යාළුවො කට්ටිය සෙට් වෙනකොට ඒ අතරට සෙට් වෙන නොයෙකුත් මිනිස්සු ඉන්නව. සමහරු හැමෝගෙම හිත දිනාගෙන ආයෙත් යන්නෙ. අනිත් පිරිස ආපු අය හැමෝටම නරක මතකයක් ඉතුරු කරලා තමයි යන්නෙ. මෙන්න මේ විදියට ඩ්‍රින්ක් එකක් දාන්න ඉන්න අයට සෙට් වෙන්න හොඳම නැති ඩයල්ස් වර්ග 7ක් ගැන අපි හිතුවා. මේ විදියෙ අය ඕනෑම තැනක ඉන්න පුළුවන්. එනිසා මගහැරීම තමයි නුවණට හුරු. එහෙමත් නැත්තං වෙන්නෙ චිල් වෙන්න තියෙන හැන්දෑවක් කිල් කරගන්න තමයි.
1. සරා සළෙළු

Source – dreamstime.com
ඇත්තටම බලෙන් ප්ලග් වෙන මිනිස්සු ගැන අපි කියන්න දන්නෙ නෑ. එහෙම අයගෙ තියෙන ප්‍රධාන අවුලක් විදියට අදාළ මේසයේ ඉන්න තරුණියන්ට ඇහැ දැමීම දකින්නට පුළුවන්. ඒ මේසයේ සිටින්නේ එකිනෙකා මිතුරන් නිසා ඔවුනොවුන් අතරේ තියෙන දැන හැඳිනීම් මත තරුණියන්ද නිදහසේ හැසිරුනත් පිටස්තරයෙකු මෙය වැරදි ලෙස ගන්නට පුළුවන්. එනිසා හැකිතරම් පිටස්තරයන් මගහැරීම සුදුසුයි. එය අවසානයේ රණ්ඩුවකින් කෙළවර වෙන්නටත් පුළුවන්. එසේම එහි අගතිය අදාළ පුද්ගලයාව තම කණ්ඩායම අතරට ගෙනා පුද්ගලයාගේ කරපිටට වැටීමත් නවත්වන්නට බැහැ.
2. සුරංචියා

Source – videoblocks.com
සමහරුන් මේ මේසවලට බලෙන් ප්ලග් වෙච්ච නිශ්චිත හේතුව පැහැදිලි වෙන්නෙ ඔවුන් මේසයේ පැයක් දෙකක් පමණ ගතකිරීමෙන් පසුවයි. ටිකකින් ඔවුන්ගේ නොයෙක් වූ ව්‍යාපාර යෝජනා මෙම මේසයට ගෙනෙන්නට ඔවුන් උත්සාහ කරනවා. ඉන්පසු වඩා සුවදායී හැන්දෑවක් ගත කිරීම වෙනුවෙන් සෙට් වූ පිරිසට අනෙක් පුද්ගලයාගේ බිස්නස් ඩීල් මගහරිමින් සිටින්නට වෙනවා. මත් බවින් පිරි හිසකින් ගීයක් මුමුණා අවසන් වූ විගස, මොකද කියන්නෙ තේක්ක අක්කරයක් තියෙනවා සල්ලි ටිකක් ඉන්වෙස්ට් කරමුද? වගේ ඇහුවොත් ඇතිවෙන හැඟීම කොහොමද?
3. මෙන්න බුවා

Source – buzzfeed.com
සමහරුන්ට ඩ්‍රින්ක් එක දාලා ටික වේලාවකින් තමන්ගේ දේශපාලන වේදිකාව එතන මැවෙනවා. ඊටපස්සෙ ඉතිං අර මනුස්සයා රටට කරපු සේවය ගැන මොකද හිතන්නෙ? මල්ලිලා හිතන්නෙ අහවල් පක්ෂෙ තව කාලයක් හිටිනං හොඳ නැද්ද? වගේ සීන් එකකට එන්ටර් වෙනවා. කොහොමින් කොහොමින් හරි දේශපාලනය මගහැරියත් කර්මය සහ පුනර්භවය වගේ සබ්ජෙක්ට් එකක්වත් ඇදගෙන තමුන්ගේ මතය පෝෂණය කරන්න අදාළ පුද්ගලයා උත්සාහ කරනවා. ඒක ඉතිං ලොකු අවුලක්.
4. ඒම කෝමද?

Source – blogger.com
දෙකක් දාගෙන හීනියට වැදීගෙන එද්දි ඇඟ ඇතුළෙ ඉන්න සතා කෝප වෙන සිද්ධීන්වලිනුත් ඇතැම් මිනිස්සු පෙළෙනවා. එහෙම වෙලාවක ඒ මිනිස්සුන්ට මේ අවට ලෝකයම තමන්ට විරුද්ධව හැසිරෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් එකිනෙකා හොඳින් අඳුරන මිතුරො සෙට් එකක් අතරෙ සිද්ධ වෙන සෘජු ගනුදෙනු එක්ක අදාළ පුද්ගලයා කේන්ති අරගෙන ගේම් ඇදගන්න පුළුවන්. එහෙම එවුන්නං ඩ්‍රින්ක් එකක් දාන වෙලාවක නොපතං.
5. දන්සැල් පාළු

Source – pmd.gov.lk
කට්ටිය එකට සෙට් වෙද්දි මුලින්ම තමුන් දැනගන්න ඕන දේ තමයි මෙතන තමුන් තනියෙන් සෙට් නොවෙනවා කියන එක. එනිසා තමුන්ගෙ හිතට ඇති පදං කාගෙන කාගෙන යන්න හොඳ නෑ. මුළු මේසයම ගැන හිතලා තමුන්ගෙ බයිට් එක ඩයට් එකට ගැනීම සීමා කළ යුතුමයි. ඒ වගේමයි බීමත්. ඉන්න හැමෝම එන්නෙ වෙරිවෙන්න. තමුන් විතරක් පිස්සුවෙන් වගේ බීගෙන බීගෙන ගියා කියල වැඩක් නැහැ. එනිසා අනුන් ගැනත් හිතන්න ඕන. එහෙම නොවෙන මිනිස්සුන් කාලයක් යද්දි හෝ ෂේප් එකේ සෙට්වලින් හැලෙනවා.
6. @^&*%%$*&

Source – youtube.com
යාළුවො යාළුවො සෙට් වෙන ටේබල් එකක ගොඩක් වෙලාවට අදාළ සෙට් වෙන පිරිසගේ පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් වගේම දරුවනුත් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන්වල වචන භාවිතය හැමෝටම උචිත විදියට සිදුවෙනවා නම් හොඳයි. අන්න ඒ වගේ අවස්ථාවලදි පිටස්තරයෙකු සෙට් වුනොත් තත්ත්වය ටිකක් නරක අතට යන්න පුළුවන් වෙනවා. නිතර ටීක් වචන පාවිච්චි කරන ඩයල් එකක් නං ඕනම අවස්ථාවකදී ඕකට ඩිස්ඩඩිඩිඩිං කරන්න යකෝ… එහෙම පුළුවන්ද මල්ලි මේ ගමේ? වගේ ටෝක් සෙනග මැද්දෙ අතාරීවි. අන්න එහෙම අවස්ථාවලදිවත් තමුන් සෙට් වුනේ වැරදි මනුස්සයා එක්ක බව තේරුම් ගන්න.
7. ඕප්ස්

Source – twitter.com
හීනියට අඩියක් ගහලා ෆිට් වේගෙන එනකොට පෞද්ගලික ජීවිතයට එබිකම් කරන බුවාලත් මෙන්න මේ විදියෙ අවුල් ඩයල්ස් ගොඩට දාන්න පුළුවන්. දැන් ඇයි ඉතිං මල්ලි ළමයි හදන්නෙ නැත්තෙ? මම දන්න නියම තැනක් තියෙනව එතනට යමුද? ඇයි මල්ලි ඔයා නිකං අවුලෙන් වගේ… වයිෆ්ගෙ ප්‍රශ්නයක්නං අපිත් එක්ක කියන්න. වගේ ටෝක්ස් දීලා බලෙන් අනුන්ගෙ පෞද්ගලිකත්වය අවුස්සන මිනිස්සු ඕනතරං ඉන්නවා. ඕවා ඉතිං බිබී ඉන්න ඩ්‍රින්ක් එකත් එපා වෙන කුණු ප්‍රශ්න. අන්න ඒ නිසා ඒ විදිහෙ ඩයල්ස් එක්කත් සෙට් නොවී සිටීම වටිනවා.
Cover Image Source – imdb.com
Leave a Reply