නුවරඑළියේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන

places to visit in Nuwaraeliya

මේ කියන්න යන්නේ නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් නුවරඑළිය සතුයි.

 

1. ග්‍රෙගරි වැව

places to visit in Nuwaraeliya

Source – leisureisland.lk

1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම කලාවට හිතැති සෞන්දර්යවාදියෙකු විය. බෙහෙවින් පරිසරයට ඇළුම් කල අයෙක් විය. සිය ස්ථිර වාසස්ථානය වශයෙන් නුවරඑළිය නගරය තෝරාගත් හෙතෙම නගර අලංකරණයට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ පිළිබඳව විදේශිකයන් ද ඔහුව ඇගයීමට ලක් කල අතර සිය හිතවතුන් නගරයට පැමිණෙන බැවින් සිය නගර අලංකරණය වඩාත් විධිමත් කිරීමටද ඔහු කටයුතු කළේය. සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණයට අවශ්‍ය හේතු සාධක නිර්මාණය වූයේ මෙම පදනම මතයි.

මෙන්න මෙතැන තමා ග්‍රෙගරි වැව පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/rhj4upBc6d12

 

2. සීතා අම්මාන් කෝවිල

places to visit in Nuwaraeliya

Source – serendib.btoptions.lk

සීතා අම්මාන් කෝවිල හක්ගල උද්භිද උද්‍යානයේ සිට කිලෝ මීටර 1 පමණ දුරින් පිහිටා තිබෙන සීතා එලිය ප්‍රදේශයෙහි ඉදිකොට තිබෙයි. රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි පැවසෙන ස්ථානයෙහි මෙම කෝවිල ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙයි.

මෙන්න මෙතැන තමා සීතා අම්මාන් කෝවිල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/NPKk43hpt322

 

3. Moon Plains (සඳ තැන්න)

places to visit in Nuwaraeliya

Source – theculturetrip.com

නුවර එලිය දිස්ත්‍රික්කයේ නගරයේ සිට කි මි දුරකින් පිහිට ඇති මේ සුන්දර පරිසරය මහජනතාවට මීට වසරකට පෙර සිට විවෘත පවතී. එමෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ ප්‍රදේශය එම ස්ථානයේ ඇති රථ වාහන වලින් පමණක් ගමන් කිරීමට ඇති අතර පිට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇත්තේ එම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහායි

මෙන්න මෙතැන තමා සඳ තැන්න (Moon plains) පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/xaGdLkk6RZR2

 

4. බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල)

places to visit in Nuwaraeliya

Source – localguidesconnect.com

බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.

මෙන්න මෙතැන තමා බෝඹුරු ඇල්ල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/VP75x1yCreF2

 

5. හක්ගල උද්භිද උද්‍යානය

places to visit in Nuwaraeliya

Source – wikipedia.com

හක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානයයි. උද්‍යානය ආසන්නයෙන්ම හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයද පිහිටා තිබේ.

මෙන්න මෙතැන තමා හක්ගල උද්භිද උද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/GL3rUcDvGr72

 

6. Single Tree Hill

places to visit in Nuwaraeliya

Source – pintarest.com

නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය. තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන “සින්ගල් ට්‍රී” පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය.

මෙන්න මෙතැන තමා Single tree hill පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/UK54pnS6pVw

 

7. ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය

places to visit in Nuwaraeliya

Source – nuwaraeliyainfo.com

ඉංග්‍රීසි ජාතිකයන් මෙරටපාලනය කළ සමයේදී, ඔවුන්ගේ රටට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නුවරඑළිය ප්‍රදේශයේ වෙසෙමින් වතුවගා කටයුතුවල නියැළිනි. සතුනට ඇල්මක් දැක්වූ ඉංග්‍රීසි පාලකයන්, ඔවුන්ගේ වාසය සඳහා අභය භූමියක් තැනිය යුතු යැයි තීරණය කළේ ය. ඒ අනුව ගැල්වේස්ලෑන්ඩ් අභය භූමිය, අක්කර 15ක බිම් පෙදෙසක තනනු ලැබීය. මේ ඉඩම, කපිතාන් පී.පී. ගැල්වේස්ට අයත්ව තිබූ නිසා, ගැල්වේස්ලෑන්ඩ් ලෙස නම් කර ඇත.

මෙන්න මෙතැන තමා ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/SVw1wyC2be62

 

8. වික්ටෝරියා උද්‍යානය

places to visit in Nuwaraeliya

Source – yamu.lk

වික්ටෝරියා උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ, නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයකි. අතීතයේ නුවරඑළියේ සංචාරයකට පැමිණි ජර්මන් කුමරියක විසින්, සමාරම්භයේදී මෙම භූමිය තුල ඕක් පැලයක් ඉන්දුවා තිබෙන බවද සඳහන් වෙයි.

මෙන්න මෙතැන තමා වික්ටෝරියා උද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/JhRvToJLLVC2

 

9. වික්ටෝරියා කෞතුකාගාරය

places to visit in Nuwaraeliya

Source – nuwaraeliyainfo.com

වික්ටෝරියා උද්‍යානයයේ එක් අන්තයක මෙම කෞතුකාගාරය පිහිටා ඇත.

මෙන්න මෙතැන තමා වික්ටෝරියා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/9HPorRyDchA2

 

10. ග්ලෙන් දිය ඇල්ල

places to visit in Nuwaraeliya

Source – AmazingLanka.com

1828 දී නුවරඑළිය නගරයක් බවට පරිවර්තනය කර සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලය ඔහුගේ නිල නිවාසයට යාබද ප‍්‍රදේශයක පදිංචිවී සිටි බවට ඕනෑතරම් තොරතුරු එකතු කළ හැක. එම නිවාස පද්ධතියට ඉහළින් මීටර් 60 – 70ක් පමණ උසැති දර්ශනීය දිය ඇල්ලක් ඇදහැළී ඇත. එම දිය ඇල්ලට ග්ලෙන් යන නාමය අාදේශ වී ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලයේ කාගේ හෝ නමක් විය හැක.

මෙන්න මෙතැන තමා ග්ලෙන් දිය ඇල්ල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/GEZH4UgT5HD2

 

11. දම්රෝ ටී (Macwoods)

places to visit in Nuwaraeliya

Source – tripadvisor.com

පෙර macwoods ලෙස හැඳින්වූ මෙය දැන් හඳුන්වන්නේ දම්රෝ ටී ලෙසයි

මෙන්න මෙතැන තමා දම්රෝ ටී ලෝන්ජ් (Macwoods පෙර) පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/9SAmLtNbGH62

 

12. St. Xavier’s church

places to visit in Nuwaraeliya

Source – serendib.btoptions.lk

නුවරඑළිය ශාන්ත ෂේවියර් දේවස්ථානය නුවරඑළියේ සංචාරය කරන බොහෝ දෙනෙක් සංචාරය කරනා පුජා භූමියකි.

මෙන්න මෙතැන තමා St Xavier’s Church පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/nsQHVmbZDJB2

 

13. අඹේවෙල ගොවිපොළ

places to visit in Nuwaraeliya

Source – theculturetrip.com

නුවරඑළි‍ය සිට කිලෝමීටර් 15-18ක් පමණ ගිය තැන අඹේවෙල නගරය හමුවේ. ඒ අසල ශ්‍රී ලංකාවේ විශාලතම කිරි ගොවිපොළවලික් එකක් වන අඹේවෙල ගොවිපොළ පිහි‍ටා‍ තිබේ. අඹේවෙල ගොවිපල අවට ඇත්තේ ඉතා සුන්දර පරිසරයකි.

මෙන්න මෙතැන තමා අඹේවෙල ගොවිපළ පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/NuwniA3FQAy

 

14. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය

places to visit in Nuwaraeliya

Source – theculturetrip.com

මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

මෙන්න මෙතැන තමා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/dVyDNJgf3m22

 

15. St. Clair Falls (ශාන්ත ක්ලෙයාර් ඇල්ල)

places to visit in Nuwaraeliya

Source – theculturetrip.com

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ. මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

මෙන්න මෙතැන තමා ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/5q1R7MmPPms

 
Cover Image Source – theculturetrip.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *