ඉතිහාසය

ලෝක ප්‍රකට මුහුදු මංකොල්ලකාරයින් 7ක්

මුහුදු මංකොල්ලකාරයෝ කිවුවම අපට මතක් වෙන්නේ කාටූන් වල ඉන්න එක ඇහැක් වහගත්තු, ලොකු බූට් සපත්තු දාගෙන ඉන්න කෙනෙක් නේ. ඒත් ඇත්ත මුහුදු මංකොල්ලකාරයො එහෙමද..? මේ ලිපිය කියවලා ඔබට ඒක දැනගන්න පුලුවන් වේවි. මේ ලිපිය ලෝකයේ හිටපු ප්‍රකටම මුහුදු මංකොල්ලකාරයින් ගැනයි.

 

1. විලියම් කිඩ් (William Kidd)

Source – time.com

1645 ඉපදෙන විලියම් කිඩ් ස්කොට්ලන්ත ජාතික නාවිකයෙක්. නිව්යෝක් නගරය මූලික කරගෙන තමයි ඔහු ජීවත් වුණේ. මුලින් සාමාන්‍ය නාවිකයෙකු වුණු ඔහු පසුව මුහුදු මංකොල්ලකාරයෙක් බවට පත් වන්නේ ඉන්දියානු සාගරයට ඔහුගේ ආගමනයත් සමගයි. කිඩ් ගේ ප්‍රධානතම ඉලක්කය වූයේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට අයත් නැවු කියලයි කියවෙන්නේ. ඒවයින් ඔහු රැස් කරගත් ඔහුගේ වත්කම ගාඩිනර් දූපතේ සැඟවූ බව කියවෙනවා. කොහොම උනත් 1701 දී ඔහු සිරභාරයට අරගෙන, එංගලන්තයේදී මරණ දඬුවම ඔහුට ලබා දුන්නා.

 

2. චින්ග් ශිහ් (Ching Shih)

Source – hypable.com

චීන ජාතික කාන්තාවක් වන ඇය මුහුදු මංකොල්ලකාර කාන්තාවන් අතලොස්ස අතර ඉදිරියෙන්ම ඉන්නා තැනැත්තියක්. ඇය මුහුදු මංකොල්ලකාරියක් වන්නට කලින් ලෝකයේ පරණම වෘත්තියේ නියැලුණා කියලයි කියවෙන්නේ. කොහොම උනත් එයින් ලබාගත්තු පරිචය නිසාදෝ නැවු 1500ක පිරිමි 80,000කට අධික ප්‍රමාණයක් ඇය තමන් විසින්ම අපූරුවට පාලනය කලාලු. චීන නැවු ම තමයි ඇගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නෙ. ඊට අමතරව මුහුද ආශ්‍රිත නගර මංකොල්ලකෑම්, නැවු ගිලාබැස්සවීම් වගේ අපරාධත් ඇය අතින් වුණා කියලයි කියවෙන්නේ. කොහොම උනත් 1785 ඉපදුණු ඇය 1844 ස්වාභාවික ලෙස මියයනවා.

 

3. සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් (Sir Francis Drake)

Source – biography.com

ලෝකයේ ජනප්‍රියම මුහුදු මංකොල්ලකරුවෙක් වන මොහු ඉංග්‍රීසි ජාතිකයෙක්. ජනප්‍රියම වගේම දක්ෂම නාවිකයෙක් කියල හැඳින්වුවත් වරදක් නැහැ. ඔහු අතින් බොහෝ දුරට විනාශ වුණේ ස්පාඤ්ඤ නැවු බවයි කියවෙන්නේ. ඒ වගේම ස්පාඤ්ඤ නගර මංකොල්ලකෑම් ඔහුගේ මංකොල්ලකෑම් අතර ඉහළින්ම රැඳෙනවා. ඒ වගේම ලෝකය වටේ ප්‍රථමයෙන්ම ගිය ඉංග්‍රීසි ජාතිකයා යන ගෞරවයත් ඔහුට හිමියි. 1540 ඉපදුණු ඔහු පැනමාවේදී 1596 දී මිය යනවා.

 

4. කැලිකෝ ජැක් (Calico Jack)

Source – twitter.com

කැලිකෝ ජැක් කියන අන්වර්ත නාමයෙන් හැඳින්වුවත් ඔහුගේ ඇත්ත නම ජෝන් රැකම් කියලයි කියවෙන්නේ. ඔහු ප්‍රකට වෙන්නේ බහමාස් රටේ නාසෝ වරායේ තිබුණු යුද බලය සහිත නැවක් බලෙන් පැහැර ගැනීම හේතුවෙන්. ජැක් ගේ බිරිඳ වූ ඈන් බොනීත් මුහුදු කොල්ලකාරියක්. ඇයට අමතරව මේරි රීඩ් නම් තවත් මුහුදු කොල්ලකාරියකුත් ජැක්ගේ මුහුදු කොල්ලකෑම් වලට සහය දීල තියනවා. 1682 ඉපදෙන ජැක් 1720 දී, තරුණ වයසේදීම මිය යනවා.

 

5. බාබරෝසා සහෝදරයෝ (The Barbarossa Brothers)

Source – magnoliabox.com

බාබරෝසා සහෝදරයන් කියන්නේ උතුරු අප්‍රිකානු මුහුද ආශ්‍රිතව යහමින් මංකොල්ලකෑමේ යෙදුණු යුගලයක්. බාබරෝසා යන්නෙහි තේරුම ඉතාලි බසින් “රතු රැවුල” බවයි කියන්නේ. මේ දෙන්නටත් තිබිලා තියෙන්නෙ රතු රැවුල් හන්දා මේ යුගලයට මේ නම වැටෙන්න ඇති. සොහොයුරන් දෙන්නගේ නම් වලින් කිවුවොත් ඔරුජ් සහ කිස්ර්. විශේෂයෙන්ම මධ්‍යධරණී මුහුද හරහා යන යුරෝපියානු නැවු තමයි මොවුන්ගේ ඉලක්කයට ලක් වුණේ. පසු කලෙකදී ඔරුජ් අත්අඩංගුවට ගැනෙනවා. කිස්ර් නම් ඉන්පසුව වැඩි වැඩියෙන් මංකොල්ලකෑම් වල සහ සටන් වල නියැලුණු බව සඳහන්.

 

6. සර් හෙන්රි මෝගන් (Sir Henry Morgan)

Source – biography.com

1600 ගණන් වල කැරිබියන් දූපත් භීෂණයට පත් කරපු මංකොල්ලකාරයෙක් තමයි මේ. මෙයත් ස්පාඤ්ඤය යටතේ පාලනය වන නැවු සමාගම් වල නැවු වලට ප්‍රහාර එල්ල කරපු , ඒ වගේම ස්පාඤ්ඤය යටතේ පාලනය වන ප්‍රදේශ වලට පහර දීපු කෙනෙක්. වේල්ස් ජාතිකයෙක්. පැනමා නගරය ඔහු විසින් පසුව අල්ලා ගනු ලැබුවේ නැවු තිහක් සහ මිනිසුන් 1200ක් ද සමගයි. එය ඔහුගේ ප්‍රධානම ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

 

7. එඩ්වර්ඩ් ටීච් (Edward Teach)

Source – devientart.com

Blackbeard කියන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන මොහු ලෝක ඉතිහාසයේ සිටි හොඳම මංකොල්ලකාරයෙක් ලෙසයි හැඳින්වෙන්නේ. නැවු හතරක් සහ 400ක් පමණ මිනිස්සු ඔහු විසින් පාලනය කල අතර ඔහු ඒ සුලු පිරිස මෙහෙයවලා HMS “Scarborough” කියන ප්‍රකට යුධ නැවට පහර දීල පරාජය කලා කියලත් කතාවක් තියනවා. අවුරුදු 16 ක ගෑණු ළමයෙක් තමයි ඔහුගේ විවාහක භාර්යාව බවට පත් වුණේ. ඉංග්‍රීසි ජාතිකයෙක් වුණු ඔහුගේ මරණය සිදු වුණේ එංගලන්ත රාජකීය නාවික හමුදාව අතිනුයි.

 
Cover Image Source – theblaze.com / plejmo.com / theverge.com
 

Mahela Hettiarachchi

Share
Published by
Mahela Hettiarachchi
Tags: PiratesWorld

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago