පරස්තාවක් හොයාගන්නවා වගේම අමාරු කාරියක් තමයි හනිමූන් එකට හොටෙල් එකක් හොයාගන්න එක. සාමාන්‍යයෙන් ලංකාවේ කපල් වල පොඩි අදහසක් තියෙනවා හනිමූන් යන්න නං නුවර එළිය තමයි තැන කියලා. ඒකට ඉතින් දේශගුණයත් එක හේතුවක්නේ. හැබැයි අපි කියන්නේ නුවර එළිය විතරක් නෙවෙයි හනිමූන් යන්න ලස්සන පළාත් කියලා තියෙන්නේ කියන එකයි. බලන්න මේ වැඩිපුර නොදන්න හෝටල් කීපයෙන් එකක් හනිමූන් එකට ගැලපෙන එකක් නැතිද කියලා.
1. කොග්ගල වෙරළ තීරයක් අසබඩ – The Long Beach Resort – Koggala

Source – thelongbeachresort.com
කොග්ගල වෙරළ තීරය ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකක්. ඒ වෙරළ අසබඩ තියෙන සුඛෝපභෝගී හෝටලයක් තමයි The Long Beach Resort කියන්නේ. උදෑසනින්ම දෙන්නත් එක්ක අත් අල්ලගෙන වෙරළේ ඇවිදින්න යන්න වගේම, හවසට වෙරළ පැත්තේ බංකුවක දිගා වෙලා රිලැක්ස් එකේ ඉන්නත් මෙතන නියමයි. The Long Beach Resort හෝටලයේ පහසුකම්, ස්පා එක සහ කෑම බීමත් නියමයි. ඕනෑ නම් සාම්ප්‍රදායික දර පෝරණුවේ හදන පීසා කන්න පුලුවන් පීසා හට් එකකුත් මේ හෝටලයේ තියෙනවා.
දුරකථන අංක: 0912283332
තැන:
2. තේ රාජධානියක මතක සටහන් මැද – Ceylon Tea Trails – Bogawantalawa

resplendentceylon.com
මේ තියෙන්නේ ලෝකේ පළමුවෙනි තේ වතු බංගලා හෝටලය කියලා කිවුවොත් විශ්වාස කරනවද? ඇත්තටම ඒක එහෙමයි කියලා තමයි මේ අය කියන්නේ. සුන්දර බොගවන්තලාව තේ වතු මැද්දේ විලක් අයිනේ පැරණි තේ වතු බංගලා රිසෝට් පහකින් එකක් ඔබට තෝරාගන්න පුලුවන්. මේ තැන්වල රොමෑන්ටික් ගතියත්, පැරණි තේ වතු බංගලාවක තියෙන ආකර්ෂණයත් එක සේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මධුසමය ගත කරන්න යන කපල් එකකට හොඳින්ම ගැලපෙන සුවදායී සුන්දර පරිසරයත්, නිස්කලංක බවත් මෙතන හොඳින්ම තියෙනවා.
දුරකථන අංක: 0117745700
තැන:
3. නිසංසල හුදෙකලා නවාතැන – Kithul Kanda: the Mountain Resort – Padukka
කොළඹින් ඒ තරම් දුරක් නැති, හැම තැනම කොළ පාට පේන්න තියෙන බොහොම නිස්කලංක කඳුකරයක පිහිටලා තියෙන මේ රිසෝට් එක හනිමූන් කපල් එකකට ස්වභාව සෞන්දර්යයත් එක්ක නිස්කලංක නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්. හැබැයි මේ කඳු මුදුනේ ඉඳලා කොළඹ ආකාස රේඛාව දැකබලා ගන්නත් පුලුවන්. දෙන්නත් එක්ක පහත තියෙන ගම්මාන පරිසරයේ ඇවිදින්න, නැතිනම් කිතුල් කන්ද කැළයේ කුරුල්ලෝ බලමින් ඇවිදින්න වගේම හවස් අතේ රා කට්ටක් රස බලන්නත් ඉඩ කඩ තියෙනවා.
දුරකථන අංක: 0115960300 / 0773399479
තැන:
4. කොළඹ රොමාන්තික බව අත්විඳින්නට – Tintagel Colombo – Colombo 07

Source – paradiseroadhotels.com
කොළඹ නගරය කියන්නේ කෙනෙක් මධුසමය ගත කරන්න තෝරාගන්න තැනක් නෙවෙයි. අපි කොළඹ දකින්නේ කලබලයෙන් පිරුණු අග නගරය විදියටනේ. හැබැයි කොළඹ හුදෙකලා අහුමුළු වල සැඟවුණු බොහොම නිස්කලංක සහ රොමාන්තික තැන් තියෙනවා. ඒ වගේ හොටෙල් එකක් තමයි Paradise Road Tintagel Colombo කියන්නේ. කොළඹ මධ්‍යයේ රොස්මීඩ් පෙදෙසේ උද්‍යානයක තියෙන පැරණි පන්නයේ තැනක් වුනත් මෙතන බොහොම සුඛෝපභෝගීයි. ඒ වගේම අපේ අතීත කාමය අවුළුවන තැනක්. ඇත්තටම මධුසමය ගත කරන්න යන යුවළකට ජනාකීර්ණ කොළඹ අගනුවර තියෙන අමුතුම සුන්දරත්වය අත්විඳින්න මේක හොඳ අවස්ථාවක්!
දුරකථන අංක: 0114602060 / 00114602122
තැන:
5. මිහිදුම් ගලනා කඳුවැටියක අද්දර – Warwick Gardens – Nuwara Eliya

Source – jetwinghotels.com
පහත නිම්නය දිහාවට මුහුණ ලා නුවර එළියේ සුන්දර කඳුවැටියක අද්දර පිහිටලා තියෙන මේ කුඩා ප්‍රමාණයේ තේ වතු බංගලාවට යන හනිමූන් කපල් එකකට කාලය එක තැනක නැවතිලා කියලා දැනුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන විශේෂත්වය තමයි ඇත්තටම මෙතනට ගියහම මුළු ලෝකෙන්ම තමන් හැංගිලා තමන්ගේ ලෝකයක කියලා දැනෙන හැඟීම. උදේට නැගිටලා දෙන්නත් එක්ක පැරණි ඉංග්‍රීසි පන්නෙට හදපු බංගලාවේ ජනෙල් වලින් මීදුමෙන් වැහුණු එපිට නිම්නය සහ ඉන් එහාට විහිදුණු දර්ශනය නරඹන ගමන් උණු තේ කෝප්පයක් බොන කොට දැනෙන ඒ හැඟීමට ආස නොකරන්නේ කවුද?
දුරකථන අංක: 0114709400
තැන:
6. තෙරක් නොපෙනෙන මුහුදු තලයට මුහුණ ලා – Amanwella Resort – Tangalle

Source – aman.com
තංගල්ලේ අමන්වැල්ල බොහොම දෙනෙක්ගේ ඇහැ නොගැටෙන තවමත් සුන්දර , නිස්කලංක වෙරළ තීරයක්. මේ වෙරළ තීරයට මුහුණ ලා කඳුවැටියක නිර්මාණය කරලා තියෙන අමන්වැල්ල රිසෝට් එක සුඛෝපභෝගී සියලුම සුවපහසුකම් වලින් අනූන තැනක්. විශේෂයෙන්ම මධුසමය ගත කරන්න යන යුවළකට ගැලපෙන නිස්කලංක කම මේ රිසෝට් එක ඇතුළතත් හොඳින්ම තියෙනවා. ඒක රිසෝට් එකේ ලොබි එකේ ඉඳන් හැම තැනකම දැනෙන්න තියෙන දෙයක්. ඕන නම් දෙන්නට අනාගතේ වෙනුවෙන් කුකරි ක්ලාස් එකකට එහෙම සහභාගි වෙන්නත් මෙතැන ඉඩ තියෙනවා.
දුරකථන අංක: 0472241333
තැන:
7. සුන්දර දේශගුණයක සොඳුරු නවාතැන – 98 Acres Resort – Ella

Source – resort98acres.com
සුන්දර ඇල්ල ප්‍රදේශයේ උත්තුංග කඳු ශිඛරයන්ගෙන් වටවුණු සුන්දර තැනක, තේ වත්තක් එක්ක තියෙන මේ 98 Acres රිසෝට් එක තවදුරටත් සැඟවුණු තැනක් නෙවෙයි. ඒකට හේතුව ලෝකේ හොඳම හෝටලයක් විදියට වසර කීපයකට කලින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම. 98 Acres සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගන්න එක මිල අධිකයි. ඒත් මධුසමය ගත කරන්න ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම තැනක් විදියට මේ තැන හඳුන්වන්න පුලුවන්.
දුරකථන අංක: 0572050050/ 0572050051
තැන:
Cover Image Source – resort98acres.com
Leave a Reply