කෙල්ලෙක් නැති කොල්ලො ඒකට කියන බොරු හේතු

Reasons as a single

කොල්ලො ඉන්නව. ඒ අයට කෙල්ලො ඉන්නව. සමහර කොල්ලො ඉන්නව. ඒ සමහර කොල්ලොන්ට කෙල්ලො නෑ. ඒ අතරෙ සමහරු ඉන්නවා කෙල්ලෙක් නැති වුනත් ලෝකෙ පෙරළෙන්නෙ නෑ වගේ තමුන්ගෙ පාඩුවෙ හිත කැමති කෙල්ලෙක් හම්බෙනකං බලාගෙන ඉන්න. ඒ වගේම මේ ලෝකෙ තමුන්ට කෙල්ලෙක් නැති වීම ගැන ගතු කියන, හේතු කියන, බලෙන් ප්ලග් වෙලා කෙල්ලෙකුගෙ අවුල් ගැන කිය කිය වාතයක් වෙන ජාතියෙ බුවාලත් ඉන්නව. අන්න ඒ නිසාම අපි අද කියන්නෙ ඒ විදියට තමුන්ට පෙම්වතියක් නොසිටීම අමුතු ප්‍රශ්නයක් කරගෙන, ඒ වෙනුවෙන් හේතු කිය කිය ඉන්න කොල්ලො කියන කතා ටිකක්.

 

1. හිතට හරියන එකක් නෑ

Reasons as a single

Source – youtube.com

මෙන්න මේ විදියෙ නිශ්චිත පිළිතුරක් නොදී ඕනම තැනකට ඔට්ටු උත්තරයක් දෙන අයත් ඉන්නවා. ඒ අය කිසිසේත්ම තමුන්ට කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න නොහැකියාවක් හෝ ඒ කෙල්ල තමුන්ට කැමති නොවෙන්න හැකියාවක් තියෙන බව පෙන්වන්නෙ නෑ. ඒ අය කියන විදිහට ඒ අයට උනන්දුවත් තියෙනවා, ගෑණු ළමයිනුත් ඒ අයට කැමතියි, නමුත් ඒ අය හිතන පතන විදියෙ ගෑණු ළමයෙක් තාම මුණගැහිලා නෑ. කොටිම්ම එහෙම උන් මේ ලෝකෙ නෑ. පබාවතීගෙ වගේ පිළිමෙ හදං රට වටේ යන්න තමයි අම්මලට වෙන්නෙ. ඒ වගේම සමහරු මේක අනුන්ට බොරුවක් විදියට වගේම තමුන්ගෙත් හිත හදාගන්න බොරුවක් විදියට කරනවා. ඒ නිසා සෙට් වෙන්නෙ නැති කෙල්ලෙක්ගෙ මොකක් හෝ අඩුවක් හොයන්න බලාගෙන තමයි ඉන්නෙ.

 

2. අම්මගෙ තීරණේ

Reasons as a single

Source – youtube.com

සමහරු තමුන්ගෙ නොහැකියාව සහ නොලැබීම අම්මගෙ පිටින් දාලා, ලෝකයට තමුන්ගේ සහකාරිය තේරීම අම්මගෙ වගකීමක් බවට පත් කරනවා. අම්මලා ඒක අනේ ඉතිං අපේ හොඳ පුතා වගේ සීන් එකකින් කරපින්නා ගත්තට, අම්මා දන්නෙ නෑ පුතා කෙල්ලො හැටකට විතර ට්‍රයි කරලා හැටම එපා කියපු එකෙක් විත්තිය. ඉතිං දහදුක් විඳලා බඩෙන් එළියට අරගෙන, කිරි පොවලා, චූ ගොඩවල් උඩ නිදියලා, ඕන කරන දේ දීලා, උගන්නලා, පරිස්සං කරලා, දරුව ගැන දුක් වෙලා, ප්‍රෙෂර් වැඩි කරගෙන ඉවරවෙලා අන්තිමට දරුවව කසාද බන්දන්න කෙල්ලෙක් හොයන එකත් කරන්න භාරගන්නවා. අන්න ඒ නිසා තමුන්ගෙ නොහැකියාව සහ නොලැබීම වයසක අම්මා පිටින් නොයවන්න හිතට ගන්න.

 

3. රැවුල අවුල

Reasons as a single

Source – reddit.com

දැන් ඔය කියන කොල්ලොන්ගෙ විවිධ වූ, පෙනුමට එක් කරන විලාසිතා තියෙනවනෙ. කොණ්ඩ කට්, රැවුල වැවීම, එක එක පන්නයෙ ඇඳුම් වගේ දේවල්. මුං ඒ ඕනම දෙයක් ගැහැණියක් වෙනුවෙන් වෙනස් කරන්න සූදානම්. ඒ තරමට ස්ත්‍රියට බලයක් තියෙනවා. කොටිම්ම කෙල්ල ‘මං ඔයාට කැමති නැත්තෙ ඔයාගෙ රැවුල නිසයි අයියෙ’ කිවුවොත්, මුං පහුවදාට එන්නෙ ඊස්ට්‍රජන් හරි ප්‍රොජෙස්ටරෝන් හරි ගහගෙන. හැබැයි කෙල්ල කැමති නැති වුනොත් කියන්නෙ, ‘කොහෙද බං ඒකි මට රැවුල කපන්න කියනවනෙ. අම්ම අච්චර කියලත් මං නොකපන රැවුල මේ කොහෙවත් යන එකියෙක් හින්දා කපයිද බං?’ කියල.

 

4. රස්සාව සහ පරස්තාව

Reasons as a single

Source – youtube.com

මේ විදියට තමුන්ට කෙල්ලෙක් නැති වීම වෙනුවෙන් බිලිදෙන තවත් දෙයක් තමයි රස්සාව. හැම මනුස්සයටම ආදායම් මාර්ගයක් අවශ්‍ය නිසා බොහෝ මිනිස්සු රස්සාවක් කරනවා තමයි. හැබැයි එහෙමයි කියලා රස්සාව කියන්නෙ ජීවිතේම නෙමෙයිනෙ. ඔෆිස් එකෙන් එන්නෙ රෑවෙලා. ආයෙත් පාන්දරින්ම ඔෆිස් එකට යනවා. සෙනසුරාදට ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරනවා. ඉරිදාට අයෙත් ඔෆිස් එකේ වැඩක් හෝ අවුටින් එකක්. ඒ වගේ ජීවිතයක් ගෙවනවානං ගෙයක් දොරක් ගන්න වාහනයක් ගන්න වගේ හීන නැතුව රස්සාව කරන තැන කිට්ටුවෙන්ම ඇනෙක්ස් එකක් රෙන්ට් කරගෙන ජීවත් වෙන්නයි තියෙන්නෙ. ඒ නිසා රස්සාව පිටින් දාලා කෙල්ලෙක් නැති ප්‍රශ්නෙ ඇරියස් එක යවාගන්න එක අවුල්. තමුන්ට කෙල්ලෙක් එපානං ඒක අවුලක් නැති ප්‍රශ්නයක්. හැබැයි තමුන්ට කෙල්ලෙක් ඕන වුනත් රස්සාව නිසා සෙට් කරගෙන බෑ කියන එකනං අවුල් උත්තරයක්.

 

5. කෙටවීම්

Reasons as a single

Source – notablelife.com

මේ දේ නං ඇත්තටම සිදුවෙන්න පුළුවන් දෙයක් වගේම බොරුවට කියන්නත් ඉඩ තියෙන දෙයක්. ඒ තමයි තවත් කෙල්ලෙක් තමුං ගැන කේලං කිවුව කියන සිද්ධිය. කෙල්ලොන්ට ඉතිං තමුන් කැමති පිරිමියෙක් වුනත්, නැති එක්කෙනෙක් වුනත් පොඩි ‌කේලම් කියන්න චාන්ස් එකක් අහුවුනොත් අතාරින්නෙ නෑ. ‘ඔයා දන්නවද ඒයි? ඕකා පහ වසරෙදි මගේ අතින් ඇල්ලුවනෙ, හැමදාම දවල්ට ඉස්කෝල ගාවට වෙලා ඉන්නව‌ අනේ අම්මලට ඇහැ දාන්න, දවසින් දවසට එක එක කෙල්ලො, මං දැකලා තියෙනවනෙ බස් එ‌කේ එකට යනවා’ වගේ කේලං ඉවක් බවක් නැතුව අතෑරලා පොඩි කෙටවීමක් කරන්න සමහර කෙල්ලො සූදානං. ඒ වගේම හැබැයි ඒ කතාව පිටින් දාලා තමුන්ට කෙල්ලෙක් නැත්තෙ වෙනිං කෙල්ලෙක් තමුන්ට ලවු පිට ගිහින්, තමුන් කැමති කෙල්ලට කේලං කියපු නිසාය කියලත් සමහරු පුන පුනා කියනවා.

 

6. එමවිට පවසනු!

Reasons as a single

Source – 123rf.com

ඔන්න මේ කියන විදියෙ ප්‍රශ්නත් ඇත්තටම වගේම බොරුවටත් හේතු විදියට දක්වන්න පුළුවන්. සමහර කොල්ලො කියන්නෙ කෙල්ල තමුන්ට කැමති වුනාට ඒ කෙල්ල හෙන ධාර්මිෂ්ඨ කෙල්ලෙක්. පන්සල් යන්න විතරයි කැමති. තව අවුරුදු පහක් විතර තියෙනව කසාද බඳින්නත්. ඒ නිසා ඒ අවුරුදු පහම වේලි වේලි තමයි ඉන්න වෙන්නෙ කියලයි. හැබැයි සමහරු ඕක තමුන්ට කෙල්ලෙක් නැති එකට බොරු හේතුවක් විදියට දක්වනවා. කෙල්ලෙක් ඇවිල්ලා, බෙල්ලෙන් අල්ලලා ‘යමං රූම් එහෙකට’ කියල කියන්නෑනෙ මහත්තයො.

 

7. බොලා විඳින දුක!

Reasons as a single

Source – wordpress.com

මේ විදියෙ බොරුවක් කියන කෙල්ලෙක් නැති කොල්ලො පිරිසකුත් ඉන්නවා. ඒ අය ඒ අයගෙ කෙල්ලෙක් නැති වැරැද්ද යවන්නෙ අපේ පිටින්. ‘උඹලා කෙල්ලෙක් සෙට් කරගෙන කන කට්ට දැක්කම අපිට කෙල්ලෙක් සෙට් කරගන්නවත් හිතෙනවද බං?’ වගේ ගොන් කතා තමයි උන් කියන්නෙ. හැබැයි හරි කාලෙ කෙල්ලෙක් සෙට් උනානං අපේ උසට ළමයි ඉන්නෝන වයසක බුවෙක් එහෙම කියද්දි ටිකක් ගොං කියලත් හිතෙනවා. එනිසා තමුන්ට අවශ්‍යතාවයක් තියෙද්දිත් කෙල්ලෙක් නැත්තං ඒක තමුන්ගෙ අවුලක් මිස වෙනිං කෙනෙකුගේ හෝ වෙනිං දෙයක අවුලක් නෙමෙයි. ඒ අවුලට විසඳුමක් හොයාගන්න පුළුවන් ආටිකල් එකකුත් අපි ලියලා තියෙනවා.

 
Cover Image Source – tbbtfans.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *