අවුරුදු 20ක් වෙද්දි කෙල්ලෙක් මේ දේවල් අනිවාර්‍යයෙන්ම කරලා තිබිය යුතුමයි

things a girl must do by her 20s

මේ ඉන්න පොඩි එකා අනික් පැත්ත හැරිලා බලනකොට ලොකු වෙලා. කාලය ඒ තරමට ම කසිලි බිසිලි ජීවියෙක් වෙලා. කාටත් වඩා හදිසියක් තමයි කාලයට තියෙන්නේ. ඉතින් පොඩි උන් ලොකු වෙන්නේ බලන් ඉද්දි. එක එක වයස් සීමා පහු කරගෙන ලොකු වෙනකොට තමයි මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ කරන්න ඕනි දේවල් මතක් වෙන්නේ. ඒකට යට ඇඳුමේ ඉඳන් තියෙන ගෑණු පිරිමි භේදයක් නෑ. ඒ දේවල් හැබැයි සමාන නෑ. ඉතින් ගෑණු ළමයින්ට වෙන වෙන දේවල් කොල්ලොන්ට තවත් දේවල්. අවුරුදු 20 කියන්නේ අපේ ජීවිතේ බවුන්ඩේසන් කෑල්ල දාගන්න කාලේ. ඉතින් ඊට කළින් ගෑණු ළමයෙක් මෙන්න මේ දේවල් කරන්නම ඕනි.

 

1. වෘත්තීයමය සිහිනයක් තිබීම

things a girl must do by her 20s

Source – movin925.com

බිස්කට් පොඟවන් තේ බොන ගමන් කාටුන් බලන්න ඕනි කාලේ අහවල් වෘත්තීයමය සිහින ද කියලා හිතන්න පුළුවන්. ඒත් ලෝකය මනුස්ස හිතකට වඩා වේගයෙන් වෙනස් වෙනවා. රස්සා දියව් කියලා මහ ඈයෝ පාරේ යනකොට පොඩි දුවලා පුතලා වෘත්තීයමය වශයෙන් ඉහළටම ගිහිල්ලා. එහෙම වෙන්නේ මෙහෙම සිහිනයක් තිබ්බාම. කෙල්ලෙක් වුණාම තියෙන්නෙ ඕනි එකම සිහිනය නැන්දම්මාව සතුටු කිරීම, මනාලියක් වීම කියන සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිලා වැඩ ලොවේ දී පිරිමි අයත් එක්ක කරට කර සටන් කරන්න නම් මුල ඉඳලම සිහිනයක් තියෙන්න ම ඕනි. කොහොමත් දැන් ගොඩක් ලොකු කොම්පැණිවල වුණත් පුටු රන් කරන්නේ කාන්තා පාර්ශ්වය. ඒ බොහොමයක් දෙනාට අවුරුදු 20ක් වෙනකොට තමන් යා යුතු මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි.

 

2. මූලික අධ්‍යාපන අවශ්‍යතා හෝ මනා ලෙස සම්පූර්ණ කර තිබීම

things a girl must do by her 20s

Source – dirtywaterteen.com

මූලික අධ්‍යාපන අවශ්‍යතා හෝ කියලා කිව්වේ අඩු වයසින් ලබන්න පුළුවන් උපරිම අධ්‍යාපන මට්ටමටත් ළඟා වෙන්න පුළුවන් නිසා. නමුත් ලංකාවේ ගොඩක් ගෑණු ළමයින්ට අවුරුදු 20ක් වෙනකොට සම්පූර්ණ කරන් ඉන්න පුළුවන් මූලික අධ්‍යාපනික සුදුසුකම් විතරයි. ඒ ඉතින් සාමාන්‍ය පෙළයි උසස් පෙළයි. ඒක ඇට්ටි හැලෙන්න සම්පූර්ණ කරන් ඉන්න ඕනි. කොහොමත් දැන් මේ තත්ත්වය මෙහෙම ම තමයි. කැම්පස්වල කොල්ලෝ එන්න එන්නම අඩු වෙනවා. කෙල්ලොන්ට ඉගෙනගැනීමේ පිස්සුව සහලෝලා තියනවා. ඒත් හැමෝටම එක වගේ නැති නිසා මේ දේවල් සම්පූර්ණ කරගන්න වග බලාගන්න ඕනි. සමහර කෙල්ලෝ උසස් පෙළ කාලේ පිස්සු කරලා දෙවෙනි තුන්වෙනි පාර විභාගේ කරන්න බලන් ඉන්නවනේ. අපරාදේ කාලේ. 20 පැන්න ගමන් ආය උසස් පෙළ කර කර ඉන්න කාලයක් නෑ.

 

3. තනියම දුර ගමනක් ගිහින් තිබීම

things a girl must do by her 20s

Source – internationaltraveller.com

කෙල්ලෝ මල් වාගේය කියලා හරහට නළවලා හදපු නිසා ටිකක් හයියෙන් කතා කරත් මල් පෙති පොඩි වෙන ලයින් එකක් තියෙන්නේ. මොළයක් තියෙන දෙමව්පියන් නම් කෙල්ලෝ හදන්නේ ගහක් හදනවා වගේ ශක්තිමත්ව. ඉතින් ගහක් බැරි නම් මලක් වගේ හැදුණ කෙල්ලොත් අවුරුදු 20 පහු වෙන්න කලින් දුර ගමනක් තනියම ගිහින් තියෙන්න ඕනිමයි. 20 පහු වෙලත් තනියම මෙළෝ දෙයක් කරන්න බැරි විලම්බීත කෙල්ලෝ ඕනි තරම් දැකලා ඇති. තැනකට ගියාම ඉන්න විදිය ගැන කොමන් සෙන්ස් එකක්වත් නැති ඒ වගේ අය අවුරුදු 20ට කලින් වත්තේ හතර මායිමෙන් එහාට තනියෙන් කොහේවත් නොගියපු අය. අඩුම තරමේ මතකයන් හදාගන්න හරි යාළුවෝ ටිකක් එක්ක ට්‍රිප් එකක්වත් ගිහින් තියෙන්න ඕනි.

 

4. විනෝදාංශයක් තිබීම

things a girl must do by her 20s

Source – servingjoy.com

අවුරුදු 20න් පස්සේ තමයි භීෂණේ පටන් ගන්නේ. ඊට කලින් තියෙන්නේ පුදුම නිදහසක්නේ. මිනිස්සුත් එක්ක එකට වැටිලා රේස් දුවන්න තියෙන කාලයේ විනෝදාත්මක දේවල් කරන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඉතින් අන්න ඒ නිසා විනෝදාංශවලට තියෙන හොඳම කාලේ තමයි අවුරුදු 20ට කලින් කාලේ. උයන්නයි මහන්නයි කලින්ම පුරුදු වෙලා හිටියා නම් කා ළඟවත් පස්සේ පදිරි වෙන්න ඕනි නෑනේ. පොත් එහෙම කියවනවා නම් අහුවෙන අහුවෙන හැම පොතම බදන් කියවන්න. මුද්දර අලවනවා නම් පරණ ඩයරියක වුණත් කමක් නෑ.

 

5. දිනපොතක් පවත්වාගෙන යාම

things a girl must do by her 20s

Source – pinterest.co.uk

ඩයරිය කිව්වම සෙනික මතක් වුනේ මේක. ගෑණු ළමයින්ට අනික් අයට සාපේක්ෂව රහස් වැඩියිනේ. ඕවා මේ හැමෝටම කියන්නත් බැරි ඒවා. ඉතින් මේ වයසට ඩයරියක් තියෙන එක හරිම හොඳ දෙයක්. අපිට ජීවත්වෙන්න මතක කියන දේ හරිම වැදගත්. ඉතින් කවදාහරි දවසක ආපස්ස හැරිලා බලනකොට දිනපොතේ ලියලා තියෙන දේවල් බලලා සතුටුවෙන්න පුළුවන්. ඩයරිය කියනකොටම මතක් වුණේ ඉස්කෝලේ කාලේ කෙල්ලෝ එලෝ මෙළෝ නැතුව ලියාගත්තු ඔටෝ. මේවා අමු සෝබන වැඩ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේවා කළ යුතුම දේවල්.

 

6. හොඳ යාළුවෝ සොයා ගැනීම

things a girl must do by her 20s

Source – wikihow.com

මනුස්සයෙක් සාර්ථක වෙන්න නම් ගෑණියෙක් පිටිපස්සේ ඉන්න ඕනි ලු. එහෙනම් ගෑණියෙක් සාර්ථක වෙන්න කවුදෑ ඉන්න ඕනි? තවත් ගෑණු රංචුවක්. ගෑණු කෑල්ල නැතුව අවුරුදු 20ට අඩු බවලතුන් ගැන කතා කරන නිසා කෙල්ලෝ කියලා කියමු. අවුරුදු 20ට කලින් අපිට ලැබෙන යාළුවෝ ඔක්කොම වගේ ඉස්කෝලේ නැත්නම් ටියුෂන් එකේ යාළුවෝ. ඒ අයව කාලාන්තරයක් තිස්සේ දන්න කියන අය. පිස්සු කෙළින්න වගේම තනියම ගොන් වැඩ කරද්දී ඒ දේවල් නොකරන්න කියන, ඒත් නැතිනම් තනියම කරන්න නොදෙන විදියේ යාළුවෝ අවුරුදු 20 පහුවෙලා ලැබෙනවා නම් කැම්පස් එකක් පැත්තේ යන්න ඕනි. රැකියා ස්ථානයෙන් මේ වගේ යාළුවෝ සෙට් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්නේ.

 

7. පවුලේ අය හා සමීපව සම්බන්ධ වීම

things a girl must do by her 20s

Source – familymatterschicago.org

20 පහු වුණාම ගෙදරට වෙලා තොඳොල් වෙවී ඉන්න බෑ. සමහරුන්ට බන්දලා දෙනකන් එහෙම ඉන්න පුළුවන් ඇති, ඒත් 21වන සියවසේ හුළං පාරක් හරි වැදුණ කෙල්ලෙක්ට එහෙම ඉන්න බෑ. 20 පහු වුණාම උසස් අධ්‍යාපනය, රැකියාව වගේ දේවල් නිසා ගෙදර ඉන්න වෙන වෙලාව හරිම අඩුයි. කවදාහරි බැඳලා යන්න ගියාම කොහොමත් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඉතින් අන්න ඒ නිසා ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා ලයින් එකෙන් ගෙදර ඈයොත් එක්ක ඉන්න ඕනි.

වයසට යන එක පුදුම දුකක්. ඒ නිසා කෙල්ලනේ ෆේස්බුක් ඇවිත් වාත වෙන්නේ නැතුව ජීවිතයට දෙයක් කරගන්න බලන්න. වයසට ගියාට පස්සේ නොකරපු දේවල් ගැන හිත හිතා හූල්ලන්න කවදාවත් හිතන්නෙපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *