ඔබේ බොසාටත් මේ ගතිගුණ 7 තිබේදැයි බලන්න

What to expect from a good boss

රස්සාව නරක වුනත් කමක් නෑ, හොඳ බොසෙක් යටතේ ඒ රස්සාව කරන්න පුළුවන්නං එතන ගුණාත්මක වෘත්තිකයෙක් ගොඩනැගෙන බව හැම තැනම කියවෙන කතාවක්. ඇයි ඒ විදියට කියන්නෙ? නායකයෙක්, ලොක්කෙක් එහෙමත් නැත්තං බොසෙක් කියන කෙනා කොච්චර වැදගත්ද? හරිහමන් රස්සාව හොයාගත්තත් එතන ප්‍රධානියා වෙන්නෙ හරිහමන් බොසෙක් නෙමෙයිනං ඔබේ වෘත්තිය ජීවිතේ යන්නෙ අගාධෙට. එතකොට හරිහමං බොසෙක් කියල අපි අර්ථ දක්වන්නෙ කාවද? ඒ ගැනයි මේ කියන්න යන්නෙ. මේ ඔබ බොසෙක්ගෙන් බලාපොරොත්තු විය යුතු ගුණාංග.

 

1. තීරණ අහන බොසෙක්

What to expect from a good boss

Source – thoughtco.com

කණ්ඩායමේ තීරණවලට ගරුකරන, ඒ තීරණ අතරින් වැදගත් තීරණ සම්මත කරලා කරන්න ඉඩ දෙන, අනිකාගේ අදහසක් ආපු ගමන් කපලා නොදමන බොසෙක් කියන්නෙ රටක් වටින බොසෙක්. එහෙම බොසෙක් ගාවදි හිත සතුටෙන් වැඩ කරන්න පුළුවන්. හිතට එකඟ දේ කරන්න පුළුවන්. එහෙම බොසෙක් ලේසියෙන් බිහිවෙන්නෙ නෑ. එහෙම බොසෙක් බිහිවෙන්න ඉඩ තියෙන්නෙ ඒ විදිහෙම බොසෙක් යටතෙම තමයි. එනිසා කණ්ඩායමත් එක්ක සාකච්ඡාවකින් වැඩට බහින බොසෙකුගෙ වටිනාකම වැඩියි.

 

2. කරලා පෙන්වන බොසෙක්

What to expect from a good boss

Source – blockchainnews.com

කරපං කරපං කියල මොළේ කන බොසෙක්ට සෙට් වෙනව කියන්නෙ වෙලාවකට වහක්. ඇයි ඉතිං කරන්න බැරි වැඩක් වුනත් බැරි මරගාතෙ හරි කරන්න සිද්ධ වෙනවනෙ. ඒ වුනත් අතරින් පතරෙ ඉන්නව තමුනුත් වැඩ කරන බොසාලා. සේවකයට දෙයක් කියලා දෙන්න දන්න, වැඩ කරලා ඉහළට ආපු බොසාලා. එහෙම අය එක්ක වැඩක් කරන්න ආසා හිතෙනවා. මොකද හිර වෙන ඕනම තැනකට උත්තර බොසා දන්නවා කියන හැඟීම ඇතුව සේවකයෙකුට වැඩ කරන්න ලේසියි.

 

3. හොයලා බලන බොසෙක්

What to expect from a good boss

Source – facebook.com

තමුන් ගැන හොයලා බලන බොසෙක් කියන්නෙ අතිශය වැදගත්. කම්පියුටර් කැඩිලද? පඩි වෙලාවට හම්බුනාද? ටොයිලට් උතුරලද? මහ රෑ වැඩ කරපුවට ඕටී ගෙවුවද? වෙලාවට කන්න ලැබුනද? මේ පුටුවෙ ඉඳන් වැඩ කරන්න අමාරුද? මේ ලයිට් එළිය වැඩ කරද්දි ඇහැට අමාරුද? මේ දේවල් හොයලා වැඩ කරන්න හොඳ පහසුවක් දෙන්න හිතෙන්නෙ එහෙමත් බොසෙකුට තමයි.

 

4. ලේසි කරවන බොසෙක්

What to expect from a good boss

Source – cnbc.com

බොසෙකුට පුළුවන් වැඩ ලේසි කරවන්න. කට්ටියට සමානව වැඩ බෙදලා දෙන්න. කාටවත් වැඩිපුර නොසලකන්න. තමුන්ගෙ යටත් සේවකයින්ව ප්‍රෙෂර් නොකරන්න. ඒ වගේම ඒකෙන් කණ්ඩායම් හැඟීම ඇති කරවන්න. කට්ටියගෙ වැඩවලට කාල සටහනක් හදලා දෙන්න. වැඩක හිර වෙලා ඉන්න මනුස්සයෙකුගේ හිත හදන්න. එහෙම බොසෙක් නොදැනුවත්වම සේවකයා කරන වැඩේ ලේසි කරවනවා.

 

5. පෙරෙන කන් ඇති බොසෙක්

What to expect from a good boss

Source – wikihow.com

පෙරෙන කන් ඇති බොස්ලා හොයන්න හරිම අමාරුයි. කියන හැම දේම අහල, ඒ ඇහෙන හැම දේටම ක්‍රියාත්මක වෙන බොසෙක් කියන්නෙ ගොනෙක්. බොසෙක් වුනාම ඇහෙන හැම දෙයින්ම හරි දේ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට ඇහෙන දේට අමතරව දේවල් හොයාගෙනත් අහන්න ඕන. ඒක කේලම් මගහරින්න පුළුවන් තත්ත්වයක්. ඒ විදියට හොඳ නරක පෙරලා බේරගෙන ක්‍රියාත්මක වෙන එක හොඳ බොසෙකුට විතරක් උරුමයි.

 

6. දිරිය වඩන බොසෙක්

What to expect from a good boss

Source – parade.com

වැඩ කරද්දි සේවකයා ප්‍රෙෂර් වැඩි වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවක කණ්ඩායමක් වැටෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වෙලාවට කණ්ඩායමට බැනලා වැඩක් නෑ. කණ්ඩායමක වැටීමක් කියන දේ සාමාන්‍ය තත්ත්වයක්. ඒත් නැගී සිටීමේ ආතල් එක වැඩියි කියලා මොරාල් අප් කරන්න පුළුවන් බොසෙක් ඉන්න එක හොඳයි. ඒ දේ සිද්ධ වුනොත් ඕනෑම තැනක නැගී සිටීම ලේසි වෙනවා.

 

7. හිතන බොසෙක්

What to expect from a good boss

Source – ccl.org

බොසෙක් වුනාම ආයතනේම ගොඩ දාලා තමුනුත් ගොඩ ගිහින් ගෙදර යනවට වඩා වගකීමක් තියෙන්න ඕන. තමුන්ගේ සේවකයො ගැනත් හිතන්න ඕන. සේවකයෙකුගේ අනාගතය දියුණු වෙන්න සිද්ධ කරන්න ඕන මොනවද? ඒ වෙනුවෙන් ඒ අදාළ සේවකයාට ආයතනය පැත්තෙන් කරන්න පුළුවන් දේවල් මොනවාද? යම් සේවකයෙකුට කරදරයක් සිද්ධ වුනොත් ඒකට තමුන් මැදිහත් වෙන්නෙ කොහොමද? අන්න ඒ වගේ දේකදි අනුන්ගෙ ගැනත් හිතන මානුෂවාදී බොසෙක් මුණගැහෙන එක වටිනවා. මිනිහෙකුට කරදරයක් වුනාම ඒ කරදරය පිටින් හෝ තමුන්ට අදාළ වැඩ කොටස කරවගන්න බොසාලා මේ ලංකාවෙ ඕනතරං ඉන්නව. හැබැයි මෙහෙම අයත් හමුවෙන්න පුළුවන්.

 
Cover Image Source – rd.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *