මාතර ඇවිත් මේ තැන් 7 නොබලා යන්න එපා

places to visit in Matara

මාතර කියන්නෙ ලස්සන වැල්ලක් තියෙන දකුණු පුරවරයේ ප්‍රසිද්ධ නගරයක් නොවැ. මාතර ටවුමට ආව කියන්නේ ආයෙ වටේ පිටේ බලන්න තැන් කොච්චරනම් තියෙනවයි කියලද..? ලයිෆි අපි ඔහෙලට මාතර ටවුමට ආවම වැඩි දුරක් නොගිහින් බලන්න තියෙන ඒ අවට තැන් ගැනයි මේ කියන්න යන්නේ. මාතර ඇවිල්ලා පාර වරද්ද ගන්න හෙම එපා ඔන්න.

 

1. දෙවුන්දර දේවාලය

places to visit in Matara

Source – wikipedia.org

මාතර ඇවිල්ලා දෙවුන්දර ගියේ නැතොත් පැණි නැතුව කිරි කෑව වගේ තමයි. දෙවුන්දර දේවාලේ කියන්නේ විශ්ණු දෙයියො වැඩ හිටින දේවාලේ නොවැ. අවුරුද්දකට වතාවක් විශ්ණු දෙයියො වෙනුවෙන් පවත්වන දෙවුන්දර පෙරහැර ගැන ඔහේ ලංකාවෙ කෙනෙක්නම් නොදැන ඉන්න විදිහක් නෑ. ඒක තියෙන්නෙ ඕං ලබන මාසෙ. ඒ කියන්නේ ජූලි මාසෙ. දෙවුන්දර දේවාලේ හාස්කම් වලට එහෙම හරි ප්‍රසිද්ධ තැනක්.

තැන මෙතැන :

 

2. දෙවුන්දර ප්‍රදීපාගාරය

places to visit in Matara

Source – walaspathi.blogspot.com

දෙවුන්දර ප්‍රදීපාගාරෙ කියන්නෙ බොහෝ දෙනා බලන්න එන තැනක්. හැබැයි ඉතින් මෙතැන වැඩිය හොඳ කිහිප දෙනෙක් එක්ක චාරිකා වලට තමයි. ඔය නිවාඩු පාඩුවට එන චාරිකා තියෙන්නෙ අන්න එවුවට. දෙවුන්දර නගරයට ආවම දෙවුන්දර ප්‍රදීපාගාරයට යන්න තියෙන පාර පහළට වැටිලා තියෙනවා. එතනට යන්න මග සලකුණු දීලයි තියෙන්නේ. කරදරයක් නැතුව යන්න පුලුවන් ඉතින්.

තැන මෙතැන :

 

3. පොල්හේන වෙරළ තීරය

places to visit in Matara

Source – manasindiviyata.blogspot.com

මාතර ඇවිල්ල වැල්ල පෑගුවෙ නැත්නම් ඉතින් මක්කටෙයි. මාතර හොඳට නාන්න පුලුවන් වෙරළ තීරයවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මේ. පොල්හේන වෙරළ තීරය හම්බවෙන්නේ මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ මාතර ඉඳලා පොඩි දුරක් යද්දි හම්බවෙන වම් පැත්තට තියෙන අතුරු පාරෙන් ගියාමයි. මේක සංචාරකයෝ බහුල තැනක්. ඇවිල්ල ඉතින් අත්හදාබැලීම් කරන්න යන්නැතුව පරිස්සමට නාගන්න එක ඔබේ වගකීමක්.

තැන මෙතැන :

 

4. මිරිස්ස වෙරළ තීරය

places to visit in Matara

Source – booking.com

මේ තමයි අනිත් වෙරළ තීරය. මිරිස්ස හම්බවෙන්නෙත් මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන කොටයි. මිරිස්ස කියන්නෙ සංචාරක කර්මාන්තයේ හිනිපෙත්තෙම තියෙන තැනක්. දේශීය විදේශීය සංචාරකයෝ මෙතනට ආකර්ශනය වෙලා තියෙන්නෙ සුන්දර වෙරළ තීරය හන්දමයි. මිරිස්ස අවට නවාතැන් පහසුකමුත් ඕනෑ තරම් තියෙනවා. කොහොම උනත් මිරිස්සෙ නාන්න එනවනම් ඒ පැත්තෙ කෙනෙක්ගෙ සහය ගන්නවනම් හොඳයි. වෙරළ තිබ්බ පලියට හැම තැනම නාන්න බැහැ නොවැ.

තැන මෙතැන :

 

5. මාතර බෝධිය

places to visit in Matara

Source – picture.lk

මාතර නගරය මැද තියෙන මාතර බෝධිය ඓතිහාසික තැනක්. ඒ වගේම කාර්යබහුල මාතර නගරය මැද තියෙන නිසංසල තැනක් විදිහටත් මාතර බෝධිය හඳුන්වන්න පුලුවන්. බොහෝ දෙනා මෙතනට යන්නේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා හිත සංසුන් කරගන්න හොඳම තැනක් හන්දයි. හැම රාත්‍රියකම වගේ විවිධ පුණ්‍ය වැඩසටහන් මාතර බෝධියේ දකින්න පුලුවන්.

තැන මෙතැන :

 

6. තාරකා කොටුව

මාතර තියෙනවා ලංදේසීන් හදපු බලකොටුවක් තාරකා කොටුව කියලා. මේක තියෙන්නෙ නගර මධ්‍යයේ මාතර බෝධිය අසලමයි. මේක ඇතුළේ ලංකාවේ ඉතිහාසය ගැන, මාතර ඉතිහාසය ගැන වන කෞතුකාගාරයකුත් පිහිටලා තියෙනවා. මේක හදල තියෙන්නෙ තරුවක හැඩයට. කාල තුවක්කු 12ක් හැම පැත්තම ආවරණය කරන්න පුලුවන් විදිහට මෙහි තියලා තිබුණලු. මේක ආරක්ෂාවට සහ යුධ කටයුතු වලට ඉදිකල එකක් බවයි කියවෙන්නේ. මේක වටා තියෙන්නෙ ලොකු දිය අගලක්. ඕකෙ ඉස්සර කිඹුල්ලු දාල තිබුණ කියලයි කියන්නේ. හරි අපූරු ඓතිහාසික තැනක්. ගිහිල්ලම බලන්න.

තැන මෙතැන :

 

7. මාතර කොටුව

places to visit in Matara

Source – traveleatdrinklikealocal.blogspot.com

මාතර ඇවිල්ලා මාතර කොටුව ඇතුළෙ රවුමක් යන්නැතුව යන්නනම් එපා. මාතර පෞරාණික බව පෙන්වන ලස්සන තැනක් තමයි මේ. මේක හදල තියෙන්නෙ 1560 වසරේ පෘතුගීසීන් විසිනුයි. ඔරලෝසු කණුවත්, මහා ප්‍රාකාරයත් මෙයට ප්‍රතාපවත් බවක් ගෙන එනවා. ඒ වගේම මතක් කල යුතුයි මාතර කොටුවට ඇතුල් වුණු තැනම තියෙන ක්‍රීඩාංගණයත් සමග තිබෙන බිම, කණ්ඩායමක් එක්ක ආවම විවේක ගන්න හොඳ තැනක්. මාතර අධිකරණ සංකීර්ණය තියෙන හන්දා කණ්ඩායම් පිටින් වැඩිපුර ඇතුළට යන්න එපා.

තැන මෙතැන :

 

ඉතින් මාතර බලන්න එන අතරේ මේ තැනුත් බලන්න වෙලාවක් වෙන් කරගන්න කියලා අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබේ විවේකය අර්ථවත්ව සහ විනෝදකාමීව ගත කරන්න මේ තැන් ඔබට උදවු වෙන නිසයි.

 
Cover Image Source – prestigesrilanka.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *