කොල්ලෝ ගැන කතා කරන කොට උස කොල්ලෝ, කොට කොල්ලෝ , සැර කොල්ලෝ, හොඳ කොල්ලෝ, නරක කොල්ලෝ මේ වගේ එක එක වර්ග වල නානාප්රකාර කොල්ලෝ ඉන්නවා. කෙල්ලෝ ගත්තත් ඒ වගේම තමයි. ඉතින් මේ එක එක කොල්ලෝ වර්ග ගැන එක එක විදිහේ කෙල්ලොන්ට හිතෙන දේවල් එක එක විදිහයි. මේ හැම වර්ගේකම කොල්ලෝ ගැන කෙල්ලෝ හිතන දේවල් එකපාර කියන්න බැරි නිසා අහිංසක වර්ගයට අයත් කොල්ලෙක් දැක්කම කෙල්ලොන්ට හිතෙන දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ
1. අපෝ කෙල්ලෝ හොඳයි නේ

Source – sliceoflife.com
අහිංසක කොල්ලෝ ඉතින් අනිත් කොල්ලෝ වගේ පොර වෙන්න යන්නේ නැහැ නේ. මේ නිසා පොරවල් වගේ කොල්ලොන්ට කැමති කෙල්ලොන්ට අහිංසක කොල්ලෙක් කියන්නේ කිසිම කික් එකක් නැති වර්ගයක්. මේ අය හිතන්නේ අහිංසක කොල්ලෙක්ට කෙල්ලෙක්ට තරම් වත් පණ නෑ කියලා. ඒ නිසා ඒ වගේ අහිංසක කොල්ලෙක්ට වඩා කෙල්ලෝ හොඳයි කියලා තමයි මේ වගේ කෙල්ලෝ හිතන්නේ.
2. මටත් හිටියා නම්

Source – pixels.com/ freepik.com
සමහර කෙල්ලෝ යාළුවෙලා ඉන්න කොල්ලෝ යක්කු වගේ. ඒ වගේ කොල්ලන්ට කෙල්ලෝ මොනවා කරත් වැරදියි. කෙල්ලොත් ඉතින් මොනවා කරන්නද කියලා බැඳ ගත්ත බෙරේ ගහනවා. ඉතින් ඒ වගේ කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්න කෙල්ලෙක් අහිංසක කොල්ලෙක් දැක්කොත් හිතන දෙයක් තමයි අනේ මේ වගේ කොල්ලෙක් මටත් හිටියනම් කියන එක.
3.උපාසක බළලෙක්ද දන්නේ නැහැ

Source – dose.com
කතාවටත් කියනවනේ උපාසක බළල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියලා. ඒ හින්දා සමහර කෙල්ලෝ අහිංසක කොල්ලෝ දිහා බලන්නෙම වපර ඇහෙන්. ඊට වඩා සමහර කෙල්ලෝ අහිංසක කොල්ලන්ට බයයි. මොකද සද්දයක් බද්දයක් නැතුව ඉන්න මේ අහිංසක කොල්ලෝ ඇත්තටම මොන වගේද කියලා අඳුන ගන්න එක ටිකක් අමාරුයි. ඒ නිසා අහිංසක කොල්ලෙක් දැක්කම සමහර කෙල්ලෝ ඒ අයව ඕනෙවට වඩා විස්වාස කරන්න කැමති නැහැ.
4. චූටි පැටියා

Source – hdnicewallpapers.com
සමහර කෙල්ලොන්ට අහිංසක කොල්ලෝ කියන්නේ හුරතල් බබාලා වගේ. හිතෙන්නෙම ඒ අයව බබාලා වගේ හුරතල් කරන්න. මේ තත්ත්වේ තව ටිකක් උග්ර වෙනවා අර අහිංසක කොල්ලා කෙල්ලට වඩා ටිකක් වයසින් අඩුයි නම්. කොහොම උනත් කෙල්ලෝ මේ වගේ හිතනවා කියන්නේ අහිංසක කොල්ලන්ට ඒක මාරම වාසනාවක්. එතකොට මේ අයත් ඉතින් තව ටිකක් හුරතල් වෙවී බබාලා වෙනවා.
5. හොඳ බයිට් එකක්

Source – youtube.com
සමහර කෙල්ලෝ ඉන්නවා මේ අය අහිංසක කොල්ලෙක් හම්බ වෙනකල් ඉන්නේ පොඩි ෆන් එකක් ගන්න. මොකද අහිංසක කොල්ලොත් එක්ක දාන සෙල්ලම් යක්කු වගේ කොල්ලොත් එක්ක දාන්න බැහැනේ. මේ වගේ කෙල්ලෝ අහිංසක කොල්ලෙක් දැක්ක ගමන් හිතන්නේ හොඳ බයිට් එකක් කියලා. හිතනවා විතරක් නෙමේ ඉතින් පුළුවන් හැම විදිහකින්ම අර කොල්ලව බයිට් එකට ගන්නවා.
6. අනේ පවු

Source – thinkaloud.com
සමහර කෙල්ලෝ ඉන්නවා මේ අයට අහිංසක කොල්ලෝ ගැන ඇතිවෙන්නේ මාරම අනුකම්පාවක්. ඒ අය ඕනෙම වෙලාවක අහිංසක කොල්ලෝ වෙනුවෙන් පෙනී හිටින්න ලෑස්තියි. විශේෂයෙන් අනිත් කෙල්ලෝ මේ වගේ අහිංසක කොල්ලන්ව බයිට් එකට ගන්නවා නම් මේ කෙල්ලෝ අර කොල්ලන්ව ඕනෙම වෙලාවක බේර ගන්නවා. ඒ වගේම තමයි මේ කෙල්ලෝ අහිංසක කොල්ලන්ව ඕනෑවටත් වඩා වැඩියෙන් විස්වාස කරනවා.
7. බඹා කෙටූ එක්කෙනා ද?

Source – dreamstime.com
අහිංසක කොල්ලෙක්ට ආදරේ කරලා කරදර අඩු ජිවිතයක් ගෙවන්න කැමති කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා. ඒ වගේ කෙල්ලෙක් අහිංසක කොල්ලෙක් දැක්කම හිතන්නේ ආදරේ ගැන. හැම දෙයක්ම නූලට තිතට ගැලපෙනවා නම් අර අහිංසක කොල්ලත් එක්ක අහිංසක ජිවිතයක් ගත කරන්න කොල්ලව දැක්ක පළවෙනි තත්පරේ ඉදන් මේ කෙල්ලෝ හීන දකිනවා. ඒ නිසා මේ වගේ කෙල්ලෝ අතර අහිංසක කොල්ලොන්ට තියෙන්නේ මාර ඉල්ලුමක්.
Cover Image Source – newmoond.com
Leave a Reply