විදේශයන්වල නම් දරුවන් ගැන දෙමවුපියන්ගේ විශාල තැකීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ අම්මලා දරුවන් ගැන ඕනවාටත් වඩා හිතමින් ඒ ගැන වදවෙනවා දකින්නට පුළුවන්. එනිසා සමහර අම්මලා තමුන්ගෙ ගමනක් බිමනක් පවා දරුවාගෙ අපහසුතා ගැන හිතලා මගහරවාගන්නට පුරුදු වෙලා තියෙනවා. කොහොම වුනත් අපි මේ කියන්න යන්නෙ ගමනක් බිමනක් යද්දි තමුන්ගෙ පහසුව වගේම දරුවාගේ පහසුවත් වැඩි කරවන්න අපිට කරන්න පුළුවන්, හිතන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි.
1. කෑම අවිශ්වාසය

Source – feeedingmykid.com
හැම මොහොතකම සිදුවිය හැකියි කියා හිතට හිතෙන දේ වෙනුවෙන් සූදානම් වෙන්න. යම් කරදරයක් මින් පෙර සිදුවී නැතත්, එය පළමු වරට සිදුවේ යැයි කියා සිතා සූදානම් වීම වටිනවා. හොඳම දේ කෑම. මොකද දෙමවුපියන්ගෙ හිත්වලට වැඩිම දුකක් දැනෙන්නෙ දරුවා කෑම නොකෑවම. ඊටපස්සෙ එයාලා කාපුවා දිරවන්නෙත් නෑ. අන්න ඒ නිසාම දරුවාට ප්‍රධාන ආහාරයක් වගේම අමතර ආහාර ටිකක් අරගෙන යන එක ඇඟට ගුණයි. බත් නොකෑවොත් කන්න දෙන්න තම්බපු බිත්තරයක්, යෝගට් එකක්, පළතුරු ජූස් එකක්, පැණි කොමඩු කෑල්ලක් වගේම දරුවා ආසම කරන බිස්කට් හෝ වෙනත් කෙටි ආහාරයක් හදිස්සියකට ළඟ තියාගන්න එක කිසිම මොහොතක පාඩුවක් නෙමෙයි.
2. හිසේ සිට දෙපතුළ දක්වාම

Source – ellasbabystore.com
දරුවාගේ හිසේ සිට දෙපතුළ දක්වාම පරිස්සම් කරගැනීම ගැන හිතන්න. දරුවාගේ ලෙඩ රෝග ගැන හිතන්න. ඒවාට ආරක්ෂාව යොදන්න. හැකිනම් අත්‍යාවශ්‍යම ගමනක් හැරෙන්නට දරුවාගේ අසනීප තත්ත්වයකදී පිටතට නොයන්න. ඔබේ ආතල් දරුවාගේ හැඬුමට හේතුවක් නොකරන්න. දරුවාගේ හිසට හිස් වැස්මක් පළඳන්න. දරුවාට කුඩයක් තියෙනවානම් දරුවා සමග එළියට යන විට එය අරගන්න. පොඩි දුරකට යන නිසා වඩාගෙන යනවා කියල හිතාගෙන දරුවාට සෙරෙප්පු නොපළඳවා යන්න එපා. දරුවා ඔබේ අතේ සිට බිමට බසින්නට ඕනෑ කියා හඬන්නේ කොයි මොහොතේද කියා ඔබ දන්නේ නෑ. එනිසා එයටත් සූදානම් වෙන්න.
3. දරුවාගේ සතුට

Source – livestrong.com
ළමයින්ට මග යන ගමන් ඩ්‍රින්ක් එකක් දාන්න බෑ, සින්දු කිය කිය යන එකේ මහා ආතල් එකකුත් නෑ, මස් පුච්චගෙන කෑවා කියල මහ ලොකු ගාණකුත් නෑ. අන්න ඒ නිසා දරුවාගේ සෙල්ලම් බඩු ටිකකුත් ගමන යද්දි ගෙනියන්න. උදාහරණයකට ගමන යන්නෙ හොඳට ඉඩ තියෙන තැනකට නම් බෝලයක් දෙකක් දාගෙන යන්න. ගමන අතරමග දරුවාගේ අතට තියාගන්න සෙල්ලම් බඩුවක් වගේම දරුවා ආසම කරන දේවල් ටිකක් ගමනට අරගෙන යන්න.
4. ඒ විදියටම මෙහෙත්

Source – cerebralpalsyguidance.com
දරුවන් කියන අය පුරුදු දේ පුරුදු විදියටම කරනවා ඇරෙන්න මහා ලොකුවට සිදුවුනු වෙනසකට හැඩගැහෙන්නේ නැහැ. ඒ නිසා ගමනක් ගියාම ඒ ඒ විදියට ඉඳීවි කියා හිතාගෙන පොඩි උන් ගැන තක්සේරු කරන්න එපා. එනිසා පොඩි එකාට ටොයිලට් යන්න අවශ්‍ය වුනු වෙලාවට පාවිච්චි කරන්න පොටී එකක්, රෑට ඇඳට නිදියන්න ගන්න බ්ලැන්කට්, බෝනික්කො වගේ හැමදේම ගමනක් යද්දිත් අරගෙන යන්න.
5. ‘බැරි’ චාජ්

Source – bustle.com
වැඩ වැඩි නිසා කොච්චර ‘බැරි’ වුනත් අමාරුවෙන් හරි හොඳට ෆෝන් චාජ් කරගෙන ගමනක් යන්න අමතක කරන්නෙපා. හදිස්සියකට ටෝච් එකක් ඕනවුනොත්, දරුවාගේ හදිස්සියකට කෝල් එකක් ගන්න ඕන වුනොත්, දරුවා කෑම නොකන කොට සින්දුවක් පෙන්නන්න ඕන වුනොත් ෆෝන් එක තියෙන එක වටිනවා. ඒ වගේම සමහර අම්මලා කතාකරන්න ඉන්නෙ තමුන්ගෙ හස්බන්ඩ් විතරයි නිසා එයත් එක්ක යන ගමන් බිමන්වලදි ෆෝන් එක ගෙදර දාලා යනවා. පොඩි එකෙක් එක්ක ගමනක් යනකොට ඒ දේ කවදාවත් කරන්න එපා.
6. ප්ලෑන් ඒ සහ බී

Source – britax.com
දරුවා එක්ක එළියට බහින ඔබේ ගමනට නිශ්චිත සැලැස්මක් සහ කාල ගණනයක් තියාගන්න. දරුවා ආහාර ගන්නා මොහොතක නැවැත්විය හැකි තැන් සහ වේලාව, දරුවාට නින්ද යන වේලාව වැනි දේ ඔබේ ගමනට සාපේක්ෂව ප්ලෑන් කරන්න. ඔබේ ප්ලෑන් එකේ විශේෂ අවධානයක් දරුවා වෙනුවෙන් යොමුවිය යුතුමයි. කවදාවත් පුළුවන් වුනාම ගමනක් යමු, කන්න තියෙන තැනකින් කමු වගේ මානසිකත්වයකින් දරුවෙක් අතැතිව ඉන්න එපා.
7. තවත් ටිකක් වැඩිපුර

Source – costco.com
දරුවෙක් වෙනුවෙන් බඩු පැක් කරනකොට වැඩිපුර දේවල් ටිකක් පැක් කරගන්න එක වටිනවා. උදාහරණයකට දරුවා කන්නෙ එක යෝගට් එකක් වුනත් එතන තවත් දරුවෙක් හිටියොත් දෙන්න යෝගට් දෙකක් දාගන්න. දරුවා දවසටම අඳින්නෙ පැම්පස් තුනක් වුනාට වතුර හලාගත්තොත්, ගලවලා විසිකළොත් අන්දන්න තවත් පැම්පස් දෙකක්වත් අරං යන්න. දරුවාට දවසම අඳින්න ඇඳුම් දෙකක් ඇති වුනත්, වැටිලා කුණු ගෑවුනොත් අන්දවන්න තව ඇඳුම් කිහිපයක් ගෙනියන්න.
Cover Image Source – popsuger.com / cookinglight.com
Leave a Reply