ශීට් මාස්ක් (Sheet Mask) එකක් පාවිච්චි කරන්න කලින් එහි ක්‍රියාකාරීත්වය ගැන දැනුවත් වෙමු

How to use sheet mask

ශීට් මාස්ක් එකක් ඔබේ සම සුරකින අතරේ වයසට යාමත් පාලනය කරන වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් බව ඔබ කියවලා ඇති. එය ඇත්තෙන්ම විස්මයජනක ප්‍රතිලාභ ඔබේ සමට අත්කර දෙනවා. ඔබේ සමට නිරෝගී දීප්තිමත් පැහැපත් බවක් ලබා දෙන අතරේ යොවුන් බව රැකදෙන මේ විස්මිත නව රූපලාවණ්‍ය ක්‍රමය පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන් දැනගන්න ඕනේ දේවල් කීපයක් තියනවා. මේ දේවල් දැන ගත්තොත් ඔබත් අදම ශීට් මාස්ක් එක ඔබේ ජීවිතේට ළං කර ගනීවි.

 

1. ඉස්සර ගැහැණු අයට වඩා ඇයි අපි ලස්සන ගැන සැලකිලිමත් විය යුත්තේ?

How to use sheet mask

Source – youtube.com

තාක්ෂණයේ දියුණුව එක්ක අපේ ආයු අපේක්ෂාව වැඩි වෙලා. හැබැයි තාක්ෂණය නිසාම අපේ පරිසරය ඉස්සරට වඩා දූෂිතයි. ඉර එළියේ UV කිරණ ප්‍රතිශතය වැඩි වෙලා. කාර්යබහුල ජීවන රටාව නිසා සෞඛ්‍යයට අහිතකර රස කාරක අඩංගු ආහාර වේලක් ගන්න සිදු වෙලා. බොහෝ එළවලු, පලතුරු වල රස කාරක. ව්‍යායාම කරන වෙලාව සීමිත වෙලා. කාන්තාවක් නම් රැකියාව, පවුල, දරුවෝ එක්ක කරන යුද්ධේ නිසා මානසික පීඩනය ජීවිතේම කොටසක් වෙලා. ඉතින් පුදුමයක් නැහැ අපේ මුහුණේ සම ඉස්සර කාන්තාවන්ගේ මුහුණේ සමට වඩා ඉක්මනින් වයසට යාමේ ලක්ෂණ පහල වීම හරි සාමාන්‍යයි. අන්න ඒ නිසයි අපි ඒ ගැන වඩාම සැලකිලිමත් වෙන්න ඕනේ.

මුහුණේ සම වියපත් වීම පටන් ගන්නේ 20 ගණන් වල මුල් භාගයේ වුනත් බොහෝ දෙනෙක් ඒ ගැන අවධනය යොමු කරන්නේ 40 ගණන් වලදී. ප්ලාස්ටික් ශල්‍යකර්ම, එන්නත් වගේ මිල අධික සහ අනතුරුදායක පියවරවල් වලින් මිදෙන්න නම් කරන්න තියෙන්නේ බොහොම පහසු දෙයක්. ඒ තමා අද සිටම ඔබේ සම වයසට යාම පාලනය කරන විශේෂ සත්කාර ඔබේ ජීවිතේට එකතු කර ගැනීම.

වඩා ස්වභාවික ආහාර රටාවක්, ව්‍යායාම, මානසික පීඩනය අඩු කරන ක්‍රියාකාරකම් වගේම ශීට් ෆේස් මාස්ක් වගේ විශේෂ සත්කාර ඔබේ රූපලාවණ්‍ය සත්කාර අතරට එක් කර ගත්තොත් ප්‍රමාද වෙලා පසුතැවෙන්න දෙයක් නැහැ.

 

2. කර්කියුමින් (Curcumin) කියන්නේ මොනවද?

How to use sheet mask

Source – csicop.org

උතුරු ඉන්දියාවේ ළඳුන් නිරෝගී , පැහැපත් සමෙන් යුතු රූමතියෝ කියල ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. ඒ වගේම කොතරම් මහලු වුනත් මුහුණේ සම තරුණ කාලේ වගේම කදිමට තියාගන්න ඔවුන් ඉතාම දක්ෂයි. මේ නිසා ලොව පුරාම විද්‍යාඥයෝ ඔවුන්ගේ සදා රූමත් බවේ රහස හොයන්න පර්යේෂණ කළා. එයින් ඔවුන් වටහා ගත්තා උතුරු ඉන්දියානු ළඳුන් දිනපතා පාවිච්චි කරන කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් සංඝටකය තමා මේ සදා නොවෙනස් රූමත්කමේ රහස කියල. කර්කියුමින් හිරු රැසින් සහ බාහිර පාරිසරික සාධක වලින් සමට වෙන හානි ඉතාම ඉක්මනින් අලුත්වැඩියා කරනවා. එය සම පෝෂණය කර තෙතමනය රැක දෙනවා. සමේ ආසාදන සහ වයසට යාම සමග මතුව එන ලක්ෂණ පාලනය කරන්නේ එහි ඇති ප්‍රතිඔක්සිකාරක Antioxidants නිසයි. දීප්තිමත් , නිරෝගී පැහැපත් සමක් ලබා දෙන්න සහ ඒ සම ඒ අයුරින්ම පවත්වන්නත් කර්කියුමින් සමත් බව සායනිකව තහවුරු වී තිබෙනවා.

 

3. ශීට් මාස්ක් එකේ එන කර්කියුමින්

How to use sheet mask

Source – iherb.com

මේ වටිනා කර්කියුමින් සංඝටකය වැඩිදියුණු කළ වෙනත් පෝෂණ ද්‍රව්‍ය සමගින් ශීට් මාස්ක් එකක් ලෙස ඔබේ අතට පත් වෙනවා. එය පහසුයි. SWA ශීට් මාස්ක් එකේ ඇති සීරම් ටබ් එක මතට ශීට් එක දැම්ම ගමන් සීරම් එක යහමින් උරා ගන්නවා. ඉන් පස්සේ කරන්න තියෙන්නේ ශීට් මාස්ක් එක ඔබේ මුහුණේ අලවා ගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෙම ක්‍රීම් එකක් අලේප කරපු ගමන් සැලකිය යුතු කොටසක් වාෂ්ප වෙනවා. ඒ වගේම මතුපිට සමේ රැඳෙන නිසා සම අභ්‍යන්තරයෙන් පෝෂණය වෙන්නේ නැහැ. නමුත් ශීට් මාස්ක් තාක්ෂණය නිපදවා තිබෙන්නේ මේ දුබලතා මගහැරෙන විදිහටයි. ඉතින් Bio Cellulose වලින් ආරක්ෂිතව හදපු ශීට් මාස්ක් එක ඔබේ සමේ ඇලවුන විගසම බාහිර උෂ්ණත්වය ඉහල යන්න පටන් ගන්නවා . එසැනින් රෝම කූප ඇරීම සිදු වෙනවා. සීරම් එකේ අඩංගු කර්කියුමින් සහ අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය සියල්ලම ඇරුන රෝම කූප අතරින් සමේ අභ්‍යන්තර ස්ථර වලට කා වැදිලා සම ගැඹුරින් පෝෂණය කරනවා. මෙයට කියන්නේ IV තාක්ෂණය කියලයි. ඉතින් විනාඩි 15 ක් ඇතුලත සමට මනා පෝෂණයක් සහ සත්කාරයක් ලැබෙනවා.

How to use sheet mask

Source – lifie graphics

එය ඔබේ සමේ ගැඹුරට ගිහින් සමේ තෙතමනය රකිනවා. එහි ඇති පළුදුවීම් ඉතාම ඉක්මනින් අලුත්වැඩියා කරනවා. සමට හොඳ දීප්තිමත් පැහැපත් බවක් ලබා දෙනවා. ඒ වගේම වයසට යාම එක්ක හට ගන්නා ලක්ෂණ එක්ක සටන් කරලා හැමදාම ඔබේ තරුණකම රැක දෙනවා. මේ සේරම එක නිෂ්පාදනයකින් ලැබෙන එක නම් කියන්න බැරි පහසුවක් වගේම ලාභයක්.

 

4. තරුණ වියේදීම ආරම්භ වෙන වයසට යාම

How to use sheet mask

Source – naturalnews.com / lifie graphics

වයස 40 ක් වගේ වෙද්දී බොහෝ කාන්තාවෝ තරුණකම රැක ගන්න කල්පනා කළාට ඔබ දන්නේ නැතුව ඇති සම වයසට යාම පටන් ගන්නේ විසි ගණන් වල මුල් භාගයේදී කියල. සමේ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants නිෂ්පාදනය නවතිනවා, සම වියලීම පටන් ගන්නවා , Pigmentation එහෙම නැත්නම් මෙලනින් ලප මතු වෙන්න පටන් ගන්නවා, මුහුණේ සම තැනින් තැනට වර්ණය වෙනස් වෙනවා, ඔබ පිටින් ආලේප කරන නිෂ්පාදන සමට උරා ගැනීමේ කාර්යක්ෂමතාවය පහළ බහිනවා. සම මලානික වෙනවා, කළු ලප (Black Heads) සහ සුදු ලප (White Heads) ඔබේ සමේ මතු වෙනවා. ඉන් පස්සේ 40 ගණන් වලට එද්දී මේ ලක්ෂණ සේරම එක්ක කැපී පෙනෙන මලානික බවක් සමේ හට ගන්නවා. වයසට යාමේ මුල් ලක්ෂණ එලියට පේන්න පටන් ගන්නවා. අඳුරු ලප සහ සමේ සංවේදීතාවය පැහැදිලිව අත්විඳින්න පුළුවන්. ඇස් යට තඩිස්සි වීම (Eye Bags) සහ සම අක්‍රමවත් ස්වභාවයක් (Irregular Texture) ගැනීම හතලිස් ගණන් වලදී දකින්න පුළුවන් පැහැදිලි ලක්ෂණ වෙනවා. 50 ගණන් වලදී සමේ සෛල බෙදීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා. Cellular Senescence යනුවෙන් මෙම ක්‍රියාවලිය හැඳින්වෙනවා. ඉහත අදියර තුනේම ලක්ෂණ එක්ක සමේ ඇදීමේ ස්වභාවය නැත්නම් Elasticity එක ඇන හිටිනවා.

 

5. ශීට් මාස්ක් එක ඔබේ ජීවන රටාවට වඩාත් ගැළපෙන්නේ ඇයි?

How to use sheet mask

Source – aliexpress.com

ශීට් මාස්ක් එක තමා දැනට ඇති සම පෝෂණය කරන රූපලාවණ්‍ය නිෂ්පාදන අතරින් වඩාම කාර්යක්ෂම ක්‍රමය වෙන්නේ. එය පහසුයි. ඒ වගේම ලොකු වෙලාවක් වැය වෙන්නෙත් නැහැ. මිලෙන් අඩුයි. හැමදාම අපේ රටට හොඳම දේ දෙන අපේම හේමාස් නිවසින් තත්ත්වය සහතික වෙලා එන නිසා කිසිම දෙකට බය වෙන්න ඕනෙත් නැහැ. ඔබේ සම ගැඹුරින්ම පෝෂණය කරවන එය IV තාක්ෂණයෙන් යුක්තයි.

ඔබේ රුව රැකගෙන හැමදාම සුන්දර මුහුණක් තබා ගන්න නම් SWA ශීට් ෆේස් මාස්ක් එක සතියට දෙවතාවක් යෙදීම සෑහෙනවා. ගත වෙන්නේ පුංචි විනාඩි 15 ක් විතරයි. ඒ වෙලාවෙත් වෙනත් කටයුත්තක යෙදෙන්න ඔබට පුළුවන්. වයස 40 ගණන් වලට ඇවිත් මුහුණේ රූප සෞන්දර්යය විනාශ වෙනකම් ඉන්නේ නැතුව මුල සිටම ඔබත් ශීට් ෆේස් මාස්ක් එක ඔබේ ජීවිතේට එකතු කරගන්න. ඒ මගින් සම මනාව රැක ගන්න. ඒ අතරේම හොඳ ස්වභාවික ආහාර වේලකට හුරු වෙන්න, ව්‍යායාම වල යෙදෙන්න, හොඳින් ජලය පානය කරන්නත් අමතක කරන්න එපා. ලස්සන හැමදාම රැක ගන්න, අදම ඒ ගැන හිතන්න.

ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුනාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – freemanbeauty.com / 1233rf.com / twitter.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *