ආහාර පාන හා සංචාර

ලෝකයේ ළඟා වෙන්න අසීරුම තැන් 8ක්

වාහනේක නැගලා සැපට ගමනක් යද්දී ඒ තරම් අසීරු නැති උනාට, සමහර ගමන් තියෙනවා ඉතා අසීරුවෙන් ගමන් කල යුතු. ඒ අතරින් සමහරක් තැන් වලට යන්න උත්සාහ කිරීම පවා මාරාන්තිකයි. තවත් සමහරක් තැන් වලට ගමන් කිරීම අතිශය වෙහෙසක් ගෙන දෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ යන්න අමාරුම තැන් ගැන.

 

1. පිට්කේන් දූපත – Pitcairn Islands

Source – documentingreality.com

පිට්කේන් දූපත කියන්නේ මිනිස්සු පනහක් පමණ ජීවත් වන කුඩා දූපතක්. මේකෙ මොකක්ද ළඟා වෙන්න තියෙන අපහසුකම කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඇත්තටම මේක තමයි ලෝකයේ යන්න පහසුකම් අඩුම රාජ්‍යය විදිහට හඳුන්වන්නේ. මේ දූපතට ගුවන් යානා ගොඩබස්සවන්න තැනක් නෑ. ආසන්නම ගුවන් තොටුපළ තියෙන්නේ කිලෝමීටර් පන්සීයක් එහායින්. එතැනට එනකන් ගුවන් ගමනින් ඇවිල්ලා, එතන ඉඳන් දූපතට යන්න ඕන බෝට්ටු වලින්. ඒක හිතන තරම් ලේසි නෑ. කිලෝමීටර පන්සීයක්ම බෝට්ටුවෙන් යන්න එපාය.

 

2. එවරස්ට් කන්ද – Mountain Everest

Source – wikipedia.com

ඔය ඕනතරම් කට්ටිය නගින්නේ. ඕකෙ මොකක්ද අමාරුව කියලා ඔබ අහන්න පුලුවන්. එහෙමනම් ඔබට කියන්න තියෙන්නේ නැගලම බලන්න කියලයි. මොකද කියනවනම් එවරස්ට් කන්ද මුදුනටම ගිහිල්ලා තියෙන්නේ 4000ක් වගේ ප්‍රමාණයක් පමණයි දැනට. ඒ විතරක් නෙමෙයි, මේක නගින්න උත්සාහ කරලා 300 දෙනෙක් පමණ මියගිහිල්ලාත් තියෙනවා. ලෝකේ ලස්සනම සෙල්ෆියක් ගන්න තියන තැනක් තමයි මේ එවරස්ට් කඳු මුදුන කියන්නෙ. එවැනි අවස්ථාවක ඔබ සතුව gopro කැමරාවට තිබෙනවා නම් එයින් හසුකරන්නා සෙල්ෆිය ලෝකයේ ගෝලාකාර බව කැමරාවට නියමෙට හසු කරගන්නට හැකි කදිම පින්තුරයක් වේවි. ඒත් ඉතින් එතනට ළඟාවෙන වැඩේ නම් අන්තිම අමාරුයිනේ.

 

3. K2 කන්ද – Mountain K2

Source – foundtheworld.com

මේක තමයි ලෝකයේ දෙවනියටම උස කන්ද විදිහට හැඳින්වෙන්නේ. තියෙන්නෙ චීන – පකිස්ථාන දේශ සීමාවන් අතරේයි. K2 තරණය එවරස්ට් තරණයටත් වඩා අසීරුයි කියලයි සමහරු කියන්නෙ. මේක මුදුනටම නැගලා තියෙන්නේ 375 දෙනෙක් විතරයි. 86 දෙනෙක් මියගිහිල්ලා. ඒ කියන්නේ සෑම හතර දෙනෙක්ගෙන්ම එක් අයෙක් පමණ මියගිහින්. භයානකයි නේද? මේ කන්දේ තියෙන රළු බෑවුම් ස්වභාවය නිසා මේ තරම් භයානක වාර්තා හැදිලා තියෙනවා කියලයි කියවෙන්නේ.

 

4. භූතානයේ පාරෝ පන්සල – Paro Taktsang

Source – wikipedia.com

භූතානය කියන්නේ බෞද්ධ රටක්නේ. ඉතින් අර අපේ රටේ වගේ පැරණි පන්සල් බොහොමයක් එහෙත් තියෙනවා. මේ තැනත් පන්සලක්. මේක පිහිටලා තියෙන්නේ භූතානයේ පාරෝ දිස්ත්‍රික්කයේ, පාරෝ නිම්නයේයි. පන්සල තියෙන්නේ කන්දක ඉහළ කොටසේ. ඉහළ කොටසේ මේක හදලා තියෙන්නේ බෑවුමට හේත්තු කරලයි. අඩි 3000ක් උඩින් පිහිටන මේ පන්සලට යන ගමන අතිශය භයානකයි. කන්දේ බෑවුම දිහා බල බල, පයින් හෙමි හෙමින් අඩිය තියලා ගමන් කරද්දී ඇඟ හිරි වැටෙන එක ශුවර්. මේකට ව්‍යාඝ්‍ර කූඩුව කියල කියන්නෙ මේ භයානක කම හන්දා වෙන්නත් පුලුවන්.

 

5. අතුරුදහන් වූ රාජධානිය – Forbidden Kingdom

Source – cameravoyeges.com

නේපාලයේ පොඛාරා කියන නගරයට ආසන්නව තමයි මේක පිහිටලා තියෙන්නේ. අතිශය සීතල පරිසරයක දවස් එකොලහක් විතර උඩට නගින්නයි තියෙන්නේ. 1990 ගණන් වලදී තමයි මේක මුලින්ම සංචාරකයන්ට විවෘත වුණේ. මේ නිම්නයේ රාජධානියක් පිහිටා තිබූ බව නේපාල වැසියන් විශ්වාස කරනවා. ඒක දැන් අතුරුදහන් වෙලා කියලයි ඔවුන් කියන්නේ. කොහොම උනත් මේ ගමනේදී ඉහළට නගිද්දී කුඩා නගර ගම්මාන ආදිය මුණ ගැහෙනවා. ඒ උනාට ගමන අසීරුයි.

 

6. සර්ප දූපත – Snake Island

Source – youtube.comv

මේක පිහිටලා තියෙන්නේ බ්‍රසීලයේ. මේක හරහා යනවා කියන්නේ ඉතින් මාරයා එක්ක ට්‍රිප් එකක් යනවා වගේ තමයි. විද්‍යාඥයෝ ගණන් බලලා තියෙන ආකාරයට වර්ග මීටරයකට සර්පයෝ පස් දෙනෙක් හම්බවෙනවා මේ දූපතේදී. මේ දූපතේ තියෙන ප්‍රදීපාගාරය බලාගන්න මනුස්සයා සර්ප ප්‍රහාරයකින් මිය ගියාට පස්සේ ප්‍රදීපාගාරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදිහට හදන්න බ්‍රසීල රජය පියවර ගත්තා. භයානක කම ගැන හිතාගන්න පුලුවන්නේ ඉතින්.

 

7. අභියෝග සහගත ගැඹුර – Challenger Deep

Source – gizmodo.com

ලෝකයේ ගැඹුරුම ස්ථානය කියල හඳුන්වන්නේ මරියානා ආගාධය කියලා කවුරුත්ම දන්නවා. මරියානා ආගාධයෙත් ගැඹුරුම තැනක් තියෙනවා. ඒක තමයි මේක. කොච්චර ගැඹුරුද කියනවනම් මීටර් 10,900ක් පමණ ගැඹුරුයි මේක. ඒ කියන්නේ කිලෝමීටර 11ක් වගේ. මෙතැනට ගිහින් පණ පිටින් එන එකනම් හීනයක් වගේ තමයි. මොකද මේ ඇතුළේ තියෙන ආලෝකය නොමැති කම, ජලය මගින් ඇතිවන ඉතා දැඩි පීඩනය නිසා මෙතනට යනවා කියන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් ගාණයි.

 

8. උතුරු සෙන්ටිනල් දූපත – North Sentinel Island

Source – mybestplace.com

මේ දූපතට යන්න බැරි මේ දූපතේ ඉන්න සත්තු ජාතියක් හන්දවත්, වෙන මොකක්වත් හන්දවත් නෙමෙයි. ඔබ මේ දූපතට යන්න කරන කුමන උත්සාහයකදී උනත් ඔබට පහර දෙන්න මේ දූපතේ ඉන්න ගෝත්‍රික ජනතාව සැදී පැහැදී ඉන්න නිසයි. මේ දූපත පිහිටලා තියෙන්නෙ අන්දමන් දූපත් ආසන්නයේයි. ප්‍රමාණයෙන් විශාල දූපතක්. මේ දූපත් වැසියන්ගේ මේ හැසිරීම නිසා මේ දූපත ගැන හරියට විස්තරයක් වත් ලෝකයට තවමත් එළිදැකල නෑ.

 
Cover Image Source – time.com / lonelyplanet.com / cntraveller.com
 

Mahela Hettiarachchi

Share
Published by
Mahela Hettiarachchi

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago