පරිසරය කියන්නේ අරුම පුදුම නිමැවුමක්. පරිසරය ආරක්ෂා වෙන්නේ එහි ඉන්න සතුන් සහ ශාක ආරක්ෂා වුණාම කියලා ඔබ හැමෝම දන්නවා.නමුත් ආරක්ෂා කර ගන්න නොහැකි වුණු නිසා සදහටම මේ ලෝකයෙන් තුරන් වුණු සත්ව සහ ශාක කොට්ඨාස බොහොමයක් ඉන්නවා. මෑතකදී මෙළොවින් සමුගත්ත අවසාන පිරිමි උතුරු සුදු රයිනෝ ගැන පුවත ඔබට මතක ඇතිනේ. අපි මේ කතා කරන්න යන්නේ ඒ විදිහට අපේ ජීවිත කාලය තුළ සදහටම නැති වුණු තවත් සත්ව විශේෂ කිහිපයක් ගැනයි.
1. බටහිර කලු රයිනෝ – West Black Rhino

Source – wikipedia.com
කලු රයිනෝ කියන ප්‍රධාන සත්ව වර්ගයේ උප සත්ව වර්ගයක් වන බටහිර කලු රයිනෝ ලා බොහෝ විට ජීවත් වුණේ කැමරූන් රාජ්‍යයේ. 1930 දී මෙයාලා වඳවීමේ තර්ජනයට මුහුණ දීල ඉන්නවා කියලා සංරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වුණත් ඒක කල්යත්ම අසාර්ථක වෙනවා. අසාර්ථක සංරක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට 2006 වන විට මෙයාල කවුරුවත් මේ ලෝකෙ හිටියෙ නැහැ. 2011 දී නිල වශයෙන් මෙයාල ලෝකයේ නැති බව ප්‍රකාශයට පත් වුණා. කලු රයිනෝ වර්ගයට අයත් තවත් උප සත්ව විශේෂ දෙකක් ඉතිරි වෙලා ඉන්නවා. එයාලත් වඳ වීමේ තර්ජනයට මුහුණ දීලයි ඉන්නේ.
2. ඇත්දළ වර්ණ හොටක් ඇති කොට්ටෝරුවා – Ivory Billed Woodpecker

Source – dinotopia.wikia.com
ඇත් දළ පාටට හොටක් තිබ්බ මේ හාදයා මේ වෙද්දි ලෝකයෙන් තුරන් වෙලා ගිහින් කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. 1930 ගණන් වලදී තමයි මේ කොට්ටෝරුවාගේ අවසන් ඡායාරූපයක් කැමරාවක සටහන් වෙලා තියෙන්නේ. 2002 වසරේ වනාන්තරයකදී ගත්තු ඕඩියෝ පටයක මෙයාගෙ හඬ ගැබ් වෙලා තිබීම ආන්දෝලනයට ලක් වුණා. ඒ වගේම කාලෙන් කාලෙට මේ පක්ෂියාව දැක්කාය කියල නොයෙකුත් ප්‍රවෘත්තිත් පල වුණා. කොහොම උනත් විද්‍යාඥයෝ නම් කියන්නේ මෙයා ඉන්නවා කියන්න ඒ තොරතුරු ප්‍රමාණවත් මදි කියලයි.
3. ජාවා කොටියා – Javan Tiger

Source – wikipedia.org
මෙළොවට අහිමි වුණ කාලය – 1970 ගණන් වලදී
වගා බිම් සඳහා කැළෑ කල එළි කිරීම කියන හේතුව නිසා ගහණය අඩු වුණු මේ සත්වයින් ජීවත් වුණේ ජාවා දූපත් ආශ්‍රිතව. ඒ කාලය වෙන කොට මේ කොටි විශේෂය ජාවා දූපත් වල උසම ස්ථානයට ආසන්නව ජීවත් වුණා කියලයි වාර්තා වෙන්නේ. 1993 වෙද්දී මෙයාලගෙන් එක ජීවියෙක්වත් දකින්න නොලැබෙන නිසා 1994 දී මෙයාත් මේ ලෝකයේ නැති සතෙක් විදිහට නම් වෙනවා. කෙසේ නමුත් අදටත් වරින් වර ජාවා කොටියන්ව දැක්කායැයි කියන නිල නොලත් වාර්තා පල වෙනවා.
4. රත්තරන් මැඩියා – Golden Toad

Source – ticotimes.com
අවසන් වරට දුටු වර්ෂය – 1989
කොස්ටරීකා රාජ්‍යය මුල් කරගෙන ජීවත් වෙච්ච මේ මැඩියාව අවසන් වරට දැකලා තියෙන්නෙ1989 දියි. මෙයාගේ නැති වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ දේශගුණික විපර්යාස වල බලපෑමයි. කොහොම උනත් තවමත් මේ සත්වයා හොයලා කෙරෙන පර්යේෂණ නම් සිද්ධ වෙනවා. ඒ වගේම කොස්ටරිකා රාජ්‍යයේ මේ සතා ගැන ප්‍රදර්ශන පවා පැවැත්වෙනවා.
5. කැනේරි දූපතේ බොලු ගුල්ලා – Canarian Oystercatcher

Source – wikipedia.com
මෙළොවට අහිමි වුණ කාලය – 1940 ගණන් වලදී
බෙල්ලන් ප්‍රධාන ආහාරයට ගත්තු මේ අය නැති වෙන්න හේතු වුණෙත් ඒ බෙල්ලන්මයි කියලමයි කියන්නේ. මොකද ධීවර කර්මාන්තය පැතිරීමත් සමග මේ අයට ආහාරයට ගන්න බෙල්ලන් නැති වුණා. ඉතින් ටිකෙන් ටික මේ අය නැති වෙලා යන්න ගත්තා. 1994 දී තමයි මෙයාලා ලෝකයේ නැතිය කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණේ.
6. පින්ටා දූපතේ ඉබ්බා – Pinta Island Tortoise

Source – wikipedia.com
මෙළොවට අහිමි වුණ වර්ෂය – 2012
මෙයාලගෙන් අන්තිම කෙනා මහත් පරිශ්‍රමයක් දරලා සංරක්ෂණය කලා ඔබටත් මතක ඇති. එයාව හැඳින්වුවේ “තනිකඩ ජෝජ්” කියලයි. තමන් හැර තමන්ගෙ ජාතියේ වෙන සතෙක් ලෝකෙටම නැති වුණාම තනිකඩ වෙන එක අහන්නත් දෙයක් ද..? කොහොම උනත් මේ මහලු ඉබ්බා තමන්ගේ වසර සීයකට වඩා අත්දැකීම් සහිත ජීවිතයට සමුදුන්නේ 2012 වසරෙදියි. එදයින් පස්සේ මේ සත්ව විශේෂයත් මේ ලෝකයේ දකින්න ලැබෙන්නෙ නෑ.
7. කැස්පියන් කොටියා – Caspian Tiger

Source – tengrinews.com
මෙළොවට අහිමි වුණ වර්ෂය – 2003
මෙයානම් ඉස්සර ගොඩක් සුලභව දකින්න ලැබුණු නපුරෙක්. ඒත් මොකක්ද අවාසනාවකට මෙයාව දඩයම් කරන්න ලොකු තරඟයක් 20 වෙනි සියවසේ මැද භාගය වෙද්දී ඇති වුණා. රුසියාව, කසකස්ථානය, ජෝජියාව, ඉරාකය වගේ රටවල් වල දකින්න ලැබුණු මේ කොටි රාජයා විසිවෙනි සියවස අවසන් වෙද්දී මිනිස් දඩයම නිසා නැත්තටම නැති වෙලා ගියා. අන්තිමට මේ සතාව දැකලා තිබ්බේ 1990 අවුරුද්දේ. ඊට පස්සේ 2003 වෙනකල් මේ සතාව දකින්න නොලැබුණු නිසා මේ සතාත් ලෝකයෙන් තුරන් වුණු සතෙක් විදිහට ඒ වසරේදී ප්‍රකාශයට පත් වුණා.
Cover Image Source – ibitimes.uk /wikipedia.org
Leave a Reply