යාළුවෝ අතර සිරා ඩයල් එක වෙන්නේ කොහොම ද?

How To Be The Most Loved Friend

කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව සෙට් එකක් ගත්තොත් ඔතන ඉන්නවා කැපිලා පේන සිරා ඩයල් එකක්. කවුරුත් එයාට ඇදයක් කියන්නෙත් නෑ ඒ මනුස්සයා කාගෙවත් ඇදයක් දකින්නෙත් නෑ. එහෙම කෙනෙක් වෙන්න ආසයි නම් මේ ක්‍රම ටික අනුගමනය කරලා බලන්නකෝ

 

1. ඉල ඇදෙන විහිළු කිරීම

How To Be The Most Loved Friend

Source – Wikimedia.commons

එක එක විහිළු තියෙනවනේ. සමහර ඒවාට ඇස් රතු වෙනවා. සෙල්ලම් ලෙල්ලම් වෙලා යනවා. අන්න එහෙම ගොබ්බ විහිළු නැතුව, ඒ කියන්නේ කාගෙවත් හිත් රිද්දන්නේ නැතුව විහිළුවක් කරන්න පුළුවන් නම් අන්න ඒක ලොකු දක්ෂතාවක්. ඒ වගේ මනුස්සයෙක් ආශ්‍රය කරන්න කවුරුත් කැමතියි. ඇස් රතු කරන් නැති විදියට යාළුවෙක්ව බයිට් කරන එක ගෑල්ලමයෙක් ස්කූටියක් එළවද්දී පස්සෙන් යනවා වගේ බොහොම සූක්ෂ්මව කරන්න ඕනි දෙයක්. ඒ විහිළුව අම්බානෙක හොඳයි නම් විහිළුවට ලක් වුණ එකත් බඩ අල්ලන් හිනාවෙනවා. කවුද අකැමති ඩිංගක් හරි හිනා වෙලා ඉන්න. ඉතින් මේ වගේ කෙනෙක්ට සෙට් එකක පිළිගැනීමක් ලැබෙන එක අහන්න දෙයක් නෙවෙයි.

 

2. භේදයක් නැතුව සියලු දෙනා ආශ්‍රය කිරීම

How To Be The Most Loved Friend

Source – reuters.com

සිරිමත් මගෙ සකි සීන් එකට එන්ටර් වෙනවා නෙවේ. මොකද ප්‍රායෝගිකව එච්චර හොඳ මනුස්සයෙක් වෙන්න අමාරුයි. හැබැයි කිසි කුහකකමක්, තරහක් හිතේ නොතියාගෙන සංයමයකින් හැමෝම ආශ්‍රය කරන්න තරම් ශක්තියක් තියෙනවා නම් ඒ තැනැත්තා තරම් පොරක් වෙන්න වෙනත් සුදුස්සෙක් නැහැ. කා එක්කත් කතා කරලා හිනා වෙලා ප්‍රසන්නව හිටියම හැමෝම ආදරේ කරනවා. එතකොට කවුරුහරි එයාට විරුද්ධව දෙයක් කිව්වම ඒ වෙනුවෙන් කතා කරන්න වුණත් ලෑස්ති පිරිසක් ඉන්නවා. සියලු දෙනා කිව්වම යාළුවන්ගේ හත්මුතු පරම්පරාවත් ඇතුළත්.

 

3. ඇති හැකි පමණින් උදව් කිරීම

How To Be The Most Loved Friend

Source – palmpartners.com

පුළුවන් නම් පණ වුණත් දෙයි කියලා තවත් මනුස්සයෙක්ගෙන් අහගන්න එකම ඇති තියෙන පණ තව ටිකක් පණ ගහලා එන්න. ඇති හැකි කිව්වේ බැරිකමක් තියනවා නම් ඒකත් ඇති හැකි දේකට පත් කරගන්න නිසා. මළ ගෙදරක, මගුලක වගේ ඕනම පොදු වැඩ කටයුත්තකදී සක්‍රීයව සහභාගී වෙලා කාගෙත් හිත දිනාගන්න පුළුවන් නම් කොතන ගියත් පිළිගැනීමයි. උදව්වක් ඕනි වුණාමත් උදව් දෙන්න කට්ටිය ගොඩයි.

 

4. වලියකට එන්ටර් වීම සහ වලි සමනය කිරීම

How To Be The Most Loved Friend

Source – vecto.rs

සිරා ඩෑල් එකක් වෙන්න කියලා අහුවෙන අහුවෙන එකාට ගිහින් නෙලන්න කියනවා නෙවෙයි. ඒත් ප්‍රායෝගික ජීවිතේ කොල්ලොන්ගේ සෙට්වල ඔහොම වලි යනකොට පෙරමුණේ රාළ වගේ සටනට බහින එකා සිරා ඩෑල් එකක් විදියට හංවඩු ගැහෙනවා. ඒ වගේම ඒ හා සමානව ලොඳ එළියට ඇවිත් ඉවරවෙන්න තිබුණ වලියක් පළවෙනි කුණුහරුපය එළියට ආපු සැණෙන් මැදිහත් වෙලා සමථයට පත් කරනවා නම් ඒකත් පිළිගැනීමක් ඇති චරිතයක් බිහි කරවන විදියක්.

 

5. ප්‍රසන්න ගතිය

How To Be The Most Loved Friend

Source – pintarest,com

ප්‍රසන්නයි කිව්වම සුදු ම සුදු නලු බට්ටෙක් බට්ටියක් වගේ ඉන්න ඕනි කියලා කියනවා නෙවේ. දැක්කම පෙරේතයා පොළවේ ගහලා වගේ ඉන්නේ නැතුව හොටු නාවර අයින් කරලා මනුස්සයෙක් වගේ ඉන්න බලන එක තමයි මෙතන ප්‍රසන්න ගතිය කියන්නේ. උඹලගේ සෙට් එකේ ඉන්න නාන් නැති එකා, හොටු හාරන එකා මෙන්ෂන් කරන්න කිව්වම කිසිදාක මෙන්ෂන් නොවෙන තැනට ජීවත් වෙන්න ඕනි.

 

6. සමාජශීලි ගතිය

How To Be The Most Loved Friend

Source – drweil.com

සෙට් එකේ කීප දෙනා අතර විතරක් නෙවේ, ඊට එහා සීමාවේ හැම කෙනා එක්කම සබකෝලයක් නැතුව කතාබහ කරලා ඉන්න පුළුවන් ගතිය නිසාත් සෙට් එක ඇතුළේ සිරා ඩයල් එකක් වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ පාරේ ක්‍රිකට් ගහද්දී කාගෙ හරි වත්තකට බෝලේ ගියා. ඉතින් පාරේ කණු බදාගෙන, බෝලෙ ආය එයි කියලා හිතන් ළතැවි ළතැවි ඉන්නවට වඩා සෙනිකව ගිහින් වත්තෙ අයිතිකාරයා එක්ක බය නැතුව කතා කරලා බෝලේ හොයන් වත්තෙන් අඹ ගෙඩියකුත් කඩන් එනකොට කොහොමද ගැම්ම?

 

7. හොඳ ඇම්ඩෙක් වීම

How To Be The Most Loved Friend

Source – wikia.com

මාලු හොදියි කේකුයි වගේ මෙලෝ සම්බන්ධයක් නැති විකාරයක් වගේ පෙනුණත් මේක විස්තර කරන්න වෙනත් ක්‍රමයක් නැහැ. ඇම්ඩා කිව්වම ඒ වයසට හරියන සරල ආතල් ගන්න ඕනි. කෙල්ලෙක් නැත්තම් කොල්ලෙක් ඉන්නවා නම් එකෙන්ම සෑහෙන රෙස්පෙක්ට්. ඒ අස්සේ ඉගෙනගන්න වැඩ නැත්නම් කරන රැකියාවෙත් උසස්වීම් අරන් ගොඩ යන විදියක් පෙන්නුම් කරනවා නම්, පොඩි බයික් කට්ටක් නැත්තම් කාර් එකක් සෙට් එකේ ඉස් ඉස්සෙල්ලා ම ගන්න කෙනා නම් කොල්ලෝ කෙල්ලෝ ඔයාව අදහන්න පටන් ගන්නවා.

ඔයත් සිරා ඩයල් එකක් ද? අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න.

 
Cover Image Source – time.com
 

zvr
Your Reaction

Comments