කෝටි දෙකක් වෙන ජනතාව අතරින් බස් එක දේව රථේ කරගත්ත ජනතාව වැඩී. එහෙම යන්නේ බස් එකේ යන්න හෙනම ආසාවෙන් නෙවේ වෙන කරන්න දෙයක් නැතුවට. එහෙම යද්දී එක එක ඇබැද්දි සිද්ධ වෙන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙලාවට අසාධාරණේ පෙන්නන්න බැරි අයත් කට වහන් ඉන්නවා මේවා බස් එකේ යන අපි ලබා උපන් හැටි කියලා. හැබැයි අවශ්‍ය තැනදී ඊට විරුද්ධව කතා කරන සිරි ලංකා වැසියොත් ඉන්නවා.
1. අසහනකාරයොන්ගෙන් කාන්තාවන්ට වෙන කරදරය

Source – thenation.lk
මේක අද ඊයේ සිද්ධ වුණ අටමගලයක් නෙවේ. වචනයකින් අපහසුතාවයට පත් කරන තැනේ ඉඳලා ජැක් ගහන තැනට වෙනකන් පරාසයක දී කාන්තාවන් අඩන්තේට්ටමවලට ලක් වෙනවා. මේ වගේ වෙලාවට කට වහගෙන ඉන්නවාට වඩා වෙන කෙනෙක්ට දන්වන්න ඕනි. මෙහෙම සිදුවීම් වැඩි වෙන්නම හේතුව ලැජ්ජාව නිසා ඒ ගැන කාටවත් නොකියා ඉන්න එක.
2. ඉතුරු සල්ලි කෝ?

Source – publicdomainpictures.com
කරුණාකර මාරු සල්ලි රැගෙන එන්න කිව්වාට හැම මොහොතෙම මාරු සල්ලි අතේ තියෙනවය. ඉතින් ඒ වගේ වෙලාවට අපි කොන්දා අයියට දෙන්නේ සන්තකේට තියෙන ලොකුම සල්ලි කොලේ. ඕකේ ඉතුරු ලැබෙන විදිය ගැන බරණ ගණිතාචාරියා වලෙන් නැගිටලා ආවත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. රුපියලක් දෙකක් අනිවාර්යයෙන්ම අතින් කයිට් වෙන වෙලාවල් තියෙනවා. ඕක මෙලෝ මනුස්සයෙක් ඉල්ලන්නෙත් නෑ ඉතින්. බදු ගෙවන ඔබට ස්තුතියි කියලා ඇඩ් යන අස්සේ තව දීලා දානවා.
3. සංගීතේ විඳ දරා ගැනීම

Source – paword.com
ලෝකේ බස්වලටම අනන්‍ය වෙච්ච සංගීතයක් තියෙනවා නම් ඒ අපේ රටේ විතරයි. හැබැයි ඒක අර මධුර මනෝහර සීන් එකෙන් නෙවේ, ඔළුව අස්සේ කුළුගෙඩි පාරවල් වැදෙන විදියේ සංගීතයක්. එක්කෝ දුක් අඳෝනාවක්. සමහර වෙලාවට සින්දුව කියන එකා මොන හත්තිලව්වක් කියනවාද දන්නෙත් නෑ සංගීතේ විතරයි ඇහෙන්නේ. ඩ්‍රයිවර් උන්නැහෙට දොයිමත හැදෙයි කියලා දාන සින්දු නේ. මුකුත් කියන්නත් බෑ ඉතින් ගමනාන්තේ වෙනකන් ඒ සංගීතේ විඳ දරාගෙන යනවා.
4. හොර ගුහාවක් අස්සේ අනාථ වෙන එක

Source – luitour.com
හොර හිත අම්බානෙකට වඩවන තැනක් තමයි පොදු ප්‍රවාහන සේවය කියන්නේ. ඒ වගේ වෙලාවට බස් එකේ කොන්දා මහත්තයයි ඩ්‍රයිවර් උන්නැහේයි වුණත් අසරණ වෙනවා. ඒ නිසාමයි තමන්ගේ බෑග්, මුදල් පසුම්බි ගැන බලාගන්න කියලා කියන්නේ. ඒත් ලස්සනට පොකැට් එකට විදින්න බලාගෙන ඉන්න කෑදර පික්පොකැට් සෙවලයෝ බස්වල පිරිලා.
5. හිටන්

Source – kuow.org
වැඩිහිටි පුද්ගලයෙක්, මොකක් හරි ශාරිරික ආබාධයක් තියෙන අයෙක්, ගැබිනි මාතාවක් බස් එකට නැග්ගාම ඉස්සරහාම සීට්වල ඉඳන් ඉන්න ඈයෝ සෙනික හිටන් තමන්ගේ තැන පරිත්‍යාග කරන්න ඕනි. මේක තමයි ලංකාවේ අපේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම. හැබැයි ඕක අනික් අතට හිටන් යන හාදයාට බුදු කට්ටක්. සමහර වෙලාවට එහෙම දෙන සීට් එකක් ආය බහිනකන් ලැබෙන්නේ නැහැ.
6. කොට උඩ ට්‍රැවල්ස්

Source – Thedailybeast.com
දුර ගමන් බස්වල වගේ නෙවේ අනික් ඒවා පුළුවන් තරම් බලන්නේ පොල් පටවනවා වගේ සෙනග පටවගෙන දවසේ ගතමනාව ගන්න එක. ඒකට ඉතින් පුළුවාන් තරමක් හෙමින් කොට කොටා බස් හෝල්ට්වල පැය ගණන් නතර කරගෙන කාලේ කන සිරිතක් තියෙනවා. මේ වෙලාවට මගියෝ මාර විදියට අසරණ වෙනවා. 154 කිරිබත්ගොඩ – අඟුලාන බස් එකේ ජීවිතේ එක පාරක් හරි යන්න ඕනි මේ අත්දැකීම ගන්න.
7. රණ්ඩු සරුවල්
බස් එකක සීට් එකක් අල්ලා ගන්න එක ජීවිතේ පරදුවට තියලා කරන වැඩක්. බෑග් එකක් තියලා මේ සීට් එකේ මම ඉන්නවා කියලා අයිතිය තහවුරු කරලා පරිසරයට විනාඩියක් කරලා එන්න ගිය ටිකට සීට් එක තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මේ වෙලාවට සැර වාග්ප්‍රහාර බස් එක ඇතුළේ සිද්ධ වෙනවා. කොහොම හරි අන්තිමට එක පාර්ශ්වයකට සිද්ධ වෙන්නේ අකටයුත්තක්.
ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම විදියට සිද්ධ වෙනවා නම් එක අතකට අවුරුදු ගණන් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට තියෙන පට්ටම වෙනස් කරන්න වුණත් පුළුවන්.
Cover Image Source – badlegaindia.com
Leave a Reply