අපට අනාගතේටවත් දැන් ඉන්න වර්තමානෙටත් වඩා තදියමක් තියෙන්නේ අතීතේ ගැන. මොකද කියනවා නම් අපි ආදරේ කරපු දේවල් ගොඩක් අතීතයට අයිති නිසා. ලංකාවේ ටීවීවල ගියපු ඇඩ් මිනිස්සුන්ට මාරෙටම සමීප වුණා. දැන් තියන අන්න නයා මෙන්න පොල්ල ක්‍රමෙන් මිදිලා පොඩ්ඩක් නිර්මාණශීලී විදියට හැදුණ ඇඩ් නිසාද මන්දා අදටත් ඒ නිර්මාණ අගයනවා නිකන් චිත්‍රපට අගයනවා වගේ. ඉතින් ඒ වගේ ඇඩ්වල හිටපු ලස්සනයි කියලා අපිට හිතුණ කොල්ලෝ කීප දෙනෙක් තමයි මේ. බලන්න මතකද කියලා
1. සිසු උදාන තාත්තා
කට්ටියට මතක ඇති මේ අයියව නම්. මේක 2006 අවුරුද්දේ එළියට ආපු කොමර්ෂල් එකක් වුණාට තාමත් මහජන බැංකුවල මේක යනවා දකින්න පුළුවන්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා එක්ක සෙල්ලම් නැවක් හදන වගේ සීන් එකක් තියන මේ ඇඩ් එකේ තාත්තාට ඉන්නේ කඩවසම් හාදයෙක්. සිසු උදාන බැංකු ගිණුම් ගැන තමයි ඇඩ් එක ගියේ. මේ නළුවා තාමත් ටීවි ඇඩ්වල ඉන්නවා. ඒ කාලේ ඉතින් තනිකර කොල්ලා කාලෙනේ.
2. අලියා පේයාවේ අයියා
ඇරිසෝනාව වගේ පැත්තක දර්ශනයක්. බයික් එකකින් යන හාදයෙක්. ඊට පිටිපස්සෙන් ෆලෝ පාරක් දානවා කියලා හිතෙන තවත් හාදයෙක්. දෙන්නගෙම මූණු වැහිලා. ඉස්සරහින්ම ගිය හාදයා බයික් එක පොඩ්ඩක් නතර කරනවා. පිටිපස්සෙන් ආපු හාදයා (සීයා කෙනෙක්!) අහනවා මොකෝ කේස් එක කියලා. එතකොට ඇඟට අමාරුයි කියලා උත්තර දෙන්නේ අපිට ඕනි කරන හාදයා. ඇඟේ අමාරුවට අලියා පේයාව බොන්න සෙට් වුණ මේ අයියා ඒ කාලේ කෙල්ලොන්ට සෑහෙන හිතේ අමාරු නම් දෙන්න ඇති.
3. ලෙමන් පෆ් අයියා
“පෆ් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ්”
ලෙමන් පෆ් කන්න කොහෙන්වත් නොතිබුණ ආශාවක් එක පාරට ආවා මේ ඇඩ් එක දැක්කට පස්සේ. මේකේ ඉන්නවා අයියා කෙනෙක් ඇස් දෙක නිකන් වීදුරු බෝල දෙකක් වගේ හිනාව පනාවක ඇඳි වගේ. කොහොමින් හරි අතින් අඹපු පිළිමයක් වගේ මේ අයියා ලස්සනයි. මැලිබන් පෆ් නම ඉස්සරහට අරගෙන යන්න ඊට පස්සෙත් එක එක වෛවාරණ ඇඩ් ආවා. එක එක නළුවෝ හිටියා. හැබැයි මේ තරම් වෙන එක්කෙනෙක්වත් ලස්සන නෑ.
4. අරෝෂ අයියා
තේ බොන තේ බොන පාරට අයිඩියා අලුතින් එන අරෝෂ අයියා කොහොම අමතක කරන්නද. මේ මනුස්සයාට තේ බොනවා ඇරෙන්න වෙන ජීවිතයක් නෑ. උදේ දවස පටන් අරන් කෙල්ලෙක් සෙට් වෙන්නත් යෝධ බල යෝධ ශක්තිය දෙන්නේ තේ කෝප්පය. අරෝෂ අයියට තිබ්බේ වශීවෙන විදියේ හිනාවක්. සිලෝන්ටා බිව්වම මෙහෙම වෙනෝ ඇති කියලා ඇත්තටම හිතන්න තරම් ගැම්මක් ඒ ඇඩ් එකේ තිබ්බා.
5. මිහිරෙන් මතකයේ රැඳුණු එයා
සමහරවිට ලංකාවේ වැඩිම දෙනෙක් ආදරේ කරපු ඇඩ් එක මේක වෙන්න පුළුවන්. මේ ඇඩ් එකේ එන සින්දුව අදටත් හරිම ආදරයකින් තමයි එක වචනයක් නෑර කියන්නේ. මේ ඇඩ් එකේ අක්කගෙයි මල්ලිගෙයි මතක ටික මතක් කරන මල්ලිට හිටපු හැඩකාරයා නියම සොයාගැනීමක්. අනේ අපිටත් ඒ වගේ මල්ලි කෙනෙක් හිටියා නම් කියලා ඒ දවස්වල අක්කලාට හිතෙන්න ඇති.
6. චොකලට් පෆ් කොල්ලා – 1
මන්චි එකෙන් ගහපු චොකලට් පෆ් ඇඩ්වල ඒ දවස්වල හිටියෙම සීදේවි කොල්ලෝ. මේ කතාකරන ඇඩ් එකේ ඉන්නේ බයික් එකට පණ වගේ ආදරේ කරන පොරක්. හැබැයි මනුස්සයට චොකලට් පෆ් විකුණන තැනක් දැක්කා විතරයි ඩයිනමයිට් කෑවා වගේ එලෝ මෙළෝ නැතුව බයික් එක වතුර වළවල්වලිනුයි වාහන අස්සෙයි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පදිනවා. මන්චි අය චොකලට් පෆ්වලට කොල්ලො ගත්ත එකනම් අතිසාර්ථකයි ඕන්.
7. චොකලට් පෆ් කොල්ලා – 2
කොල්ලෙක් කොහෙන්ද මතු වෙනවා. කෙල්ලෙක් ඉන්නවා වටේ පිටේ වීඩියෝ කර කර. කොල්ලා බිස්කට් පැකට් එක කැඩුවා විතරයි දැක්කේ මොන හත්තිලව්වක් වුණාද දන්නෑ රාමායණේ කෑල්ලක් වගේ කොල්ලා කන්දෙන් පැනලා අහසේ යනවා බිස්කට් පැකට් එක පස්සේ. කෙල්ල කාරෙකෙන් ෆලෝ කරනවා. මොන තරම් අභව්‍ය සිද්ධියක් වුණත් ඉන්න කොලුවා නම් පට්ට ඈ.
දැන් යන ඇඩ්වලින් කොහොමහරි වෙළඳ භාණ්ඩේ විකුණගන්න දතකනවා ඇරෙන්න මේ වගේ මතකයට දැනෙන නිර්මාණ එළියට දානවා අඩුයි. ඒ තරම් ලස්සන කොලුවොත් නෑ අනේ.
Cover Image Source – youtube.com
Leave a Reply