පොෂ් නොවී පොෂ් වෙන්න සෝෂල් මීඩියා භාවිත කරන හැටි

Being Posh in Social Media

මනුස්සයෙක් පොෂ් ද නැත්තම් අමු ගොඩේ ද කියලා හිතාගන්න පුළුවන් අලුත්ම සහ ලේසිම මිනුම් දණ්ඩ තමයි එයාගේ සෝෂල් මීඩියා භාවිතය. සමහරවිට ඒ මනුස්සයා උදේට රොටීයි ලුණු මිරිසුයි කන රෑට පොල් සම්බලුයි බතුයි කන ඩෑල් එකක් වෙන්න පුළුවන්. පොෂ් කියන එක කොච්චර සමාජගත වෙලාද කියනවා නම් කවුරුත් දැන් ආස “අපි ගොඩේ” කියලා කියන්න. තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරලා පොෂ් කියලත් සමහරු ආතල් ගත්තත් ඔය කවුරුත් ආස පොෂ් සීන් එකක ඉන්න තමයි. ඔය පොෂ් කියන එක හැම දෙයක් අස්සටම ඔබන්න ගිය එකෙන් වෙලා තියෙන්නේ පොෂ් වෙන එක පට්ට ලේසි වුණ එක. ඉතින් අනික් අයට කියලා පොෂ් කතන්දරේ අහගන්න ඕනි නම් මේ විදියට සෝෂල් මීඩියා භාවිත කරලා බලන්නකෝ.

 

1. සෙල්ෆි මේනියාව සහ හෑෂ්ටැග් භාවිතය

Being Posh in Social Media

Source – videoblocks.com

සෙල්ෆි කියලත් නිකන් ම නිකන් මූණත්තහඩුව පේන ඒවා නෙවේ, ෆෝන් එකයි ටයිල් අල්ලපු බාත්රූම් එකක කොමඩ් එකේ කෑල්ලකුයි වදින්න ගන්නවා නම් වැඩේ ගොඩ. ෆෝන් එක අයිෆෝන් එකක් වෙන තරමට තමයි පොෂ් එක වැඩි වෙන්නේ. ඒත් එක්කම #mew #itsmylife #nightmaredressedlikeadaydream #hisgirl #islandelife වගේ හෑෂ්ටැග් ටිකක් දාන්න පුළුවන් නම් කෙල්ලේ ඔයා කෙලින්ම ජාත්‍යන්තරේ තමයි නතර වෙන්නේ.

 

2. ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකක් තිබීම

Being Posh in Social Media

Source – socialblock.com

සාමාන්‍යයෙන් මොන රටේ මනුස්සයත් තමන්ට නැති එහෙමත් නැත්තම් තේරෙන්නේ නැති දේවලට වෛර කරනවා. මොකක් හරි ඒ සම්බන්ධ කුප්ප කතාවක් කියනවා. ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ ඒ වගේ එකක්. ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් විතරයි කියලා හිතන කට්ටිය හිතන්නේ ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ සමාජ තත්ත්වේ හදාගන්න භාවිත කරන මෙවලමක් කියලා. ඉතින් ඔය ඉන්ස්ටා අකවුන්ට් එකේ සෙල්ෆී එහෙම වැඩි නම් සෙලිබ්‍රිටි ලෙවල් එකට යනවා. සෙනික පොෂ් වෙන්න නම් මේවා තමයි ක්‍රම. හැබැයි ඇත්තට ම පොෂ් වෙන්න හිතන් ඉන්ස්ටාග්‍රෑම් එන කෙල්ලෝ කොල්ලෝ ටිකකුත් ඉන්නවා.

 

3. කන බොන දේවල් සහ යන එන තැන් ගැන සමාජය දැනුවත් කිරීම

Being Posh in Social Media

Source – bostancalander.com

කොටුවේ ඉඳන් සියඹලාණ්ඩුවට ගියත් එංගලන්තේ මහා රාජිණී හම්බවෙන්න ගියත් ඒ ගැන පොඩි අප්ඩේට් එකක් සෝෂල් මීඩියාවලට අත අරිනවා කියන්නෙත් යමෙක් පොෂ් කියන එක (ලු). තව ඉතින් නම පටලැවෙන තරම් ඉංගිරීසි ඌරුවක් තියන කෑම කඩේකට (හුටා! රෙස්ටෝරන්ට්) ගිහිල්ලා දෙසා බාන්න කලින් කන මගුල්වල පොටෝවක් කොටලා ඒ ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමෙනුත් පොෂ් සීන් එකේ ඉන්න පුළුවන්.

 

4. හැකිතාක් දුරට කඩ්ඩ පාවිච්චි කරන්න

Being Posh in Social Media

Source – englsih.lk

චින්තනයට පදනම් වෙන්නේ භාෂාවයි කියලා භාෂා විශාරදයෝ කිව්වට පොෂ් චින්තනයට අහවල් භාෂාවත් ගොඩේ චින්තනයට අහවල් භාෂාවත් ඉවහල් වේ කියලා කිව්වේ ලංකාවේ සෙට් එකක් විතරයි. ඉතින් තමන්ට පුළුවන් is, am, are විතරයි නම් ඒත් කමක් නෑ. ඒකෙන් හරි ගේම ගහන්න පුළුවන් නම් එකෙන් ම පොෂ්. ඒ විතරක් නෙවේ භෞමික අඛණ්ඩතාවේ වගේ පරම්පරා හතකට යනකන් නොතේරෙන දෙයක් ගැන කඩ්ඩෙන් කතා කරන්න.

 

5. තමන් ගොඩයෙක් බව අනික් අයට පෙන්වන්නට උත්සහ කිරීම

Being Posh in Social Media

Source – youtube.com

ගොඩේ ඊස් ද නිව් පොෂ් කියලා කතාවකුත් එළිබැහැලා තියෙන්නේ මෙන්න මේ කාරණේ නිසයි. මොකක් හරි ම දෙයක් වෙන්නත් කලින් “ඔව් ඉතින් අපි ගොඩේනේ” කියලා අහිංසක සීන් එක පෙන්නනකොට මේ නම් අනිවා රොස්මිඩ් ප්ලේස් පැත්තේ සෙට් එකක් කියලා දොස්තර හිතාගන්නවා.

 

6. තමන් කැමති දේවල් සියල්ල ඉහළ පැලැන්තිය නිරූපණය කරන බව ඇඟවීම

Being Posh in Social Media

Source – socimage.com

පොෂ් කියන අයට මළපහ යන්නැද්ද? එයාලා අපිට වඩා වෙනස් වෙන්නේ කොහොමද? වගේ දාහක් ප්‍රශ්න තියනවා. ඒ අතරින් පොෂ් කියන අයයි සාමාන්‍ය අයයි අතර ප්‍රධාන වෙනසක් තමයි එයාලාගේ කැමති දේවල් සහ අකමැති දේවල්. සාමාන්‍ය අයට කන බත්පතෙත් ප්‍රශ්න තිබ්බට පොෂ් අයට ප්‍රශ්න වෙන්නේ සෙලිබ්‍රිටි කේස් එකක් ෆැෂන් අප්ඩේට් එකක් වගේ මේ ලෝකේ රහක් නැති දේවල්. සෝෂල් මීඩියාවල නිතර නිතර ඒ සම්බන්ධ මාතෘකා ගැන කතා කරාමත් පොෂ් වෙනවා.

 

7. තනිකරම රසවින්දනය අතින් බටහිර දෑ වැළඳගැනීම

Being Posh in Social Media

Source – youtube.com

ජෝතිපාලගේ, මාස්ටර් අමරදේවගේ, වික්ටර් රත්නායකගේ සින්දුවක් සම්මජ්ජාතියකට අහන බවක් සෝෂල් මීඩියාවල අඟවන්න නම් වෙන්නේ නැහැ. තනිකරම හැම්බේකන් එක්ක වයින් බොන අයගේ සාහිත්‍යයක් මිසක් අඩියක් ගහන අයගේ නිර්මාණයකට ළං වෙලා පොෂ් කතන්දරේ අහගන්න වෙන්නේ නෑ.

පේනවනේ ඉතින්. තමන් පොෂ් කියලා පෙන්නන්න එච්චර මැරෙන්න ඕනි නෑ.

 
Cover Image Source – pixels.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *