තනිකඩයන්ට කසාද බැඳීම එපා කරවන ප්‍රධානම කාරණා 7ක්

Why bachelors escape marrying

කසාදෙ කියන්නෙ‌ ලේසි දෙයක් නෙමෙයි. තමුන් එක්ක සමානව අයිතිවාසිකම් බෙදාගන්නා තවත් කෙනෙක් එක්ක ජීවිතයක් ගෙවන්න සෙට් වෙන එක, ආදි කාලෙ වගේ කැමති කෙල්ලගෙ ඔලුවට පොල්ලෙන් ගහල ගෙදර ගෙනැල්ල තියාගෙන ඉන්නව වගේ සීන් එකක් නෙමෙයි. මේ කතාව තනිකඩයො මහා වගකීමක් විදියට නොගත්තත් කසාද බැඳලා සතියක් දිවි ගෙවපු පිරිමි ටික මේ කතාවෙ හරය හොඳට අඳුනනවා. එනිසා කසාදයක් බඳින්න කලින් හොඳට හිතන්න සිද්ධ වෙන විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. කොහොම වුනත් කසාදයක් බැඳපු යාළුවොන්ගෙ ජීවිතවලින් අහන්න ලැබෙන විදියට සහ ඒ අයගෙ ජීවිතවලින් දකින්න ලැබෙන විදියට තනිකඩයො තමුන් කසාද නොබැඳ ඉන්න හොඳ හේතු ටිකක් හොයා ගන්නවා.

 

1. දෙයියන්ගෙ මල්ලි

Why bachelors escape marrying

Source – samblr.com

කොල්ලො හොඳට සල්ලි හම්බුකරන්න පටන් අරන් ටිකක් කල් යද්දි ඔන්න ඔලුවට කසාද බඳින්න ඕන කියන අදහස වටපිටාවෙ කෙළවුණු උන්දැල දාන්න පටන් ගන්නව. ඉතිං කොල්ලත් ඔලුව කසලා මේක ගැන තීරණයක් ගන්න හදද්දි මුලින්ම පරහට පේන්නෙ සල්ලි. හැමදාම සති අන්තෙ ‘අද මොකුත් කරන්නැද්ද?’ කියල අහපු කොල්ලො, බැඳලා මාසෙන් මාසයක් කන්නම ගිය වියදම ගැන කියල දුක් වෙනවා. වෙඩින් දෙකක් එක මාසෙක ආවම සාරි දෙකක් අරන් දීලා, සැලෝන් ගිහින්, වෙඩින් එකේ ගිෆ්ට් එකට ඩබල් වියදං කරාම මාසෙ විසිවෙනිදා ඉඳන් ඉතියෝපියාවෙ කුරුල්ලෙක් තරං අන්ත අසරණ වෙලා ඉන්නෙ. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

2. පැයේ කතා

Why bachelors escape marrying

Source – appspy.net

අනිත් එක බැඳපු යාළුවො කොයි වෙලෙත් ඉන්නෙ ෆෝන් එකේ. මුලින්ම ඉතිං හිතන්නෙ මුං මේ අස්සෙ අනියන් සම්බන්ධයක් පටන් අරන් කියල. පස්සෙ තමයි තේරෙන්නෙ මොන අනියන්ද? මේ අර කසාද ගෑණිම තමයි කියල. ඇයි ඉතිං පටන් ගත්තු වෙලේ ඉඳන්ම අවසානයක් වෙනකං තත්පර පහෙන් පහට හ්ම් හ්ම් හ්ම් කිය කිය තමයි ඉන්නෙ. අන්තිමට ඉතිං ඔච්චර වෙලා කියල තියෙන්නෙත් එහා ගෙදර ආන්ටිගෙ රට ඉන්න ලොකු පුතාගෙ වයිෆ්ට දරුවෙක් හම්‌බෙද්දි සීසර් කරන්න කිවුවොත් එයා බය වෙයි කියල ඒ ලොකු දුව ආන්ටිට විස්තර කරපු හැටිලු. අන්න ඒ වගේ තුන් ලෝකෙටම ප්‍රයෝජනවත් දේවල් පිස්සුවෙන් වගේ අහන් ඉන්නත් වෙනවනෙ. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

3. වහල්

Why bachelors escape marrying

Source – rowanandmina.wordpress.com

ඉස්සර නිදහස් කුරුල්ලො වගේ හිටියට දැන් දැන් කසාද බැඳපු යාළුවොන්ට එහෙම බැරි විත්තිය ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ. ගෙදරට ටීවී දෙකක් ගන්නකං ක්‍රිකට් මැච්ද ෂාරුක්ද කියන ගේම් එකෙන් හැමදාම ෂාරුක් දිනලා, නිදි මරගාතෙ හරි ෂාරුක්ගෙ ෆිල්ම් බලන්න මිනිහට සිද්ධ වෙනව. ටීවී එකක් ගත්තත් ඔය මැච් එකේ සද්දෙ වැඩියි කියල සවුන්ඩ් ඕෆ් කරන්න වෙනව. සවුන්ඩ් ඕෆ් කරත් ඔයාට මට වඩා මැච් එකද ලොකු? මෙන්න මෙතන්ට ඇවිත් ෆිල්ම් එක බලන්න කිවුවම ඒක කරන්න වෙනවා. අද උයන්න අමාරුයි පාන් ගෙනෙං කිවුවම ගෙනල්ල ජෑම් ගාගෙන කනව මදිවට එයාට කවන්නත් වෙනවා. ඕවා ලොකු දේවල් නොවුනත් ඔය වගේ පුංචි දේවල්වල ඉඳන්ම වහලෙක් වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

4. තනි තීරණ

Why bachelors escape marrying

Source – www.youtube.com

ඉස්සරනං බඩගිනි වුනාම කොත්තුවක් කෑවා. නිදිමත නං නිදියගත්තා. කම්මැලිනං කොල්ලො එක්ක ට්‍රිප් එකක් දාගෙන ගියා. ඒත් දැන් දැන් කසාද බැඳපු යාළුවො එහෙම නෑ කියල උන්ගෙ ජීවිතවලින් තේරෙන්න පටන් අරගෙන. බඩගිනිනං මුලින්ම ගෑණිගෙන් අහනව බඩගිනියි මොනවහරි කමුද කියල. ඔන්න එතකොටම ගෑණි කඩාගෙන පනිනව මේ හදිස්සියෙ මට උයන්නද කියන්නෙ? කියල. පස්සෙ නෑ මං කඩෙන් ගේන්නං, ඔයාටත් ඕනද? ඇහුවම මොනවහරි ‌ගේන්න කියල කියනව. ඉතිං මොනවහරි කියන්නෙ මොනවද කියල ඇහුවම පොඩි දෙයක් ගේන්න කියනව. සාමාන්‍යයෙන් පොඩි දෙයක් කිවුවම පේස්ට්‍රියක් රෝල් එකක් ගෙනාවොත්, ඔයා හොඳට කොත්තු කනව මට මේකද ගෙනාවෙ අහනව. නිදිමතයි කිවුවොත් දැම්ම නිදියනවද? මොකද ඔෆිස් එකේ ඔච්චර මහන්සි වෙන්නෙ? ඔච්චර මහන්සි වෙන්න බැරිනං වෙනිං රස්සාවක් හොයාගන්න වගේ රස්සාවල් පාරෙ වැටිලා තියෙනව වගේ ටෝක්ස් ඉෂූ කරනව. අන්තිමට මං මේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ කියල සෝ සුසුම් හෙළුවම මිනිහ බල්ලා වගේ සෝෆා එක උඩ දපාගෙන ෆිල්ම් බලනව. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

5. තවත් පවුලක්

Why bachelors escape marrying

Source – kreyolicious.com

කසාද බැන්දම තමුන්ගෙ කසාද ගෑණිව හඳුන්වන තවත් නමක් තමයි ‘පවුලක්’ කියන්නෙ. ඒක හොඳට හිතලා දාපු නමක්. මොකද ගෑණියෙක් කියල පෝරුව උඩ නග්ගලා බන්දන්නෙ එක්කෙනෙක් උනාට පවුලක්ම කසාද බඳින්න වෙන සීන් එකක් තමයි තියෙන්නෙ. අම්ම කියපු දවසට තමයි දරුවො හදන්නෙ. තාත්තා කියන විදියට තමයි ජීවත් වෙන්නෙ. අයිය හොඳයි කියල හිතන විදියට තමයි ඉදිරි ජීවිතේ ප්ලෑන් කරන්නෙ. ඒ අස්සෙ පුතා දැන් බොන එක නැවැත්තුවොත් හොඳයි නේද? කියල නැන්දම්ම කිවුව දවසෙ ඉඳන් ගෑණි පරළ‌ වෙන්න ගන්නව. පුතා දැන් ඔය කොණ්ඩෙ රැවුල කපලා පිළිවෙලකට හිටියොත් හොඳයි නේද? කියල මාමණ්ඩි කියපු දවසෙ ඉඳන් ආයෙත් පරළ‌ වෙන්න ගන්නව. මල්ලි දැන් ඔච්චර රෑ වැඩ කරන්න වෙන රස්සාවක් නැතුව අට පහ රස්සාවක් කරොත් හොඳයි නේද? කියල මස්සිනා අහපු ගමන් ආයෙත් පරළ වෙනවා. ඉතිං පවුලක් එක්කම ඉන්න එපැයි. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

6. අවසර

Why bachelors escape marrying

Source – wikihow.com

කොල්ලො උන්ගෙ ජීවිතේ ෆුල් නිදහසේ කරන දෙයක් තමයි බොන්න යන එක. සාමාන්‍යයෙන් බොන්න යන්න කලින් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක සල්ලි තියෙනවද? දෙවැනි එක වගකීම් තියෙනවද? ඒ කිවුවෙ මේ ගෙදරට බඩු ගේන්න, ඔෆිස් එකේ අතපහු වුනු වැඩ වගේ දේවල්. තුන්වැනි එක හදිස්සි අවස්ථා ඇතිවෙන්න පුළුවන්ද? ලෙඩ ඇඳේ ඉන්න දෙමවුපියො/ වෙලාවක් කලාවක් නැති රස්සාවක් නිසා හදිස්සි වැඩ ඇතිවෙන්න පුළුවන්. හතර වෙනි එක හෙට. හදිස්සියෙවත් හෙට නැගිටගන්න බැරි වුනොත් හෙට වැඩත් කරලා තියෙන එක වටිනවා. පස්වෙනි එක පෝස්ට් ප්ලෑනිං. බීලා ඉවරවෙලා ගෙදර යන්නෙ කොහොමද? ඔන්න ඔය කාරණා තමයි ඉස්සර හිතුවෙ. ඒත් දැන් එහෙම නෑ. කොල්ලො බොමුද අහපු ගමන් මූණ බර‌කරගෙන කල්පනා කරන්නෙ ගෑණිගෙන් අවසර ගන්න විදියක්. පැයක් විතර ඒකට වැඳලා තමයි එන්නෙ. එහෙම ආවත්, බොන්න පටන් ගන්න පැය බාගෙකට කලින් නොතේරෙන ගාණට වලියක් දාගන්නව ගෑණි. මූඩ් විනාසයි. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 

7. උන්ට ඕන වෙලේට

Why bachelors escape marrying

Source – bbc.com

සාමාන්‍යයෙන් කසාදය ගැන පොදු නිර්වචනයෙ තියෙන්නෙ බනිසක් කන්න පෙරේත කමේ බේකරියක් සල්ලි දීලා ගත්තා වගේය කියන එක. හැබැයි පුතෝ ඒ කතාව වැරදියි. මොකද ඒ කතාවෙ එතනින් එහාට සිද්ධ වෙන දේ නෑ, අපි බේකරියම ගත්තත් බනිස් කන්න පුළුවන් බේකරිය වැඩ දවසට විතරයි. බේකරිය එහෙම හිතූ මනාපෙට වැඩ නෑ. අද ඔලුව රිදෙනවා. අද හිතට හරි නෑ. අද පීරියඩ්ස්. හෙට උදේම ඇහැරෙන්න ඕන. ඊයෙත් කරා නේද? ඔයාට අසනීපයක්ද? මම මැරෙයි වගේ ප්‍රකාශ එල්ල වෙන නිසා එහෙම අපිට ඕන වෙලේට බනිස් කන්න බෑ පිංවතුනි. ඒක කරන්න වෙන්නෙ බේකරිය කැමති වෙලේටම තමයි. ඉතිං මොකටද මහත්තයො කසාද බඳින්නෙ?

 
Cover Image Source – stoketravel.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *