Graphic Designing ඉගෙනගන්න හොඳම ප්ලේසස් 7ක්

Best Places to Study Graphic Designing

ඉස්සර වගේ නෙවෙයි. උසස් පෙළ ගොඩ දාගත්තේ නැත්නම් අනාගතයක් නෑ කියන එක පට්ටපල් බොරුවක් වෙලා. ඉස්කෝලේ ගිහින් අහවර වුණාට පස්සේ ජීවිතේ හදාගන්න පාරවල් ගොඩක් තියෙනවා. වෘත්තිය වශයෙන් සාර්ථක වෙන්න හීන දකින අයට ඒ හීනේ හැබෑ කරලා දෙන විවිධ විෂය ක්ෂේත්ර තියෙනවා. ග්රැෆික් ඩිසයිනින් කියන්නේ කාලයත් එක්ක ලොකු වටිනාකමක් ලැබෙන අවස්ථා බොහොමයක් තියෙන ක්ෂේත්රයක්. පඳුරකට ගැහුවොත් හතර අතට විසිවෙන්න තරම් ග්රැෆික් ඩිසයිනින් පන්ති තියෙන නිසා අපි හිතුවා මේ සම්බන්ධ හොඳම තැන් ගැන ලියන්න.

 

1. විජය ග්‍රැෆික්ස්

 Best Places to Study Graphic Designing

Source – owler.com

ග්‍රැෆික් කිව්වොත් ඒකත් එක්ක යන අංක එකේ නාමය තමයි විජය ග්‍රැෆික්ස්. ග්‍රැෆික් ඩිසයිනින්වල මූලිකාංග ගැන ඉගෙන ගන්න කියාපු තැන. ශාඛා 14ක් විදියට ලංකාව පුරාම විජය නාමය විසිරිලා තියනවා. (Photoshop, Illustrator, Pagemaker, InDesign) ඇතුළු ග්‍රැෆික් ඩිසයිනින් පාඨමාලාව රුපියල් 32,900ක් විතරයි. මීට අමතරව ග්‍රැෆික් ඩිසයිනින් ඇතුළත් පැකේජ දෙකක් තියනවා. එකක් 3D/GD Effects Package (රු. 69,900). එතනදී ෆ්‍රැෆික් ඩිසයිනින්වලට අමතරව Digital Animation, 3D Advertising, Adobe Premier සහ Adobe After Effects ගැන න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා.අනික් පැකේජයේ නම Graphics Package (රු. 59,900). එතනදී ග්‍රැෆික් ඩිසයිනින්වලට අමතරව Creative Designing, Corel Draw, Photoshop for Designers උගන්නනවා. විජය ග්‍රැෆික්ස්වල උගන්වන්නේ පළපුරුදු දේශක මඩුල්ලක් නිසා ඉගැන්වීමේ ක්‍රියාවලිය ගැන බයවෙන්න දෙයක් නෑ.

දුරකථන – 0115232000

 

2. Ingrin Institute

 Best Places to Study Graphic Designing

Source – ingrininstitute.com

ඉන්ග්‍රින් නාමය සාමාන්‍ය ජනතාව අතර හුරුපුරුදු නැති වුණාට මේ අංශයට සම්බන්ධ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. මොකද කියනවා නම් Ingrin එකෙන් ඉගෙනගත්තා කියන්නේ ජොබ් මාකට් එකේ ලොකු ඉල්ලුමක් ඇති වෙන විදියේ සුදුසුකමක් හදාගත්තා කියන එක. පරිගණකයේ වැඩකිඩවලින් පටන් ගෙන පින්තූරයක් ඕෆ්සෙට් මැෂින් එකෙන් එළියට එනකන් සම්පූර්ණ දැනුමක් මෙතන ග්‍රැෆික් ඩිසයිනින් පාඨමාලාව හරහා ලැබෙනවා. ඩිප්ලෝමා පාඨමාලාවක් වගේම සහතිකපත්‍ර පාඨමාලාවකුත් තියෙනවා.

දුරකථන – 941 2421846

 

3. Sri Lanka Institute of Printing

 Best Places to Study Graphic Designing

Source – sliop.edu.lk

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නිසා මේ ආයතනයෙන් පිරිනමන සහතිකයට ඇති පිළිගැනීම ඉහළයි. විෂය නිර්දේශය බැලුවත් ප්‍රශස්ත මට්ටමක තියනවා. NVQ level 4 සුදුසුකම ලබාදෙන පාඨමාලාවකුත් (රු. 21,500), සහතිකපත්‍ර පාඨමාලාවකුත් (රු. 17,000), ඩිප්ලෝමා පාඨමාලාවකුත් (රු. 36,500) තියනවා. සහතිකපත්‍ර පාඨමාලාව කරපු කෙනෙක්ට ඩිප්ලෝමා එක සඳහා අයදුම් කරන්න පුළුවන්.

දුරකථන – 0112 679791 | 0112 686162

 

4. Academy of Multimedia Design & Technology

 Best Places to Study Graphic Designing

Source – amdt.lk

ග්‍රැෆික් ඩිසයිනින් උපාධියක් නිකන්ම ගන්නවට වඩා ඒ උපාධියට අදාළ සුදුසුකම් ඇති හොඳ තැනක් බලලා කරනවා නම් තමයි වටින්නේ. AMDT කියන්නේ එහෙම තැනක්. “AMDT Showcase” කියන වැඩසටහන හරහා 100%ක් රැකියා අවස්ථා ලබාදීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව Pearson BTEC HND සුදුසුකම ලබාගන්න පුළුවන්. එතකොට මෙතන උපාධියක් හදාරන අයෙක්ට ද්විත්ව සුදුසුකම් සපුරාලන්නෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. මෙතන උපාධිය සම්පූර්ණ කරාට පස්සේ බ්‍රිතාන්‍යයේ නැත්නම් ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය කරන්න අවස්ථා උදා වෙනවා.

දුරකථන – 011 4381981

 

5. AOD

 Best Places to Study Graphic Designing

Source – facebook.com

උපාධි කියලා ග්‍රැෆික් ඩිසයිනින් සම්බන්ධ බොහෝ තැන්වලින් දෙන්නේ ඩිප්ලෝමා එකක් විතරයි. AOD එකෙන් ගෙඩිය පිටින්ම උපාධියක් ලබා දෙනවා. අවුරුදු තුනක් පුරාවට දිවෙන මේ උපාධිය අවසානයේ ගෞරව උපාධිධාරියෙක් විදියට එළියට එන්න පුළුවන්. විෂය නිර්දේශය ඉතාම සතුටුදායකයි. මෙතනින් එළියට ආපු උපාධිධාරියෝ අද ඉහළ තැන්වල රැකියා කරනවා. ඇත්තටම මේ උපාධියකට වඩා හොඳ ආයෝජනයක්.

දුරකථන – 0775 980141

 

6. National School of Business Management

 Best Places to Study Graphic Designing

Source – nibm.lk

අවුරුදු තුනක් පුරාවට දුවන උපාධි පාඨමාලාවක් තියෙනවා මෙයාලාගේ BSc in Multimedia කියලා. ඒකේ ග්‍රැෆික් ඩිසයිනින් එක යුනිට් එකක් විදියට තියෙනවා. UGC එකෙන් අනුමත කරපු සුදුසුකමක් නිසා උපාධි පාඨමාලාවේ තත්වය ගැන සැකයක් තියාගන්න දෙයක් නෑ. අවුරුදු තුනක් පුරාවට දිවෙන මේ උපාධියේ ප්‍රථම අවුරුදු දෙක පූර්ණකාලීනව කරන්න ඕනි. අවසාන අවුරුද්දේ දී ඉගෙනගන්න ගමන් රැකියාවක් කරන්න වෙන නිසා (Internship) අර්ධකාලීනවයි ඉගෙනගන්න තියෙන්නේ.

දුරකථන – 011 5445000

 

7. Raffles

 Best Places to Study Graphic Designing

Source – linkedin.com

Raffles එකේ අයකිරීම අනික් තැන්වලට වඩා ටිකක් විතර වැඩියි. හැබැයි ගෙවන හැම රුපියලක් ගාණෙම වටිනවා. වටිනවා කියන්නේ ඉතින් උපාධියට යට කරපු මුදල වගේ දෙතුන් ගුණයක් හම්බ කරන්න ඉස්සරහට අවස්ථා සැලසෙනවා කියන එක. මෙහේ ඉඳන් උසස් ඩිප්ලෝමාව හදාරලා උපාධි පාඨමාලාව හදාරන්න සිංගප්පූරුවේ Raffles College of Higher Education කියන ආයතනයට යන්න අවස්ථාව හිමි වෙනවා.

දුරකථන – 011 4375111

මේ සම්බන්ධයෙන් ඔබ දන්නා තවත් හොඳ තැන් අපිත් එක්ක බෙදාගන්න

 
Cover Image Source – dss.asia
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *