ජපන්නු හපන්නු කියලා කියන්නේ කතාවට නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් සත්‍ය කතාවක් ඔබට කියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මේ කතාව ඔබ වැඩි දෙනෙක් නොහඳුනන යොෂිරෝ නකමත්සු (Yoshiro Nakamatsu) කියන නිපැයුම්කරුවා ගැන. එහෙමත් නැත්නම් ජපන් ජනතාව කියන විදිහට නම් නකමත්සු මහත්මයා ගැනයි මේ කියන්න යන්නේ.
1. Yoshiro Nakamatsu කියන්නෙ කවුද..?
යොෂිරෝ නකමත්සු කියන්නේ ජපානයේ තරුවක් කිවුවොත් මම නිවැරදියි. බොහෝ විට තරුවක් වෙන්නේ නළුවන්, ගායකයන් උනාට නකමත්සු මහත්මයා තරුවක් වෙන්නේ ඔහු කල සොයාගැනීම් නිසාමයි.
ඔහු ඉපදෙන්නේ 1928 අවුරුද්දේ. ඒ කියන්නෙ ඔහු දැන් 89 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ පියා බැංකු කරුවෙක් වන හජිමේ නකමත්සු සහ මව විද්‍යා ගුරුවරියක් වන යොශිනෝ නකමත්සු වනවා. මව උගන්නන විෂයන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඔහු ඒ විෂයන් ස්වයංව අධ්‍යනය කොට නව නිර්මාණ නිපැයීමට උත්සාහ කල බව ඔහු කියා තිබෙනවා.
ඔහුගේ අධ්‍යාපන ජීවිතයේ සංධිස්ථානය බවට පත් වන්නේ ටෝකියෝ විශ්ව විද්‍යාලයට ඉංජිනේරු තාක්ෂණය ඉගෙනීම සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලැබීමයි. එතැන් සිට ඔහුගේ නව නිර්මාණ දිවියේ ස්වර්ණමය යුගයේ ආරම්භය සනිටුහන් වූ අතර වයස 89ක් වූවත් ඔහු තවමත් විද්යාත්මය පර්යේෂණ වල නියැලෙනවා.
ඔහු ජපානයේ තියෙන Talk Show වලට බොහෝ විට සම්බන්ධ වෙලා ඔහුගේ අදහස් හා දැනුම බෙදාගන්න හැමවිටම උත්සුක වන විනෝදකාමී චරිතයක් විදිහටයි හැඳින්වෙන්නේ. ජපන් ජනතාව ඔහුට මහත් සේ ආදරය කරන බවයි කියන්නේ.
2. නකමත්සු මහතාගේ සොයාගැනීම්
නකමත්සු ගේ සොයාගැනීම් එක පරාසයක පැතිරෙන්නේ නැහැ. එක් එක් ක්ෂේත්රයට අයත් සොයාගැනීම් අති විශාල ප්‍රමාණයක් ඔහුගේ සොයාගැනීම් ගොන්නට අයත් වනවා. පුදුම එළවනසුළු වගේම විකාර සහගතයි කියලා හිතෙන නිපැයුම් රැසකුත් නකමත්සු මහතා නිර්මාණය කරල තියනවා. මේ ඒවායින් ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි.
- පළමු Floppy Disk එක
- Enerex – ඔක්සිජන් සහ හයිඩ්රජන් වෙන් කිරීම සඳහා වන පද්ධතිය
- වාහනය පැදවීමේදී නින්ද වළක්වන කොට්ටයක්
- මොළය ක්‍රියාකාරීව පවත්වා ගැනීම සඳහා වන සිගරට්ටුවක් වැනි උපකරණයක්
- ඇසේ ප්‍රමාණයට ගැලපෙන ඇස් කණ්නාඩියක්.
(එය පැළඳූ විට පැළඳූ බව නොපෙනේ) - ආත්ම ආරක්ෂාවට බොරු කොණ්ඩයක්
(මෙය ප්‍රහාරකයාගේ ඇඟේ වදින ලෙස සෙලවූ විට ඔහුට දැඩි වේදනාවක් දැනෙනු ඇත) - ඉහළට පැනිය හැකි සපත්තු කුට්ටමක්
- Cerebrex – ගණිතමය හැකියාව, තර්කන හැකියාව වැනි මානසික හැකියාවල් වර්ධනය වන ලෙස මොළයට සහනයක් ලබාදීමට සැකසූ ආසනයක්.
(හිස සිසිලස් කිරීමෙන් සහ කකුල් උණුසුම් කිරීමෙන් මෙම මානසික ඒකාග්‍රතාවය ලබා දේ)
ඔබ විශ්වාස කරනවද..? යොෂිරෝ නකමත්සු කියන මේ මහා නිපැයුම්කරුවා සොයාගැනීම් 3300ක් සිදු කොට තිබෙනවා. සමහර ජපාන පුවත්පත් වලින් ඔහුව “ලෝකයේ වැඩිම නව නිපැයුම් කල පුද්ගලයා” ලෙස හැඳින්වුවත්, බටහිර පුවත්පත් ඔහු ගැන වැඩි හැඳින්වීමක් මෙතෙක් සිදු කොට නැති බවයි කියන්නේ.
3. දේශපාලනය
ඔහු හැම ක්ෂේත්රයක් දිහාවටම ඔහුගේ හස්තය දිගු කලා වගේම ඔහුට වැරදුණ එක තැනක් විදිහට දේශපාලනය හඳුන්වන්න පුලුවන්. ටෝකියෝ ආණ්ඩුකාරවරයා වන්න දෙවරක් ඡන්දය ඉල්ලූ ඔහු ඒ දෙවරම පරාජයට පත් වුණා. ඒ වගේමයි ජපානයේ “කවුන්සිල මන්දිරයට” සාමාජිකයෙක් ලෙස එක් වීම සඳහා ඔහු ඡන්දය ඉල්ලූ නමුත් එයත් පරාජයට පත්වනවා. සමහරවිට ඔහු හරියන්නේ නව නිපැයුම් ක්ෂේත්රයට මිස දේශපාලන ක්ෂේත්රයට නොවන බව ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පෙන්නන්නට ඇති. එහෙත් නකමත්සු මහත්මයා “දේශපාලනය යනු නව නිපැයුම් වල එක් කොටසකි” කියා ඔහුගේම කියමනක් ලෝකයට දායක කොට තිබෙනවා.
4. තරු ජීවිතය
ජපාන රූපවාහිනියේ බොහෝ විට දකින්න ලැබෙන නකමත්සු මහතා ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් වලටත් ඉඳහිට සම්බන්ධ උනා. Lifestyle of the Rich and Famous, Late Night with David Letterman වැනි ප්‍රකට ඇමරිකානු වැඩසටහන් වලටයි ඔහු එලෙස දායකත්වය ලබාදී තිබුණේ. එසේම BBC ගුවන්විදුලියේ Jon Ronson Show වැඩසටහනට වගේම BBC රූපවාහිනියේ Adam and Joe Go Tokyo වැඩසටහනට ඔහු සිය දායකත්වය ලබාදී තිබුණා.
5. ගෞරව සම්මාන
2005 වසරේදී නොබෙල් සම්මාන උළෙලට සමාන ලෙස පවත්වන සම්මාන උළෙලක් වන Ig Nobel Prize සම්මාන උළෙලේ පෝෂණය අංශයේ සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.
2009 දි Sovereign Military Order of Malta. නම් ඉතාලියානු ගෞරව සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.
2016 දී ඔහු Mmuseumm ආයතනයෙන් පිරිනැමෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවා.
6. පිළිකාවට ඔසුවක් සොයමින්
නකමත්සු මහතා දරුණු පිළිකා තත්ත්වයකින් පීඩා විඳින තැනැත්තෙක්. මේ හේතුවෙන් නකමත්සු මහතාට ජීවත් වීමට ඇති දින ගණන සීමිත වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මේ දිනවලදී නකමත්සු මහතා තමන්ගේ පර්යේෂණාත්මක දැනුම සම්පූර්ණයෙන්ම යොමුකර තිබෙන්නේ තමන්ට වැළඳී තිබෙන පිළිකාවට ප්‍රතිකාරයක් සොයාගැනීම වෙනුවෙන් කියලයි දැනගන්නට ලැබෙන්නේ.
7. නකමත්සු දිවිය සිනමාවට සහ ගීතයට නැගේ
2009 වසරේදී ප්‍රකට සිනමා අධ්‍යක්ෂක අස්ට්‍රප් ෂ්රූඩර් විසින් නකමත්සු මහතා පිළිබඳව හාස්‍යමය වාර්තා චිත්‍රපටයක් සිදු කලා. එය නම් කලේ The Invention Of Dr. Nakamatsu නමිනුයි. ඒ වගේම 2015 වසරේදී Full Metal Breakfast නම් සංගීත කණ්ඩායම විසින් නකමත්සු මහතා ගැන ගීතයක් එළිදක්වනවා.
නකමත්සු කියන්නේ ජපානයේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් උනත් ලෝකයේ ප්‍රකට නිපැයුම්කරුවෙක් නොවෙයි. නව නිපැයුම් කරණයේ “ඔටුනු නොපළන් රජු” විදිහට හැඳින්වෙන ඔහුගේ ජීවිතය ගැන තවත් අධ්‍යයනය කිරීම ඔබට භාර කරමිනුයි අපි ලිපිය අවසන් කරන්නේ.
මේ දැනුම යාළුවන් එක්ක බෙදහදාගන්න අමතක කරන්න එපා.
Cover Image Source – ppcorn.com / vice.com
Leave a Reply