ජොබ් එක කරන තැන කෙල්ලෙක්ට වැටෙන්න පුළුවන් ලෙඩ 7ක්

Office girl problems

කොතන ගියත් කෙල්ලෙක්ට අනිත් අයත් එක්ක ඉහ ගහගෙන ඉන්න එක, වැඩ කරන එක ටිකක් අමාරු වැඩක්. ටිකක් නෙවෙයි සමහර අයට නම් ලොකුම කේස් එකක්. කොහෙන් ගියත් මොකක් හරි ලෙඩක් වැටෙනවාම තමයි. හැබැයි ඉතින් ඒකට එක එක්කෙනාගේ චරිත ස්වභාවයත් අනිවාර්යෙන් බලපානවා. තමන් වැඩ කරන තැනදී කෙල්ලොන්ට වැටෙන්න පුළුවන් ලෙඩ 7ක් තමයි මේ. මෙයින් එකක් හරි වැටුනේ නැති කෙනෙක් නම් නැතුව ඇති.

 

1. ඔෆිස් වල වැඩිපුර ඉන්නේ කේලම්කාරියෝ

Office girl problems

Source – cosmopolitan.com

මේ වර්ගයට අයත් වෙන අය තමයි ඔෆිස් වල වැඩිපුර ඉන්නේ. ඔෆිස් එක වටේ ඇවිදලා ඕපාදුප ටික හොයාගෙන ඇවිත් අනිත් කෙනාගේ කනේ තියනකන් හිතට නිවනක් නෑ. ඊට පස්සේ තමයි තියෙන වැඩක් කරන්න පටන් ගන්නේ. අතන මෙතන තියෙන කේලම් ටික හැම තැනම කියවලා අන්තිමට පැත්තක ඉන්න අයවත් ඒවාට පටලලා තමන් හොඳ ගෑණි වෙන්න මේ අය හරිම දක්ෂයි. සමහර විට ඒ අයගේ කේලම් අහන් ඉඳලා පැත්තක යන කුණු ගොඩවල් අපේ ඇඟේ වැටෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ මදිවට කරපු දෙයක් නැති වුනාට අන්තිමට අපි වැරදිකාරයොත් වෙලා. ඒ නිසා ඒ වගේ කේලම්කාරියන්ව අතේ දුරින් තියාගන්නවා නම් ඇඟට ගුණයි.

 

2. එක දාගන්න දඟලන අය

Office girl problems

Source – theindipendent.com

අම්මෝ… මේ වගේ ගොට්ටියන්ගෙන් තමයි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන. මොකද මේ අය ලකුණු දාගන්න එහෙමත් නැත්තන් ලොකු ලොක්කන්ට කියල එක දාගන්න අනිත් අයගේ නැති වැරදි පවා හදලා කියන්න පුළුවන්. තමන්ගේ දියුණුවට අනිත් අයව කපලා දානවා. එහෙම නැත්තන් කට්ටියත් එක්ක එකට කතා වෙන දේවල්, කරන දේවල් පස්සේ ගිහින් බොස්ගේ කනේ තියනවා. එහෙමත් නැත්තන් පොඩි දෙයක් ලොකූ කරලා ගිහින් කියනවා. ඊට පස්සේ ඉතින් පාඩුවේ වැඩක් කරන් ඉන්න අය දිහා ලොක්කෝ බලන්නෙත් වපර ඇහෙන්. ඇයි ඉතින් ගොඩක් අය ඒ දේවල් හිස් මුදුනෙන් පිළිගන්නවනේ. මෙන්න මේ වගේ එක දාගන්න දඟලන අය කරන වැඩ නිසා ඔයාටත් අවුලක් වෙන්න පුළුවන්…

 

3. ඒක වෙන කවුරුත් දැන ගන්නේ නෑ… ඔයයි මායි විතරයි

Office girl problems

Source – lawgasette.com.sg

ගොඩක් තැන් වල ඇහැට කනට පේන කෙල්ලන්ට වැටෙන වාතම කේස් එකක් තමයි මේක. අයුතු යෝජනා. මේක ඉතින් ඔෆිස් වල විතරක් තියෙන අමුතු දෙයක් නෙවෙයි. කොතනත්, කාටත් තියෙන කරදරයක්. හොඳ පෝස්ට් එකක් දෙන්නම්, සැලරි වැඩි කරන්නම් , ගෙවල් අරන් දෙන්නම්, වාහන අරන් දෙන්නම්, රට එක්කන් යන්නම්, අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා ලිංගික යෝජනා කරන ලොකු ලොක්කන්ගේ දැළට ඔයත් වැටෙන්න පුළුවන්. මේක තමයි ගැලවෙන්න අමාරුම ලෙඩේ. අකමැති වුණොත් සමහර විට රස්සාවත් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තන් ඔෆිස් එකේ වැඩ කරන්න බැරි වෙන විදියට චාටර්ම කරලා දාන්නත් පුළුවන්. එහෙම වුනොත් එළියට බැහැලා යන එක තමයි කරන්න වෙන්නේ. ඒ නිසා කෙල්ලේ පරිස්සමෙන්…

 

4. බඳින්න කෙනෙක් ඉන්නවද?

Office girl problems

Source – bizlibrary.com

ඔෆිස් එකට අලුතින් කෙල්ලෙක් අවොත් කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන ඉන්නේ කොහොමද සෙට් කර ගන්නේ කියලා. කොහොම කොහොම හරි වටේ කැරකි කැරකි ඉඳලා කෙල්ල බැඳලා නෑ කියලා දැන ගත්තට පස්සේ මාතෘකාවට එනවා. කොහොම කොහොම හරි ඉතින් එහෙම ගොඩ යන ලවු තියෙනවා. බෑ කිව්වට පස්සේ පාඩුවේ පැත්තකට වෙන කොල්ලෝ වගේම, බෑ කිව්වත් වාත වෙවී ආදරේ ඉල්ල ඉල්ලා එන කොල්ලොත් ඉන්නවා. මේකත් ඇත්තටම කියනවා නම් ලොකුම ලෙඩක් තමයි. බෝයි ෆ්‍රෙන්ඩ්ට ආරංචි වුනොත් එතනත් අවුල්, රණ්ඩු, එහෙම නැත්තන් ජොබ් කෙරුවාව එතනින්ම නවත්තනවා. මේක නම් ලෙඩ ගොඩක්…

 

5. තියෙන වැඩ මදිවට අනිත් අයගේ වැඩත් කරන්න වෙලා

Office girl problems

Source – bi.com

හැම ඔෆිස් එකකම ඉන්නවනේ අයිස් කුට්ටි වගේ නෝනලා මහත්තයල ටිකක්. දවස තිස්සෙම අයිස් ගගහා ඉඳලා ඊට පස්සේ කාට හරි බටර් ටිකක් ගාලා ඉවර කර ගන්න බැරි වුන වැඩ ටික කාගේ හරි ඇඟේ ගහලා කර ගන්න මේ අය හරිම දක්ෂයි. ඕනම කෙනෙක්ට ඒ වගේ පැත්තක යන මරාල කඩාපාත් වෙන්න පුළුවන්. ඒ වෙලාවට හා කියන්නත් බෑ, බෑ කියන්නත් බෑ. හා කිව්වොත් පුරුද්දක් කර ගන්නවා. බෑ කිව්වොත් ආයේ ඉතින් මූණ බලන්න බෑ. එතකොට ආර ගාපු බටර් මොකුත් නෑ. ඒ වෙලාවට තැනේ හැටියට ඇණේ ගහලා ඇඟ බේර ගනින් කෙල්ලේ…

 

6. අනවශ්‍ය හා නුසුදුසු ඇඳුම් විලාසිතා

Office girl problems

Source – youtube.com

සමහර කෙල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. අන්තිමයි. පන්සලට යන්න ඕන කොහොමද?, මළගෙදරට යන්න ඕන කොහොමද?, මගුල් ගෙදරක යන්න ඕන කොහොමද? කියලා හරි තේරුමක් නැති අය ඕන තරම් ඉන්නවා. එහෙම අය අනිවාර්යෙන් රාජකාරි කරන තැනටත් යන්නේ විකාර ඇඳුම්, නුසුදුසු විලාසිතා කරගෙන. එහෙම කෙල්ලෙක්ට අනිවාර්යෙන් ලෙඩක් වැටුනේ නැත්තන් තමයි පුදුමේ. අනිත් අයගේ උසුළු විසුළු වලට, දෝෂාරෝපණයට වගේම චාටර් කිරීම් වලටත් ලක් වෙන්න වෙනවා. රැකියාවක් කරන තැනකට යන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒකෙන් ඔයා ගැන අනිත් අයගේ හිතේ තියෙන ඉමේජ් එකට ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා සුදුසු ඇදුම් විලාසිතාවන් තෝරා ගන්න. තැනකට යන්න ඕන හරි විදියට යන්න බැරිනම් එතනට නොගිහින් ඉන්න එක වැඩිය හොඳයි.

 

7. ඔයාගේ ඔෆිස් එකෙත් තමන් හරි පොෂ් කියලා හිතන් ඉන්න අය ඉන්නවද?

Office girl problems

Source – thoughtco.com

එකම ඔෆිස් එකක් ඇතුළේ විවිධාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ අය අතරින් එක කොටසක් තමයි මේ. තමන් හරි පොෂ් කියලා හිතන් ඉන්න අය කීප දෙනෙක් හරි අනිවාර්යෙන් නැති වෙන්නේ නෑ. තමන්ගේ ලොකුකම ගැන කතා කරනවා ඇරෙන්න මේ වගේ අයට ඉතින් වෙන වැඩක් නෑ. තමන්ගේ ගැන හරි උඩඟුවෙන් තමයි ඉන්නේ. හැම තිස්සෙම අනිත් අය එක්ක එයාව සංසන්දනය කරනවා. එහෙම කෙනෙක්ගේ ග්‍රහණයට අහු වුණොත් බේරුමක් නම් නෑ. පම්පෝරිය කියවන අතරේ හිත රිදෙන දේවලුත් කියනවා. “අලුත් හෑන්ඩ් බෑග් එකකුත් ගන්න වෙලා නේ”, ” අනේ ඔයා කළු වෙලා, පිම්පල්ස් දාලා, සැලෝන් යන්නේ නැද්ද?”, “ඔයාගේ ඇඳුම ඕල්ඩ් ෆැෂන් නේ.” මේවට හිත රිද්ද ගන්නෙ නැතුව ඉන්න නම් ඉතින් අමාරුයි.

ජොබ් එක කරන තැන මේ ලෙඩ වලින් එකක් හරි වැටුනේ නැත්තම් ඒක ලෝක පුදුමයක්…

 
Cover Image Source – youtube.com
 

zvr
Your Reaction

Comments