුරවන්න දශක තුනකටත් වැඩි කාලයක් තිස්සෙ විරාජමාන කඩයක් තමයි උපවංශ හෝටලේ. උපවංශෙ ගණං ෂේප්. කෑම රසයි. තෝරාගැනීම් උපරිමයි. හැමදාම උදේට තියෙන්නෙ පරිප්පු, පොල් සම්බෝල, හාල්මැස්සො කිරට හොද්ද, තක්කාලි බැදුම එක්ක මාළු හෝ බිත්තර. දවල්ට ඔප්ෂන්ස් 8ක් විතර තියෙනවා. ඒකෙන් හතරයි තෝරාගන්න පුළුවන්. මෂ්රූම් කරියයි, අඹරැල්ලා කරියයි, මැල්ලුමයි, මුරුංගා හොදි හෝ පරිප්පු තෝරගත්තනං බත් ලිස්සල යනව දිවටත් හොරා. හොඳට කුළු බඩු දාලා තියෙන නිසා බඩේ අමාරු අල්ලන්නෙත් නෑ.
මෙන්න මෙතනයි තැන –
9. සලාකා

Source – google maps
ටවුන්හෝල් එකට තියෙන අතිවිශාල බත් කඩේ වෙච්ච සලාකා එක ගැන නොලිවුවොත් මේ ලැයිස්තුව සම්පූර්ණ නැතිවෙයි. තෝරාගන්න අතොරක් නැති ජාති තියෙන නිසා කලින්ම වොච් අවුට් එකක් දාලා හිතේ මෙනූ එක තියාගෙනම බිල දාන එක හොඳයි. නැත්තං ඔයා එළවළු දිහා බල බල තෙපරබාද්දි පිටිපස්සෙ ඉන්න මනුස්සයා බඩගින්නෙ වෙවුලනවනෙ. නිදහසේ මුල්ලක් අල්ලගෙන ෆෑන් එකක් යට වාඩි වෙලා කන්නත් පුළුවන්. ගණනුත් ෂේප්. ඔප්ෂන්සුත් වැඩියි. සෙල්ෆ් සර්විස්. අයිස් වතුර එකක් එහෙම ළඟින් තියාගෙන ගිලින්න පටන්ගන්නයි තියෙන්නෙ.
මෙන්න මෙතනයි තැන –
Cover Image Source – timeout.com
Leave a Reply