කාල තරණය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක ලෝකයේ පහුගිය වසර සීය පමණ පුරාවටම කතා වෙන දෙයක්. විශේෂයෙන්ම විද්‍යාව දියුණු වෙද්දී, ඒ නිසාම උපකරණ වල කාර්යක්ශමතාව වැඩි වෙද්දී, කාලය හරහා යෑම කියන එක ගැන කතිකාවත දැඩි ලෙස වර්ධනය වෙලා තියෙන බව පේනවා. අපි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ කාල තරණය ගැන ලෝකයේ තියෙනවාය කියන සාක්ෂි කිහිපයක් ගැන. මේ සාක්ෂි ගැන දැනගන්න කලින් අපි මුලින්ම බලමු කාල තරණය කියන්නේ මොකක්ද කියලා.
කාල තරණය කියන්නේ මොකක්ද..?
අපි ජීවත් වෙන වර්තමාන මොහොතේ ඉඳන් ඉස්සරහ කාලයකට හෝ පිටුපස කාලයකට අපට යන්න පුලුවන්නම් අන්න ඒක කාල තරණයක් ලෙස හඳුන්වනවා. නිවුටන්ගේ විද්‍යාව මිනිසුන්ව සරල කාරණා ටිකකට ගොනු කරද්දී අයින්ස්ටයින් සාපේක්ශතාවාදය කියන බරපතල තැනකට මිනිස්සුන්ව ගේනවා. ඔය සාපේක්ශතාවාදය එක්කම “මිනිසුන්ට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ය. ඒකට කරන්න ඕන ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කිරීම පමණක් ය” වගේ තවත් කතන්දර කිහිපයක්ම ලෝකයට අලුතින් එනවා. ඔන්න ඊට පස්සේ තමයි මිනිස්සු කාල තරණය ගැන වැඩියෙන් හොයන්න පෙළඹුනේ. ඊට පස්සේ තමයි චිත්‍රපට වලට කාල තරණය කල මිනිස්සු ගැන කතා එන්න පටන් ගත්තේ.
Terminator චිත්‍රපට මාලාවේ
Star Trek චිත්‍රපටයේ
Men in Black චිත්‍රපටයේ
Back to the Future චිත්‍රපටයේ වගේ
සිනෙමා පට බොහොමයක මේ කාල තරණය ගැන සඳහන් වෙනවා.
කාල තරණය ඇත්තක්ද..?
මේක තමයි කාල තරණය ගැන තියෙන ලොකුම ප්‍රශ්නය. සිද්ධාන්තමය වශයෙන් නම් දැනට පිළිගන්න මතය තමයි කාල තරණය කළ හැක්කක් කියන එක. ඒත් දැනට ලෝකයේ තියෙන තාක්ෂණය මත කාල තරණය කරන්න ප්‍රායෝගිකව බෑ කියලයි විද්‍යාඥයෝ කියන්නේ. අදටත් විද්‍යාඥයෝ ඉතා කුඩා පරමාණුවක් තත්පර 0.0001ක් වගේ කුඩා කාලෙකින් අතීතයට යවන්න පුලුවන්ද වගේ දේවල් ගැන පරීක්ෂණ පවත්වලත්, සාර්ථක වෙන්න හැකියාවක් නැතුවයි ඉන්නේ. ඒ වගේම අපි මතක තබා ගත යුතු දෙයක් තමයි කාල තරණය ගැන තියෙන ඡායාරූප සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි හැම එකටම “මේක කාල තරණයක් නොවේ” කියලා කියන්න ප්‍රති තර්ක ඉදිරිපත් වෙනවා. ඒක හන්දා මේ සාක්ෂි ටික අපි විමසිල්ලෙන් බලමු.
කාල තරණය පිළිබඳ සාක්ෂි
1. අනාගතයේ සිට පැමිණි තරුණයා
1941 අවුරුද්දේ බ්‍රිටිශ් කොලොම්බියා වල South Fork Bridge නමින් හඳුන්වන පාලමේ නැවත විවෘත කිරීමේ උත්සවයට පැමිණි අමුත්තන් ඡායාරූප ගත කරලා තිබුණා. ඒ ඡායාරූප වල ඉන්න එක පුද්ගලයෙක්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා සහ ඔහු අත දරා සිටින උපකරණය ඒ යුගයට අයත් නොවන බව පෙනෙන්න තිබුණ හන්දා ඔහු සුවිශේෂීයි කියලා බැලූ බැල්මට පෙනෙන්න ගත්තා. ඔහු ඇඳල තිබුණේ වර්තමාන තරුණයන් ඇඳීමට ප්‍රිය කරන වර්ගයේ ලොකු ලාංඡනයක් සහිත ටී ශර්ට් එකක්. ඒ වගේම පැළඳලා තිබුණ අවු කණ්නාඩියත් වර්තමාන කාලයේ විලාසිතාවලට ගැලපෙන්නක් උනා. ඒ වගේමයි ඔහුගේ අතේ දකින්න ලැබෙන්නේ නූතන යුගයට අයත් වගේ පෙනෙන කැමරාවක්. ඉතින් ගොඩක් දෙනා කියන්න සහ හිතන්න ගත්තා මේ කාල යාත්‍රිකයෙක් කියලා. මෑත යුගයේ සිට අතීතයට ගියපු කෙනෙක් කියලා කතා කරන්න ගත්තා.
හැබැයි මේ පුද්ගලයා ඇඳන් ඉන්න ඇඳුම ඒ කාලේ කැනඩාවේ සිටි හොකී කණ්ඩායමක නිල ඇඳුමක් බවටත්, මෙම විලාසිතාවට අයත් අවු කණ්ණාඩි 1920 සිට නිපදවූ බවටත්, මොහු අත ඇත්තේ එකල භාවිත වූ කැමරා වර්ගයක් බවටත් ප්‍රති තර්ක ඉදිරිපත් වෙනවා.
2. දුරකථනයෙන් අමතන යුවතිය
1938 තිරගත වුණු චිත්‍රපට දර්ශනයක එක්තරා තැනක තරුණියක් ජංගම දුරකථනයක් වැනි උපකරණයකින් කතා කරමින් එන බව පේනවා. ඒ දුරකථන ඇමතුම ඉවර කරලා ඒ දුරකථනය වැනි උපකරණය කනෙන් ඉවතට ගන්නා බවත් පේනවා. මේ වීඩියෝව එක පාරට යූ ටියුබ් සමාජ ජාලයේ පෙරළියක් කරන්න පටන් ගත්තා. මේ කාන්තාව වර්තමානයේ සිට අතීතයට ගියපු කාන්තාවක් බව බොහෝ දෙනා කියන්නට ගත්තා.
ඒත් මේ කතා පෙට්ටි ටික වැහුණේ එක්තරා තරුණයෙක් විසින් මේ තමන්ගේ මී ආච්චී කෙනෙක් බවට හඳුනාගත් බව ප්‍රකාශ කිරීම නිසයි. ඇය ඒ කාල වකවානුව තුළ ජීවත් වූ බවට ඔහු තහවුරු කලා. ඒ වගේම මේ උපකරණය ඇය වැඩ කරන ආයතනය විසින් ඇයට ලබා දී තිබූ දුරස්ථ සන්නිවේදන උපාංගයක් බවත් ඔහු පැහැදිලි කලා.
3. චැප්ලින්ගේ චිත්‍රපටයේ එන ගැහැණිය
1928 නිකුත් වුණ චැප්ලින්ගේ චිත්‍රපට දර්ශනයක වයසක කාන්තාවක් දුරකථනයකින් කාට හෝ අමතමින් යන බව පේනවා. අපි අද දුරකථනයෙන් කතා කරන විදිහටම ඇයගේ අත කණේ තියාගෙන ඉන්න ආකාරය පැහැදිලිව බලාගන්න පුලුවන්. එහෙම වෙන්නේ කොහොමද..?
ඒත් මේක ඒ කාලයේ තිබුණු, ශ්‍රවණාබාධ දුරලීමට භාවිතා වුණු උපකරණයක් වෙන්න පුලුවන් කියලා ප්‍රති තර්කයක් ඉදිරිපත් වෙනවා.
4. වසර 1100කට පෙර ඇඩිඩාස් සපත්තු
2016 අවුරුද්දේදී මොන්ගෝලියාවේ අල්ටායි කඳු ආශ්‍රිතව කරපු කැණීමකදී හොඳින් සිරුර සුරක්ශිත කරලා තිබුණ මමියක් හම්බවෙනවා.
මේ මමියේ තිබ්බ විශේෂත්වය තමයි මේ සිරුර අයිති පුද්ගලයා කකුලේ පැළඳගෙන හිටපු පා ආවරණ යුගලය. ඒවා බොහෝ සෙයින්ම සපත්තු වලට සමාන වුණා. සපත්තු වලට විතරක් නෙමෙයි, 2006 අවුරුද්දේ ඇඩිඩාස් සමාගම නිකුත් කරපු සපත්තු යුවලක විලාසිතාවටත් සමාන වුණා. වැඩි දුරට කරපු පරීක්ෂණ වලින් හෙළිදරවු වුණේ මේ සිරුර හිමි කාන්තාවකට බවටයි. ඒ වගේම හිසට එල්ල වූ දරුණු පහරකින් ඇය මිය ගොස් ඇති බවටත් කියවුණා. මේ ඔස්සේ කතන්දර දෙකක් උඩට ආවා. එකක් තමයි එක්කෝ අතීතයේ මිනිස්සු පය ආවරණ උසස් විදිහට නිර්මාණය කරලා තියෙනවා කියන එක. එහෙම නැත්නම් මේ කාල යාත්‍රා කරද්දී අකරතැබ්බයකට මුහුණ දුන්න කාල යාත්‍රික කාන්තාවක් විය යුතුයි.
බෝනස්
14 වැනි ශතවර්ෂයේ සිටි ගගනගාමියා
14 වැනි සියවස කියන්නේ 1300 ගණන් වලට. ඒ කාලේ අභ්‍යවකාශ තරණය, ගගන ගාමීන් වගේ මාතෘකා ගැන හිතලවත් නොතිබුණ කාලයක් නේ. ඒත් මෙන්න ස්පාඤ්ඤයේ සලමන්කා වල ප්‍රධාන දේවස්ථානයේ බිත්ති වල නිර්මාණය කරලා තියෙන කැටයම් අතරේ ගගනගාමියෙක් වගේ හැඩයක් තියෙන කැටයමක් හම්බවෙනවා. වැඩේ කියන්නේ මේ දේවස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ 14 වැනි සියවසත් 15 වැනි සියවසත් අතර වීම. මේ කැටයමේ මුහුණ ආවරණය වෙන්න අර නූතන ගගනගාමීන්ගේ වගේ ගෝලාකාර හෙල්මට් එකක්, ඇඟ ආවරණය වෙන්න සිරුරට වඩා බොහෝ විශාල ඇඳුමක් වගේම ගගනගාමීන්ට ඔක්සිජන් ලබා දෙන්න තියෙන ඔක්සිජන් ටැංකිය සහ ඔක්සිජන් ටැංකියේ ඉඳලා ගගනගාමියා වෙතට ඔක්සිජන් එන බටය පවා හඳුනාගත හැකි ආකාරයට නිර්මාණය වෙලා තිබුණා. මේ ඡායාරූපය අන්තර්ජාලයේ ලොකු කසු කුසුවක් ඇති කරන්නත් සමත් වුණා. හැබැයි පස්සේ තමයි මේ කැටයම පිටුපස තිබුණ රහස හෙළිවුණේ. ඒ තමයි මේ කැටයම 1992 වගේ මෑත භාගයකදී ඒ දේවස්ථානයේ සිදු කරපු ප්‍රතිසංස්කරණ කටයුත්තකදී අලුතින් එකතු කරපු එකක්ය කියන එක
මීට අමතරව කාල තරණය ගැන ඔබ දන්නා තව දේවල් තියෙනවනම් අපට වගේම කියවන අයටත් දැනගන්න Comment කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – itsalltherage.com
Leave a Reply