සුපර් හීරෝස්ලා නැත්තං සුපිරි වීර චරිත බිහිවෙන්නෙ ඒ අයටම ආවේණික හැකියාවන් එක්ක. දැන් ඉතිං හොලිවුඩ් ෆිල්ම්වල පෙන්නන්නෙ ඒ අයගෙ ඒ ආවේණික හැකියාවන් නිසා ඒ අය ඇමරිකාව බේරගන්න හැටිනෙ. හැබැයි ඊට වඩා ඒ අයගේ හැකියාවන්ගෙන් ඒ අයටම වාත වෙන දේවලුත් වෙන්න පුළුවන්. ලංකාවෙ තියෙන ප්‍රශ්න කන්ද දැකලා හොලිවුඩ් සුපර් හීරෝස්ලා ටිකක් ලංකාවට බැස්සොත් ඒ අයට අනිවාර්යෙන්ම මේ කටු කන්න වෙනවා.
1. බස් ප්‍රශ්න

Source – toyboxcollection.com / srilanka-expierience.de
පොදු ප්‍රවාහනේ කියන්නෙ සුපර්හීරෝස්ලා බොහොමයකට කටු කන්න වෙන සිද්ධියක්. නිකමට හිතන්න හිර වෙච්ච 154 බස් එහෙකට තෝර් නැගලා වාඩිවෙලා ඉන්න ආච්චි කෙනෙකුට මිටිය අල්ලගන්න දුන්නොත් ආච්චි බස් එක පලාගෙන යනව මිටියත් එක්ක බිමට. හල්ක් නැගලා පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙච්ච වෙලේ ඉඳන් කොන්දොස්තර මහත්තය කෑගහනව හය දෙනෙක් වාඩි වෙන්න තියෙන සීට් එක මහත්තය, කකුල් අකුලගෙන මේ නෝනල දෙන්නටත් වාඩි වෙන්න ඉඩදෙන්න කියල. ඉලාස්ටෙගර්ල් හිරවෙච්ච 138කට නැග්ගොත් තුම්මුල්ලෙන් නගින මහත දෙහෙත ගැහැණුන්ගෙ හෑන්ඩ් බෑග් කොකුවල ඈඳිලා ඇදිලා යාවි කඳ පිටිපස්සෙ දොරේ තියෙද්දි බෙල්ල එන්ජිම ගාවට යනකං.
2. වයිෆ් ප්‍රශ්න

Source – imageevent.com
වයිෆ්ලගෙන් කනක් ඇහෙන්න වෙන්නැති එකත් ඉතිං සුපර්හීරෝස්ලට ලොකු ප්‍රශ්නයක්. ඒයි බැටා! මොකද ඔයා ඊයෙ අර ගර්ල් කෙනෙක්ව බේරගන්න උඩ තට්ටුවකට නැග්ගෙ? ඔයාට බේරගන්න වෙන කවුරුවත් හිටියෙම නැද්ද? මම කිවුවොත් පොල් ගහට නගින්න තමයි ඉතිං බැරි. වෙනිං ගෑණු ඇඬුවොත් ඇති තට්ටු දහයක් හරි බඩගාන්න. ඒ මදිවට ගිනිගන්න අස්සෙ. තමුසෙගෙ ඔය කළු රෙද්දට ගිනි ඇවිලුනානං දරුවන්වයි මාවයි බලාගන්නෙ කවුද මිනිහො? කොහෙද ඉතිං ගෑණු පුළුටක් දැක්කම අපිව මතක් වෙනවයැ. වගේ දෙයක් ගැන හිතන්නකො උදාහරණෙකට.
3. ඔෆිස් ප්‍රශ්න

Source – noexcuses.com
හප්පෝ ඔෆිස් කියන්නෙත් ඉතිං සාමාන්‍ය ප්‍රජාව පිරිච්ච ප්ලේස් එකක්නෙ. ඉන්විසිබල් මෑන්ට හැමදාම ලොක්කගෙන් දොස් කොයිවෙලේ බැලුවත් පුටුවෙ නෑ කියල. වොන්ඩර්වුමන් අතේ හිටපු මැස්සෙක්ට පිඹපු පාර එහා පුටුවෙ වැඩ කර කර හිටපු ආන්ටි සුනේත්‍රා ජනෙල් කඩාගෙන ගිහින් උඩ තට්ටුවෙන් දොං වෙලා. ලොක්කගෙ පොඩි එකා ඔෆිස් එකට ආපු වෙලේ ඉඳන් ස්පයිඩර් මෑන්ගෙන් නූල් ඉල්ලලා වද දෙනවා. ලොක්කගෙ පුතා හින්දා බෑ කියන්නත් බෑ. මකුළුවෙක්ට වුනත් ඔය තරං නූල් තියෙනවයැ.
4. සුපර්මාකට් ප්‍රශ්න

Source – themarysue.com
වැඩ සුපර් වුනාට ලංකාවෙ සුපර්මාකට් එකක බඩු ගන්න ගියොත් සුපර් හීරෝස්ලටත් කන්න වෙනව සුපිරි කටු. සුපර් මෑන්ගෙ රෙද්ද පැටලෙනව ඇන්ටිලගෙ කාට්වල. බැට් මෑන්ට කාඩ් එකෙන් බිල ගෙවන්න දෙන්නෙ නෑ මූණ පේන්නෙ නැති නිසා. ඉන්විසිබල් මෑන්ට ඇඟවල්වල හැප්පිලම එපා වෙලා. හල්ක් පළතුරු ගන්න හැරෙද්දි කුළු බඩු රාක්කෙ බිම. ඉතිං ප්‍රශ්න.
5. අසල්වැසි ප්‍රශ්න

Source – suwalls.com
උදේ පාන්දරම ගේට්ටුවට තට්ටු දාලා ආන්ටිලා කතා කරනවා.
අනේ සුපර්මෑන් පුතා අපේ දුව බත් එක දාලා ගිහින්… ඔයාට පුළුවන්ද ටක් ගාලා ගිහින් ඒක දීලා එන්න. එයා ඉන්න බස් එක දැන් බම්බලපිටිය හරියෙලු.
මල්ලි හන්දියෙ පොඩි වලියක්ලු බැට්මොබිල් එක දෙනවද දීං ගාලා ගිහිල්ල එන්නං…
ඒ අස්සෙ වයිෆ් – ආ මේ අර හන්දියෙ මුණවීර ආන්ටි. එයාට ඔයාගෙ විස්තර ආරංචි වෙලානෙ. මහ ලොකුවට නම ඉන්විසිබල් වුනාට වැඩක් තියෙනවයැ ඕක හදිස්සියකට පෙන්නගන්න බැරිනං. ආන්ටිට වැඩක් දාලා පෙන්නන්නකො. මම කිවුවම තමයි ඔයත් ඇඹරෙන්නෙ.
තෝර් පුතේ මේ පුවක් ටිකට මිටි පාරක් ගහල දියංකො හරි හයියයි බං.
6. පොලිස් ප්‍රශ්න

Source – comicbookmovie.com
තමුං සුපර් මෑන්ද නැද්ද කියන එක මට අදාළ නෑ. දැන් අර ඉස්සෙල්ල වේගෙන් ගිය බැට් මෑන් කියන එකත් ඇතුළෙ. තමුසෙත් කූඩු. අද සිකුරාදා. ආයෙ තමුසෙව එළියට ගන්න වෙන්නෙ සඳුදට තමයි. ලේසියෙන් ගැලවෙන්න බෑ මගෙන්
ඇත්තද තමුං නොපෙනී ගිහින් එහා ගෙදර වැලෙන් රෙදි හොරකං කරනව කියන්නෙ? ලැජ්ජ නැද්ද මිනිහො? ඔච්චර අසහනකාරයෙක්ද තමුසෙ? මහ ලොකුවට නම ඉන්විසිබල් මෑන් වුනාට වැඩක් නෑ අයිසෙ ඔනරබල් නැත්තං.
7. ඉස්කෝලෙ ප්‍රශ්න

Source – freepngimage.com
තාත්ති අපේ ඉස්කෝලෙ බිල්ඩිමේ තුන්වෙනි තට්ටුව පාට කරල දෙන්න පුළුවන්ද කියල ප්‍රින්සිපල් ඇහුව. ඔයා ඉන්දැද්දි අපරාදෙලු ඉනිමං රෙන්ට් එකට ගන්නෙ. මම කිවුව අහල කියන්නං කියල. තාත්ති සුපර්මෑන් වුනාට වැඩක් නෑලු ඔහොමවත් උදවුවක් නැත්තං.
තාත්ති වෙසක් එකට රැලි ඉරන්න ඔයාට එන්න පුළුවන්ද කියල ඇහුව. වුල්වොරින් ඉන්න හින්ද අපි ඕන නෑ කියල අනිත් ආන්ටිලා අංකල්ල ටීචර්ට කියල.
මිස්ටර් ස්ටෝම්, හෙට අපේ බිග්මැච් එකේ දෙවනි දවස. වහින්න හදන්නෙ. අපිට දිනන්න හෙට උදේ ලකුණු 70ක් විතර ගහන්න තියෙන්නෙ. නෝනට කියල හෙට උදේ වෙදර් එක පොඩ්ඩක් ෂේප් කරල දෙනවද? ඔයාගෙ ඉස්කෝලෙනෙ ඉතිං. ගියපාර වගේ බීලා බීලා හේදෙන්න වැසි වස්සවන්න නං එපා හොඳේ.
Cover Image Source – marvel comics / twitter.com
Leave a Reply