තාක්ෂණික දැවැන්තයන්ගේ 2018 වසරේ නවතම දුරකතන මෙන්න

Flagship phones 2018

ස්මාර්ට්ෆෝන් ලොව කිරුළ දරා සිටින සමාගම් විසින් මේ වසර සඳහා නිපදවන ලද ෆෝන් සෙට් එකේ ඉදිරියෙන්ම තිබෙන නිෂ්පාදනවල දුරකතන තාක්ෂණය තුළ ලබන ලද දියුණුව විතරක් නෙවෙයි, කැමරා, ජෛව ආරක්ෂණ උපක්‍රම ආදී හැමදේම තියෙනවා. මේවා ගැන අධ්‍යයනය කළාම දැනට තාක්ෂණය තුළ ලෝකය සිටින තත්ත්වය සහ ඒකෙන් අනාගත තාක්ෂණය ගැන පෙරැයීම් කරන්නට අපිට හැකියාව ලැබෙනවා.

 

1. OnePlus 6

 

අලුත්ම Qualcomm Snapdragon 845 ඔක්ටා කෝ(ර්) ප්‍රොසෙසරයක් තිබෙන මේ ෆෝන් එක වන් ප්ලස් මාදිලියේ අලුත්ම එකයි. එහි රැම් එකත් 8GB නිසා හොඳ ප්‍රොසෙසරයත් එක්ක හොඳ ස්පීඩ් එකක් AR වැඩවලට පවා ලබා දෙනවා. දාර නැති අඟල් 6.28ක ස්ක්‍රීන් එකක්, පසුපස 16MP සහ 20MP කැමරා දෙකක් සහ ඉදිරිපස 16MP කැමරාවක් මෙහි තිබෙනවා. 3450mAH බැටරියක් තමයි මේ හැම දේටම බලය සපයන්නේ.

 

2. Huawei P20 Pro

 

කැමරා තුනක් සහිත ලොව ප්‍රථම ස්මාර්ට්ෆෝන් එක ලෙස හැඳින්වෙන මෙය ජර්මනියේ Leica තාක්ෂණයෙන් බලගැන්වූ 40MP, 20MP සහ 8 MP කැමරා තුනකින් ඡායාරූප ගන්න ෆුල් සපෝට් එක දෙනවා. ස්ක්‍රීන් එක දාර අවම නමුත් iPhone X එකේ වගේ උඩින් පොඩි කට්ටයක් තිබෙනවා. සෙටිංස් වලින් ඒ කට්ටය නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ, කට්ටය දෙපැත්තේ තිබෙන ස්ක්‍රීන් එක කළු පැහැ ගැන්විලා, ප්‍රමාණය අඩුවෙලා වීඩියෝ බලද්දී ඇසට පහසුවක් සපයනවා. මේ කට්ටය මත තමයි 24MP ඉදිරිපස කැමරාව තියෙන්නේ.

 

3. Asus Zenfone 5z

 

මේ ෆෝන් එකේ තියෙන්නේත් අලුත්ම ස්නැප්ඩ්‍රැගන් 845 ප්‍රොසෙසරයයි. ඒක 4GB රැම් එකත් එක්ක ගාණක්වත් නැතිව වැඩ ටික කරලා දෙනවා. ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB, 256GB වගේ මාදිලි කිහිපයකින් මෙය වෙළඳපොළට නිකුත් වෙනවා. පසුපස කැමරාව 12MP සහ 8MP වෙනවා. ඉදිරිපස කැමරාව 8MP එකක්. දාර අවම තිරය, ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක, ෆාස්ට් චාර්ජිං මෙහි විශේෂාංග ලෙස දක්වන්න පුළුවන්.

 

4. Motorola Moto G6

 

බජට් ෆෝන් එකක ලෙස හඳුන්වාදෙන මේ ෆෝන් එකේ පෙනුම මීට අවුරුදු දෙකකට විතර කලින් ආපු ෆෝන් එකක් වගෙයි. G6 සහ G6 Plus ලෙස මාදිලි දෙකකින් එන මේ ෆෝන්වල පිළිවෙලින් 3 GB රැම් එකක් හා 32 GB ස්ටෝරේජ් එකක් මෙන්ම Plusහි 4 GB රැම් එකක් සහ 64 GB ස්ටෝරේජ් එකක් තිබෙනවා. ස්නැප්ඩ්‍රැගන් ඔක්ටා කෝ(ර්) 450 සහ Plusහි 630 ප්‍රොසෙසර මේවායේ පාවිච්චි වෙනවා. G6 එකේ මෙන්ම Plusහි පසුපස කැමරාව 12MP සහ 8MP වන අතර G6හි ඉදිරිපස කැමරාව ෆ්ලෑෂරයකුත් එක්ක 8MP වෙනවා. Plus එකේ ඉදිරිපස කැමරාව ෆ්ලෑෂරයක් එක්කම 16MP නිසා සෙල්ෆි වලට හොඳයි.

 

5. Sony Xperia XZ2

 

කොටු හැඩයේ ෆෝන් වලට කැමති අයට සෝනි සමාගමෙන් 6 GB රැම් එකක්, 64 GB ස්ටෝරේජ් එකක් සහ Snapdragon 845 ප්‍රොසෙසරයෙන් සවිබල ගන්වා වෙළඳපොළට ඉදිරිපත් කරන මේ ෆෝන් එකට අඟල් 5.7ක තිරයක් තිබෙනවා. නමුත් ඉහළින් සහ පහළින් විශාල දාරයක් තිබෙන නිසා එයට තවමත් පරණ පෙනුමක් තමයි තිබෙන්නේ. කැමරාව 19MP සහ ඉදිරිපස 5MP වෙනවා. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක්, වයර්ලස් සහ ෆාස්ට් චාර්ජිං පහසුකම් මෙය සතුයි.

 

6. Xiaomi Mi Mix 2s

 

ඉදිරිපස පහළින් 5MP කැමරාව යොදපු මේ ෆෝන් එකේ ඉහළ කොටස සම්පූර්ණයෙන්ම ස්ක්‍රීන් එක තිබෙන නිසා කැමරාව වෙනුවෙන් කපපු කට්ටයක් නැතිවම පූර්ණ තිර අත්දැකීමක් ලැබෙනවා. ස්නැප්ඩ්‍රැගන් 845 ප්‍රොසෙසරයක්, 64 හෝ 128GB ස්ටෝරේජ් ඇති ඒවායේ 6GB රැම් එකකුත් 256GB ස්ටෝරේජ් එකක් තිබෙන මාදිලියේ 8GB රැම් එකකුත් මේ ෆෝන් එකේ තිබෙනවා. 3.5mm ඕඩියෝ ජැක් එකක් මේ ෆෝන් එකේ නැහැ. ඒ වෙනුවට USB Type-C පෝට් එකට ගහන්න ඇඩැප්ටරයක් ලැබෙන නිසා ජැක් එක තිබෙනවා වගේම තමයි. මේකේ බ්ලූටුත් 5.0 තිබෙනවා.

 
Cover Image Source – phonearena.com / youtube.com/ pintarest.com/ twitter.com/ pichere.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *