බොලිවුඩය කියන්නේ ලෝකයේ ප්‍රකටම සිනමාවක් නේ. බොලිවුඩයේ නිලියන් ගැන බොහෝ දෙනාගෙ අවධානය යොමු වෙන්නේ නිතැතින්මයි. බොලිවුඩයේ නිලියන්ගෙන් ලස්සනම කවුද..? සරාගීතම කවුද..? කියන පැනයට හරියටම උත්තරයක් හොයාගන්න නම් කවදාවත් පුලුවන් වෙන එකක් නෑ. ඒ ඔක්කොම අතරේ ලයිෆි අපි මේ ඔබත් එක්ක බෙදාහදාගන්න සූදානම් වෙන්නෙ බොලිවුඩයේ රූමත්ම නිලියන් හත්දෙනා ගැන තොරතුරුයි.
1. සෝනම් කපූර්
බොලිවුඩයේ රූමතියන්ගේ ලැයිස්තුවට නැතුවම බැරි කෙනෙක් තමයි මේ. සිහින් සිරුරකට හිමිකම් කියූවත්, ඊටත් වඩා ඇගේ ඇස් වල තිබෙන කාන්තියටයි ඒ ඇස් වල බැල්මටයි බොහෝ රසිකයන් ආදරය කරනවා. ඇයගේ වයස අවුරුදු 33යි තාම. ප්‍රේම් රතන් ධන් පායෝ, රන්ජනා, නීර්ජා වගේ චිත්‍රපට වල ඇයගේ රුවේ ලස්සන කැපිලා පේනවා.
2. ජැක්ලීන් ෆ’නැන්ඩස්
ජැක්ලීන්ව අපි මුලින්ම දකින්නෙ 2006 අවුරුද්දෙදි පවත්වපු මිස් ශ්‍රී ලංකා තරඟයෙදියි. ලංකාවෙන් බොලිවුඩයට පා තබපු මේ රූමතිය දැන් බොලිවුඩයේ සිහින තාරකාවක් වෙලා. ඇගේ සිරුරේ හැඩය, ඇගේ ලස්සන ගැන සිහින මවන්නැති බොලිවුඩ් රසිකයන් නම් නැතුව ඇති. වයස අවුරුදු 32 යි ඇයට. කික්, ඇලඩින්, රෝයි වගේ චිත්‍රපට ඇගේ රුවේ ලස්සන මනාව අපට පෙන්වා දෙනවා.
3. ප්‍රියංකා චොප්රා
බොලිවුඩයේ සරාගී නිලියන් අතරින් ඉදිරියෙන්ම ඉන්න ඇය රූමත් නොවෙන්නෙ කොහොමද..? ප්‍රියංකා 2001 අවුරුද්දේ ලෝක රූ රැජිණ වුනේ ඉන්දියාව නියෝජනය කරමිනුයි. එදා ඉඳලා අද දක්වාම ඇය බොලිවුඩයේ රූමත් නිලියන් අතරින් කැපී පෙනෙන්නේ ඇගේ සරාගී විලාසය සහ බටහිර පෙනුමක් සහිත රූපකාය නිසයි. ඇයට වයස අවුරුදු 35යි. ඩොන්, ගුන්ඩේ වගේ චිත්‍රපට වල ඇගේ රූමත් බව වඩාත් ඉස්මතුව පේනවා. ඇගේ මේ ආකර්ශනීය පෙනුම නිසා මේ වෙද්දි ඇය හොලිවුඩ් නිර්මාණ වලටත් තෝරාගැනෙන චරිතයක් බවට පත්වෙලා.
4. කත්‍රිනා කයිෆ්
මේ සුන්දර යුවතියට ආදරය නොකරන බොලිවුඩ් රසිකයෙක් මේ මිහිපිට නම් සිටිය නොහැකියි. කත්‍රිනා කයිෆ් ඉංග්‍රීසි සම්භවයක් සහිත යුවතියක්. ඇගේ වයස අවුරුදු 34යි. ඇයගේ ලගන්නාසුලු සිනහව, ලාබාල පෙනුම ඇගේ රූමත් බව හොඳින් විදහා පානවා. ජබ් ටක් හේ ජාන්, ඩූම් 3 ඇය රඟපෑ ඉමහත් ජනාදරයට පත් වූ චිත්‍රපට දෙකක්.
5. අනුශ්කා ශර්මා
අනුශ්කා කියන්නේ 30 හැවිරිදි රූමතියක්. ඇගේ තිබෙන සෙල්ලක්කාර ගතිය සහ මනරම් සිනහව ඇයව ලස්සන කරන බව නොදන්නේ කවුද..? ඉන්දියාවේ ක්‍රිකට් සිහිනය විරාට් කෝලිගෙ භාර්යාව වෙන්න ඒ රූමත් බවත් හේතුවක් වෙන්න ඇති. රබ් දේ බනාදි ජෝදි, බොම්බෙයි වෙල්වට්, ඒ දිල් හේ මුශ්කිල් ඇගේ රූ සපුව හොඳින්ම විදහා පාන සිනෙරූ ලෙස හඳුන්වන්නට පුලුවන්.
6. නර්ගීස් ෆඛ්රි
ඇමරිකාවේ නිරූපණ ශිල්පිනියක් ලෙස තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන නර්ගීස් පසුව බොලිවුඩ් සිනෙමාවට පය තබනවා. වයස අවුරුදු 38ක් වුණත් ඇයට එතරම් වයසක් වෙතැයි කිසිසේත්ම අනුමාන කරන්නට අමාරුයි. ඈ සතු විදේශීය හුරුව, සරාගී බව සහ හිනාව ඇගේ රූමත් බව වැඩිකරන්නට සමත් වෙනවා. ඇගේ රුව බලන්නනම් ඔබට රොක්ස්ටාර් චිත්‍රපටය බලන්නම වෙනවා.
7. ශ්‍රද්ධා කපූර්
සරල විලාසිතා කෙනෙක්ව ලස්සන කරනවානම් එයට හොඳම උදාහරණය තමයි ශ්‍රද්ධා කපූර් කියලා කියන්නේ. 2010 අවුරුද්දේ තමයි මේ රුවැත්තිය බොලිවුඩ් පුරයට පා තබන්නෙ. ලස්සන හිනාවකට හිමිකම් කියන ශ්‍රද්ධාට තාම වයස අවුරුදු 31යි. ආශිකී 2, හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් බැලුවොත් ඇගේ රුව ඔබට අමතක වෙන එකක් නැහැ. විශේෂයෙන්ම ආශිකී 2 චිත්‍රපටය හරහා ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ රසිකයන්වද උන්මාදයට පත් කරන්නට ඇය සමත් වුණා.
Cover Image Source – qz.com
Leave a Reply