මගුල් ගෙදරකදී මුණ ගැහෙන මිනිස්සු වර්ග 7ක්

Types of People We Meet at Weddings

මගුල් කියන්නේ මංගල කාරණයක් වුණාට මගුල් අජපල් වෙලා යන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ මගුල් ගෙවල්වලදී අපිට මුණගැහෙන එක එක චරිත නිසා. සමහරවිට හෙනම අවුල් දෙයක් වුණාම මොන මගුලක් ද මන්දා කියලා අපි කියන්නේ මේ හින්දාම වෙන්න ඇති. මගුල් එපා වෙන්නේ පිරිමි මනුස්සයෙකුයි ගෑණු පරාණයකුයි එකතු වෙන්න කරන දහංගැටයි විච්චූරණයි නිසා නෙවෙයි. මෙන්න මේ වගේ සුපිරි චරිත නිසා.

 

1. ඊළඟට ඔයා

Types of People We Meet at Weddings

Source – imageflip.com

ඊළඟට ඔයා කියන්නේ මගුල් ගෙවල්වලදී දකින්න ලැබෙන එපා ම කරපු චරිතේ. අවුරුදු 20 පහු වෙලා මගුල් ගෙවල්වල යනවා නම් නූලක් බැඳන් යන්න ඕනි මෙයාව හම්බවෙන්න එපා කියලා. ඒ තරම් හිසරදයක්. ඇහැට කනට පේන කෙල්ලෝ කොල්ලෝ ගාවට ගිහිල්ලා ඊළඟට ඔයා කියලා කියන්නේ මංගල්ලේ කටයුතු ඔක්කොම කරලා දෙන්නම් වගේ. මෙතනින් නවතින් නැතුව අම්මලා තාත්තලාගෙනුත් තාම මුකුත් නැද්ද කියලා අහනකොට තමයි නහුතෙට නගින්නේ.

 

2. බෙබා

Types of People We Meet at Weddings

Source – streetlevelpundit.com

බෙබා මගුලකට එන්නේ යුවතිපතින්ට සතර වරම් දෙවි පිහිටයි රැකවරණෙයි පතලා ලියුම් කවරෙක කීයක් හරි දාලා දීලා ඒත් නැත්තම් වීදුරු සෙට් එකක් දීලා යන්න නම් නෙවෙයි. පැන් ටිකක් බඩට හලාගන්න කෙළ හලාගෙන තමයි බෙබා මගුලකට එන්නේ. සමහරවිට බඳින්නේ කවුද දන්නෙත් නැතුව බඳින දෙන්නට කිසිම ඥාතිත්වයක් නැතුව ඇවිල්ලා බීලා කරලා යනවා. බිව්වට පස්සේ නැට්ටේ ඉඳන් ගොම ගා ගන්න අවස්ථා තියෙනවා. කන තැනම වමනේ කරලා, දාර්ශනික ටෝක් ටිකක් එළියට දාලා, දෙකොන පටලගෙන නටලා මගුල මගුලක් කරලා දාන්නේ බෙබා.

 

3. දැන් මොකද කරන්නේ?

Types of People We Meet at Weddings

Source – anbajujawhar.com

ජීව දත්ත පත්‍රිකාවක් පුරවගෙන ඔළුවේ අලවගෙන ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ දැන් මොකද කරන්නේ හම්බුණාම තමයි. ඉගෙනගන්නවද? රස්සාවක් කරනවද? කරනවා නම් පඩි කොහොමද? කොළඹ රස්නෙද? කැම්පස් වහලද? මේ වගේ ඉවරයක් නැති ප්‍රශ්න මෙයා ළඟ තියනවා. තනි තනිව නැත්තම් සමූහ වශයෙන් උනත් දැන් මොකද කරන්නේ එන්න පුළුවන්. රංචු පිටින් එන්න තරම් අනික් මිනිස්සුන්ගේ දේවල් දැනගන්න පුදුම ආසාවක් නොවැ තියෙන්නේ.

 

4. අවුල් නේ?

Types of People We Meet at Weddings

Source – facebook.com

ගොඩක් වෙලාවට අවුල් නේ කියන්නේ මොකක් හරි පාර්ශ්වයකින් ආපු නෑදෑයෙක්. මංගල උත්සවේ මොකාක් හරි අඩුවක් මහා ලොකු දෙයක් කරගෙන ඒ ගැන කතා කරන එක තරම් සතුටක් මෙයාට තව නැහැ. කෑම අවුල් නේද? මනාලිගේ ඇඳුම අවුල් නේද? මේ හෝටලේ අවුල් නේද වගේ ගොඩක් අවුල් දේවල් මෙයාගේ උකුසු ඇසට අහු වෙනවා.

 

5. කැමරා ඇන්ඩ් ඇක්ෂන්

Types of People We Meet at Weddings

Source – facebook.com

ලක්ෂ ගාණක් වියදම් කරලා පොටෝග්‍රැපර්කාරයෙක් ගෙන්නනවා. ඒත් කැමරා ඇන්ඩ් ඇක්ෂන් නිසා ඒ මනුස්සයා ආපු වැඩේ හරියකට කරගන්න බෑ. අවස්ථාවක් මතක හිටින්න පොටෝ ගහන්න කවුරුත් ආසයි. ඒත් තව එකෙක්ට වදයක් වෙන්න තරම් පොටෝ මේනියාවක් තිබ්බාම ඒක හැම අතින් ම අවුල්. නිල ඡායාරූප ශිල්පියා දහංගැට දාලා නියම ඈන්ගල් එකක් හොයාගත්තම ෆෝන් කට්ටක් හරි උස්සන් ඇවිත් ඉතින් පොටෝ ගන්න පටන් ගන්නවා. අන්තිමට ඒ මොහොත කාටත් නෑ.

 

6. දැනමුත්තා

Types of People We Meet at Weddings

Source – aevitasweddings.com

අපි වැඩිහිටියන්ට ගරු කරනවා. ඒත් ඒ වැඩිහිටියෙක් වෙන එක වගේම එයාගේ දැනුම් මට්ටමටත් අපි ගරු කරන නිසා. ඒත් මගුලේ තියෙන හැම මගුලක්ම මෙහෙම තියෙන්න ඕනි අරහෙම තියෙන්න ඕනි. පොල් ගෙඩිය බිඳින්නේ මෙහෙමයි, මුදු මාරු කරගන්නේ මෙහෙමයි, අෂ්ටක කියන්නේ මෙහෙමයි කියලා හැම එකට ම ඇඟිලි ගහන්න ගියාම මනාලයටයි මනාලිටයි වුණත් හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්.

 

7. එක්දරු පියා / එක්දරු මව

Types of People We Meet at Weddings

Source – projectvalentine.com

විවාපත් වුණාට පස්සේ ඒකේ කූඨප්‍රාප්තිය ළමා ළපටි හම්බ කරන එකනේ. එහෙම හම්බ කරපු අයත් මගුල්වලට එනවනේ. ළමයි කියලා හිතුවට ගොඩක් ඉන්නේ යක්ෂ පැටව්. ඉතින් එහෙම බබෙක් උස්සන් මගුලකට ආවාම අම්මා කන්න යන්නේ තාත්තා අතට බබා දීලා. ඉතින් පොඩ්ඩා අඬනවා. දාඩියත් ඉහින් කනින් පෙරාගෙන තාත්තා බබාව නළවගන්න බලනවා. මගුලට ආපු අයගේ කන් අඩි පැළෙනකන් තව හයියෙන් අඬනවා. ඕකේ අනික් පැත්තත් එහෙමයි. කොහොමින් හරි ඉන්නේ එක්දරු සීන් එකේ. මේක අම්ම තාත්තට වගේම වටපිට මිනිස්සුන්ටත් වධයක් වෙන වෙලාවල් තියනවා.

අපිට මිස්වුණ ඔබට මිස් නොවුණ තවත් චරිත ඇති. ඒ අය ගැන, එයාලා සම්බන්ධ වෙච්ච රසකතා ගැන අපිත් එක්ක බෙදාගන්න.

 
Cover Image Source – jassrk.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *