ෆිල්ම් ඇක්ටර්ස්ලා පරද්දන ලෝකයේ කඩවසම්ම ක්‍රීඩකයෝ 7 දෙනෙක්

Most Handsome Sportsmen

ක්‍රීඩාව ආගමක් කියලා කියනවනේ. ඒක ඇදහිල්ලක්. මේ ඇදහිල්ල ඇතුළේ ජීවත්වෙන නානාප්‍රකාර ක්‍රීඩාවල නිරත වෙන ක්‍රීඩකයෝ ඉන්නවා. ක්‍රීඩා කෞශල්‍ය වගේම රූප සම්පත්තිය නිසාත් සමහර ක්‍රීඩකයන්ව පේන්නේ දෙවිවරු වගේ තමයි. කඩවසම් බවින් අනූන මෙන්න මෙයාලා තමයි කියලා පෙළගැස්වීමක් ඕනිම අයෙක්ට කරන්න පුළුවන්. ඒත් ලංකාවේ අපේ රුචි අරුචිකම්වලට අනුව කඩවසම්ම ක්‍රීඩකයන් තමයි මේ.

 

1. ඩේවිඩ් බෙකම්

Most Handsome Sportsmen

Source – twitter.com

කඩවසම් බවයි විලාසිතා එක්කයි මේ හාදයා කොච්චර කැපෙනවා ද කියන එකට හොඳම උදාහරණයක් තමයි “බෙකම් කට්”. බෙකම් කට් එකක් ජීවිතේ එක අවස්ථාවකදී නොකපපු කොලු ගැටයෙක් හොයාගන්නත් අමාරුයි. වෘත්තීයමය පාපන්දු ක්‍රීඩකයෙක් වුණ බෙකම් දැන් ප්‍රධාන පාපන්දු ලීගයක කණ්ඩායම් අයිතිකරුවෙක්. ඔහුගේ වැඩිමහල් පුතා වෙන බෲක්ලින් බෙකම් තාත්තා වගේම කඩවසම්. ඩේවිඩ් බෙකම්ගේ බිරිඳ “ස්පයිස් ගර්ල්ස්” හරහා ලෝකයක් පිස්සු වට්ටපු වික්ටෝරියා බෙකම්. මේ දෙපළට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. වයස අවුරුදු 43ක් වෙන කොට ගොඩක් අය රූප සම්පත්තියෙන් බහින කලාවට ගියාට ඩේවිඩ් බෙකම් තාමත් කොල්ලා වගේ. 2015 වසරේ ලෝකයේ සරාගීම මිනිසා බවට පත්වෙන්නෙත් බෙකම් තමයි.

 

2. විරාත් කෝලි

Most Handsome Sportsmen

Source – webtalkies.com

කෝලිට ලංකාවේ අපේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. ඒ ඉතින් කොල්ලාගේ දක්ෂතාව සහ කැපවීම නිසා. ඒක අපේ ටීම් එකේ හාදයොන්ගේ තිබ්බේ නැති නිසා. මේ බව තේරුම් ගත්ත නිසාදෝ කෝලි වටා අපේ රටෙත් රසික පිරිසක් දැන් ඉන්නවා. ක්‍රීඩා කෞශල්‍ය නිසාම නෙවේ ඉතින් ඒ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි කියන්නේ සෑහෙන කඩවසම් චරිතයක්. ඔහු විවාහ කරගත්තෙත් සුරූපී අනුශ්කා ශර්මා. මොහුගේ කඩවසම් සහ ආකර්ෂණීය රූපය නිසාම අන්තර්ජාතික මට්ටමෙන් වෙළඳ දැන්වීම් සඳහා ඔහුට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියනවා.

 

3. රෆායල් නඩාල්

Most Handsome Sportsmen

Source – pintarest.com

නඩාල් ස්පාඤ්ඤ ජාතිකයෙක්. ස්පාඤ්ඤ ජාතිකයන්ට අනන්‍ය වුණ රූපය ඔහුටත් උරුමයි. ලෝකයේ සුවහසක් තරුණියන් අතරේ නඩාල් වීරයෙක් වෙන්නේ ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා විදියටත් වඩා කඩවසම් ටෙනිස් ක්‍රීඩකයෙක් විදියට. නඩාල්ට දැන් 31යි. අඩි 6ක් විතර උසයි. ඉතාම ආකර්ෂණීය හිනාවකුත් තියෙනවා. 2015 වසරේ ලොව සරාගීම පිරිමි අතරටත් පිවිසෙන්න නඩාල් සුදුසුකම් ලබනවා.

 

4. මයිකල් ෆෙල්ප්ස්

Most Handsome Sportsmen

Source – swimswan.com

ඇමරිකන් ජාතික මයිකල් ෆෙල්ප්ස් තරම් ඔලිම්පික් උළෙලක් වර්ණවත් කරපු ක්‍රීඩකයෙක් නැති තරම්. ගිනස් ලෝක වාර්තා 26කට ඔහු උරුමකම් කියනවා. මේ කතන්දර පැත්තකට දාලා ඔහුගේ කඩවසම් බව ගැන කතා කළොත් ඔහුගේ සිරුරේ හැඩය තමයි මූලික වෙන්නේ. ඇත්තෙන්ම තරඟ ජයග්‍රහණය කිරීමේදිත් ඔහුට උදව් වෙලා තියෙන්නේ ශරීරයේ වින්‍යාසය. උසින් 6’4″ක් වෙනවා කියලනේ කියන්නේ. පූල් එකට බැහැලා වතුර කපාගෙන මාළුවෙක් වගේ පීනන ෆෙල්ප්ස් දිහා බලන් ඉන්න ආසයි.

 

5. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

Most Handsome Sportsmen

Source – sportgalleries.com

ලංකාවේ අපි පාපන්දු ගැන දන්නේ රොනාල්ඩෝ නිසා කියන්න තරම් ඒ නම ප්‍රසිද්ධයි. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ සහ පෘතුගාලයේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඔහුට වයසින් අවුරුදු 33යි. පාපන්දු පිටියෙදී ගෝලයක් වාර්තා කරාට පස්සෙ රොනාල්ඩෝ දාන වැඩ කෑලිවල ඉඳන් සඟරාවක මුල් පිට කවරය සරසන තැනට එනකන්ම ඔහුගේ කඩවසම් බව තමයි කැපී පේන්නේ. මේ අවුරුද්දේ මුල දී සිදු වුණ අනතුරකින් ඔහුගේ මුහුණ තුවාල වුණා. ඒ සිදුවීමෙන් පස්සෙ රොනාල්ඩෝට අනුව ඔහු තවමත් කඩවසම්.

 

6. සොනී බිල් විලියම්ස්

Most Handsome Sportsmen

Source – sportingnews,com

නවසීලන්ත රග්බි කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන විලියම්ස් බොක්සින්ග් ශූරයෙකුත් වෙනවා. රග්බි ක්‍රීඩකයන් කොහොමත් කඩවසම්. ඒ අතරිනුත් ලෝකයක ආදරය දිනාගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයි. නවසීලන්ත කණ්ඩායමට අදාළ හකා නර්තන අවස්ථාවේදීත් කැමරාකරුවෝ බලන්නේ කොහොම හරි කැමරා කාචවල විලියම්ස්ව සටහන් කරගන්න. කඩවසම් ක්‍රීඩකයෙක් වගේම ඔහු ආදරණීය පියෙක් විදියටත් ප්‍රසිද්ධයි.

 

7. නේමාර්

Most Handsome Sportsmen

Source – newhdphotos.com

වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වන නේමාර් කියන්නේ බෙකම්, රොනාල්ඩෝ වගේම විලාසිතා පැත්තෙන් ආන්දෝලනයක් ඇති කරපු ක්‍රීඩකයෙක්. තවමත් වයස අවුරුදු 26ක තරුණයෙක් වෙලා ජනතා ආකර්ෂණයක් දිනා ගන්නේ කොහොමද? ක්‍රීඩා කෞශල්‍යයට අමතරව අනිවාර්යයෙන්ම කඩවසම් බව සහ ආකර්ෂණීය බවත් මෙතනදී හේතු වෙනවා. බෙකම් කට් එක වගේම නේමාර් කට් එකකුත් ලංකාවට එලි බහින්නේ මොහු නිසා. නේමාර් ම කියන විදියට ඔහු රොනාල්ඩෝට වඩා කඩවසම්.

අපේ රටෙත් කඩවසම් ක්‍රීඩකයෝ නැතුවා නෙවෙයි. ඒත් කඩවසම් බව අතින් ලෝකප්‍රසිද්ධ ජනතා ආකර්ෂණයක් දිනා ගන්න නම් රූපය විතරක් වැදගත් සාධකයක් වෙන්නේ නැහැ. එහෙම බැලුවාම ලංකාවේ ක්‍රීඩකයන්ට යා යුතු මග බොහොම දුරයි.

 
Cover Image Source – newsweek.com / ign.com / instagram.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *