ජීවිත සබඳතා

දුර ඉඳන් කරන ආදරයක් (Long distance relationship) සාර්ථක කරගන්න නම් දැනගන්න ඕනි කරුණු 7ක්

ලෝකේ එක කෙළවරක ඉඳන් අනික් කෙළවරේ ඉන්න මනුස්සයෙක්ට ආදරේ කරන එක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. අතින්වත් අල්ලන්නේ නැතුව එහෙම ආදර කතා ඉතිහාසය පුරාවට ඇතිවෙලා තියනවා. මෙහෙම දුරස්ථ සම්බන්ධතා තියෙනකොට ආදරේ වැඩි වෙනවා කියලා තමයි ලව් ගුරුලා කියන්නේ. එහෙම සම්බන්ධයක් සාර්ථක වෙන්නේ හැබැයි මෙන්න මේ කරුණු ටික ඔළුවට දාගත්තාම තමයි.

 

1. හැකි හැම වෙලේම කතා කරන්න

Source – glamour.com

නළ දමයන්තිගේ කාලේ වගේ නෙවෙයි. තාක්ෂණේ දියුණුවත් එක්ක ඈතම ඉන්න මිනිස්සුත් ළඟ වගේ. හිතේ හැටියට ආදරේ කරන්න අවස්ථාවල් මහ ගොඩක් තියනවා. දුරස්ථ සම්බන්ධතාවයක් සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ. මොකද කටහඬින් කියන දේවලින් විතරක් ආදරය ප්‍රකාශ වෙන නිසා. ළඟ ඉඳන් එති එතී ලව් කරන කොල්ලෙක් කෙල්ලෙක් කරන හැම දෙයක්ම තනිකරම සිද්ධවෙන්නේ සන්නිවේදන මෙවලමක පිහිටෙන් නිසා. ඒ නිසා මේක කොළබොක්කටම හලාගන්න ඕනි ටිප් එකක්.

 

2. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුව කරගන්න එපා

Source – miramarrecovercenter.com

ළඟපාතක ඉන්නවා නම් විස්තර හොයා බලන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්, ගෙදරින් කේස් නම් අඩුම තරමේ යාළුවෙක් මාර්ගෙන් හරි පණිවිඩ තෑගි භෝග හුවමාරු වෙනවා. ඒත් හදවතින් එක් වෙලා ගතින් දෙදෙනෙකු වුණාම ඒක හෙන අමාරු වැඩක්. පොඩ්ඩ ඇත්තන් කලබල වෙනවා. ඒ නිසා කෝල් එකක් නැත්තම් මැසේජ් එකක් ආපු වෙලාවක පස්සේ ප්‍රතිචාර දක්වන්න හිතන් නිකන් කාලේ එක්ක සෙල්ලම් කරන්න නම් එපා. තමන් ආදරය කරන කෙනාට හැමවෙලේම එයා ගැන හිතනවා කියලා පෙන්වන්න පුළුවන්කමක් තමයි ඉක්මන.

 

3. ලියුම් හුවමාරුව

Source – sundaypost.com

ලියුම් ලිව්වේ ආදි කාලේ තමයි. දැන් ඇත්තට රාජකාරි ලියුම් හැරෙන්න පෞද්ගලික ලියුම් ලියවෙන්නෙම නැති තරම්. මිනිස්සුන්ට කොහොමත් දැන් වෙලාවක් නෑ ලියුම් ලියලා, මුද්දර අලවලා, තැපැල් කාර්‍යාලයකට ගිහිල්ලා වෙන සිද්ධි දාමයට. ඒත් කවියක් එහෙම ලියලා ලියුමක් දැම්මම දුරස්ථ සම්බන්ධයකදී ඒක විශේෂ දෙයක් වෙනවා. ආදරයෙදී වැදගත් වෙන්නේ මේ වගේ පුංචි පුංචි දේවල් තමයි. ආදරය කරන පුද්ගලයා සතුටු වෙන විදියේ දෙයක් කරන්න ඕන දුරක් යන්න තමන් සූදානම් බව මේ වගේ පොඩි දේවලින් දැනෙන දෙයක්.

 

4. හීන මවන්න… සැලසුම් ගහන්න

Source – wikihow.com

අනික් ආදර කතා වගේ නෙවේ. දුර ඉඳන් කරන ආදරයකදී දෙන්නාටම තියෙන එකම හීනේ මොහොතක් හරි ළං වෙලා ඉන්න එකනේ. ඉතින් නිතරම මුණගැහෙන විධියක් ගැන කතා කරන්න, ඒ ගැන ප්ලෑන් ගහන්න, නොදැක ඉන්න බැරි ජීවිතේ වටිනාම පුද්ගලයා කියන මට්ටමට ආදරය කරන පුද්ගලයාව ඔසවලා තියන්න. සමහරවිට කිසිම විදියකින් සිද්ධ වෙන්න හැකියාවක් නැති බවක් දැනෙන්න පුළුවන්. ඒත් එකට එකතු වෙලා හීන දකින එක නැති කරගන්න එපා.

 

5. නිර්මාණශීලී වෙන්න

Source – theremorte.com

හැමවෙලේම කතා කරලා ඒක නීරසයි වගේ දැනුණොත් කවියක් ලියන්න පුළුවන්. ආදරේ කරද්දි මැටි වගේ මොළගෙඩිත් ශේක්ස්පියර් මට්ටමට ළඟා වෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ආදරය ගැන ඔහු හෝ ඇය ගැන දැනෙන හැඟීම කවියකට පෙරළන්න. නැත්තම් චිත්‍රයක් අඳින්න.

 

6. අනික් ආදර කතා එක්ක සසඳන්න එපා

Source – sheknows.com

සමහර දේවල් තියනවා මිනිස්සු අන්ධ විදියට විශ්වාස කරන. එතකොට හොඳට පේන්න තියෙන දේවලුත් නැති වෙලා යන්න පුළුවන්. මේ ලෝකේ සාර්ථක ආදරයක් කරගන්න බැරි වුණ කීප දෙනෙක් “ආදරේ කියන්නේ බොරුවක්” කියලා කියපු නිසා ආදරේ කියන්නේ සුදු ද කලු ද නොදන්න ඇටිකිති කොල්ලෝ කෙල්ලෝ පවා ආදරේ කියන්නේ බොරුවක් කියන්න පෙළඹිලා තියනවා. ඒත් හැම මනුස්සයාගේ ම කතාව එකම එක නෙවෙයි. ඉතින් දුරස්ථ ආදර සම්බන්ධයක ඉඳලා ඒක සාර්ථක නොවුණ කෙනෙක් ඕවා හරියන්නේ නෑ කියලා කීවොතින් ඒක එක කනකින් අහලා අනික් කනින් පිට කරන තැනට ඔළුව හදාගන්න. අනික් මිනිස්සුන්ගේ හුටපට එක්ක සමාන කරන්න ගියාම ඔක්කොම හබක්.

 

7. විශ්වාසය රකින්න… විශ්වාස කරන්න

Source – time.com

විශ්වාසය කියන්නේ වීදුරුවක්. බිඳෙන්න ඉඩ දුන්නොත් සහ බිඳුනොත් හදන්න හරිම අමාරුයි. අමාරුම වෙලාවල තමයි විශ්වාස කරන්න ඕනි. එහෙමයි කියලා ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි. දුරස්ථ සම්බන්ධයකදී අසීමිතව රකින්න ඕනි දෙයක් තමයි විශ්වාසය. ඒක සාමාන්‍ය ආදරයකින් වෙනස් වෙන්නේ ඒ වගේ එකකදී විශ්වාසයට හේතු විශ්වාස නොකරන්න හේතු බ්‍රේකින් නිව්ස් වගේ කට ළඟටම එන නිසා. දුරස්ථ ආදර සම්බන්ධතාවලදී මිනිස්සු අසරණ වෙන්නේ මේ නිසයි.

ලෝකේ තැන් දෙකක ඉදන් වෛද්‍ය ශල්‍යකර්ම කරන එකේ ආදරයක් කරන්න බැරිකමක් තියෙනවද?

 
Cover Image Source – businessinsider.com
 

Thisaranie Wijayabandara

View Comments

Share
Published by
Thisaranie Wijayabandara

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago