Slow වෙච්ච ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රම

How to speedup android phone

ෆෝන් එක අරගෙන අවුරුද්දක් විතර යද්දි ටික ටික ස්ලෝ වෙලා යන එක සාමාන්‍ය දෙයක්. දැන් එන ඇප්ස්වල බරත් වැඩියි වගේම අපි කරන වැඩ ප්‍රමාණය වැඩි නිසා ෆෝන් එකට ඒක ටිකක් දරාගන්න අමාරු වෙනවා. සමහර වෙලාවට ලොකු ස්ලෝ එකක් නැතත් කැමරා ඇප් එක ඕපන් කරද්දි එහෙම හෙනටම ලගිනවා. ඒ වගේ නිතර එන ප්‍රශ්නවලට මේ දේවල් කරලා බලන්න.

 

1. අනවශ්‍ය ඇප්ස් අයින් කරන්න

How to speedup android phone

Source – digitaltrends.com

Data ටිකක් වැඩිපුර තියෙන වෙලාවට Play Store එක ඕපන් කරගෙන ඒකෙ තියෙන නානාප්‍රකාර ඇප්ස් Install කරගන්න හිතෙනවා. ෆොටෝ ෆිල්ටර් දාන්න පුළුවන් ඇප්ස් දහයක් පහළොවක්, කැමරා ඇප් හත අටක්, ගේම් දහයක් දොළහක්, ගණිත උපක්‍රම තියෙන ඇප්ස් දෙක තුනක් එක ගැම්මට ෆෝන් එකට වැටෙනවා. මෙහෙම කරන්න ගියාම අපි ගන්න ෆොටෝ, සින්දු වගේ දේවලුත් එකතු වුණාම Internal Storage එක පිරෙනවා. ඒ එක්කම Background Run වෙන ඇප්ස් ප්‍රමාණෙ වැඩි වෙලා රැම් එකටත් යකා ගහනවා. අන්න ඒ නිසා අත්‍යාවශ්‍යම ඇප්ස් විතරක් තියාගෙන මාසෙකට සැරයක් වත් අනවශ්‍ය ඒවා තියෙනම් හොයලා අයින් කරන්න. මේක කරන්න නම් Settings → Apps ගිහින් අවශ්‍ය ඇප් එක තෝරලා Uninstall ක්ලික් කළාම හරි. ෆෝන් එකත් එක්කම එන සමහර ඇප් Uninstall කරන්න බැහැ, ඒ වෙනුවට ඒවා Disable කරන්න.

 

2. විජට්ස් අයින් කරන්න

How to speedup android phone

Source – androidcentral.com

Home Screen එකේ විජට්ස් ගොඩක් දාගෙන ඉන්නවා නම් ඒවා අඩු කරගත්තාම ෆෝන් එකේ වේගෙ වැඩි කරගන්න පුළුවන්. මොකද මේවා වැඩි වුණාම මුල් තිරයෙන්ම ෆෝන් එකට වැටෙන බර ප්‍රමාණය වැඩි වෙනවා. Huawei, Xiaomi වගේ ෆෝන්වල එන Default Launcher එකේ නම් ඇපල් වල වගේම Home Screen එකක් නම් නැහැ. එහෙම නොවන ඒවායේ මෙහෙම තියේ නම් ඒ විජට් එක උඩ ටච් කරගෙනම ඉන්න. එතකොට Remove කියලා උඩින් හෝ යටින් එන අයිකන් එක උඩට විජට් එක ඇදගෙන ගිහින් අතාරින්න.

 

3. Lite ඇප්ස් දාගන්න

How to speedup android phone

Source – Imore.com

ෆේස්බුක් ඇප් එක සුපිරියටම ස්ලෝ වෙලා නම් සහ ෆෝන් එක ටිකක් පරණ නම් අලුතෙන් එන ඇප් එක ටිකක් බර වැඩියි. ඒ නිසා ඒකෙ තියෙන අලුත්ම වැඩකෑලි පරණ ෆෝන්වල දුවන්න ෆෝන් එකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. එතකොට අපිට ඇප් එක ඕපන් වෙනකනුත් පැයක් විතර බලාගෙන ඉන්න වෙනවා. ඒ වෙනුවට ඒක අපි කලින් කියපු විධියට Uninstall හෝ Disable කරලා Play Store එකෙන් Facebook Lite, Messenger Lite, Opera Mini වගේ ලොකු ඇප් එකේම බර අඩු වර්ශන් එක හොයාගෙන ඉන්ස්ටෝල් කරගත්තාම ටික කාලෙකට ගොඩ යාගන්න පුළුවන්.

 

4. ඇනිමේශන් Disable කරන්න

How to speedup android phone

Source – androidcentral.com

ෆෝන් එකේ ඇප්ස් Open වෙද්දි, Close කරද්දි උඩට පහළට යමින් Animate වෙනවා. මේවා කරද්දි ග්‍රැෆික් ප්‍රොසෙස් කරන්න ෆෝන් එකට ටිකක් බර අදින්න වෙනවා. ස්ලෝ වෙච්ච ෆෝන් එකකට මේක තවත් බරට දැනෙන නිසා සහ අපිට ඒ ඇනිමේශන් වලින් ලොකු ප්‍රයෝජනයක් නැති නිසා ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඔව්, බය වෙන්න දෙයක් නැහැ, අවශ්‍ය නම් ආයෙ ගන්න පුළුවන්. මේක කරන්න නම්, Settings → About Phone ගිහින් ඒකෙ තියෙන Build Number කියන එක උඩ හත් අට පාරක් විතර එක දිගට ටච් කරන්න. සමහර ෆෝන් වල නම් එතකොට යටින් 3-2-1 කියලා Countdown එකක් යනවා. අනෙක්වායේ කෙලින්ම මැසේජ් එකක් පෙන්නනවා Developer Mode එක On වුණා කියලා. ඊට පස්සේ ආයෙත් Settings වලට ගියාම අලුත් මෙනු එකක් ඒවි Developer Options කියලා. ඒකට ගිහින් Window Animation Scale ක්ලික් කරලා Animation Off තෝරන්න. ආයෙත් ඕන වුණොත් එතනම තියෙන Animation Scale 1x තේරුවාම හරි.

 

5. කෑෂ් Clear කරන්න

How to speedup android phone

Source – thedroidguy.com

අපි ෆෝන් එක පාවිච්චි කරද්දි ලොකු කෑෂ් (Cache) එකක් හැදෙනවා. ඒ, අපි ෆේස්බුක් එකේ පින්තූරයක් බලද්දී ඒක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා තමයි අපිට පේන්නේ. යූටියුබ් වීඩියෝ එකක් බලද්දිත් එහෙමයි. මෙහෙම එකතුවෙන ෆයිල් ගොඩ ගැහුණාම ෆෝන් එක කාලයක් යද්දි ස්ලෝ වෙනවා. මේවා අයින් කරන්න Settings → Storage ගිහින් එතන Cache ක්ලික් කරලා එතනින් Clear කරන්න පුළුවන්. තනි ඇප් එකක විතරක් කරන්න ඕන නම් Settings → Apps වලින් අවශ්‍ය ඇප් එක තෝරලා එතන Storage → Clear Cache කළාම හරි. එහෙමත් නැත්නම් ෆෝන් එකටම ආපු Device Maintenance ඇප් එකක් තියෙනවා නම් ලේසියෙන්ම මේ වගේ ෆයිල් මකලා දාන්න පුළුවන්. එයින් එකක් ඔබේ ෆෝන් එකට ඇවිත් නැත්නම් Cache cleaner, CCleaner වගේ එකක් දාගන්න.

 

6. අන්තිම තුරුම්පුව: Factory Reset

How to speedup android phone

Source – androidcentral.com

මේ හැමදේම කරාට පස්සෙත් වැඩේ ගොඩයන පාටක් නැත්නම් කරන්න තියෙන එකම දේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම අලුතෙන් ගත්ත ගාණට Reset කරලා දාන එකයි. හැබැයි කල්පනාවෙන්. මෙහෙම කරද්දි ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම ඇප්ස්, ඔබේ Settings වගේ හැමදේම මැකිලා යනවා. Google හෝ Gmail පාස්වර්ඩ් එක එහෙම මතක නැත්නම් මේක කරන්න කලින් ඒකත් මතක් කරගන්න හෝ Reset කරගන්න එක නුවණට හුරුයි. ෆෝන් එකේ ඔක්කොම ෆයිල්, ෆොටෝ එහෙමත් බැකප් කරගෙන ඔබට හොඳටම ෂුවර් වුණාට පස්සේ Settings → Backup and Reset ගිහින් එතනින් Factory Data Reset දුන්නාම ෆෝන් එක Restart වෙලා විනාඩි 10ක් 15ක් විතර අරගෙන ආයෙ ගත්ත දවසෙ තිබ්බ ගාණටම ඒවි.

 

7. අලුත් ෆෝන් එකකට යන්න කාලෙ හරි

How to speedup android phone

Source – phandroid.com

ෆැක්ටරි ඩේටා රිසෙට් එක ගහලා ආයෙ අවශ්‍ය ඇප්ස් ටික දාගත්තාමත් ලොටනවා නම් තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ෆෝන් එකේ ආයු කාලය ඉවරයි කියන එක. එක්කෝ හාඩ්වෙයා අවුලක්. කැමරා ඇප් එක එහෙම ඕපන් නොවෙන්නේ කැම් එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, ෆෝන් එකේ රැම් එක, ප්‍රොසෙසරේට අලුතෙන් එන ඇප්ස් Handle කරන්න දැන් හැකියාවක් නැති බව වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොහොමටත් ෆෝන් එකක හොඳම වේගයක් දරන්න පුළුවන් කාලය විධියට හඳුන්වන්නේ අවුරුදු 3ක් විතර තමයි. අපි මුලින් කියපු දේවල් ටික කරලා ඒක 4ක් 4හමාරක් වගේ ඇදගන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ අභාවයට යන කාලය තමයි. එතකොට තියෙන හොඳම විසඳුම අලුත් එකකට යන එක තමයි. ගාණ අඩු එකක් වුණත් ප්‍රශ්නයක් නෑ, අලුතෙන් රිලීස් වෙච්ච එකක් වෙන තරමට ඒකට වැඩේ ඇදගෙන යන්න පුළුවන් කාලය වැඩි වෙනවා.

 
Cover Image Source – androidcentral.com / cnet.com / cnn.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *