ඉඳුල් කට ගාන්න ගත්ත දවසෙ ඉඳන්ම අල කියන්නෙ අපේ ආහාර වේලට කිට්ටු හිතවන්තයෙක්. පොඩි කාලෙ තම්බල පොඩි කරල කාපු අල ලොකු වෙනකොට උයල, තෙල් දාල වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පොටෑටෝ චිප්ස් වගේ විදි වලටත් අපි කනව. හැබැයි අල කන්න පුළුවන් මේ විදියට විතරද? නෑ… අල කියන්නෙ කෑම වර්ග බොහොමයක් හදාගන්න පුළුවන් අපූරු එළවළුවක්. බලමු අල වලින් වෙනස් විදියට හදාගන්න පුළුවන් රස කෑම ටිකක් හදන විදිය.
1. හෑශ් බ්‍රවුන්ස්

Source – copymethat.com
හවසකට වගේම උදේ කෑම වේලටත් ගන්න පුළුවන්. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් නිසා පොඩි අයට ඉස්කෝලෙ ගෙනියන්නත් කියාපු කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 2
- බිත්තර 2
- පාන් පිටි මේස හැඳි 2
- ලුණු රස අනුව
- ගම්මිරිස් අවශ්‍ය නම්
- අල ගෙඩිය පොතු හැර සිහින්ව ග්‍රේටරයකින් ග්‍රේට් කරගන්න. අයිස් වතුරට දමා, අයිස් වතුරෙන් එක වරක් සෝදා, හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න.
- බිත්තර දෙකට ලුණු, ගම්මිරිස් සහ පිටි එකතු කර හොඳින් බීට් කරගන්න. බිත්තර මිශ්‍රණයට අල එක් කර මිශ්‍ර කරගන්න.
- නන්ස්ටික් පෑන් එකකට බටර් ස්වල්පයක් තවරා රත් වෙන්නට හරින්න. හැන්දකින් සාදාගත් මිශ්‍රණය පෑන් එකේ තැන තැන තබා, හැන්දෙන් තද කර, පැතලි කරගන්න. දෙපැත්තම රන් වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
2. පොටැටෝ සැලඩ්

Source – hellmanns.com
පාන් කන්න, නිකන් කන්න, බිරියානි වගේ බතක් එක්ක උනත් මේ සැලඩ් එක ගැලපෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කොටු කපාගත් අල ගෙඩි 3
- මයෝනේස් මේස හැඳි 3
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
- විනාකිරි තේ හැඳි 1/2
- සීනි තේ හැඳි 1/4
- ලුණු රස අනුව (අවශ්‍ය නම්)
- ගම්මිරිස් (අවශ්‍ය නම්)
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්
- චොප් කරගත් පාස්ලි මේස හැන්දක්
- අල සහ කොළ වර්ග දෙක හැර අනෙක් සියල්ල එකට එක් කර හොඳින් බීට් කරගන්න. එයට අල සහ කොළ ටික එක් කරගෙන මිශ්‍ර කර, හොඳින් වසා විනාඩි තිහක් පමණ ශීත කර පිළිගන්වන්න.
3. චිකන් ස්ටෆ්ඩ් පොටෑටෝ

Source – sports-glutton.com
පාස්ටා වගේ දෙයක් එක්ක සයිඩ් එකක් විදියටත්, වැඩිය නොකන කෙනෙක්ට රෑ කෑමටත් ගැලපෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 3ක්
- ෆ්‍රශ් මිල්ක් කප් 1/4
- පාමසන් චීස් කප් 1/4
- ලුණු
- ගම්මිරිස්
- තම්බා පොඩි කරගත් චිකන් කප් 1
- චොප් කරගත් ළූණු
- මොසරැල්ල චීස්
- චොප් කරගත් පාස්ලි ටිකක්
- අල ගෙඩි බෙරි නොවෙන ගාණට තම්බා දෙපැත්තෙන් කුඩා පෙති දෙකක් ඉවත් කර හරස් අතට දෙකට කපාගන්න. (සිටුවා තබන්න පුළුවන් විදියට.)
- සෑම අල භාගයකම මැද හාරා ඉවත් කර වලක් සාදාගන්න. ඉවත් කරගත් අල කොටස් ටිකට කිරි, පාමසන් චීස්, ළූණු, ලුණු සහ ගම්මිරිස් එක් කර පොඩි කරගන්න. එයට චිකන් සහ පාස්ලි ටිකත් එක් කර මිශ්‍ර කරගන්න.
- සාදාගත් මිශ්‍රණය අල කප් වලට පුරවා, උඩින් මොසරැල්ලා චීස් ඉස, සෙල්සියස් 180ට විනාඩි 15ක් බේක් කරගන්න.
4. මෑශ්ඩ් පොටැටෝ කප්ස්

Source – akronohiomoms.com
හවසට කන්න වගේම ප්‍රධාන වේලකට සයිඩ් එකක් විදියටත් ගැලපෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් අල කප් 2
- ගසාගත් බිත්තර 3
- ගාගත් චෙඩාර් චීස් හෝ මොසරැල්ල චීස් කප් 1
- බැද කපාගත් බේකන් කෑලි කප් 1/2 (අවශ්‍ය නම්)
- පොඩියට කපාගත් ළූණු කොළ කප් 1/2
- සියල්ලම එකට මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ටිකක් ලුණු ටිකක් එකතු කරගන්න.
- මෆින් ට්‍රේ එකකට බටර් තවරා සාදාගත් අල මිශ්‍රණය පුරවා ගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.
5. මෑශ්ඩ් පොටැටෝ පෑන් කේක්ස්

Source – justataste.com
උදේ වේලකට කියාපු කෑමක්… පොඩ්ඩොන්ට ඉස්කෝලෙ ගෙනියන්නත් කියාපු අපූරු කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් අල කප් 2
- බිත්තර 1
- පාන් පිටි මේස හැඳි 5
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
- බටර් මේස හැන්දක්
- ලුණු රස අනුව
- බැදගන්න බටර්
- බැදගැනීමට අවශ්‍ය බටර් හැර අනෙක් සියල්ල එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය අතට ගෙන පැතලි කල හැකි පදමට තිබිය යුතුයි. දියාරු වැඩි නම් පිටි එක් කරගන්න.
- බටර් රත් වෙන්නට නන්ස්ටික් පෑන් එකකට දමා මිශ්‍රණයෙන් කුඩා කොටස් අතින් පැතලි කර පෑන් එකට දමා රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවා බැදගන්න.
Cover Image Source – therecipecritic.com
Leave a Reply