ලංකාවෙ මල් කතා කියෙවුවොත් ඔයාලටත් මේ ආතල් අනිවාර්යෙන් ගන්න පුළුවන්

funny points in love stories

කට්ටිය ඉතිං දැන් ඔය පොත් කියෝන සංගංවලදි එහෙම පළු යන්න බනිනව මල් කතා ලියන අයට. මල් කතා වලට. හැබැයි ලවු කරන්න ගියාම ඒ මල් කතාවල චරිතවලටත් වඩා නෝංජල් විදියට තමයි හැසිරෙන්නෙ. අපි කියන්න යන්නෙ ලංකාවේ අතිශය ජනප්‍රිය මල් කතාවල එන පොදු ආතල් හතක්. ඇත්තටම මල් කතාවක් කියන්නෙ බත් කකා කියවන්න හොඳ දෙයක්. මොකද හිතන්න මතන්න වැඩි වෙහෙසක් ඕන නැහැනෙ.

 

1. අමුතු සීන්

funny points in love stories

Source – manonizer.com

දැන් සාමාන්‍යයෙන් රියල් වර්ල්ඩ් උදාහරණ එක්ක කතාවක් ගලායන්න එපැයි. ලංකාවෙ සමහර උදාහරණ රියල් වර්ල්ඩ් නැතත් ඒ ගෑණු ළමයගෙ මූණ හඳ වගේ කියල කිවුවම දිරවගන්න පුළුවන් ගතියක් ශ්‍රී ලාංකික පාඨකයාට තියෙනවා. ඒ වුනත් හිතාගන්න බැරි කතා සමහර මල් කතාවලින් කියවෙනව. උදාහරණෙකට තමුන් ලවු කරන කොල්ලට රජරට ඉපදුනාට ගැමුණු කුමාරයො දැකලා නෑ වගේ ටෝක්ස් ඉෂූ කිරීමෙන් සිදු විය හැකි හානිය සුළු පටු නැහැ. ඊට හපං සමහර උදාහරණත් තියෙනවා. නිකමට තෝරාල ගත්තු පේළියක් අන්තිමට ලියල තියන්නං. ‘එයා අසරණව බලං හිටියා. මගේ පපුව උඩට දඩාස් ගාලා සමනල කන්ද කඩං වැටුනා වගේ දැනුනා.’

 

2. අභව්‍ය දේවල්

funny points in love stories

Source – goodhousekeeping.com

මල් කතා පොත්වල තියෙන තවත් දෙයක් තමයි ඒ දේවල්වල තියෙන අභව්‍ය ගතිය. මොකද කිසිසේත්ම වෙන්න බැරි දේවල් මේ විදියට ලියවෙන්න පුළුවන් එකම අවස්ථාවකදි විතරයි. ඒ රචකයා තමුන්ගේ පාඨකයාට දනවන්න ඕන කරන හැඟීම හිතේ තියාගෙන පොත ලියනවා වෙනුවට ඔන්න ඔහේ පෑන කොළේ උඩ තියාගෙන කෙරෙන ලියැවීමකින් විතරයි මෙහෙම වෙන්න පුළුවන්. නැත්තං උදෑසන රැවුල කපලා ඉන්න කොල්ලෙකුගෙ මූණේ ලා නිල් පාට දිස්නයක් තියෙන්න පුළුවන්ද? මොකද උදේම නිල් වෙන්න ගුටි කාලද?

තවත් උදාහරණයක් හැටියට, සෙම අමාරුව හැදිච්ච නැන්දම්මට ඩයිජින් බොමු කියලා රෙකමන්ඩ් කරන බෑන කෙනෙක් ගැන හිතන්නකො. පුදුම අභව්‍ය සීන් තියෙන්නෙ.

 

3. අසරණ වීම

funny points in love stories

Source – malecodependence.com

මේ කතාවල කොයි වෙලෙත් සිද්ධ වෙන දෙයක් මල් කතාවල ලොකුම ආතල් එකක් විදියට දක්වන්න පුළුවන්. ඒ තමයි අසරණ වීම. ඒ කියන්නෙ තැනක් නොතැනක් නැතුව අසරණ වීම. මේ අසරණ වීම සුළු පටු නැති විත්තිය මේ වගේ කතාවක් අවධානයෙන් කියෙවුවොත් ඕනම කෙනෙකුට වැටහෙනවා. ඒක සිද්ධ වෙන්නෙ මෙහෙමයි. ඔන්න කෙල්ල ඇවිල්ල කොල්ලට කින්ඩියට කියනව ‘අපිට නොකිව්වට ගමේ කෙල්ලෙක් ඇති නේද?’ කියලා. ඔන්න ඌ අසරණ වෙනවා. ඊට පස්සෙ කෙල්ල කොල්ලගෙ ඇස් දෙක දිහා බලං හිටියම, ඔන්න ඌ ආයෙත් අසරණ වෙනවා. කෙල්ල සෙට්වෙලා කෙල්ල ඌට කන්න ගෙනල්ල දුන්නම මූ අසරණ විදියට කෑම පිඟාන දිහා බලං ඉන්නව. කොටිම්ම උදේම නැගිටලා අසරණ ටීෂර්ට් එක අසරණ විදියට ඇඳගෙන අසරණ විදියට මිදුලට බහින අවස්ථාත් තියෙනවා.

 

4. රළු කෙල්ලෝ

funny points in love stories

Source – today.com

මේ ලවු කතාවල කෙල්ලො මුලින් රළුයි. කොල්ලා අසරණයි. තඹ දොයිත්තක් නෑ. කෙල්ලගෙ තාත්තට නැත්තෙ බර්ජ් කලීෆා එක විතරයි. කතාවෙ මැද හරියට එනකොට සමනලයෙක් මලක වහනව දැක්කත් අනේ මට රිදුනද දන්නෙ නෑ කියල ක්ලාන්ත වෙන කෙල්ලො, කතාවෙ මුල ඉන්නෙ අමනුස්ස ආවේසෙක. කොල්ල හදල දෙන මල් වට්ටිය පොලොවෙ ගහනව. ඌට බයිනව. ඌට නපුරුකං කරනවා. ඌව කන්න හදනව. ඌ කෑමක් ගෙනාවොත් ඒකට සල්ලි දෙනව. කොටිම්ම කොල්ලව බලු කරනවා. හැබැයි ඒ ලවු එකේ සෙට්වීම වෙනකං විතරයි. ඊට පස්සෙ බලන්න එපැයි නාඩගං. අනේ ඉතිං උඩ ෆැක්ට් එකේ කිවුව වගේම කෙල්ල මේ නපුරුකං කරන පාරක් ගාණෙ අරූ ඉතිං අසරණ වෙනවා.

 

5. සෙක්ස්

funny points in love stories

Source – elle.com

මල් කතාවල තියෙන තවත් ආතල් ලක්ෂණයක් තමයි අනවශ්‍ය විදියට සෙක්ස් ඉලිප්පීම. ඒක වෙන්නෙ මෙහෙමයි. කතාවෙ හැම තැනම සෙක්ස් නෑ. කොටිම්ම මහා ලොකු නව කතාවෙ තැන් තුනක විතර තමයි මේ සෙක්ස් කෑලි එළියට ඇදෙන්නෙ. හැබැයි ඒ වගේ සීන් එක ළඟ පරිච්ඡේද ගාණක ඇදෙනව. සමහරවිට රචකයා ඒ මොහොතේ ඉන්න මූඩ් එක වෙන්නත් පුළුවන්. හැබැයි මේ සෙක්ස් කාරණා කතාවෙ ඉන්න චරිත දෙක අතරෙ සිද්ධ වෙන ඒවා නෙමෙයි. මේවා පාඨකයාගේ මනස එක්ක කරන සෙක්ස් කතා. උදාහරණෙකට මෙහෙම, අක්කයි නංගියි නිදාගෙන ඉන්නව. නංගිගේ පියයුරු අක්කගෙ පිටේ ඇතිල්ලෙනව. අන්න එහෙම අමුතු සීන්. එහෙමත් නැත්තං මංගල යහනේ ලේ බින්දු තුනක් තිබීම. කෙල්ල කොල්ලට ඒක බල කර කර පෙන්නද්දි කොල්ල ඒක දිහා ඕනෑ එපාවට බැලීම. අනිත් කතාව තමයි කතාවෙ තැන් තැන්වල ගෑණුන්ගෙ මාස් ශුද්ධියෙ සීන් ඇතුළත් කිරීම. උදාහරණෙකට ඒක මහ අමුතු විදියකට මාකට් කිරීම. ‘මං නං හැමදාම ලෙඩේ හැදුනම ගන්නෙ මේ ජාතිය. අඳින්නත් ලේසියි. ඇන්දමත් පහසුයි.’ කොහොමද ඒක?

 

6. කෑම

funny points in love stories

Source – seriouseats.com

මල් පොතක් කියවනකොට සෙට් වෙන අනිවාර්ය ලක්ෂණයක් තමයි කෑම කියන්නෙ. උදාහරණෙකට මෙහෙම කියමුකො. කෙල්ලයි කොල්ලයි ලවු කර කර ඉද්දි කොල්ලෙකුට හිතෙන්න ඕන මොනවද? කෙල්ලව සතුටු කරන්නෙ කොහොමද? අපි දෙන්නගේ ඉදිරි ප්ලෑන් මොනවද? දැන් අපි අපේ හිත්වලට වල් වෙන්න ඉඩ දෙනවද? නැත්තං ඒක ඉස්සරහ දවසකට කල් අරිනවද? වගේ දේවල්නෙ. හැබැයි මේකෙ එහෙම නෑ. මේකෙ කොල්ලට කෙල්ල එක්ක ලවු කර කර ඉද්දි වගේම කිසිම අදාළත්වයක් නැති අවස්ථාවල හිතෙන්නෙ කෑම ගැන. කොහොමද මේ වෙලාවට නියම පොල් රොටියක් එක්ක ලුණු මිරිසක් තිබ්බනං? එහෙමත් නැත්තං හෝටලේකට ගිහින් කිසිම ගැලපීමක් නැති වයිට් වයින් එක්ක බයිට් එකට හැඳැල්ලො ඕඩර් කරනවා වගේ කතන්දර. අමුතුයි නේද? ඒ වගේම මේ කතාවල රස බත් තියෙනවා. මේ රස බත් අමුතුයි කියල තේරෙන්නෙ ඒවයෙ තියෙන දේවල් ඇහුවම. කොටිම්ම මැල්ලුම් ජාතිම තුනක්. අවුල් නේහ්.

 

7. පිස්සු හැදෙන කොල්ලො

funny points in love stories

Source – kidzcoolit.com

මෙවුවැයෙ හොඳ කොල්ලො සහ නරක කොල්ලො කියල දෙකොටසක් ඉන්නව. හොඳ එකාට ඩිග්‍රි තියෙනවා. උයන්න පුළුවන්. දුවන්න පුළුවන්. ලියන්න පුළුවන්. අහිංසකයි. අවංකයි. හිත හොඳයි. වාහන ඩ්‍රයිවු කරන්න පුළුවන්. උනන්දුයි. ඉංග්‍රීසි පුළුවන්. දෙමළ පුළුවන් වගේ ඔක්කොම පුළුවන්. ඊළඟට නරක කොල්ලා. පොර පට්ටම නරුමයි. මිනී මරනවා. වාහනවලින් ගිහින් හප්පනවා. කුඩු විකුණනවා. ගෑණිට ගහනවා. මිනිස්සුන්ට ගහනවා. කැතයි. බොනවා. සැරයි. සූදු කෙලිනවා. බිස්නස් ඔක්කොම කළු සල්ලි එන ඒවා. ආයෙ ඉතිං අන්ත නරකයි… මෙවුවයෙ ප්‍රධාන චරිත කවදාවත් මැදි මාවතේ නැහැ. එක්කො අන්ත හොඳයි. නැත්තං අන්ත නරුමයි.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *