රැවුළ කියන්නේ පිරිමින්ට ආභරණයක් වුණත් කාන්තාවන්ටත් එය තමන්ට වෙනස්ම පෙනුමක් ලබා ගන්නට භාවිතා කරන්නට පුළුවන් බව අතීතයේ සිටම පැහැදිලි වෙනවා. හෝර්මෝනමය වෙනස්කම් නිසා කාන්තාවන්ගේ ද රැවුළ වැවීම ඇතැම් අවස්ථාවලදී සිදුවන අතර එය ලැජ්ජාවක් සේ නොසලකා බය නැතුව හොඳට රැවුළ වවපු අපූරු නෝනලා ටිකක් ගැනයි මේ.
1. හෙලේනා ඇන්ටෝනියා

Source – wikimediacommons.com
ක්‍රි.ව. 1500 පමණ කාලයේ ඔස්ට්‍රියාවේ ජීවත් වුණු මේ කාන්තාව උසින් අඩු, කුරු කෙනෙක්. ඒ කාලයේ අධිකරණ කුරුමිට්ටන් (court dwarfs) නමින් හැඳින්වූ පිරිසක් රාජ්‍යයන් අතර ගනුදෙනු කිරීමේදී ත්‍යාග වශයෙන් හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් තිබුණා. හෙලේනාත් ඒ වගේ කෙනෙක්. නමුත් ඇගේ තිබුණු අපූර්ව පෙනුම නිසාම ඇයව චිත්‍රයට නගා තබන්නට එකල තීරණය කොට තිබුණු නිසා තමයි ඇය ගැන අදටත් ලෝකයම දන්නේ.
2. ජූලියා පස්ට්‍රානා

Source – wordpress.com
1834දී උපත ලබපු ජූලියාට ඒ කාලයේ විවිධ නම් වලින් කතා කළා. වානර ගැහැණිය, වලස් යුවතිය, බැබුන් ගැහැණිය, ලොව විරූපීම ගැහැණිය ආදී නම් මේ අතර වූවා. කවුරු මොනවා කිව්වත් නොසැලුණු කුඩා ජූලියා බුද්ධියෙන් දැරිවියක්. භාෂා තුනක් හොඳින් හැසිරවූ ඇය නර්ථනයට සහ ඔපෙරා ගායනයන්ට දක්ෂතා දැක්වූවා. මෙක්සිකෝවේ අනාථ නිවාසයේ සිට නිව් යෝර්ක් වෙත ගෙන යනු ලැබූ ඇයට පසුව කළමනාකාරවරයෙක් ද ලැබුණා. ඔහු සමඟ තම දක්ෂතා ලොවට දක්වමින් ලොව වටා සංචාරය කළ ඇය පසුව තම කළමනාකාරවරයා සමඟ විවාහවූ අතර අවුරුදු 26දී තම මළ දරුවා බිහි කිරීමෙන් දින පහකට පසු ඇය මියගියා.
3. ජේන් බානල්

Source – asterisk.com
තම පියා ව්‍යාපාරික කටයුත්තකට බැහැර ගොස් සිටියදී අවුරුදු හතරේදීම ඇගේ මව ඇයව සර්කස් එකකට විකුණනු ලැබුවා. එම සර්කස් කණ්ඩායම යුරෝපයට පිටත් වෙද්දී ජේන් රෝගාතුරව සිටි නිසා ජර්මනියේ අනාථාගාරයක අතහැර ගියා. පසුව පැමිණි ඇගේ පියා ජේන්ව සොයාගෙන නැවතත් ගෙදර එක්ක එනවා. වැඩිහිටි වියට එළැඹුණු ඇය තමන්ගේ අමුතු පෙනුම ප්‍රදර්ශනය කිරීමට පෙළඹෙනවා. එකල තිබූ දිගම කාන්තා රැවුළට හිමිකම් කී ඇගේ රැවුලේ දිග අඟල් 13ක් පමණ වුණා. ලේඩි ඔල්ගා, මැඩම් ඔල්ගා සහ ලේඩි ඔල්ගා රොඩ්‍රික් යන නම් වලින් පෙනී සිටි ඇය වෘත්තිමය ඡායාරූප ශිල්පියට මෙන්ම 1932දී තිරගතවුණු Freaks චිත්‍රපටයේ චරිතයකට ද ඇතුලත් වුණා.
4. ජෙනිෆර් මිලර්

Source – Youtube.com
රැවුළ බානා ගතානුගතික සමාජයෙන් ඉවත්ව ගිය ජෙනිෆර් තම රැවුළ හොඳින් වවා ස්වාධීන ජීවිතයක් ගත කළා. එය ප්‍රදර්ශනය කරමින් ජීවිකාව සලසාගත් ඇයට ආර්මොක් නමින් තමන්ගේම සර්කස් එකක් පවා තිබුණා. හාස්‍යයට සහ කලාවට දක්ෂතා දැක්වූ ඇය ලේඛිකාවක්, තිර රචකයෙක් සහ සමාජය තුළ නිදහස වෙනුවෙන් සටන් කළ නායිකාවක ද වූවා.
5. කෝර් බොබිසූති

Source – beardstyle.net
සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරමින් තම සැමියා සහ පුත්‍රයා සමඟ දිවි ගෙවූ මැය නිරන්තරයෙන් රැවුළ ප්‍රදර්ශනය කිරීමේ තරග සඳහා ඉදිරිපත් වුණා. කාන්තා රැවුළු ප්‍රදර්ශන තරග කෙතරම් තිබුණත් ඇයට හැම විටම පිරිමින්ගේ තරග සඳහා සහභාගී වන්නට තරම් ධෛර්යයක් ද තිබුණා. මේ නිසාම සමාජයේ විවිධ පීඩාවන්ට ලක්වන්නට ද ඇයට සිදුවුණා.
6. හානාම් කෞර්

Source – allmyfriendsaremodels.com
1990දී බ්‍රිතාන්‍යයේ උපත ලද ඉන්ස්ටග්‍රෑම් තරුවක් ලෙස නම් දරන හානාම් කෞර් කාන්තා රැවුළු ප්‍රදර්ශන වලදී ඉදිරියටම පැමිණි යුවතියක්. නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය නිතරම තලප්පාවකින් සහ මිල අධික ඇඳුම්වලින් සහ රූපලාවණ්‍යයෙන් සැරසී සිටිනවා. සමාජයෙන් එල්ලවූ පීඩාවන් ගණනකටවත් නොගත් ඇය අද වන විට ලොව නම් දැරූ යුවතියක් බවට පත්ව සිටිනවා.
Cover Image Source – beardstyle.net / unbelievableinfo.com
Leave a Reply