පවුලේ කිහිප දෙනාගේ නිවාඩු දිනයක් ගත කරන්න ගැලපෙන ෆැමිලි රෙස්‍ටුරන්ට් සහ රිසෝට් 5ක්

Family restaurants and resorts

පවුලේ කට්ටිය එක්ක නිවාඩු දවසක් ගත කරන්න එක එක ක්‍රම තියෙනවා. ඕන නම් තුන් හතර දෙනාටම පික්නික් එකක් යන්න පුලුවන්. ෆිල්ම් එකක් බලලා, දවල්ට කාලා, හවසට බීච් එකට ගිහිල්ලා එන විදියේ හැපනින්ග් ඩේ එකක් ගත කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් ෆැමිලි රෙස්‍ටුරන්ට් එකකට ගිහිල්ලා, හොඳට කාලා බීලා, පූල් එකේ නාලා එන්න පුලුවන්. හැබැයි එහෙම ට්‍රිප් එකක් යනවා නම් අපි රෙකමන්ඩ් කරන්නේ පවුලේ දෙතුන් දෙනාට අමතරව, තව හිතවත් පවුලක් සෙට් කරගන්න කියලා තමයි. විශේෂයෙන්ම පවුලේ පොඩි ළමයි ඉන්නවා නම්, තව පොඩි ළමයි ඉන්න පවුලක් හොඳයි. ජස්ට් මැරීඩ් කපල් එකක් නම් තව ඒ වගේ කපල් එකක් හෝ දෙකක් එකතු කරගන්න පුලුවන්. හරි, යන්නේ කවුද කියන එක තමන්ගේ වැඩක්නේ. හැබැයි යන්න තියෙන හොඳ තැන් කීපයක් ගැන කියන එක අපේ වැඩක්!

 

1. Club House – Uswetakeiyawa

Family restaurants and resorts

Source – clubhouse.lk

උස්වැටකෙයියාවට කොළඹ ඉඳලා යන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ. ඒ නිසා මේ විදියේ ෆැමිලි ඩේ අවුට් එකකට උස්වැටකෙයියාවේ ක්ලබ් හවුස් එකට ගියාට කමක් නෑ. මෙතන නේවි එකෙන් තමයි පවත්වා ගෙන යන්නේ. බොහොම නිදහස්, ලස්සන, පිරිසිදු තැනක්. එතනට සෙට් වෙන්න ආවත් එන ඈයෝ ඩීසන්ට් පිට ඉන්න නිසා පවුලේ අයට යන්න කිසිම ගැටළුවක් නෑ. පූල් එකෙන් නාගෙන, හුළං වැදි වැදී කාලා බීලා එන්නයි තියෙන්නේ. පොඩි අයට සෙල්ලම් කරන්න ගාර්ඩන් එකත් ඉඩ කඩ තියෙනවා.

දුරකථන අංක: 0112985168

තැන මෙතන:

 

2. Jute Restaurant – Heritance Ahungalla

Family restaurants and resorts

Source – oyster.com

ඉස්සර කොළඹ ඉඳලා අහුන්ගල්ල දුර වුනාට දැන් එහෙම නැහැනේ. ඒ නිසා ෆැමිලි ඩේ අවුට් එකකට අහුන්ගල්ල හෙරිටාන්ස් එකට යන්නත් පුලුවන්. ඇත්තටම මේක රෙස්ටොරන්ට් එකක් නෙවෙයි තමයි. හැබැයි මේ අය දෙනවා බොහොම ආකර්ෂණීය ඩීල් එකක්. ඒ තමයි ලන්ච් බුෆේ එකට යනවා නම් පූල් එකත්, හොටෙල් එකේ කොමන් ඒරියා එකත් පාවිච්චි කරන්න පුලුවන් වීම. ඒ වගේම දහයට විතර ගියහම හවස් වෙනකල් ඉන්නත් පුලුවන් වීම. ගිය ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකත් දෙනවා. හවසට තේ එකත් දෙනවා. පූල් එකට බැහැලා නිදහසේ ඉන්නත් පුලුවන්. ඕනෑ නම් බීච් එකත් අනෙක් පැත්තේ තියෙනවා. හැබැයි මේ හැම පහසුකමම පාවිච්චි කළත් මේ කට්ටිය අය කරන්නේ බුෆේ එකේ ගාණ විතරයි. ඒක සෑහෙන වටිනවා.

දුරකථන අංක: 0915555000

තැන මෙතන:

 

3. Kithul Kanda – The Mountain Resort

Family restaurants and resorts

Source – booking.com

කොළඹ නගරයේ ඉඳලා උපරිම පැයක දුරින් තියෙන කිතුල් කන්ද රිසෝට් එක පිහිටලා තියෙන්නේ පාදුක්ක ප්‍රදේශයේ බොහොම නිස්කලංක ගම්බද, වනගත පරිසරයක. බොහොම ලස්සන, නිස්කලංක වටපිටාවක කන්දක් උඩ වගේ තියෙන කිතුල් කන්ද රිසෝට් එකට යන ගමනත් හරියට ට්‍රිප් එකක් යනවා වගේ තමයි. මෙතනට ගිහිල්ලා පූල් එකේ නාලා, විනෝද වෙලා, රෙස්‍ටුරන්ට් එකෙන් කෑමත් කාලා, හවස තේත් බීලා එන්න පුලුවන්. ඕන නම් කුරුල්ලෝ බලන්න යන්නත්, පොඩ්ඩක් එළියේ ඇවිදින්න යන්නත් පුලුවන්. ඉඩ පහසුකම් එහෙමත් හොඳට තියෙන නිසා පොඩි අය ඉන්න පවුලක ට්‍රිප් එකකට වුනත් ගැටළුවක් නෑ.

දුරකථන අංක: 0115960300 / 0773399479

තැන මෙතන:

 

4. AVANI Bentota Resort & Spa

Family restaurants and resorts

Source – serendibleisure.com

මේකත් රෙස්‍ටුරන්ට් එකක් නෙවෙයි, සුඛෝපභෝගී රිසෝට් එකක්. හැබැයි බෙන්තොට මුහුද අයිනේ තියෙන අවානි එකත් අපි ලිස්ට් එකට දාන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙතන තියෙන සුන්දරත්වය. අනික තමයි මෙතන තියෙන බ්‍රීස් සහ ෆ්‍රැන්ජිපානි රෙස්‍ටුරන්ට් දෙකේ කෑම බීම වල තියෙන කොලිටිය. පවුලේ ඩේ අවුට් එකකට පහසුවෙන්ම මෙතනට ගිහිල්ලා, විවේක සුවයෙන් ඉඳලා, පූල් එකට බැහැලා විනෝද වෙලා, දවල්ට කාලා හවස් වෙලා එන්න පුලුවන්. රෙස්‍ටුරන්ට් එකේ මුදලට අමතරව පූල් එක පාවිච්චියට පොඩි ගාණක් ගෙවන්න වෙනවා. එච්චරයි. ඕන නම් ස්පා එක පැත්තෙත් ඇවිදලා එන්න පුලුවන්.

දුරකථන අංක: 0344947878

තැන මෙතන:

 

5. Ramadia Ranmal Holiday Resort

Family restaurants and resorts

Source – ranmalholidayresort.com

ගඟ අයිනේ බොහොම සුන්දර වටපිටාවක පිහිටලා තියෙන මොර‍ටුව රන්මල් රිසෝට් එකත් ෆැමිලි ඩේ අවුට් එකකට කියාපු තැන. විශේෂයෙන්ම ඉරිදා දවසක යනවා නම් රන්මල් එකේ බුෆේ එකක් තියෙනවා. ආපු ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් දීලා, පූල් එකේ විනෝද වෙන්නත් අවස්ථාව නොමිලේ දීලා, බුෆේ එකට අමතරව හවසට තේ එකකුත් දීලා මේ අය අය කරන්නේ එක් කෙනෙක්ගෙන් රුපියල් 1200ක් වගේ මුදලක්. වටිනවනේ. ඕන නම් ග‍ඟේ මෝටර් බෝට්‍ටුවෙන් යන්න එහෙමත් පුලුවන් පොඩි මුදලක් දීලා. විශේෂයෙන්ම ළමා ලපටි ඉන්න පවුලකට නම් විනෝද දවසක් ගත කරන්න රන්මල් එක කියාපු තැන.

දුරකථන අංක: 0382298921

තැන මෙතන:

 
Cover Image Source – shangri-la.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *