ලොකුවට වෙඩින් එකක් නොගන්න හොඳ හේතු 7ක්

Why not to marry on a huge wedding

හිතට හරියන ගෑණු මනුස්සයා ලැබුනාම ලංකාවෙ හැටියට සිද්ධ වෙන්නෙ නං කසාදයක් බඳින එක තමයි. ඉතිං මේ ගෑණු මනුස්සයයි පිරිමි මනුස්සයයි අදාළ නීතිවල හැටියට කසාදෙ ලියාපදිංචි කරලා ගෙදර මිනිස්සු එක්ක පොඩියට පාටියක් දාලා විවාහ ජීවිතයට මුලපිරීම කියන දේ සිද්ධ වෙනවා. ඒත් මතක ඇති කාලෙ ඉඳන් මේ වෙද්දි දන්න කියන හැමෝටම ප්‍රසිද්ධ කරලා, තවත් විගඩං ගොඩකුත් කරලා, රුපියල් ලක්ෂ පනහකට එහාපැත්තෙ වියදං කරල තමයි බහුතරයක් වෙඩින් සිද්ධ වෙන්නෙ. අන්න ඒ නිසාමයි අපි මේ ගැන ලියන්නෙ. ඇයි අපි ලොකු වෙඩින් එකක් එහෙමත් නැත්තං පට්ට විශාල මංගලෝත්සවයක් නොගත යුත්තේ?

 

1. ආතල් එකට ආයෝජනයක්

Why not to marry on a huge wedding

Source – nation.lk

මේ මොහොත වෙද්දි සාමාන්‍ය පොෂ් විදියෙ වෙඩිමක් ගන්න රුපියල් ලක්ෂ විස්සකට එහා පැත්තෙ යනව. ඉහළ පෙළේ හෝටලේකදි නං ඕක ලක්ෂ පනහක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඉහළ පෙළේ හෝටලේක‌ හොඳටම පොෂ් වෙඩිමක් ගන්න යන වියදං ගැන පපුව අමාරුව හැදෙන නිසා අපි කතා නොකර ඉමු. ඒ කොහොම වුනත් ඔය මුදල ඉතුරු කළොත්, ඔබට නිවසක් ගන්න මූලික මුදලක් විදියට, වාහනයකට, ඉඩමකට, එහෙමත් නැත්තං ස්ථාවර තැම්පතුවක යොදලා පොලියෙන් මාසෙකට පාරක් රිලැක්සින් ගමනක් ගිහින් එන්න පුළුවන්. එහෙමත් නැත්තං ඒ මුදලින් විවාහක ජෝඩුවට වර්ල්ඩ් ටුවර් එකක් දාන්න පුළුවන්.

 

2. වටපිට ඇදකුද?

Why not to marry on a huge wedding

Source – nancycarlstrom.com

නෑයෝ ඉතිං වේයො වගේ කියන්නෙ නිකංයැ. ඔයා ජනාධිපති වුනත් ඔයාගෙ නෑයො ටික ඔයාගෙ ඇද කුද හොයනවම තමයි. ආයෙ ඉතිං ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඒ නිසා ඔයාගෙ වෙඩින් එකේ බීම අල්ලන්න හිටපු කොල්ලගෙ සපත්තුවෙ ලේස් එක ලිහිලා තිබීම, වෙඩින් කේක් බෙදපු කෙල්ල ‌මූණ බලා හිනා නොවීම, මැකරෝනිවල චීස් වැඩිපුර තිබීම, පෙරේතකමට සූප්පු කරන්න ගොස් මස් කට්ට උඩු තල්ලෙ වැදීම, මනමාලි නටද්දි කොණ්ඩෙ බුරුල් වීම, බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ බුරිය පෙනීම, බෑන්ඩ් එකේ උන් එකදු බොදු බැති ගීයක් නොගැයීම, හැම තැනම ඩබල් බ්ලැක් දෙද්දි මෙතන බ්ලැක් ලේබල් බොන්නට දීම, වෙඩින් ෆොටෝග්‍රැෆර් තමුන්ගේ වැඩි පින්තූර ප්‍රමාණයක් නොගැනීම ‌වගේ හේතු නිසා ඔයාගෙ වෙඩින් එක අවුල් වෙඩින් එකක් ලෙස හැඳින්වීමේ හැකියාව නෑයන්ට තියෙනවා. එහෙම බුවාලට හෙන ගාණක් වියදං කරලා කන්න දෙන්න ඕන නෑ හලෝ!

 

3. ෂෝ බයි ෂෝ

Why not to marry on a huge wedding

Source – fimfare.com

මේක ඉතිං ‌විලි ලැජ්ජාව පිළිබඳ ප්‍රශ්නයක්. මුළු සනුහරයක් ඉස්සරහා ඉඳගෙන බලං ඉද්දි පුටුවකට වෙලා ඉන්න ජෝඩුවට සිද්ධ වෙනවා. ඒ මදිවට ප්‍රී ෂූට්වල ගෑණිව උස්සන් නටන්න වෙනවා, අන්න සුදෝ අර පාට වළා ටයිප් සීන්වලට අත දික්කරං ඉන්න වෙනවා, ෆොටෝ එක කොටාගන්නකං උම්ම දීගෙන ඉන්න වෙනව, කැමරාමන් මෙමරි චිප් එක දාගෙන හිටපු නැති නිසා නැකතට කරපු වැඩ ටික ආයෙ ෆොටෝ එකට ගන්න හරියන විදියට කරන්න සිද්ධ වෙනව, මාස දෙකක් තිස්සෙ ප්‍රැක්ටිස් කරපු තමුන්ගෙ ගෑණිගෙ නැටුම දිහා එදා දැක්ක වගේ බලං ඉන්න වෙනවා. ඔන්න ඔය වගේ අවුල් වැඩ තොගයක් කරන්න වෙනව කියන්නෙ ඉතිං විලි ලැජ්ජා නැති වැඩක් තමයි.

 

4. ඇරියස් සහ රැග්

අපි මීට කලින් වෙඩින්වලට ගිහිල්ලා යාළුවොන්ට දීපු රැග් නිසා අපේ වෙඩින් එකකදි යාළුවො අනේ ඌ පවු කියල නිකං ඉඳියි කියල හිතන්නෙපා. යාළුවො ටික අපි දුන්නට හපං ගේමක් අපිට දෙන්න බලාගෙන ඉන්නව. අන්න ඒ නිසා අන්ඩර්වෙයා ටිකේ මඩ පුරවගන්න, විල්බැරැක්කවල තල්ලු දාන්න, ලොක් කරපු ඇඳුම් පෙට්ටි දිහා හනිමුන් ගිය රූම් එකේ ඉඳන් විරවගෙන බලං ඉන්න, ගම් දාපු වතුර නාන්න, කැරට් අල මාලයක්, සනීපාරක්ෂක තුවා මාලයක් ගෙලේ පැළඳගෙන යන්න කොයි මනුස්සයද කැමති. ඉතිං නිකං කටු කන්න වෙඩින් ගන්නෙ මොකටද මචං?

 

5. කිරි කළේ ගොම බින්දුව

මෙහෙම හිතමුකො. වෙඩින් එකක් සිරා මට්ටමේ සිට චාටර් මට්ටමට යා හැකි හේතු මොනවාද? ඒ අතරින් ප්‍රධාන වෙන දේවල් තමයි කෑම, බීම, මනමාලි සහ බෑන්ඩ්/ඩීජේ එක. ඒ ඔබ හිතන විදියටයි. නමුත් ඇත්තටම වෙඩින් එකක් අවුල් යන්න මේ වගේ අපට පාලනය කළ හැකි හෝ තෝරා ගත හැකි කාරණාම අවුල් විය යුතු නෑ. පමණ ඉක්මවූ අංකල් කෙනෙක් කබ්බා දැමීම, සූර් වූ තරුණයෙක් පෝරුව අසල සඳකඩපහනේ හැපී දොයියපතං වීම වැනි අපට පාලනය කළ නොහැකි සිද්ධිත් වෙඩින් එකක් චාටර් බවට පත්කරවන්නට සමත් කාරණා වෙනවා.

 

6. ලෝන් මෑන්

Why not to marry on a huge wedding

Source – youtube.com

කෙනෙක් තිස් වසරක් පිරෙද්දි කසාද බැන්දොත් (මේ අර එපා එපා මස් කන්නට කිරි අම්මාගේ සින්දුව නෙමෙයි කියන්න යන්නෙ) එයාට සල්ලි හම්බුකරන්න තියෙන්නෙ උපරිම වශයෙන් අවුරුදු 10ක් නැතිනම් 5ක්. ඒ කාලයේ උපයාගත් මුදල ඉතිරිකරලා අවම වශයෙන් ලක්ෂ විස්සක් ඉතිරි කරන්න අමාරුයි. එනිසා වෙඩින් එකක් ගන්නනං ලෝන් එකකට (පරම්පරා සල්ලි නැත්තං) යන්නම සිද්ධ වෙනවා. ඉතිං මේ විදියට ලෝන් එකක් අරගෙන තමුන්ගෙ අනාගතේ සැපපහසුවෙන් ඉන්න තියෙන සල්ලි නාස්ති කරගන්න එක වාතයක්. එනිසා වෙඩින් එකක් නොගන්න එකෙන් ඒ වාසියත් ලැබෙනවා. බැංකුවකට උනත් අනාගත ආයෝජනයක් නොවෙන දෙයක් වෙනුවෙන් ණය වීම හොඳ නැහැනෙ.

 

7. බොමුද සීතල වතුර වීදුරුවක්?

Why not to marry on a huge wedding

Source – wikimedia.org

ඇත්තටම ඉතිං වෙඩින් එක ඉවර වෙලා අන්තිමට හනිමුන් ගිහින් වැඩි වැඩක් කරන්න වෙන්නෙ නෑ. හති වැටෙනවා මිසක්. මොකද වෙඩින් එකට මහන්සි වෙන්න වෙනවනෙ හොඳටම. වෙඩින් එකක් ගන්න එක කසාද බැඳලා ජීවත් වෙනවට වඩා අමාරු වැඩක්. මොකද හරිම මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. කාඩ් හදන අය තෝරන්න, හොඳ හෝටලයක් තෝරගන්න, මනාලියො අන්දන්න, සාරි හොයන්න, පෝරු හදන්න, ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ස්මේඩ් සහ බෙස්ට්මන් මැච් කරන්න හරිම අමාරුයි. එනිසා ඒ කට්ට වෙනුවෙන් දරන්න වෙන මහන්සියත් ලොකු අවාසියක් තමයි.

 

බෝනස් – ඊසි ඩිවෝස්

Why not to marry on a huge wedding

Source – greatist.com

දැන් ඔය විදියට අටෝරාසියක් සෙනගට කියලා, ප්‍රී ෂූට් කරලා, එෆ්බී එකේ එවුවා දාලා, වෙඩින් ෂූට් කරලා, ලොකු ෆොටෝ හදලා, ලොකු ඇල්බම් හදලා, සර්ප්‍රයිස් ඩාන්ස් නටලා, මල් ගහලා ගෙදර ගියාට පස්සෙ තේරෙන්න ගන්නව දෙන්නට දෙන්නව හරියන්නෙ නැති විත්තිය. ඒ වෙද්දි සර්ප්‍රයිස් ඩාන්ස් දාපු නිසා ඩිවෝස් කරන්න බෑ ඔන්නොහේ ජීවිත කාලෙම කට්ට කනව කියල හිත හදාගන්න බැහැනෙ. අන්න ඒ නිසායි අපි කියන්නෙ ලොකු වෙඩින් එකක් නොගන්න එක හදිසි අවුලකදි බෝනස් එකක් විදියට වැඩ කරන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඩිවෝස් වෙන්න බලාගෙන කසාද බඳින්නෙපා!

 
Cover Image Source – ambalamavilla.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *