අහවලා ලැම්බට්ටෙක් කියන්නේ අක්කා කෙනෙක් ගැන ටිලින්ග් ටිලින්ග් එකක් හිතේ මෝදු වුණ මල්ලි කෙනෙක්ට. මේක දැන් අමු සාමාන්‍ය දෙයක් වෙලා. එහෙම වෙන්න කාලය වගේම ෆේස්බුක් ඇඩ්මින් අයියලත් හේතුවක්. ඇත්තටම ආදරේට අරම මේම බාධාවක් නෑ කිව්වට අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට එහෙම බාධා බිඳගෙන ආදරේ කරන මිනිස්සුන්ව පේන්නේ අමුතුම සත්ව ජාතියක් විදියට. හැරී කුමාරයත් අක්කා කෙනෙක්ව බැන්දා නම් අපිට මොකෝ බන් බැරි කියලා හිතන අහිංසක ප්‍රේමණීය කොලු පැංචෙක්ගේ හිතේ අක්කා කෙනෙක් වෙනුවෙන් මොන වගේ සංකල්පනා ගොඩ ගැහිලා ඇතිද?
1. මල්ලි බබා වීම

Source – popsugar.com
අක්කා කෙනෙක් මල්ලි බබා කියනවා තරම් සතුටක් නම් තවත් නෑ. ඒක නිකන් රටටම කියලා වෙඩිම ගත්තා තරමට ම සැනසීමයි. තමන්ට ආදරයක් හිතේ මැවිලා තියෙන අක්කා මල්ලි බබා කිව්වොත් ඒකම ඇති ඒ කොල්ලගේ සර්වාංගෙම ගල්ටික් වෙලා යන්න. අක්කලා නම් මොනවා හිතේ තියාගෙන මල්ලි බබා කියන් එනවද දන්නෑ. ගොඩක් වෙලාවට උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි. නැත්තම් අයියා කෙනෙක්ගේ විස්තරයක් ගැන අහගෙන. ඒත් ඔය මොන අදහසින් ආවත් මල්ලි බබා කිව්වා නම් ඒ ඇති.
2. මල්ලි බබාව බෞතීස්ම කිරීම

Source – theodysseyonline.com
මල්ලි බබා කියන එකේ ඊළඟ පියවර තමයි මේ. ගොඩක් අක්කලා මෙතෙන්ට යනවා. මල්ලි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙත් මේක. ඒ තමයි අක්කගේ යාළුවන්ට හඳුන්වලා දීම. විහිළුවක් නැත්නම් බයිටක් දාන ගමන් ඒ අහිංසකයාව සමාජගත කරලා ගන්න ඒක. අක්කා වගේම තවත් සුදු අක්කලා ටිකක් අඳුරගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවේ. ඒ අක්කලා මේ අක්කලා එක්ක චැට් පාරක් දාන්න, එක එක්කෙනාගේ දුක අහන්න සනසන්නත් ඉඩ ලැබෙනවා. අක්කා කෙනෙක්ට ආදරේ කරන ගමනේ මේකත් එක හීනයක්.
3. දුක්ගන්නාරාළ වීම

Source – twitter.com
අපිට තියෙන ප්‍රශ්න බෙදාගන්නේ අපි ළඟම පුද්ගලයෙක් එක්ක විතරයි. අක්කා කෙනෙක් එහෙම දෙයක් බෙදාගන්නකම් තමයි මල්ලියෙක් බලන් ඉන්නේ. ඒ වෙනුවෙන් ම දවල් රෑ නොතකා ඇහැරීගෙන ඉන්නත් සූදානම්. මෙහෙම දෙයක් වුණාම හැම නිතරම අක්කා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. මොකක්ම හරි ඕපයක් වුණත් කතා කරන්නේ අක්කා නේද කියලා හිතාන ඉන්නවා. සබ්ජෙක්ට් එක අදාළම නැහැ
4. ඉන්න වළෙන් මල්ලිව ගොඩ ගන්නා ඉටු දේවතාවා වීම

Source – bachaposh.com
නාහෙට අහන් නැති කොල්ලෝ අක්කලා ඉස්සරහා ළපටි බෝංචි කරල් වගේ අල්ලන්නත් බයයි කොහෙන් කැඩෙයිද කියලා. තමන් ආදරේ කරන අක්කා තමන් ඉන්න ෆුල් රස්තියාදු තත්ත්වයෙන් ගොඩ ගනී කියලා විශ්වාසයක් ඔය හැම මල්ලි කෙනෙක් ගාවම තියෙනවා. පාඩම් වැඩ විතරක් නෙවේ පිළිවෙලට ජීවිතේ ඉස්සරහට අරගෙන යන විදිය ගැන අක්කාට හොඳ අත්දැකීමක් තියෙනවනේ. අම්මා අප්පා කියෙන දේවත් අහන්නැති කොල්ලෝ අක්කලා ඉස්සරහ බෝ පැළ.
5. වටේ පිටේ ඉන්න කොලු කුරුට්ටන්ගේ ඉරිසියාව

Source – wikihow.com
අක්කා කෙනෙක් එක්ක ගාණට කයියක් දාගෙන එනකොට වටේ ඉන්න දාහක් දෙනා හදන කතන්දරවලින් මල්ලි කෙනෙක්ව වට්ටනවාට වඩා හොඳ දෙයක් තමයි වෙන්නේ. ඇයිද කිව්වොත් එතකොට ඒ අක්කගේ හිතටත් හොරෙන්ම සිග්නල් එකක් යනවා ගොනා හැරිලා තියෙන්නේ තමන්ගේ පැත්තටයි කියලා. ඇයි ඉතින් ගොඩක් මල්ලිලාට ශක්තියක් නෑ නෙව ඕක කියලා දාන්න. ඉතින් අනික් උන්ගේ ඉරිසියාවයි පද හැදිල්ලයි දාහෙන් සම්පතයි.
6. අක්කාගේ ගෙදර ඈයින්ට රත්තරන් පුතෙක් වීම

Source – centerforchange.com
අක්කෙක් වෙනුවෙන් සැදීපැහැදී හිටියම අක්කගේ ගෙදර අය දැනගන්නවා මේ ඇපකැපවීම ගැන. යාළුවෙක් විදියට එහෙම හොඳ නමක් දිනා ගත්තම අදාළ ඉලක්කයට යන්න හරිම ලේසියි. ඉස් ඉස්සෙල්ලාම මල්ලි කෙනෙක් නිසා සැකයක් සංකාවක් හිතන එකකුත් නෑ. ටික කාලයක් ගියාම අක්කාට නොකියා අම්මට වුණත් කියතෑකිනේ දෝණියන්දෑ ගැන ප්‍රේමයක් තියෙනෝ කියලා.
7. මගුල් කෑම

Source – people.com
අන්තිම ෆයිනල් හීනය තමයි මේ. මෙතෙන්ට යන්න මල්ලි කෙනෙක් වශයෙන් කන්න තියෙන කටු ප්‍රමාණය එදාට වඩා අද අඩුයි. අක්කව සේප් කරගන්න එකද ප්‍රශ්නේ සමාජේ සේප් කරගන්න එකද කියන ප්‍රශ්නේ මැද ඉන්න කොල්ලෙක්ට තියෙන්න ඕනි එකම බාධකේ අක්කගේ හිත දිනාගැනීම විතරයි. මල්ලා කියනකන් කෙළ හලාගෙන බලන් ඉඳලා මගුල් කන්න ලැබෙනවා නම් ඉතින් ඒ තරම් හීනයක් මල්ලි කෙනෙකුට තවත් තියේ ද?
Cover Image Source – people.com
Leave a Reply