දඬුමොණරය ගැන සාහිත්‍යයේ, ජනප්‍රවාදයේ සඳහන් වුවද එවැනි අහස් යාත්‍රාවක් නැවත බිහිකර ගැනීමට පෙරදිග විද්‍යාඥයින්ට නොහැකි විය. එබැවින් ලොව යාන්ත්‍රිකව පියාසැරීම රයිට් සහෝදරයන් විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ බැව් සාමාන්‍ය පිලිගැනීම වේ. ඉතිං මේ පියාසැරි යන්ත්‍ර අද වනවිට මිනිසුන් පන් හයසීයක් එකවර ගුවනට නංවාගෙන යන්න තරම් හැකියාවක් තිබෙන, සද්දන්ත අහස් යාත්‍රා බවට පත් වෙලා හමාරයි. අපි ලෝකේ ලොකුම ඉගිල්ලෙන යානා ගැන ටිකක් දැනගමු.
1. Antonov AN-225 Mriya

Source – forum.bodybuilding.com
පසුගිය දිනවල මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්ස මේ යානය ලංකාවේ පුවත් අඩවි අතර පුවත් මවන්නක් වුනා. මේ ඇන්ටනොව් යානය ලොව ඇති විශාලතම, බර වැඩිම ගුවන් යානය ලෙස සැලකේ. මේ මගින් ගෙන යා හැකි බර මෙට්‍රික් ටොන් 640ක්. මුලින්ම මෙය නිපදවූයේ අභ්‍යාවකාශ ශටල යානා ප්‍රවාහනයට වුවත් පසුව වෙනත් විශාල බර ප්‍රමාණවල ජෙනරේටර් වැනි බඩු භාණ්ඩ ප්‍රවාහනයට යොදාගනු ලැබුවා. ලොව ලොකුම ගුවන් යානය පවා ගොඩබස්වන්නට හැකි සුවිශාල ධාවන පථයක් අපිට හිමිවීම සතුටට කරුණක්ද වෙනවා.
2. Airbus A380-800

Source – wikimedia.commons
ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන එයාබස් සමාගමේ මේ යෝධයා, මගී ප්‍රවාහන ගුවන් යානා අතර ධාවනය කල හැකි ගුවන් යානා අතරින් උඩම තැනක සිටිනවා. එන්ජින් හතරක බලයෙන් සවිමත් මෙහි පන්ති තුනකට යටත්ව මගීන් 525කට එකවර පියාසර කිරීමේ පහසුව තිබෙනවා.
3. Boeing 747-8i

Source – boeing.com
දෙවන ලෝක යුද්ධයෙන් පසු වේගයෙන් දියුණු වූ ලොව ගුවන් යානා ක්ෂේත්‍රයේ බෝයිං නාමය තවමත් ඉහළම තැනක වැජඹෙනවා. මෙම බෝයිං යානා ලොව වැඩිපුරම භාවිතා වන යානා අතරත් නිතරම රැඳෙන නාමයක්. බෝයින් 747 පරම්පරාවේ මෙය තුළ මගීන් ක්ලාස් තුනකට යටත්ව 467 දෙනෙකු ප්‍රවාහණය කල හැකියි. මෙම යානාව ඇමරිකානු ඩොලර් මිලියන 379ක් තරම් මිලකින් යුක්ත වෙනවා.
4. Boeing 747-400

Source – airplane-pictures.net
බෝයිං 747 කාණ්ඩයේ වැඩිපුරම ජනප්‍රිය ගුවන් යානය නම් 747-400 යානය වේ. මෙහි පන්ති අනුව ගුවන් යානය සැකසූ කල මගීන් 416ක්ද නැතහොත් මගීන් 660ක්ද රැගෙන යා හැකියි. විශාලතම ගුවන් යානා අතර වඩාත්ම ජනප්‍රිය ගුවන් යානය වන්නේද මේ බෝයිං 747-800ම වේ.
5. Airbus A340-600

Source – airplane-pictures.net
එයාබස් හි A340 කාණ්ඩයේ ජනප්‍රියම මාදිලියක් වන මෙය මගීන් 350ත් 475ත් අතර ප්‍රමාණයකට ගමන් පහසුව සැළසිය හැකි එකකි. මෙහි දිග මීටර 75කට ආසන්න වේ. ලොව රාජ්‍ය ගුවන් සේවාවන් අතර ජනප්‍රිය යානාවක් ලෙස එයාබස් A340-600 තැනක් හිමිකරගෙන තිබේ.
6. Antonov An-124

Source – airliners.com
ඇන්ටනොව් සමාගම සිය විශාලතම ගුවන් යානය වන AN-225 Mriya නිපදවීමේදී මූලික ආභාෂය ලබාගත්තේ මෙම කුඩා සහෝදරයාගෙනි. ලොව විශාලතම හමුදා ප්‍රවාහන ගුවන් යානාවද මෙය වේ. මෙයින් විශාලතර බරක් රැගෙන යෑමට හැකිය. මේ ගුවන් යානයද ඇන්ටනොව් සුවිශාල යානය මෙන් මගීන් ප්‍රවාහනයට නොව, හමුදාමය සහ හදිසි ගුවන් බඩු ප්‍රවාහන අවශ්‍යතා පිණිස වැඩි වශයෙන් යොදාගනී.
7. Antonov An-22

Source – youtube.com
යුධ හමුදාව ප්‍රවාහණයට යොදාගන්නා ලබන මේ සුවිශාල යානය පුරාණ සෝවියට් දේශය හෙවත් වත්මන් රුසියාවේ නිමවුමකි. මෙය පිටතින් පේන කැරකෙන තටු සහිතව දුවන පැරණි මාදිලියේ ගුවන් ටර්බෝ පොප් ෆුවල් මාදිලියේ එන්ජින් වලින් සමන්විතය. මේ යානයේ එවැනි එන්ජින් 4ක් තිබේ. ප්‍රධාන ගුවන් යානා එන්ජින් වලින් පරිබාහිර මාදිලියක විශාලතම ගුවන් යානය ලෙස ඇන්ටනොව් මෙම මාදිලිය දැක්විය හැකිය. මෙම ගුවන් යානා ගුවනින් ඇතැම් සහන බඩු බාහිරාදිය හෙළීම සඳහාද භාවිතා කල හැකි යානයකි.
8. Boeing 777-300

Source – wikimedia.commons
එන්ජින් දෙකක් සහිත ගුවන් යානා අතරින් විශාලතම ගුවන් යානය වන්නේ මේ ගුවන් යානය වේ. ගුවන් යානයේ මගීන් 396කට සුවසේ ගමන් කල හැකිය. මෙය බෝයිං සමාගමේ වැඩියෙන්ම භාවිතා වූ ගුවන් යානයකි.
9. Airbus A350-900

Source – artstation.com
ලංකාවේ දේශපාලනය තුළ රැව්දුන් යානයක් ලෙස මේ ඒ තුන්සිය පනහ ගුවන්යානය දැක්විය හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගත් යානා ලැයිස්තු අතර මේ යානාවද විය. ලොව විශාලතම ගුවන් සේවාවන් සඳහා භාවිතා වන මෙම ගුවන් යානය ශ්‍රී ලංකන් වැනි කුඩා ධාරිතාවයක ගුවන් සමාගමකට එතරම්ම ගැළපීමක් නැතැයිද මත පලවුනි. ලංකාව මිලදී ගත් මේ ගුවන් යානා වල ශ්‍රී ලංකන් ලේබලය ගලවා පාකිස්ථානයට කුලියට දුන් බවත් ඇතැම් වාර්තා වල දැක්වුනි. මෙම ගුවන් යානයේ එකවර මගීන් 325කට පමණ ගමන් පහසුව සලසාගත හැකි බවද දැක්වේ. මෙම ගුවන් යානා කිහිපයක් කටාර් එයාවේස් හි දැනට භාවිතා වේ.
10. Airbus A340-500

Source – airbus.com
Airbus A340 කාණ්ඩයේ Airbus A340-300 වර්ගයේ ගුවන් යානා 21 අවුරුද්දක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාවිතා වී, 2015 දී ඒවා විශ්‍රාම ගන්වන ලදී. එම ගුවන් යානා මුලින්ම මිලදී ගත් රටවල් අතර ලංකාවද විය. මේ නවතම A340-500 මාදිලියේ එන්ජින් 4කි. මගීන් 375ක් එකවර රැගෙන යෑමේ පහසුකමෙන් යුතු වේ. එයා ෆ්‍රාන්ස් සහ ලුෆ්තන්සා ගුවන් සමාගම් මෙම යානාව සිය මෙහෙයුම් සඳහා දායක කරගනී.
විශාලත්වයෙන් වැඩි ගුවන් යානා වලට වඩා ගුවන් සමාගම් මැද මට්ටම් ගුවන් යානා භාවිතයට ලැදිය. නිරන්තරයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත වන්නේ මැද මට්ටමේ ගුවන් යානා වේ. එයාබස් A320, A330 මාදිලිත් බෝයිං 737,767 මාදිලිත් ලොව වැඩියෙන්ම භාවිතා වන ගුවන් යානා වේ. මේවායේ දළ වශයෙන් එක් යානාවක මගීන් 200කට පමණ ගමන් පහසුව සලසාගත හැකිය.
ගුවන් ලොව කැළඹූ ලොව විශාලතම ගුවන් යානා කියන්නේ එක් පසෙකින් විශාල ධනයක් වියදම් කිරීමක්. ඒත් විශාල නිර්මාණ කරන විට එන තාක්ෂණික ගැටළු වලට පිළිතුරු සෙවීම තුළින් මුළු මහත් ගුවන් ඉංජිනේරු විද්‍යාවටම සැලකිය යුතු ආලෝකයක් ලැබේ.
Cover Image Source – toptenlatest.com / time.com
Leave a Reply