2040දි ලංකාවෙ ටෙලිනාට්‍ය මොනවගේ වෙයිද?

2040 SL Teledramas

මේ අවුරුද්ද ටෙලි නාට්‍ය අතින් ලොකු කතාබහක් ඇති වෙච්ච වසරක්. ඇතැම් ටෙලි නාට්‍ය වලට විශාල ප්‍රබෝධයක් ඇති කරවන්න, ටෙලිවිෂන් නොබලපු පිරිස ටෙලිවිෂනයට අද්දවන්න පුළුවන් වුනා වගේම ඇතැම් ටෙලි නාට්‍ය විශාල උපහාසයකට ලක් වීමත් සිද්ධ වුනා. කොහොමින් කොහොම වුනත් අද අපේ කතාව 2040 අවුරුද්දෙදි ලංකාවෙ ටෙලිනාට්‍ය මොනවගේ වෙයිද කියන එක. අපි මීට කලින් 2040 එන සිංහල චිත්‍රපටි ගැනත් කිවුවනෙ ඔයාලට. එක පාරටම නියමෙට එළිය දෙන ඉරවල් පෑයුවට ඒක නිතර සිද්ධ නොවෙන නිසා ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂක අපි අසරණයි.

 

1. හෝත්නා

2040 SL Teledramas

Source – lifie graphics/bbc.com

මිත්‍යාව රජ කරවන්න පුළුවන් කාලෙ එක දිගටම නයි කතා බලලා, දැන් මුවෝ හෝතම්බුවො වෙනකංම ඉන්දියන් කතා දිග්ගැස්සිලා ඇවිල්ලා. හෝත්නා කියන්නෙ හෝතඹු රජ්ජුරුවොන්ගෙ කතාව. හෝතම්බුවො මිනිස් ලෝකෙ ආක්‍රමණය කරන්න හදන්නෙ හොඳ හේතුවක් ඇතුව. ඒ තමයි මෙලෝ රහක් නැති උන්ට මිනිස්සු විසින් හෝතඹුවා කියන නම පාවිච්චි කරන එකට විරුද්ධ වෙන්න. ඒකට විරුද්ධව සටන් කරලා පාර්ලිමේන්තුවට හෝතඹුවෙක් යවන කතාව තමයි මේ.

 

2. වෙනදා පුරුදු නැතුවට දැන් හිත හැදුනා රත්තරනේ

2040 SL Teledramas

Source – lifie graphics/thebollywoodco.com

දැන් අලුත්ම නාට්‍ය රැල්ලක් හැදිලා ඉවරයි. ඒ තමයි අමුතුම නමක් දාන එක. තේමා ගීතෙට නළු නිළියො සෙට් එක නටාගෙන එන්නෙ. මෙන්න දශක දෙකක් ඇතුළෙ සිද්ධ වෙන්න පුළුවන් නියම වෙනස්කම්. ඇයි යකෝ මීනා, ටීනා, ලතා, ප්‍රේමා වගේ නම් අටෝරාසියක් දාලා දැන් දාන්න නම් නෑ. 2030 ගණං වල විතර සුලේඛා ජයවර්ධන, ඉඳුමිනි විජේරත්න වගේ ෆුල් නේම් දාලා ටෙලි ගැහුව නිසා දැන් ඒවත් බෑ. දැන් මේක තමයි ට්‍රෙන්ඩ් එක.

 

3. පුංචි පවුල

2040 SL Teledramas

Source – lifie graphics/tarahphotography.com

පට්ට විශාල පවුල් දාගෙන අවුරුදු ගණං ඇදෙන කතා අතරට නව වෙනසක් ගේන්න පුංචි පවුලට පුළුවන් වෙලා. හැමදාම වගේ එක ගෙදර පවුල් ගොඩක් නෑ. අම්මයි තාත්තයි දුවයි. බජට් එකත් අඩුයි. පිටස්තර සබඳතා, ප්‍රශ්න ඇතිවීම් සියල්ල ටෙලිෆෝන් එකෙන් සහ ඉන්ටනෙට් එකෙන්. කොහොමත් මේ ඩිජිටල් ලෝකය විසින් සබඳතා කුඩු කරලා දාන නිසා මේක යතාර්ථවාදී නාට්‍යයක් විදියටත් පෙන්වන්න පුළුවන්. කොහොම වුනත් එදිනෙදා ජීවිතේ පුංචි පවුලකට එන්න පුළුවන් ලොකුම අවුල මොකද්ද? පවුල ලොකු වෙන්නට යෑම. අන්න ඒකෙන් මිදෙන්න පිටස්තර සම්බන්ධතා අවම කරගෙන ඉන්න කතාව තමයි මේ.

 

4. පුංචි බඩා

2040 SL Teledramas

Source – lifie graphics/huffingtonpost.com

දැන් මිත්‍යාවටයි ඉතිහාසෙටයි වඩා නැගලම යන්නෙ ළමයෙක් සුපර් කරන ටෙලිනාට්‍ය තමයි. ලංකාවෙත් ඔහොම ඒවා හැදුනනෙ. අන්න ඒක නිසා තමයි පුංචි බඩා කතාව හදන්නෙ. කතාවෙ තියෙන්නෙ හද්දා පරණ යක්සයෙකුගෙ කතාවක් වුනාට මේක පරණයි කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මොකද මේකෙ ඉතිහාසෙට වඩා හුරතලේ කියන ෆැක්ටර් එක තමයි ඉස්මතු කරලා අරගෙන තියෙන්නෙ. පුංචි බඩා කතා කරන හුරතලේ දැක්කම ලොකු පොඩි කාටත් ඩෝං ඩෝං ගාලා ළමයි හදන්න හිතෙනවා. එනිසා මේක ආණ්ඩුවෙන් ස්පොන්සර් කරලා, වඳවී යන ශ්‍රී ලාංකික ප්‍රජාව ගොඩගන්නත් යොදාගන්න ඉඩ තියෙනවා.

 

5. තුන්වෙනි ඉනිම

2040 SL Teledramas

Source – lifie graphics

ඔයාලා හිතුවද 2040 වෙද්දි ඉනිං 70ක් විතර ගිහින් තියෙයි කියල? නෑ මෙයා. පරණ ඉනිම ඉවර වුනේ 2035දි. දැන් මේ අලුත් එක. මේකට ජාත්‍යන්තර වාර්තාවක් තියන්නත් හැකි වුනා. ඒ තමයි ලෝක ‌ඉතිහාසයේ ටෙලිනාට්‍යයක වැඩිම නළු නිළි පිරිසක් මරවපු නාට්‍ය. තුන්වෙනි ඉනිම. ඉන්න ඔක්කොම උන් අයින් වෙන නිසා ස්ක්‍රිප්ට් රයිටර් මහත්තයා උන්ව මරවලා දැන් ගේම් ඔෆ් ත්‍රෝන්ස්වලට වඩා ප්‍රධාන චරිත මැරිලා ගිහින්. එක පාරක් සහය නළුවො සෙට් ‌එකක් අස් වෙන්න තීරණය කරපු නිසා ඉස්කෝලෙටම බෝම්බයක් ගහන්න වුනා ප්‍රධාන නළුවො ටික නැති වෙලාවක. ඔන්න ඔහොම ඇදෙන නාට්‍ය තාම කැම්පස් එක වෙනකංවත් ගිහිල්ල නෑ. තාම ඉස්කෝලෙ. නාට්‍ය යන්නෙ මිනිත්තු 17යි නිසා, සැබෑ ජීවිතේ ගෙවෙන්නෙත් මිනිත්තු 17යි. ඉතිං පැය 24 එවුව සෙට් වෙලා එද්දි බඩු හරි. මේ කොල්ලො කැම්පස් යන සීන් ෂූට් කරන්න තියෙන්නෙ 2052දි. එතකං ඉවසල ඉමු.

 
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *