මේ කියන්න යන්නේ මාතලේ සංචාරය කරන්න ඉන්න ඔබ, මාතලේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහල වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් හා සුන්දර ස්ථාන මාතලේ සතුයි.
1. අලුවිහාරය
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමග මුළුමහත් බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බවට අලුවිහාරය පත්විය.
දීපවංශය, මහාවංශය, අස්ගිරි තල්පත, නිකාය සංග්‍රහය, පුජාවලිය වැනි ඓතිහාසික ග්‍රන්ථ ඇසුරෙන්, බ්‍රහාමි ශිලාලිපි ඇතුළු පෞරාණික නටබුන් තුලින් හා ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේදී කල පර්යේෂණ වලදී අලුවිහාරයේ පුරා විද්‍යාත්මක අගය සොයාගනු ලැබිය. අලුවිහාරය යනු මෙම විහාරස්ථානයේ නමය. ඉතිහාසයේ මුල් යුගවල සිටම ආලෝකලෙන නමින් මෙම විහාරස්ථානය හැදින්විය. ආලෝකලෙන පසුව අළුලෙන, අලුවිහාරය බවට පත්විය.
මෙන්න මෙතැන තමා අලුවිහාරය පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
2. පඩිවිට අම්බලම
මෙහි නිශ්චිත ඉතිහාසයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් මෙය ඉංග්‍රිසි පාලන යුගයට පෙර මහනුවර යුගයට අයත්වීමට බොහොසෙයින් ඉඩ ඇත. මෙහි වහලයට යොදා ඇති ආධාරක කණුවල හතර පැත්තෙහිම ඉතා අලංකාර හා සියුම් කැටයම් නෙලා ඇත. නමුත් වර්තමානය වන විට එම කැටයම් විනාශ වෙමින් පවති. මෙහි නෙලා ඇති කැටයම් හෝ මෙම අම්බලම පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සොයා බැලීමක් සිදුකර නොමැත. මෙය පිහිටා ඇත්තේ මාතලේ මහනුවර කුඹියන්ගොඩ මාර්ගයේ පඩිවිට වෙල් යායට මායිම්වය.
මෙන්න මෙතැන තමා පඩිවිට අම්බලම පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
3. නාලන්ද ගෙඩිගේ
ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.
මෙන්න මෙතැන තමා නාලන්ද ගෙඩිගේ පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
4. දඹුල්ල රජමහා විහාරය
ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.
මෙන්න මෙතැන තමා දඹුල්ල රජමහා විහාරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
5. බඹරකිරි ඇල්ල
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ ඇති සුන්දර දිය ඇල්ලක්. මාතලේ ඉඳන් රත්තොට හරහා පල්ලේගම මාර්ගය දිගේ රිවර්ස්ටන් හෝ නකල්ස් යන අයට රත්තොට ඉඳන් කිලෝමීටර 5ක් විතර ගියාට පස්සේ බඹරකිරි වංගුව හමුවෙනවා. එැතැනින් තියෙන පුංචි පාර වෙලන්ගහවත්ත ගමට යන අඩි පාර. මේ පාර දිගේ මීටර 50ක් විතර යද්දී බඹරකිරි ඇල්ල දකින්න පුළුවන්.
මෙන්න මෙතැන තමා බඹරකිරි ඇල්ල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
6. හුන්නස්ගිරි දිය ඇල්ල
හුන්නස්ගිරි දිය ඇල්ල ( හුන්නස් දිය ඇල්ල ) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක්ය. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහටා ඇත. දිය ඇල්ලේ උස අඩි 125 කි.
මෙන්න මෙතැන තමා හුන්නස්ගිරි ඇල්ල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
7. ශ්‍රී මුතුමාරිඅම්මාන් කෝවිල
මාතලේ නගරයේ පිහිටි මෙම කෝවිල විසින් වාර්ෂිකව පවත්නා තේරු උත්සවය සදහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණේ
මෙන්න මෙතැන තමා ශ්‍රී මුතුමාරිඅම්මාන් කෝවිල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
8. මැක් ඩොවෙල් බලකොටුව
කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.
මෙන්න මෙතැන තමා මැක් ඩොවෙල් බලකොටුව පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
9. සෙම්බුවත්ත විල
සෙම්බුවත්ත විල පිහිටා තිබෙන්නේ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේය. මෙහි පැමිණිමට ඇති ප්‍රධාන මාර්ග 2ක් නම් මහනුවර සිට වත්තේගමට පැමිණ ඇල්කඩුව නගරය හරහා සෙම්බුවත්තට යාම හා මාතලේ නගරයේ සිට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණ මෙහි ලගාවීමයි. සෙම්බුවත්ත විල යනු මිනිසා විසින් සංවර්ධිත විලකි. ඇල්කඩුව වතුයායේ වර්තමාන කලමණාකාරතුමන්ගේ අදහසකට අනුව නිකරුනේ සැගවුනු විලක් වී තිබූ මෙය මීට වසර කිහිපයකට පෙර සාර්ථක ප්‍රතිසංස්කරණයකින් අමතරව දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් කොට ඇත.
මෙන්න මෙතැන තමා සෙම්බුවත්ත විල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
10. රිවර්ස්ටන්
ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී කඳු පන්තියක් වන, මධ්‍යම කඳුකරයට උතුරින් පිහිටි නකල්ස් කඳු පංතියේ නැඟෙනහිර මුහුණත, ඊසාන දිග මෝසමෙන් පෝෂණය වේ. එහි බටහිර මුහුණත පෝෂණය වන්නේ නිරිත දිග මෝසම් වර්ෂාවෙනි. මේ පෙදෙසේ සංචාරය කරන්නකුට, මේ අත්දැකීම් රිසි සේ විඳ ගැනීමට හැකි ය. එයට හේතුව, සාමාන්‍ය කඳුකර තෙත් ප්‍රදේශයක ලක්ෂණ රත්තොට ප්‍රදේශයේදී පෙන්නුම් කරන නිසාත්, රිවර්ස්ටන් පෙදෙස අවට, නිරන්තරයෙන් ම මීදුමෙන් වැසුණු නිසාත් ය. රිවර්ස්ටන් පෙදෙසේදී, කඳුකර වනාන්තර ලක්ෂණ විද්‍යමාන වේ.
මෙන්න මෙතැන තමා රිවර්ස්ටන් පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
11. සේර ඇල්ල
ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක් පිටිය පාරට හැරිල කිලෝමීටර හත අටක් යද්දී අපට සේර ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. මේ දිය ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇලි අතරට එක්වෙන සිය ඇල්ලක්. උසින් මීටර 10ක් විතර වෙන දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්න නම් වැසි සමයේ යන්න ඕන. නකල්ස් කඳුවැටියෙන් ආරම්භවෙන මේ දිය ඇල්ල කඳුවැටියේ කෙලවරම ඇති මානිගල කන්ද පසෙකින් තමයි කඩා හැලෙන්නේ.
මෙන්න මෙතැන තමා සේර ඇල්ල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
12. ජාතික කුළුබඩු උද්‍යානය
ශ්‍රී ලංකාවේ කුළුබඩු පිළිබඳව දේශීය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නිවැරදි දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම උද්‍යානය ඉදිකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අක්කර 20ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මෙම උද්‍යානය තුළ ලංකාවේ වැවෙන සෑම කුළුබඩු වර්ගයක්ම ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට මෙම උද්‍යානයෙහි කුළුබඩු වර්ග 25කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති අතර ඉදිරියේදී තවත් කුළුබඩු වර්ග වගා කිරීමට නියමිත බව සඳහන්ය. එමෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක්, දේශන ශාලාවක් හා අලෙවි මධ්‍යස්ථානයක් ද සහිතව අක්කර 100 ක භූමි ප්‍රමාණයක් පුරා මෙම උද්‍යානය සංවර්ධනය කිරීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
13. වස්ගමුව ජාතික උද්‍යානය
ලංකාවේ උසින් වැඩිම අලි ඇතුන් ජීවත්වන වනෝද්‍යානය ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. මෙය හෙක්ටයාර් 40000 ක පමණ භුමි භාගයක් පුරා පැතිරී පවති. පෙර රජ දවස පැවති සෞභාග්‍යය මේ වනාන්තරය පුරා පැතිර පවත්නා වැවි අමුණු අපට කියාපායි. පසුව මෙම ප්‍රදේශය වන සතුන්ගේ වාස භුමියක් බවට පත් වි ඇත. 1937 රක්ෂිත භුමියක් ලෙස ප්‍රකාශිත මෙම භුමිය වන සතුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිත භාවය උදෙසා 1984 දී ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙන්න මෙතැන තමා වස්ගමුව ජාතික උද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/q164rTZekuw
14. සීගිරිය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලාගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රීක්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.
මෙන්න මෙතැන තමා සීගිරිය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/wviChuuucGu
Cover Image Source – wikipedia.org
Leave a Reply