මේ දවස්වල ආර්ථිකේ දුෂ්කරයි. ගෙවල්වල වියදං සැරයි. එනිසා අපේ ආතල් එකක් වන බීමට මහ ලොකු ගාණක් වියදං කරන්නත් බෑ. අන්න ඒකට හොඳම විසඳුමක් තමයි ගණං අඩු ප්ලේස් එකකට ගිහින් බොන එක. අපි මේ කියන්නෙ ඩොජී බාර් ගැනම නෙමෙයි. හැබැයි ඒවා නෙමෙයිමත් නෙමෙයි. ඉස්සර සිරා බාර් විදියට සිරා ප්ලේසස්වල වැජඹුනු බාර් පවා දැන් ඩොජී වේගෙන යන එකේ, මහා වියදමක් නැතුව රිංගන්න පුළුවන් බාර් ගැන කියන්න ඕනමයි.
1. වෙස්පා

Source – sonofthemorninglight.wordpress.com
කොල්ලුපිටියෙ පෑන් ඒෂියා බැංකුව ගාවින් මුහුද පැත්තට යද්දි ලොකු ඉඩක දිලිසි දිලිසි තියන ප්ලේස් එකේ ගහල තියෙන්නෙ වෙස්පා ස්පෝට්ස් ක්ලබ්, මෙම්බර්ස් ඔන්ලි කියල. ඇත්ත දන්න මිනිහට ඒ නම දැක්කම හිනා යනව. වෙස්පා අතිශය සුන්දර ආතල් එකක් වෙන්නෙ මැරීන් ඩ්‍රයිවු එක පැත්තට මහ බිල්ඩිං හැදෙන්න කලින් කාලෙ, රෑ වෙලා මේසෙ උඩ අසෝකා ග්ලාස් එකක බස්සපු ඉටිපන්දමක එළියෙන් මුහුදු හුළං වැදි වැදි බීපු ආතල් මතකයකුත් සමගිනුයි. වෙස්පා එකේ ඉස්සර හිටපු කෝකි මහත්තයා විදෙස් ගත වෙලා වුනත් තාමත් වෙස්පා එකෙන් සුපිරි ආතල් එකේ බීලා එන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි සර්විස් එක. ඒ වගේම එයාලගෙ කඩල කොත්තුව නම් වූ අයිකොනික් බයිට් එක සහ අහල නැති සින්දුවක් වුනත් ඉයර් එකට ප්ලේ කරන බොංගො එකයි ගිටාර් එකයි ගත්තු අංකල්ලා ජෝඩුව. මේ සියල්ල එක්ක වෙස්පා කියන්නෙ සුපිරි අත්දැකීමක්.
තැන බලාගන්න මෙතනින් –
2. සෙංකඩ බාර්

Source – scmp.com
සලාකා බිල්ඩිමේ ලෝටස් ලීෆ් එකේ පෙනුමත් දැන් ඩොජී බාර් එකක් ගාණටම වැටිලා. ඒ වුනත් ගණං හිලවු තාම වැඩියි. ඒ නිසා තමයි අපි සලාකා එක පැත්තෙම චුට්ටක් ඩයලොග් එක පැත්තට යද්දි ඩයලොග් ඉස්සරහ පැත්තෙ තියෙන සෙංකඩ බාර් එක තෝරගන්නෙ. පුංචි පාරකින් ඇතුළට යන්නයි තියෙන්නෙ. නියම ප්ලේස් එක. බයිට් රසයි. බාර් එක ඉස්සරහ ඉන්න කඩල අංකල්ගෙ කඩලත් රහයි. බාර් එක ඇතුළ මාර ඝෝෂාකාරි වුනත් අපේ ටේබල් එකේ තියෙන ඝෝෂාවත් එක්ක ඒකෙ මහ අවුලක් නෑ. නිකමට ට්‍රයි කරලා බලන්න එයාලගෙන් බොයිල්ඩ් පෝක් එකක් ඉල්ලන්න. නම කිවුවම අවුල් වගේ හිතුනට බොයිල්ඩ් පෝක් කියලා එයාලා දෙන එක බයිට් එකට මරු. අපි මේක එක්ස්පීරියන්ස් කළේ ටික කාලෙකට කලින් නිසා තත්ත්වෙ තාමත් එහෙමද කියල කියන්න බෑ.
තැන බලාගන්න මෙතනින් –
3. එක්ස් සර්විස්මන්

Source – google.lk
රසට කකා ලාබෙට බොන්න කැමති ඕනම මිනිහෙක් යායුතු බාර් එකක් තමයි එක්ස් සර්විස්මන්. එක්ස් සර්විස්මන් එකේ සර්විස් එක මරු. සද්දෙ පැලෙන්න. උඩ තට්ටුවෙ බොන්නත් පුළුවන්. හැබැයි එතනට සේවක මහත්තුරු එන්නෙ අඩුවෙන්. බයිට් එකට වැඩිපුර බිත්තරයක් දාලා ගහපු කඩල කොත්තුවක් ගත්තනං සැප උපරිමයි. එහෙමත් නැත්තං එයාලගෙ චීස් ඔම්ලට් එක වගේම පෝක් එකේ රසත් ෂෝක්. එතනින් රයිස්, කොත්තු වගේ දේවල් ගන්න නැතත් කිට්ටුවෙන්ම පිලාවුස් එකක් තියෙන නිසා මහා අවුලකුත් නැහැ. යන ගමන් කාලම යන්නත් පුළුවන්.
තැන බලාගන්න මෙතනින් –
4. EAP

Source – google.lk
බොරැල්ලෙ ඊඒපී බාර් එක කියන්නෙ ප්‍රසිද්ධ වගේම සෙනග පිරිච්ච බාර් එකක්. වෙන ඕනම තැනක එළිමහනෙ බීම සිරා වුනත් මෙතන තත්ත්වෙ වෙනස්. බිමට ගල් අල්ලලා, ඒ උඩ යකඩ පුටු. ජරං ජරං ගගා තමයි බොන්න වෙන්නෙ. ඇතුළ නං සුවපහසුයි. දැවිල්ල ෆ්‍රයිඩ් රයිස් එකක් කකා බොන්න පුළුවන්. බයිට් සයිස් චිකන් කෑලි එක්ක ෂේප් එකේ බීලා යන්න කදිම ප්ලේස් එක.
තැන බලාගන්න මෙතනින් –
5. ඇට්ලෑන්ටික් පබ්

Source – google.lk
මේක දැන් ලාබදායී ප්ලේස් එකක් වුනාට ඉස්සර තත්ත්වෙ වෙනස්. ඉස්සර පට්ට සිරා ප්ලේස් එකක්. කළුවරේ බොන්න පුළුවන්. කියන පරක්කුවට මේසෙට එන සර්විස් එකත් හොඳයි. හැබැයි බාග එහෙම ගනිද්දි ටිකක් හොඳට බලන්න. බාග අඩුවට ලැබෙන්න ඉඩ තියෙනවා. මෙයාලගෙන් හොඳම බයිට් එකක් විදියට රයිස් වර්ග ගන්න පුළුවන්. දැවිල්ලට සහ තෙල් ගතියට තියෙන මික්ස්ඩ් චොප්සි රයිස් එක රස්නෙ ගියාට පස්සෙත් රසට කන්න පුළුවන්. ඕනම බතක් රසට හදන කුක් මහත්තයට පණිවිඩයක් යවලා කැමති විදියට හදාගන්නත් පුළුවන්. ටීවී තියෙන නිසා මැච් එකක් බලන්නත් පුළුවන්.
තැන බලාගන්න මෙතනින් –
6. රන්දෝලි

Source – google.lk
බොන උන් දහයකගෙන් ඇහුවොත් දහයම ගිහින් තියෙන සහ නිතර යනෙන ප්ලේස් එකක් තමයි මේ රන්දෝලිය. දැන් තියෙන්නෙ ඉස්සර තිබුණු ලොකේෂන් එකේ නොවුනත් ඕන එකෙක් දිවේ රසෙන් ප්ලේස් එක හොයාගෙන යන තරමට කෑම රසයි. ඒ වගේම වෙනිං ලාබ බාර්වල නැති තරං ඔප්ෂන්ස් ගොඩයි. මස් නොකන උන්ට, මාළු නොකන උන්ට, දෙකම නොකන උන්ට, ඩ්‍රයි එකට බයිට් කන උන්ට, සෝසි බයිට්ස් හොයන උන්ට ඇතුළු ෂේප් රසට, දැවිල්ලට වගේ ඕනම කෑම ජාතියක් මෙතන තියෙනවා. මහ රෑ වෙන්න කලින් ශරීර කෘත්‍යයන් කරගන්න එක හොඳයි නැත්තං රෑ වෙද්දි නහයට එච්චර සනීපයක් නෑ.
තැන බලාගන්න මෙතනින් –
7. නිවු කොලෝනියල් හෝටලය

Source – google.lk
කොටුවෙ ඕල්කට් මාවතේ තියෙන කොලෝනියල් හොටෙල් එක සුපිරි බෙබේස්ලට එච්චර නැගලා යන ප්ලේස් එකක් නෙමෙයි. ඒකට හේතු තියෙනවා. බයිට් එච්චර රසක් නැතිවීම වගේම මෙතන සාමාන්‍ය ලාබ බාර්වලට වඩා යාන්තම් උඩ මිලක් පවත්වාගෙන යෑමත් හේතුවක්. ඒනිසා හදිස්සියකට සෙට් වෙච්ච යාළුවෙක් එක්ක බියර් එකක් ගහන්න යනවට වැඩිය විශේෂ හොඳක් මෙතන නැහැ. මෙතන හරි යන්නෙ ඉතිං ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකක්, ෆ්‍රයිඩ් ගාලික් ප්ලේට් එකක් ළං කරගෙන බියර් තුනක් ඇදලා දාන්න තමයි.
තැන බලාගන්න මෙතනින් –
Cover Image Source – martyntottmedia.wordpress.com
Leave a Reply