ඔබට යස ඉසුරු කැන්දන්න ස්ථාවර ගිණුමක මුදල් යොදන්නේ මෙහෙමයි

How to invest on fixed deposit correctly

ඔබ සතු අමතර ඉතිරිකිරීම් ඔබේ සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුමේම පවත්වා ගැනීමේ අවාසි කිහිපයක් තිබෙනවා. ඔබට එම මුදල් වියදම් කිරීමේ පෙළඹවීමක් ඇතිවීම ඉන් ප්‍රධානයි. එසේම ඔබේ බැංකු කාඩ්පත නැතිවුවහොත් එම මුදල අනාරක්ෂිත විය හැකි අවස්ථාත් නැතුවාම නොවෙයි. එසේම මෙම තත්ත්වය නිසා ඔබට ස්ථාවර ගිණුමක මුදල් යෙදීමෙන් උපයා ගත හැකි අමතර ඉහළ පොළිය නැතිවී යනවා. මේ නිසා ස්ථාවර ගිණුමක මුදල් යෙදීමේ යස ඉසුර ඔබ අත්විඳිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට සිදු කළ හැකි ක්‍රම කිහිපයක්ම විවිධ අවස්ථාවලදී උදා වෙනවා. මේ සටහන ඒ වෙනුවෙනුයි.

 

1. දිවියේ වැදගත් අවස්ථාවලදී

How to invest on fixed deposit correctly

Source – youtube.com

අප විසින් සමරනු ලබන දිවියේ වැදගත් අවස්ථා වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වියදම් වීම සාමාන්‍ය තත්ත්වයක් සහ ඒ වියදම් වෙනුවෙන් අප මුදල් වෙන් කරගෙන සිටිනවා. එවැනි අවස්ථාවකට යස ඉසුරු ළඟා කරගන්නට ස්ථාවර ගිණුම් භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ඔබ ඔබේ අදාළ උත්සවය වෙනුවෙන් වියදම් කරන්නට සිතන මුදල(මේ දිනවල සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක් අවම වශයෙන් සාර්ථකව නිමකරන්නට රුපියල් ලක්ෂ 15-20ක් අතර මුදලක් වැය වේ යැයි සිතමු.) ස්ථාවර ගිණුමක යොදන්න. ඉන්පසු ඔබට ඔබගේ සැමරුම වෙනුවෙන් ස්ථාවර ගිණුම හරහා ණයක් ලබාගත හැකියි. එනිසා ඔබ බොහෝකාලයක් ඉතිරි කළ මුදල ඔබ සතුවම පවතිනවා. අදාළ උත්සවයෙන් පසු ඔබේම මුදල වෙනුවෙන් ණයක් ගෙවා දැමීම ඔබේ සිතට වැඩි බළපෑමක් සිදු නොකරාවි. නමුත් ඔබ ඉතිරි කළ මුදල් සියල්ල වියදම් කර විවාහය සැමරුවා නම්, ඔබට යළිත් එවැනි මුදලක් එකතු කරගන්නට කලක් ගතවේවි. මෙය අනාගතයට වාසි දායක, ඔබේ මනසට සහණදායි බළපෑමක් කරන තත්ත්වයක්.

 

2. නිරීක්ෂණ සහ සමීක්ෂණ

How to invest on fixed deposit correctly

Source – gycweb.org

ඔබ නිකරුණේ ඔබේ මුදල් ඉතුරුම් ගිණුමක පුරවාගෙන සිටිනවාට වඩා හානියක් ඔබේ මුදල් වැරදි අවස්ථාවේ වැරදි ස්ථානයක ස්ථාවර තැම්පතුවක් ලෙසින් ආයෝජනය කිරීමෙනුත් සිදුවීමට ඉඩ තිබෙනවා. එනිසා සෑමවිටම මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය එකිනෙක සසඳා බලන්න. එසේම මූල්‍ය ආයතනවල පොළියද සසඳා බලන්න. පොළිය ඉහළ යාවි යැයි සිතෙන අවස්ථාවක අඩු පොළියකට ස්ථාවර ගිණුමක් නොයොදා තරමක් ඉවසන්න හෝ මාස තුනක වැනි කාලයකට ස්ථාවර ගිණුමක මුදල් ආයෝජනය කර තැබීමත් සාර්ථක වනු ඇත. ඔබ මුදල් ආයෝජනය කර අවසන් වුවත්, ඔබේ නිරීක්ෂණ සහ සමීක්ෂණ කටයුතු නිරන්තර සිදුකිරීම හරහා ඔබට නිවැරදි තීරණ ගැනීම පහසු කරවනු ඇත.

 

3. නැවතත් ආයෝජනය

How to invest on fixed deposit correctly

Source – rockypointjewellers.com

ඔවු, ඔබ ස්ථාවර ගිණුමක මුදල් යෙදීම ආයෝජනයක් බව සැබෑවකි. නමුත් එතැනිනුත් නොනැවතී ඔබේ ආයෝජනයන් ඉහළ නංවා ගත යුතුය. ඒ වෙනුවෙන් කරන්නට හැකි හොඳම ආකාරය නම් ඔබේ ස්ථාවර ගිණුමේ පොළිය නැවතත් ආයෝජනය කිරීමයි. එසේ ස්ථාවර ගිණුමේ පොළිය නැවතත් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔබට නිවැරදි දැක්මක් නැතිනම් එය නාස්ති නොකර මාස් පතා ඔබගේ නිවසේ බිල්පත් ගෙවීමට හෝ භාවිතා කළ හැක. එය ඔබේ ස්ථාවර ගිණුමට වැඩි වටිනාකමක් එක් කරනු ඇත. එසේම එය ඔබේ අනාගතයේදී ඔබට අමතර මුදල් ලැබෙන මාර්ග එකින් එක ඉහළ නංවනු ඇත.

 

4. වැඩිහිටියන් හරහා

How to invest on fixed deposit correctly

Source – youtube.com

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විවිධ වූ ස්ථාවර ගිණුම් මූල්‍ය ආයතන හරහා හඳුන්වා දෙයි. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවාට ලැබෙන පොළියේ ඇති ඉහළ පරාසයයි. එවන් අවස්ථාවක වාසිය මගනොහැරගෙන ඔබට ඔබගේ දෙමවුපියන් නමින් ස්ථාවර ගිණුම් ආරම්භ කළ හැක. එවිට ඔබට ලැබෙන සාමාන්‍ය අගයක පොළියට වඩා වැඩි පොළියක් ලැබෙන අතර එය කිසිසේත්ම නීතිවිරෝධී කටයුත්තක්ද නොවනු ඇත. එවැනි අවස්ථා මග නොහැර ගන්න. එසේම එවැනි ගිණුම් වෙත යම් යම් කොන්දේසීන් ඇති නිසා මුදල් ආයෝජනයේදී ඒ ගැනත් සිතන්න.

 

5. ක්‍රමයේ ඇති හිඩැස් හඳුනාගන්න

How to invest on fixed deposit correctly

Source – youtube.com

මූල්‍ය ආයතන සහ ඔබ වෙනුවෙන් රජය විසින් යොදන ලද ක්‍රමවේදයේ හිඩැස් හඳුනාගැනීමද ඔබට සාර්ථකව ස්ථාවර ගිණුමකින් වැඩි වාසි ලබාගත හැකි ක්‍රමවේදයක් වනු ඇත. උදාහරණයකට එක්තරා නිශ්චිත මුදලකින් ඉහළ මිළක් පොළිය ලෙසින් වාර්ෂිකව ඔබට ලැබේ නම් එම පොළියට රජය විසින් බදු අය කරනු ලබයි. එවිට ඔබගේ පොළියෙන් යම් කොටසක් රජය අය කරගෙන ඉතිරිය ඔබ අතට ලැබෙයිත එනිසා නිවැරදිව ගණනය කිරීම් සිදුකර ඔබගේ පොළිය අදාළ නිශ්චිත අගය නොඉක්මවන පරිදි ස්ථාවර ගිණුම යොදන්නට පියවර ගන්න. එවිට ඔබට ස්ථාවර ගිණුමක ආයෝජනය කළ හැකි උපරිම මුදල යොදවා වෙනත් ශාඛාවක ඉතිරි මුදල ආයෝජනය කරන්න. මන්දයත් මෙම බදු අයකිරීම වෙනුවෙන් ඔබව නිරීක්ෂණය කරනු ලබන්නේ මූල්‍ය අංශ ශාඛා වශයෙනි. එනිසා ඔබ ආයෝජනය කරන මුදල අඩුවීමේදී ඔබට යම් පාඩුවක් වේ යැයි හැඟුනද එය බදු ගෙවීමේදී වාසියක් විය හැක. එසේම එය නීතිවිරෝධී නොවන ක්‍රියාවලියකි.

ඔබට වැඩි වාසි ලැබෙන, වැඩි විකල්ප ප්‍රමාණයක් ඇති, කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් ඇත්නම් ඒ එල්.බී. ෆිනෑන්ස් ආයතනය බව නොරහසක්. එනිසාම ඔවුන් හඳුන්වා දෙන යස ඉසුරු ස්ථාවර ගිණුමේ වාසි අත්විඳින්නට ඔබට ආරාධනා කරනවා. එය මේ අලුත් අවුරුද්දේ ඔබ ගන්නා වටිනාම තීරණය වේවි.
 

 

 
Cover Image Source – bankindia.com / wordpress.com / twitter.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *