විද්‍යාව හා තාක්ෂණය

ස්මාර්ට්ෆෝන්වලට නුදුරු අනාගතයේදී එන්න පුළුවන් අලුත්ම දේවල්

තාක්ෂණයත් එක්ක ෆෝන්ස්වල තිබෙන වැඩ කෑලිත් බොහොම වැඩි වෙනවා. ඉස්සර කෝල් එකක් ගන්න විතරක් තිබුණු ෆෝන් වලට සින්දු අහන්න පුළුවන්කම ආවා. ගේම්ස් ආවා, කලර් ඩිස්ප්ලේ ආවා, පොඩි කැමරාවක් ආවා. ඊට පස්සේ ඒක ස්මාර්ට් වෙලා පරිගණකයකට නොදෙවෙනි තත්ත්වයට ආවා. දැන් කාලෙ ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියෙනවා කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකටත් වඩා රැම් එකක්, CPU එකක් එක්ක වැඩක් කරන්න පුළුවන් කියන එකයි. එතකොට මේකෙ අනාගතේදී මොනතරම් දේවල් එන්න පුළුවන්ද?! මේ, ඒ ගැන පුරෝකථනයක්.

 

1. හොඳ බැටරියක්

Source – phandroid.com

අපේ ෆෝන්වල තියෙන ලොකුම අවුල තමයි බැටරිය. උදේ හොඳට 100% ගහගෙන ගියාට මෙන්න දවල් වෙද්දිම 30%ක් විතර වෙලා. ඉතින් ආයෙත් චාර්ජ් කරන්න ඕන, එහෙමත් නැත්නම් බයෙන් බයෙන් දවසෙ ඉතුරු හරිය ගෙවන්න ඕන. වැඩි බැටරි ලයිෆ් එකක් ගන්න ලිතියම් අයන් බැටරි වලින් අඩු මිල හොඳ බැටරියක් ගහන්නට තරම් තවත් ලොකු දුරක් යන බවක් පේන්න නැති නිසා එක්කෝ වෙනත් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු බැටරියක් හෝ ෆාස්ට් චාජිං හොඳට දියුණු කරලා අඩු මිලකින් හැම ෆෝන් එකකටම දාන්න පුළුවන් මට්ටමක් ගන්නට පුළුවන් නම් හරි.

වයර්ලස් චාර්ජිං දැනටම දියුණු වෙලා තියෙන එකේ අනාගතේදි ෆෝන් එක ඔෆිස් එකේ මේසෙ උඩ කොතන තිබ්බත් චාර්ජ් වෙන විධියේ ක්‍රමවේදයක්, රෙස්ටෝරන්ට් එකකට ගියාම වයිෆයි වගේ ෆෝන් එක කොතන තිබුණත් වයර්ලස් චාර්ජ් වන විධියේ ක්‍රමවේද වලට මේ වන විටත් පර්යේෂණ කරමිනුයි යන්නේ.

 

2. කෘත්‍රීම බුද්ධිය ස්වාධීනව පාවිච්චි කිරීමේ පහසුව

Source – newsweek.com

දැනට AI හෙවත් කෘත්‍රීම බුද්ධිය ස්මාර්ට්ෆෝන් වලට වේගයෙන් ලැබීගෙන යනවා. හැබැයි මේ ක්‍රමයේ තවමත් තිබෙන අවුල තමයි ඒක පාවිච්චි කරන්නට සර්වර් එකක සහාය අවශ්‍ය බව. ඒ කියන්නේ Google Assistant වගේ දේවල් පාවිච්චි කරන්න තවමත් ඉන්ටර්නෙට් අවශ්‍ය වෙනවා, Prisma සහ FaceApp වගේ ඇප් වලට ෆිල්ටර් එක දාලා දෙන්න ඒක එයාලගෙ සර්වර් එකට අප්ලෝඩ් කරලා සර්වර් එකෙන් ප්‍රොසෙස් කරලා නැවත ඩවුන්ලෝඩ් කරලා අපිට පෙන්වන්න සිදු වෙලා තිබෙනවා.

නමුත් ෆෝන් එකේ Performance වැඩි වෙනකොට Internet නැතුවම ඒ දේවල් වැඩි වේගයකින් කරන්නට හැකි වෙනවා. එතකොට මීටත් වඩා පහසුකම් ඒ කියන්නේ, අපි ඇප්ස් පාවිච්චි කරන වෙලාව අනුව ඒවා අපිට Suggest කරන එක, ෆොටෝ එකක් ගනිද්දී ඔහොම එපා මෙහෙම ගන්න කියලා කියන එක හෝ ඉබේම හදලා දෙන එක වගේ අපූරු වැඩ ගොඩක් දකින්නට ලැබේවි.

 

3. VR Box වෙනුවට කණ්ණාඩි

Source – amazon.com

වර්චුවල් රියැලිටි හෙවත් හෙඩ්සෙට් එකක් දාගෙන වටේ බලද්දී අපි මවපු පරිසරයක ඉන්නවා වගේ දැනෙන ආකාරයේ ක්‍රමයට තවමත් හෙඩ්සෙට් එකක් අවශ්‍ය වෙනවා. මේවා ගොඩක් වෙලා දාගෙන ඉන්න ගියාම ඇස්වලට හොඳ නැහැ වගේම හෙඩ්සෙට් එකේ බර සහ සැකැස්ම අනුව ඔළුවටත් පිටතින් මෙන්ම ඇතුලතින් වේදනා දැනෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වෙනුවට Google Glass වගේ කණ්ණාඩි දෙකකින් මේ වැඩේ කරන්නට පුළුවන් නම් වැඩේ තවත් පහසු වෙනවා. හැබැයි VR හැකියාවන් එක්ක කණ්ණාඩිය තුනීව හදන්න අමාරු නිසා ඒකට ෆෝන් එකේ සපෝට් එක ගන්න පුළුවන්. Process කරන දේවල් ෆෝන් එකට බාරදීලා කණ්ණාඩිය හුදෙක් ස්ක්‍රීන් එකක් විධියට Wireless Connect වෙන්න පුළුවන්.

 

4. AR වෙනුවට ප්‍රොජෙක්ටර්

Source – pintarest.com

ඕග්මන්ටඩ් රියැලිටි හෙවත් Pokemon වගේ ගේම්ස්වල, මැසෙන්ජර් කැමරාවෙ තියෙන ෆිල්ටර්ස්වල වගේ කැමරාව හරහා පේන දේවල්වලට අලුත් දේවල් එකතු කරන ආකාරයේ තාක්ෂණය පාවිච්චි කරන්නට නම් තවමත් ෆෝන් එක හරහාම බලන්නට සිදු වෙනවා. එතකොට ඒ ඇප් එක ඕපන් කරලා, ඒකෙ කැමරාවෙන් අපි අපේ කාමරේ උඩ ඇප් එකෙන් තියපු දේවල් (Note එකක්, 3D නිර්මාණයක් වගේ දේවල්) ලෝඩ් වෙලා ඒවා එතැන තියෙන විධියට ෆෝන් එකෙන් පේනවා. හැබැයි ඒ වෙනුවට ප්‍රොජෙක්ටර් ක්‍රමයක් ගේන්න පුළුවන් නම් ෆෝන් එකෙන්ම බලන්නේ නැතිව, ෆෝන් එක ඒ පැත්තට හරවද්දි ඒවා පේන විධියේ ක්‍රමයක් තිබුණොත් ෆෝන් එකෙන් AR පාවිච්චි කරන්න නොදන්න කෙනෙක්ට වුණත් අපි හදපු දෙයක් පෙන්වන්න පුළුවන්. කොහොමටත්, Presentation කිරීමේ පහසුව ලබා දෙන්න ෆෝන් වලට ඒ ජාතියෙ ප්‍රොජෙක්ටර් එකක් සවි කරන්නට දැනටමත් පර්යේෂණ කරමින් යනවා.

 

5. ෆෝන් එකෙන් උණ බලන්න

Source – techbuffolo.com

ගොඩක් ෆෝන්වල දැනටම වේගමාපක, පීඩන මාපක, ආර්ද්‍රතාමාන, හාට් රේට් සෙන්සර් වගේ දේවල් අඩංගු වෙනවා. ඒත් මීට වඩා වැදගත් සෙන්සර් බොහොමයක් ඉදිරියේදී එන්නට නියමිතයි. ක්වැල්කොම් සමාගමෙන් මෑතදී ස්ක්‍රීන් එක යටින් ම ඇඟිලි සලකුණු ස්කෑනරය දාපු නිසා Vivo ෆෝන් එකේ Fingerpring Scanner එකට වෙනම ඉඩක් වෙන් කරන්නට අවශ්‍ය වුණේ නැහැ. මේ විධියට අපේ ලෙඩ රෝග පරීක්ෂා කරන්නට පුළුවන් ආකාරයට දේහ උෂ්ණත්ව මාපක, රුධිර පීඩනය බලන්න පුළුවන් සංවේදක වගේ දේවල් ෆෝන්වල අඩංගු කරන්නට පුළුවන්.

Fitness සහ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් දෙන කාලයක ඒවා වටිනවා වගේම අපි ඇවිදින ආකාරය අඳුරගෙන අපේ ඉරියව් අවබෝධ කරගෙන ෆෝන් එක අපේ අතේ තිබෙන බව දැනගන්නට සහ එහෙම අපේ අතේ තියෙද්දී ලොක් එක අරින්නට ලොකු ගේමක් නොදිය යුතු ආකාරයට අපිට අනුවම සැකසෙන ක්‍රමයක් හදන්න පුළුවන්. එවිට වෙනත් කෙනෙක්ගේ වෙනස් ඉරියව්, කටහඬ ආදී හැසිරීම් කිහිපයක් අවබෝධ කරගෙන ෆෝන් එක වෙනත් කෙනෙක් අතට ගියාම ඊට දැඩි ප්‍රතිචාර දක්වන්නත් ෆෝන් එකට හැකි වෙනවා.

 

6. නැවිය හැකි තිර

 

හිර කලිසමක් ඇඳලා ෆෝන් එක සාක්කුවේ දාගත්තාම කකුල එහෙ මෙහෙ කරන්නත් බෑ, ෆෝන් එක බිඳෙයි කියලාත් බය හිතෙනවා. ඒත් නම්‍යශීලී ආකාරයේ ෆෝන් එකක් හදන්න පුළුවන් නම් දාන තැන අනුව ෆෝන් එකට අවුලක් වෙන්නෙ නෑ වගේම අඩු ඉඩකින් පොඩි සාක්කුවක වුණත් දාගන්න, බිම වැටුණාම ලොකු අවුලක් නොවෙන්න ඒකට හැකියාව ලැබෙනවා. මේ කියන්නේ, කලින් අවුරුදුවල දකින්න ලැබුණු නවලා හදපු ෆෝන් නෙවෙයි, සෘජුව තිබිලා අපිට ඕනෑ වෙලාවට නවන්න පුළුවන් ඒවා ගැනයි. හරියට කාපට් එකක් වගේ. මේ වන විටත් නැවිය හැකි තිර LG වැනි සමාගම්වලින් TV වලට සකසා තිබෙන අතර තිරය නැමීමේ හැකියාව සහ හාඩ්වෙයා නැවීමේ හැකියාව ෆෝන් එකටත් එන බව සිකුරුයි.

 
Cover Image Source – mobileindustryreview.com/ youtube.com / cnn.com
 

Thambaru Wijesekara

Share
Published by
Thambaru Wijesekara

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago