පාන් ටෝස්ටර් එකෙන් හදාගන්න පුළුවන් රසවත්ම කෑම වර්ග 7ක්

Toaster Recipes

ටෝස්ටර් එකක් එහෙමත් නැත්නම් සැන්ඩ්විච් මේකර් එකක් නම් බොහෝමයක් ගෙවල් වල තියෙනව. ඔය මැදට සැමන් ටිකක් ළූණු ටිකක් දාල පාන් කෑල්ලක් ටෝස්ට් කරගන්නව ඇරුනම මේ උපකරණෙන් වෙන වැඩක් ගන්න හුඟ දෙනෙක් දන්නෙ නෑ. අද මේ කියන්න හදන්නෙ පාන් ටෝස්ට් කරන්න විතරක්ම ගන්න ටෝස්ටරෙන් රස කෑම ජාති කීපයක්ම හදාගන්න හැටි.

 

1. ටෝස්ටර් පේස්ට්‍රි

Toaster Recipes

Source – lynncurry.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට්ස් (ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් අඩු මිලකට)
  2. ස්ක්‍රැම්බල් කරගත් බිත්තර
  3. කැමති චීස් වර්ගයක්
  4. චොප් කරගත් ළූණු ටිකක්
  5. ගම්මිරිස් කුඩු

 

  • පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ තියෙන විදියට ශීත ගතිය නැති උනාම තුනී කරගන්න.
  • ටෝස්ටරේ ප්‍රමාණෙට කොටු හතරක් කපාගෙන, ඉන් දෙකක් ටෝස්ටර් එකේ අතුරගෙන ඒ මැදට බිත්තර, ළූණු සහ චීස් තියාගන්න. උඩින් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් ඉහලා ඉතිරි පේස්ට්‍රි ශීට් දෙකෙන් වහල ටෝස්ට් කරගන්න. කැමති නම් හැම් හෝ බේකන් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්.
  • ටෝස්ට් කරන්න අවශ්‍ය වෙලාව ටෝස්ටර් එකින් ටෝස්ටර් එකට වෙනස් වෙන නිසා සාමාන්‍යයෙන් පාන් ටෝස්ට් වෙන්න යන වෙලාව අනුව ඇරල බලන්න. රන්වන් පාටට ටෝස්ට් වෙලා නම් ප්ලාස්ටික් පැතලි හැන්දකින් එළියට අරගන්න.

 

2. චොකෝ චිප්ස් ටෝස්ටර් කේක්

Toaster Recipes

Source – scallingbackblog.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. දියකරගත් බටර්/ මාගරින් හෝ එළවළු තෙල් කප් 1/2 (මෙශරින් කප්)
  2. පිටි ග්‍රෑම් 125
  3. සීනි ග්‍රෑම් 100
  4. බේකින් පව්ඩර් ​තේ හැන්දක්
  5. කිරි මිලිලීටර් 30
  6. වැනිලා ​තේ හැන්දක්
  7. පොඩි බිත්තර 2
  8. චොකලට් චිප්ස් හෝ කුඩාවට කපාගත් කුකින් චොකලට් මේස හැඳි 3

 

  1. සීනි දිය වෙන තුරු බටර් සහ සීනි බීට් කරගන්න. (හෑන්ඩ් විස්ක් එකකින් කිරීම ප්‍රමාණවත්) ඒකටම බිත්තර, වැනිලා සහ කිරි එකතු කරගෙන බීට් කරගන්න.
  2. මේ මිශ්‍රණයට බේකින් පව්ඩර් මිශ්‍ර කර, හලාගත් පිටි ටිකෙන් ටික එකතු කරල මිශ්‍ර කරගන්න. අන්තිමට චොකලට් චිප්ස් එකතු කරන් මිශ්‍ර කරගන්න.
  3. ටෝස්ටර් එකට බටර් හරි එලවලු තෙල් හරි බ්‍රශ් එකකින් ගාගෙන, කේක් මිශ්‍රණය ටෝස්ටර් එකට හැන්දකින් ප්‍රවේසමෙන් දාගෙන ටෝස්ට් කරගන්න.
  4. මිනිත්තු තුන හතරකින් ඇරල ටූත් පික් එකකින් ඇනල බලන්න. තෙත ගතියට එනව නම් තව ටික වෙලාවක් තියල ගන්න.

 

3. බිත්තර රොටි /එළවළු රොටි

Toaster Recipes

Source – swiggy.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් පිටි කප් 2
  2. තෙල් මේස හැඳි 3
  3. ලුණු
  4. කැරට්,ලීක්ස්, ළූණු, ලුණු, ගම්මිරිස් දාගත් බිත්තර මිශ්‍රණයක් හෝ එළවළු රොටි ෆිලින්ග් එකක්

 

  • මුලින් තියන ද්‍රව්‍ය තුන එකට දාල කලවම් කරන්, වතුර ටික ටික එකතු කරමින් හොඳටම සොෆ්ට් පිටි බෝලයක් අනාගන්න. වතුර ටිකක් වැඩියෙන් දාගන්න. මේ ඩෝ එක සොෆ්ට් වෙන්න ඕන.
  • දැන් ඒ ඩෝ එක පොඩි පොඩි බෝල කීපෙකට කඩාගෙන, ඒ බෝල වලින් භාගයක් වැහෙන ගාණට තෙල් දාල පැය 4ක් විතර තියන්න. පැය දෙකකින් පස්සෙ බෝල ටික අනිත් පැත්ත හරවන්න මතක තියාගන්න.
  • පැය හතරකට පස්සෙ මේ පොඩි බෝලයක් තුනී කරන් ටෝස්ටර් එකේ ප්‍රමාණයට කොටුවක් කපාගෙන ටෝස්ටර් එකට දාගන්න.
  • මැද වල වගේ කොටස හිටින්න දාගෙන ඒ වලට එළවළු රොටි මිශ්‍රණය හෝ බිත්තර මිශ්‍රණය දාල තවත් තුනී කරගත්ත ඩෝ කොටසකින් වහල ටෝස්ට් කරන්න.

 

4. ස්ටෆ්ඩ් පොල් රොටි

Toaster Recipes

Source – manjulaskitchen.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොල් රොටි මිශ්‍රණය
  2. චිලි පේස්ට්/ පැණි පොල්/ තෙල්දාපු හාල් මැස්සො
  3. බටර්

 

  • සාමාන්‍ය පොල් රොටියට වඩා රොටිය තුනී කරගන්න. ඒකට බටර් තවරල ඊට උඩින් උඩින් කිව්ව වගේ කැමති පිරවුමක් මැදට දාල දෙකට නවාගෙන ටෝස්ටර් එකට දාල ටෝස්ට් කරගන්න.

5. ටෝස්ටර් ඔම්ලට්

Toaster Recipes

Source – whattheredheadsaid.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බිත්තර 3
  2. චොප් කරගත් ළූණු
  3. චොප් කරගත් අමු මිරිස්
  4. ගාගත් කැරට්
  5. සිහින්ව කපාගත් ලීක්ස්
  6. ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
  7. චොප් කරගත් තක්කලි
  8. ලුණු
  9. ගම්මිරිස්

 

  • බිත්තර වලට කිරි එකතු කරගෙන, ගෑරප්පුවකින් බීට් කරගෙන පැත්තකින් තියාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට කැරට්, ළූණු සහ අමුමිරිස් එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. අන්තිමට ලීක්ස් එක් කර ලුණු, ගම්මිරිස් රස අනුව එකතු කරන් තක්කලිත් එකතු කරගෙන ලිපෙන් ඉවත් කරගන්න.
  • තෙම්පරාදුව නිවුනට පස්සෙ ඒක බිත්තර වලට මිශ්‍ර කරගෙන හැන්දකින් ටෝස්ටර් එකට හිමීට පුරවගෙන ටෝස්ට් කරගන්න.

 

6. ටෝස්ට් පීසා/කැල්සෝන්

Toaster Recipes

Source – archanaskitchen.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 1
  2. ඊස්ට් තේ හැඳි 1
  3. සීනි තේ හැඳි 1/2
  4. ඔලිව් තෙල් මේස හැඳි 1
  5. ලුණු තේ හැඳි 1/2
  6. මොසරැල්ල චීස්
  7. තක්කලි සෝස් හෝ පීසා සෝස්
  8. කැමති මස් හෝ එළවළු ටොපින් එකක්

 

  • පිටි, යීස්ට් සහ සීනි මිශ්‍ර කරගන්න. ඒකට ඔලිව් තෙල් සහ ලුණු එක් කරල මද රස්නය ඇති වතුර ටික ටික එකතු කරන්, අතේ නොඇලෙන පදමට හොඳින් අනාගෙන, තෙත මිරිකගත් පිරිසිදු රෙද්දකින් වහල පැයක් තියන්න.
  • ටෝස්ටරයට ඔලිව් තෙල් හෝ බටර් බ්‍රශ් කරගන්න. හදාගත් ඩෝ එකෙන් කොටසක් ගෙන පිටි තවරාගත් ලෑල්ලක ටෝස්ටරේ ප්‍රමාණයට තුනී කරගෙන ටෝස්ටරයට දමාගන්න. ඒ මත තක්කලි සෝස් තවරා ටොපින්ග් එක දාගෙන උඩින් මොසරල්ලා චීස් දාගන්න.
  • ඒකට උඩින් ඒ වගෙම තුනී කරගත් ඩෝ එකකින් වහල ටෝස්ට් කරගන්න.

 

7. ටෝස්ට් සමෝසා

Toaster Recipes

Source – atlanticnaturalfoods.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් (ඕනම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්)
  2. අබ
  3. සූදුරු
  4. තම්බා පොඩි කරගත් අල
  5. කපාගත් ලීක්ස්
  6. ළූණු
  7. තම්බා ගත් ග්‍රීන් පීස්
  8. කහ, මිරිස් කුඩු, ලුණු කුඩු, ගරම් මසලා

 

  • තෙල් ටිකක් ලිපේ තියල අබ, සූදුරු තෙම්පරාදු කරගන්න. ඒ තෙලට අල, ලීක්ස්, ළූණු, ග්‍රීන් පීස් සහ පහේ සියල්ල එක් කරල හොඳින් මිශ්‍රකර ගන්න.
  • ටෝස්ටරයේ තෙල් බ්‍රශ් කරගෙන ස්ප්‍රින් රෝල් ශීට් එක ටෝස්ටරයේ ගාණට කපාගන්න. එයින් එකක් ටෝස්ටරයේ තියල, හදාගත්ත ෆිලින්ග් එක පුරවගෙන කොන් වලට බිත්තර සාරු තවරල, තව ස්ප්‍රින්ග් රෝල් ශීට් එකකින් වහල ටෝස්ට් කරගන්න.

කෑමට වඩා ආරක්ෂාව වැදගත්

  • ටෝස්ටර් එකෙන් පිළිස්සුන දේවල් එළියට ගන්නකොට පැතලි ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න.
  • ටෝස්ටර් එක තද කරලනෙ වහන්න වෙන්නෙ. රත් වෙන්න කලින් අතින් තද කරල වහන්න පුළුවන් උනාට ඊට පස්සෙ ටෝස්ටර් එකේ උඩ රත් උනාම අත පිච්චෙනව ඒක වළක්වා ගන්න අවන් මිට්ස් නැත්නම් ඝණකම රෙද්දකින් ටෝස්ටර් එක තද කරන්න අමතක කරන්න එපා.
  • ටෝස්ටර් එකෙන් පිළිස්සුන දේවල් එළියට ගන්න කොට ටෝස්ටරය ස්විච් එකෙන්ම ඕෆ් කරන්න මතක තියාගන්න.
  • කේක් මික්ස් වගෙ දියරමය දෙයක් ටෝස්ටර් එකට දාන කොට හැන්දකින් ප්‍රවේසමෙන් වටේට හලාගන්නෙ නැතුව දාගන්නත් මතක තියාගන්න.

Cover Image Source – flickr.com / pintarest.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *