ඇස් කණ්නාඩි දාන අය ගොඩක් දෙනෙක් අද සමාජෙ ඉන්නව. ඒ අයට අනිත් අයට වඩා සැළකිය යුතු කට්ටක් ඒ වෙනුවෙන් කන්න සිද්ධ වෙනවා. ඒ නිසාමයි අපි ඒ අය කන කටු ගැන ලියන්න හිතුවෙ. ඒ ගැන ලියන එකත් කට්ටක්. ඇත්තටම ඔයාලගෙ ඇස් කණ්නාඩි පාවිච්චි කරන යාළුවට හැම මොහොතකම හැකි උදවුවක් කරන්න මේක හොඳ හේතුවක්.
1. බ්ලොට්

Source – cnet.com
වහිනකොට එක පාරටම ඇස් පේන්නෙ නැතුව යන ගතියක් ඇස් කණ්නාඩි දාන අයට දැනෙන්න ගන්නව. ඒ කණ්නාඩියට එළියෙන් වතුර වැදෙන නිසායි. ඒ වගේම උණුවෙන් තේ බොනකොට, කෑමක් උයනකොටත් වාෂ්ප බැඳෙන එක නවත්තගන්න අමාරුයි.
2. අයිලෑෂස්

Source – videoblock.com
ගෑණු ළමයි කොහොමත් නවීන පන්නෙට මේකප් කරලනෙ ඉන්නෙ. ඉතිං ඇහැ වටේට අඳින්න තියෙන එවුව ඇඳලා, ඇසි පියත් ඇහි බැමත් හැඩ කරලානෙ ඉන්නෙ. හැබැයි ඉතිං කණ්නාඩි දැම්මම ඔය එවුව ඔක්කොම හබක්.
3. ඇඟිලි තුඩින් අතගගා ඉගෙනගත්තෙ මා

Source – youtube.com
උදේට ඇහැරෙන්නෙ කණ්නාඩි දෙක අත ගගා කොහෙද කියල හොය හොය. කලින්දා රෑ ඩ්‍රින්ක් එකක් දාලා තිබුනනං කණ්නාඩි දෙක ගැලෙවුවෙ කොහෙද කියල මතකත් නැති හින්දා පාන්දරම ෂෝක්.
4. ට්‍රිපින්

Source – videoblock.com
ට්‍රිප් ගියාම කණ්නාඩි දෙක අමතක වෙන එක තවත් ප්‍රශ්නයක්. කට්ටිය එක්ක අඩියක් ගහද්දි බෙර පාරක් ගහනකොට හෙල්ලෙන හින්දා එතනින් ගලෝලා තියනවා, නාන්න වැවට බහිද්දි මෙතනින් ගලෝලා තියනවා. ඉතිං තිබ්බෙ කොහෙද කියල මතක නැතුව ගිහින් දෘෂ්ඨිය නැතුව ගෙදර එනව.
5. උණු හිම

Source – flyaway.com
කණ්නාඩිය එළියෙන් වාෂ්ප බැඳෙනකොට, වතුර ඉහෙනකොට වඩා හපං ආතල් එකක් තියෙනව දාඩිය දැම්මම. එතකොට කණ්නාඩිය ඇතුළෙන් බැඳෙන්නෙ. ගලෝ ගලෝ පිහදාන්න ඕන ඉතිං.
6. ඇලවෙලා දොළවෙලා

Source – videoblock.com
ෆිල්ම් එකක් බලන ගමන් ඇලවෙන්න විදියක් නෑ. පැත්තකට හැරෙන්න විදියක් නෑ.
7. පිටසක්වලකින් මෙහාට බැහැලා

Source – yahoo.com
හදිස්සියෙවත් අයි සයිට් එක හරි ගිහිල්ලා කණ්නාඩි දෙක ගලවලා හිටියොත් අඳුරන මිනිස්සුත් අහක බලාගෙන යන තරමට රූපෙ වෙනස් වෙනවා. හදිස්සියෙ අඳුරගත්තත් මොකෝ මේ මූණට උනේ? වගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා.
8. ක්ලීනිං සර්විස්

Source – ziessaustralia.com
ෂැම්පු කරන්න ඕන. නිශ්චිත කාලෙදි සුද්ධ කරන්න ඕන. මුලින් වතුරෙන් හෝදල, පස්සෙ ෂැම්පු දාලා, ඒකටම තියෙන රෙදිවලින් පිහදාලා අමු කට්ටක් කන්න සිද්ධ වෙනවා.
9. ත්‍රීඩී

Source – pintarest.com
3D ෆිල්ම් බලන්න වෙන්නෙ බත්කූරා වගේ තමයි. ත්‍රීඩී ග්ලාස් දෙකයි. ඊට යටින් අපි දාන කණ්නාඩි දෙකයි දාලා පිස්සෙක් වගේ ඉන්න වෙන්නෙ. යාළුවො ඔක්කොම රේබෑන් ෂේඩ්ස් දැම්මට කණ්නාඩි දාන අපිට ඒවා බෑන්.
10. වැටුනොත් වැටුනා

Source – pintarest.com
මේකනං කණ්නාඩි දාපු මුල් කාලෙ වෙන ප්‍රශ්නයක්. හදිස්සියෙ බිමට නැමිලා වැටිච්ච දෙයක් ගන්න බෑ. බිමට වැටිච්ච දේ උඩට කණ්නාඩි දෙකකුත් වැටෙනවනෙ.
11. චටාස්!

Source – carboncutters.com
නළලෙ මදුරුවෙක් වැහුවොත් ඩෝං ගාලා ගහන්න බෑ. කණ්නාඩිය මූණෙ හිටිනවා. මුලින්ම හොරෙන් කණ්නාඩිය ගලවලා තමයි මදුරුවට ගහන්න වෙන්නෙ.
12. ෆිටෝන්

Source – wikimedia.commons
රෙදි ගලවන්න තියෙන කරදරෙත් ලොකු ප්‍රශ්නයක්. ෆිටෝන් රූම් එකකට රිංගුවොත් හදිස්සියකට ටීෂර්ට් ගලවන්න බෑ. මුළු ලෝකෙම අන්ධ වෙලා යන්න ඉඩ තියෙනවා.
13. දුඛායි

Source – videoblock.com
මනුස්සයෙකුට දුක හිතෙන්නෙ කොයි වෙලේද කියල හිතන්න අමාරුයි. ඇයි ඉතිං මිනිස්සුනෙ. හැබැයි කණ්නාඩි දාපු මිනිහෙක් දුක හිතුනු ගමන් ඇඬුවොත් ආයෙ පොට්ට වුනා වගේ තමයි.
14. ඛවුධ ඪෝ!

Source – theguardian.com
ආයෙ ඉතිං කොල්ලො වලිවලට යන එක නවතින්නෙ නැහැනෙ. එහෙමයි කියල ඩෝං ගාලා වලිවලට යන්න බෑ. කණ්නාඩිය ගලවලා, රෙද්දෙ ඔතලා, පෙට්ටි ගත කරලා, පෙට්ටිය හංගලා තමයි ගහගන්න යන්න වෙන්නෙ. හින්දි ෆිල්ම් එකකදිනං ඒ වෙද්දි අපිව මරලා ඉවරයි.
Cover Image Source – time.com
Leave a Reply